ගස්වලට වඳින සිරිසේන

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගස්වලට වඳින සිරිසේන

    10525576_332321090294596_422662646818372130_n_jp.jpg


    "අපි සිරිසේන ව බලයට ගෙනාවේ ගස්වලට වඳින්න නෙමෙයි"

    බෝධි වන්දනාවෙන් බොදු බල සේනාව ප්‍රොමෝට් වෙනවා ලු. සිරිසේන මහ බෝ වැඳලා දුන්නේ වැරදි පූර්වාදර්ශයක් ලු. මේ වරද නිවැරදි කිරීමට චන්ද්‍රිකා - රනිල් තව ම ප්‍රමාදත් නැති ලු. සිරිසේන ව බලයට පත් කළේ ගස්වලට වැඳ වැඳ කාලය කා දමන්න නෙමෙයි ලු. සිඟිති ෂාමිනී සේරසිංහගේ හුතරල් බොළඳ කථා...

    බහු-ආගමික සමාජයක කිසි නායකයෙකු ලෝකෙට පරකාසෙන් තමන්ගේ ආගම ඇදහිය යුතු නැත.

    මේ රටේ ජනාධිපතිවරයා සෑම ජන කොටසකගේම නියෝජිතයෙකි: බෞද්ධයන්, හින්දූන්, මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ඊට අයත් ය. එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු, තමාගේම ආගමට වුවත්, වැඩි කිට්ටුකමක් ප‍්‍රසිද්ධියේ නොපෑ යුතුය. ආගම වෙනුවෙන් සිය ගරුසර භාවය ප‍්‍රදර්ශනය කළ යුතුව ඇතැ යි ඔහු විශ්වාස කරන්නේ නම්, එය අනිත් ආගම් සමග ද බෙදාහදා ගත යුතුව තිබේ. මන්ද යත්, ඔහු බෞද්ධයන්ගේ පමණක් නොව, රටේ සියලූ ජනතාවගේ නායකයා වන බැවිනි.

    එසේ හෙයින්, ඔබ බෝ ගසකට වඳිනු දැකීම, එය මෙරටේ බෞද්ධයන් බහුතරයකගේ වන්දනීය ගසක් වුව ද, බෞද්ධයෙකු වන මගේ හිත තදින් පාරවයි.

    තවද, බෝ ගසකට වැඳීම මගින් ඔබ කරන්නේ විවෘතවම බුදුන් වහන්සේගේ ධර්මයට නිගා දීමයි. ද්‍රව්‍යයන්ට වන්දනාමාන කිරීම උන්වහන්සේ හෙළාදුටු සේක.

    මෙවැනි දේවල්, කිසිවෙකුට හානියක් ගෙන නොදෙන අහිංසක සංස්කෘතික ක‍්‍රියාකාරකම් යැයි බොහෝ දෙනා කිව හැකිය. එසේ වතුදු, එවැනි ක‍්‍රියාකාරකම් බුද්ධාගම සමග ඈඳී ඇති බව අපි දනිමු. ඔබ බහු-ආගමික ජාතියක නායකයා වන බැවින්, වෙනත් ආගම් සමග නැති එවැනි එක ආගමක සංස්කෘතික ක‍්‍රියාකාරකම් සමග වැඩි නෑකමක් ප‍්‍රසිද්ධියේ පෑම සුදුසු නැත.

    අපේ ආගමික විශ්වාසයන් වූ කලී අපගේ පෞද්ගලික කටයුත්තක් වශයෙන් සළකන බොහෝ දෙනෙක් අප අතර සිටිති. ඒවා ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීම ශෝභන දෙයක් වශයෙන් ඔවුහූ නොසළකති. අවාසනාවකට, රටේ ජනතාව විසින් තෝරාගනු ලැබූ ජනාධිපතිවරයා වශයෙන් සිටින ඔබ වැන්නෙකු එවැනි හැඟීමකට නායකත්වය නොදෙන්නේ නම්, එවැනි ‘සංස්කෘතියක්’ අපගේ වැනි බහු-ආගමික සහ බහු-සංස්කෘතික රටක මුල් අදින්නේ නැත.

    එපමණක් නොවේ: ඔබ ප‍්‍රසිද්ධියේ වඳින මේ බෝ ගස බුද්ධාගමේ සංකේතයකි. ඒ මගින් ‘බොදුබල සේනාව’ වැනි උන්මත්තක සංවිධාන පතුරුවන හිංසාවෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ සුළු ජාතියේ මෑත කාලීන තුවාල ද පාරයි.

    ඔබට පෙර මේ රට පාලනය කළ ජේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරණතුංග සහ ඔබේම වර්තමාන අගමැතිවරයා වන රනිල් වික‍්‍රමසිංහ වැන්නන්ගෙන් මේ පිළිබඳ ඉඟියක් ලබා ගැනීමට ප‍්‍රමාද වැඩි නැත. ආගම, ඊට නිසි ස්ථානයේ තබන්න. රාජ්‍ය පාලනය හැකි තාක් එයින් ඈත් කර ගන්න.

    ඔබව බලයට පත් කිරීම සඳහා ඡන්දය පාවිච්චි කළ අපි, ඔබේ වටිනා කාලය ගස්වලට වන්දනාමාන කරනවාට වඩා අර්ථවත් දේවල් සඳහා වැය කරමින්, මේ රට වඩාත් යහපත් තැනකට ගෙන ඒමට කටයුතු කරනු දැකීමට ආශා කරමු.


    *2015 ජනවාරි 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The President’s Faux Pas නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

    Code:
    https://www.colombotelegraph.com/index.php/the-presidents-faux-pas/
     
    • Like
    Reactions: Shadow.Walker

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ලස්සනයි...!! :P:P
    (හදිස්සියකට ගතහැක.)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මතක තරමින් ඇය ජාතික රූපවාහිනියේ කලින් සේවය කල ඉංගිරිසි බස හසුරුවන නිවේදිකාවකි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Janadhipathi Thumata apahasa kirimen, samini popular venna try karai. Samini ta amaruvak thiyenavanam, beheth tikak ganna.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෞද්ධයෝ බෝ ගසට වඳින්නේ මේ අම්මණ්ඩි හිතන ආකාරයට නෙමෙයි. එහිදී සිද්ද වෙන්නේ බුදුන් වහන්සේත් පිට දුන්නෙ, බුදු වෙන්න උදව් උනේ මේ වගේම බෝ ගසක්, ඒ නිසා මමත් ඒසා වූ බෝධියට නමස්කාර කරමි කියන සිතුවිල්ලෙන්. ඒ වගේම සමහරු බුදුන්ට නමස්කාර කරනවා කියන සිතුවිල්ලෙන් බෝ ගසට වඳිනවා. දෙකම හරි. මොකද කුමන හෝ ක්‍රමයකින් තමන්ගේ හිත පහදවා ගැනීම තමයි කල යුත්තේ.

    ඒ වගේම හැම බුදු වරයෙකුටම බුදු වෙන්න පිහිට වූ ගසක් තියෙනවා, ඒක බුද්ධ ප්‍රාර්ථනයක්. ඒක නිසා ගස් ගල් වඳිනවා කියල එක හෑල්ලුවට ලක් කිරීම එවුන්ගේ නොදැනීම මිස සත්‍යය නොවේ.

    බුදුන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙනවත් එක්කම බිහි වෙච්ච දේවල් වලින් එකක් තමයි බුදුන් වහන්සේ පිට දුන් ඒ ජය ශ්‍රී මහ බෝ ගස, අනිත් ඒවා තමයි, චන්න ඇමති, කන්ථක අශ්වයා, යසෝදරා දේවිය, ආනන්ද හාමුදුරුවෝ, කාලුදායි ඇමැති යන සහජාත වස්තු

     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    බෝ ගසකට වැඳීම මගින් ඔබ කරන්නේ විවෘතවම බුදුන් වහන්සේගේ ධර්මයට නිගා දීමයි

    මේකි මොන ආගමේ ද ?

    හැම බෞද්ධයෙක්ම ගරු කල යුතු තැනක් තමයි බෝ ගස කියන්නේ. ගහට වදින්නේ ගරු කිරීමක් විදිහට, නැතුව එක අදහන්න නෙමයි.


    mahinda-Sri-Maha-bodhi-.jpg


    president-participates-in-religious-observances.jpg