පරණ ට්‍රිප් එකක් මතක් උනා අපි ගිය, 2016 පෙබරවාරි වල අපි සෙට් එක ගවරවිල ගියේ. අපි ආවේ නයිට් මේල් එකෙන්, මස්කෙළිය ටවුන් එකට ආවේ මතක් විදියට පාන්දර 3 ට වගේ, පට්ටම සීතලක් තිබ්බේ, මට එවෙලේම ආපහු ගෙදර යන්න හිතුන බන් සිතල වැඩි කමට. කොහොමහරි ගාර්ට්මෝ වත්තට යන බස් එක එදා තිබ්බේ නැහැ, මගට යන CTB එකක් සෙට් උනා, මගින් බැහැල පයින් යන්න ගත්තා, පයින් යන්න අරගෙන මීටර් 100 යන්න උනේ නැහැ ඩිමෝ බට්ටෙක් සෙට් උනා, එකෙන් ගියා ගාර්ට්මෝ වත්තටම, ආපහු පයින් විනාඩි 10 ක් යන්න උනේ නැහැ වත්ත උඩහට තේ දළු අරගන්න යන ලොරියක් සෙට් උනා, කොහොමහරි කැලේට ඇතුල්වෙන තැනට විනාඩි 20 ක් වගේ ඇවිදින දුරින් අපි බැස්සේ. කැලේ ඇතුලේ නම් ලොකු දුරක් නැති උනාට ටිකක් යන්න අමාරුයි. අපිටත් එදා රෑ නින්ද ගියේ නැහැ, මට පාන්දර දෙකට වගේ ඇහැරුනා සීතල වැඩි කමට. ඔක්කොම එවුන් නැගිට්ට පස්සේ, නැගිටලා ආපහු ගිනිගොඩ පත්තුකරලා එතනට වෙලා හිටිය, අපිත් යනකොටයි එනකොටයි අර උබලා නාපු වතුර පාරෙනුයි, කැලේට එන්න කලින් පිළිමයක් තියන තැන වතුර පාරෙනුයි නාගත්තා. ගියපු සුපිරිම හයික් එකක් තමයි