ගවුම උස්සලා මයිනා හොයල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගවුම උස්සලා මයිනා හොයල




    පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන් කළ අපූරු කරුණක් වාර්තා වෙනවා.

    එහි දී ඔහු සඳහන් කර තිබුණේ සැකකරු නිවසට ඇතුළු වූයේ අදාළ කාන්තාවට අතවර කිරීමට නොව සැකකරුට අයත් මයිනෙකු සෙවීම සඳහා බව යි.

    සැකකරුගේ නීතීඥයා වූ අමිල නාවලගේ මහතා පවසා ඇත්තේ මෙවැන්නක්.

    “ස්වාමීනි! මෙය අමූලික බොරු නඩුවක්. මගේ සේවාදායකයා පැමිණිලිකාරියට ලිංගික අතවරයක් කිරීමට පිහියකුත් අතැතිව ඇගේ නිවසේ මුළුතැන්ගෙයට එදා කඩා වැදුනේ නැහැ. දෙගොල්ලෝම ඥාතීන්. නමුත් විරසක වෙලා සිටිනවා.

    මගේ සේවාදායකයාගේ බිරිය හුරතලයට මයිනෙක් ඇතිදැඩි කළා. මේ මයිනා කූඩුව ඇරගෙන පලා ගියා. ඉඩමේ කෙසෙල් අතු කපමින් මගේ සේවාදායකයා පිහියක් අතැතිව සිටියා. ඔහුගේ බිරිඳ මයිනා පැනලා ගියා කියා කෑගැසුවා.

    එවිට මගේ සේවාදායකයා එම ඉඩමේ තාප්පයෙන් පැන පැමිණිලිකාරියගේ නිවසට ඇතුළු වී සිටි මයිනා අල්ලා ගන්න කුස්සිය පැත්තෙන් ඇතුළු වුණා. පිහියක් අතැතිව ගෙට පැමිණි මගේ සේවාදායකයා දුටු පැමිණිලිකාරිය මරළතෝනි දුන්නා. ඇයට ලිංගික අතවරයක් කිරීමට මගේ සේවාදායකයා ගියේ නැහැ.”

    සැකකරු උසාවියට ඉදිරිපත් කළ පානදුර පොලීසියේ සැරයන් ආනන්ද මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙසේ යි.

    “ස්වාමීනි! නීතීඥවරයා කියන්නේ අමූලික බොරුවක්. සැකකරු පිහියක් අමෝරාගෙන ගෙට පැන කාමරයේ සිටි පැමිණිලිකාරියගේ ගවුම ඉස්සූ බවට සාක්ෂි තිබෙනවා.”

    එවිට සැකකරුගේ නීතීඥ මහතා “මයිනා හොයන්න වෙන්නැති” යනුවෙන් පවසා ඇති බව යි වාර්තා වන්නේ.



     
    • Like
    Reactions: Gccamila

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol::lol:
    22780173_1864031216948027_9022335161872177243_n__1509199801_58.153.216.86.jpg
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,868
    4,268
    113
    නොදකින්.. ඔයිට හොදයි ලෝයර් මහත්තය කලිසම ගලෝල මයින පෙන්නුව නම්.. :baffled:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :lol::rofl:

    මේකට හොඳ තීන්දුවක් ලැබුනොත් කට්ටිය පෝලිමේ ගිහින් රෙදි උස්සයි අරක නැති උනා මේක නැති උනා කියලා. :rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාස ගානක් පරණ කතාවක් ආයි දාලා

    ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරාද? :lol: