ගව ඝාතන පිංකම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පසුගිය 16 වනදාට යෙදී තිබු මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන් බස්නාහිර ආණ්ඩුකාර අලවි මව්ලානා විසින් ගව ඝාතන පින්කම ක් සංවිධානය කර තිබුණා.

    නමුත් ගවයින් මරා දමනා අවස්ථාවකට "පිංකමක්" යනුවෙන් හඳුන්වාදීම වෙනුවෙන් බෞද්ධ විරෝධයක් මේ වනවිට මතුවී තිබෙනවා.

    අලවි මව්ලානා විසින් කොලොන්නාව නගරාධිපති රවින්ද්‍ර උදයශාන්ත වෙත මෙම "ගව ඝාතන පින්කම" ට සහය පල කරන්නැයි ඉල්ලා පසුගිය 02 වනදා ලිපියක් යවා තිබේ.

    අලවි මව්ලානාගේ ලිපියේ ඉහලින් ඇති රාජ්‍ය ලාංජනයේ ධර්මචක්‍රයක් තිබියදී පහළින් සතුන් මැරීමට සහයෝගය දැක්වීම පිළිබඳව බොහෝ දෙනාගේ විරෝධය පළවී තිබේ.

    මව්ලානා විසින් යැවූ එම ලිපිය පහතින්.


    letter-33000lk-1.jpg


    Preview.JPG


    හරක් මස් තියා උම්බලකඩවත් කන්නේ නැති මිනිසුන් සිටින ලෝකයක, හරක් මසට ගිජු වූ දෙවියෙක්ගෙන් පිහිට පතන මිනිස්සු...
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: Sachith777