ගහක මල් පිපිලා සින්දුවේ තේරුම

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි


    කතරේ වැලිකැට හිරුට පෙම්
    බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්


    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි

    හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද
    තරුවක් සිටිය නොහෙකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹනම්


    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි



    යමුනා මාලිනී මහත්මිය කියනවා මේ සිංදුව එයා ලිව්වේ සමලිංගික ආදරයක් ගැන නෙමේ කියලා .එයා මේක ලියලා තියෙන්නේ අප්‍රකාශිත ආදරයක් වෙනුවෙන්ලූ




    That was written by යමුනා මාලිනී

    යමුනා මාලිනී නම් මියුරු ගී පද රචිකාවිය විසින් ගෙතුණු මේ රම්‍ය පදවැල ප්‍රේමයේ තවත් අසිරිමත් පැතිකඩක් කියාපාමින් චමත්කාරය උපදවන ගීයක් කොට කරුණාරත්න දිවුල්ගනේ නම් වූ සොඳුරු ගායකයාගේ සුමිහිරි හඬින් අපේ සවන්පත් පිනවනවා. ගීතයේ සිටින ප්‍රේමවන්තිය තම පෙම්බරාට සිත බැඳුනු කාරණය විශ්ව සාධාරණ වස්තූන් සමඟ බද්ධ කරමින් එයත් මේ ලොව දහමේ ම ස්වභාවයක් ලෙස දක්වන්නට උත්සාහ දරයි.
    ගීතයේ අන්තරා කොටස් වලින් කියවෙන ආකාරයට මේ පෙම්වතිය තහනම් ප්‍රේමයක පැටලී ඇති බව පෙනේ. ඇය විවාහ වී සිටියත් ඒ විවාහය ඇය අභිමත පරිදි සිදු නොවන්න ඇති ඒ නිසා ඇය ජීවත්වන්නේ තෘප්තියකින් නොවේ. මේ අතරේ ඇය තුළ තහනම් ප්‍රේමයක් ලියනවා.සාමූහික බැඳීම් වලින් යුත් සමාජයක මෙය තහනම් වුවත් ප්‍රේමය යන විශ්වාන්තර සංකල්පය සම්මත සංස්කෘතික සීමාවන් තුළ සිරගත නොවේ. එය නිදහසේ විශ්වයේ කැමති තැන්වල පාවෙලා යනවා ප්‍රේමය හරිම නිදහස් එය බැදීම්, වගකීම්, සමාජ රැකවරනය, යන යදම් වලින් බැඳ දැමිය නොහැකිය.
    කාන්තාරයේ වැලි නිරන්තරව මුහුණ දෙන්නේ චණ්ඩ හිරුගේ කර්කශ රශ්මියටයි. ජීවිතයට උරුම වූ විවාහයත් ඒ වගේ ඇය ඉන් ලබන්නේ මිහිරක් නොවෙයි පීඩාවක්. එහෙත් ඒ වැලිකැට සුරම්‍ය වර්ෂාවක පහසින් සිසිලසින් ප්‍රමෝදමත් වෙනවා. ඇය තුළ හටගත් තහනම් පෙම් ප්‍රමෝදයත් එවැනි ය. මෙය අපට වැරදි පූර්වාදර්ශයක් දුන්නත් එහි පවතින විශ්වීය බැඳීම කාටවත් පැහැදිලි කළ නොහැකි දෙයක් ලෙසයි ඇය කියන්නෙ. හැමෝම මෙය වැරදි යැයි හිතුවත් වැනි ප්‍රේමය තමන් තුළ හට ගත්තා නම් ඇයි හටගත්තේ කියලා අහලා වැඩක් නැහැ. ඇයි කියලා ඇහුවට කවුද උත්තර දෙන්නේ. ඇහුවොත් කියයි ඒක තමයි ස්වභාවය කියලා. මේ පෙම් සිතේ ද එවන් මල් පිපිලා තියෙනවා. ඇයි කියලා ඇහුවට ඊට උත්තර දිය නොහැකියි. ඒක තමා ස්වභාවය මේ ස්වභාවයට පිටුපාන්නට සම්මුතියට, සංස්කෘතියට, දැනුමට, විද්‍යාවට, න්‍යායට බෑ ලෝක ස්වභාවයෙන් ම කොටසක් විදියටයි ඇය තුළ මේ පෙම් සිත්මල් පීදිලා තියෙන්නේ.
    මේ අතරේ ඇය තම තහනම් පෙම සාධාරණීකරණය කරන්න ඉරබටු තරුව යොදාගන්නවා. රාත්‍රී තරු විසුල ආකාසේ ඉන්නා සෑම තරුවක්ම සඳට පෙම් කරමින් සඳ බැස යාමත් සමඟ නොපෙනී යනවා. ඉරට පෙම් කරන්න ඉතිරි වෙන්නේ ඉරබටු තරුව පමණයි. සදෙන් නොලැබෙන රම්‍ය පහසක්, පරමානන්දයක් ඉරබටු තරුව දැන් ලබන්නේ හිරුගෙන්‍ ය. හිරුයි තරුයි පෑහෙන්නේ නැති වග ලෝකයට පෙනුනත් දෙදෙනාම තරු දෙකක්. නොපෙනෙන බැඳීමක් අසම්මත පෑහීමක් ඒ දෙන්න ගාව තියෙනවා වගෙයි ඇයගේත් ව පෙම්වතාගේත් ඇසුර. ඉතින් එය ලෝකයාට පැහැදිලි කරන්න අමාරුයි. ඒ බැඳීම වෙන කෙනෙකුට දැනෙන්නේ නෑ. තම මනරම් ප්‍රේමය ද එවැනි බවයි ඇය කියන්නේ. එහි විශ්ව සාධාරණ ගුණය කවදා හෝ ඔබත් මාත් තේරුම් ගත්දාට මේ ගැන පුදුම වනු ඇතැයි ඇය සිතනවා. බලන්න මොනතරම් සුන්දර අදහසක් සරල වචන කිහිපයකින් නිර්මාණශීලීව ගළපලා තියෙනවද කියලා. ඉන්දියාවේ පඬිවරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ වචන අමෘතයක් කියලා එම කියමන මෙවැනි ගීත නිර්මාණ වලින් මනාව පසක් වෙනවා. අර්ථ රසය මෙන්ම මියුරු සංගීත රසයෙන් ද රසිකයා පිනවීමට මෙම ගී පබැදුම සමත්වී තිබෙනවා.

    http://wanamalisanoja.blogspot.com/2018/07/blog-post_36.html
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක සමලිංගික ආදරේ ගැන කියවෙන සින්දුවක් බං, ලියපු එකාම කීවා.
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    සිංහල සින්දු වලට සාමාන්‍යෙන් වෙනව වගේ මේ ගැනත් නිල නොවන තේරුමක්, ඒ කිව්වෙ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙනව ඒ තමා සමරිසි ආදරයක් ගැන කියල. මේක රිද්ම පත්තරේ ආටිකල් එකක් ලියල යමුනා මාලිනීම ප්‍රතික්ෂේප කරනව දැක්කා මතකයි.

    ඇත්තටම කතෘ මොනවද අදහස් කලේ කියන එකෙන්ම අපිත් හිතන්න ඕනෙ නෑ. තමන්ට කැමති තේරුමක් හදාගන්න පුලුවන් කිසි බාදාවක් නෑ. හැබැයි ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එකක් පමණයි කියන්න තරම් කාරුණික වෙන්න (මාත් ඇත්තටම අර queer love තේරුමට කැමතියි, වෙනසක්නෙ).

    සිංහල සින්දු ගැන මිනිස්සු කියන කතා හම්මේ, ලිරිසිස්ට් සින්දුව ලියන වෙලාවෙ එතන ඉඳන් බලන් හිටිය වගේ විශ්වාසෙකින් කියන්නෙ.

    කිරියෙම ත්‍රෙඩ් එකක් ගියා නේද සඳකඩ පහනක සින්දුවට කවුද මන්දා හාමුදුරුවො කෙනෙක් තෙරුමක් දීල රයිටර් ගෙ පරිකල්පනේ මාරයි අරව මේව කියල තිබ්බා, අවුල තියෙන්නෙ මේකම තමා ඩෙෆිනිටිව් සීන් එක වගේ කියන එක. ලියපු මනුස්සයට කරන අවැඩක්.
     
    Last edited:

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    සෙනෙහස ආදරය කියන්නේ සුවබාවයෙන් ඇතිවන දෙයක් එය මේ හේතුව නිසා ඇති වෙනවා කියල දෙයක් නෑ... එය තම සිතේ හටගන්නවා මිසක් ලෝකයක් ඒ ගැන දන්නේ නැ... ඒ වගේම කිසි ලෙසකින් නොගැලපෙන නොහිතන අය කෙරෙහිත් ආදරය සෙනෙහස ඇති වෙනවා... මේ ගීතයේත් දක්වා ඇති සෙනෙහස තම ගුරුවරයෙකුට නැයේකුට එහෙම නොමැතිනම් ඊටත් වඩා අරුම කෙනෙකුට ඇති උනා විය හැකියි... රසිකයාට තම අත්දැකිම් අනුව රසවිදිය හැකියි...
     
    • Like
    Reactions: Solo Rider

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හිරුට පෙම්බැදි එකදු තරුවක් ....
    තරුවක් තවත් තරුවකට පෙම් බැදීම කියන්නේ නම් සමරිසි තමයි කවුරු මොනවා කිව්වත්