ගස්ලබු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා නොරොච්චෝලේ සිට ගෙනා බව කියන ගස්ලබු කිලෝ 5000ක තොගයක් සමඟ ලොරිය සීල් තබා ආපසු හරවා යැවූ බවත් තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර සිරි විජේමුණි මහතා පවසයි.

    එම ගස්ලබු තොගය බෑමට සහය ලබාගත් බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් 13 දෙනකු නිරෝධායනය කිරීමට ඊයේ පියවර ගත් බව ඒ මහතා කිය. කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානමක් සහිත ප්‍රදේශයක් බවට හඳුනාගත් පුත්තලම දිස්ත්‍රීක්කයට අයත් නොරොච්චෝලේ සිට මෙම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරීමට ගෙනැවිත් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

    එම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගෙනැවිත් ඇති අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය.

    ඒ අනුව එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම ගස්ලබු තොගය සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී ගස්ලබු තොගය ගෙනා පුද්ගලයන් පවසා ඇත්තේ මේවා සූරියවැව ප්‍රදේශයේ සිට ගෙනා බවයි.

    කෙසේ වුවද මොවුන්ගේ පොලිස් ඇඳිරි නීති බලපත්‍රය පරීක්ෂා කිරීමේදී මොවුන් නොරොච්චෝලය ප්‍රදේශයේ සිට මෙම ගස්ලබු තොගය ගෙනා ඇති බවට අනාවරණය වී තිබිණ.

    පොලිස් ඇඳිරි නීති බලපත්‍රය පමණක් උපයෝගී කරගෙන මොවුන් පැමිණ ඇති අතර සෞඛ්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය ඔවුන් සතුව නොතිබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිස් ස්ථානය දැනුම්වත් කර එම ගස්ලබු තොගය යළි ලොරි රථයට පටවා සීල් තබා ලොරි රථයේ පැමිණි දෙදෙනා සමඟ ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබිණ

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිතුරේ......අවරුදු සමයේ අච්චාරු දාන්න එවපු ගස්ලබු ටිකක් ...