ගහන්නැතුව ළමයි හදන්න බැරිතේ :-)

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    <උපුටා ගැනීම>

    මගේ පියා කුඩා කාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි.

    රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමය වර්ණනා කරන්නෙකු වූ මගේ සීයා තම දරුවාව යහමඟ යැවීමට සුදුසුම ක්‍රමය දරුවාට කෲර ලෙස වධහිංසා පැමිණවීම යැයි සිතීම ගැන කිසිම දිනක මා පුදුම වූයේ නැත.

    “වේවැල් කෝටු නාරං සියඹලා අතු
    කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
    මෙවැනි ඉපල් මගේ දෑසට නොපෑ යුතු
    පමා නොවී යමි අකුරට මෙයින් මතූ”

    මීට දශක කිහිපයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව වර්තමානය ගැන සතුටු විය හැකි බව සැබැවකි. එහෙත් අපරාධකරුවන්ට පවා මානව අයිතිවාසකම් ලබා දී ඇති, මනුසතුන්ගෙන් නොනැවතී තිරිසනුන්ටද හිංසාවට පත් නොවීමට නීති රෙගුලාසි පනවා ඇති ලෝකයක, අප රටේ දිනපතාම දෙමව්පියන් සහ පාසැල් ගුරුවර ගුරුවරියන් අතින් ශාරීරික සහ මානසික වධහිංසාවට ලක් වන දරුවන් ගණන නොගිණිය හැකි තරම් වීම, සැබවින්ම අවාසනාවත්ත තත්ත්වයකි.

    “සර් හොඳට ගහන්න. ගැහුවේ නැතිනම් මුන්ව හදන්න බෑ”

    හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන්ව තමාට අවැසි අයුරින් හැඩගස්වා ගැනීමට පහර දෙන වැඩිහිටියන් එසේ කරන්නේ ඔවුන්ගේ වචනයෙන් නම් “දරුවන් නාස්ති වීමට ඉඩ නොදී” හදා ගැනීමටය. ඔවුනට අනුව හැඳි නොගා හදන හොද්දෙයි නොගහා හදන දරුවාගෙනුයි වැඩක් නැත. මිනිස් ශිෂ්ටාචාරය කෙමින් කෙමින් සදාචාරාත්මකව පරිණාමය වන අතරතුර අප කරන්නේ, වත්මනට කොහෙත්ම වැදගත් නැති, කල් ඉකුත් වී, මළකඩා කා ඇති රුවන් වැකි දෙසා බාමින් සමාජයේ දුර්වලම, අසරණම, අහිංසකම කොටස වන අප දරු පරපුර මත තම පීඩනය මුදාහැරීමය. තමා පරිපූර්ණ මිනිසෙක්ය යන උද්දච්ඡ හැඟීමෙන් යුත් බොහෝ දෙමාපියන්, තම දරුවාට පහර දෙන්නේ තමාගේම අච්චුවක් හෝ තම ෆැන්ටසිය තුළ ජීවත් වන පරිපූර්‍ණ මිනිසෙකු හෝ ගැහැණියක තම දරුවා තුළින් නිර්මාණය කර ගැනීමටය. ඔවුන් තම දරුවන්ට පහර දෙන්නේ කුඩා කාලයේදී සිය වැඩිහිටියන්ගෙන් ලැබුනු දඬුවම් නිසා තමා හොඳ මනුස්සයෙකු වූ හැටි ගැන පාරම්බාමිනි.

    “අපේ තාත්තා අපිට ගැහුවේ බෙල්ට් එකෙන්. අපි අද මේ විදිහට ඉන්නේ තාත්තට පින් සිද්ධ වෙන්න”

    කොපමණ සාධාරණීයකරනය කිරීම් ඉදිරිපත් කලද යමෙක් දරුවන්ට පහර දෙන්නේ දරුවාගේ හැසිරීම් තමන්ට රිසි සේ පාලනය කිරීමේ අරමුණින් මිස, මනුෂ්‍ය සංහතියට යහපත් සදාචාරාත්මක ගතිගුණ වලින් හෙබි පුරවැසියෙක් බිහිකිරීමේ අරමුණින් නොවේ. ජීවිතයේ තමාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න වලින් එකක් ලෙස සිය කුඩා දරුවාගේ නොමනා හැසිරීම දකින වැඩිහිටියා පහර දීමෙන් දරුවා මෙල්ල කොට, එම ප්‍රශ්නයට සොයන්නේ තාවකාලික විසඳුමක් පමණි. දීර්ඝ කාලීනව දරුවාට ඉන් ඇතිවන බලපෑම ගැන සිතීමට ඔවුනට උවමනාවක්, හැකියාවක් හෝ කාලයක් නැත. තමා දරුවන්ට පහර දෙන්නේ ඔවුනට ඇති ආදරය නිසාය යනුවෙන් බොහෝ දෙමාපියන්, ගුරුවරුන් පැවසුවද (නොසලකා හැරිය හැකි තරම් සුළු අවස්ථා ප්‍රමාණයකදී හැර) බොහෝ අවස්ථා වලදී එය මිත්‍යාවකි. පහර කෑම් ලෙස දරුවා මතින් පිටවන්නේ බොහෝ වෙලාවට දෙමාපියන්ගේ එදිනෙදා ජීවිතයේ පීඩනයන්ය.
    වෙනයම් කෙනෙකු නිසා හෝ දරුවාගේ වරදක් නිසා ඇති වන කෝපය, කලකිරීම, සිත් රිදීම්, පිළිකුල වැනි හැඟීම්ය.

    “මහන්සි වෙලා ගෙදර ආවා විතරයි”

    පහර දීම මඟින් බියවද්දා දරුවෙකු තමාට කීකරු කර ගැනීමට උත්සහ කරනා යම් වැඩිහිටියෙක් වේ නම් ඔහු/ඇය පෙන්නුම් කරන්නේ දෙමාපියෙකු වශයෙන් සිය නොඉවසිලිවමත් බවය.
    සිය දරුවා සමඟ සහසම්බන්ධයක් ගොඬනඟා ගැනීමට තමාට ඇති නොහැකියාවය. ගුරුවරයෙකු නම් ඔහු පෙන්නුම් කරන්නේ සිය වෘත්තිය අසමර්ථකමය. මෙම පහර දීම් මඟින් සිදුකරන්නේ දරුවාව තාවකාලිකව පාලනය කිරීමක් පමණකි.

    මෙසේ දරුවාගේ හැසිරීම් පාලනය කිරීමට;
    • ශාරීරික වධවේදනා වලට ලක් කිරීම (උදා – වේවැල් වලින් පහර දීම, දණ ගැස්වීම, අතින් පහර දීම, පෙර කාලවලදී ගස් වල බැඳ දිමි ගොටු දැමීම)
    • තර්ජනය කිරීම (උදා – ආයේ කලොත් කටේ මිරිස් දානවා, අඬු කඬනවා, ගෙදරින් එලෝනවා)
    • නිග්‍රහ කිරීම මඟින් ලජ්ජාවට පත් කිරීම (උදා – තෝ වගේ බූරුවෙක්, උඹ මුකුත්ම කරගන්න බැරි නිකමෙක්, උඹ තමා පන්තියේ ඉන්න මෝඩයා) වැනි ක්‍රම භාවිතා කෙරේ.

    මෙවන් ක්‍රම මඟින් සිදුවන්නේ දරුවාව බිය වැද්දීම මඟින් තමාට වඩා උසස් අධිකාරී බලයකින් (authoritative figure) පැමිණෙන විදාන කොන්දේසි විරහිතව අනුගමනය කිරීමට පුහුණු කිරීමක් මිස, දරුවා තුළ සැබෑ අවබෝධයෙන් සිදුවන සදාචාරාත්මක ගුණවගාවක් නොවේ (මෙම ක්‍රමය සුනඛයෙකු පහර දී හීලෑ කිරිම හා සමානය) වරදට හේතුව පහදා දී එය නැවත නොකරන්නට අවවාද කිරීම සහ වරදට දුටු විට මුරුගයෙකු මෙන් පහරදීම එක හා සමාන නොවේ. පළමු අවස්තාවේ දරුවා වරද තේරුම් ගනියි, ඉන් පසුව එයින් වැළකී සිටියි. දෙවැනි අවස්තාවේ දරුවා පහර කෑමේ බය නිසා හැසීරිම පාලනය කර ගනි. පළමු ක්‍රමය දුෂ්කරය පළදායකය, දෙවැනි ක්‍රමය පහසුය, තාවකාලිකය. අධිකාරී බලයෙන්, තාවකාලිකව දරුවාගේ හැසිරීම් පාලනය කල හැකි වුවත් දීර්ඝ කාලීන වෙනස්කම් දැකිය නොහැකිය. අම්මාගේ ගුටිය නොලැබෙන බවට සහතික වූ විට හොරෙන් සීනි කන කුඩා ළමයා, පොලිසිය නොමැති යැයි අනුමාන කරන පාරවල් වල හිස්වැසුම් නොපළඳා මෝටර්බයිසිකලයේ යන වැඩිහිටියකු බවට පරිවර්තනය වන්නේ මේ හේතුවෙනි. ඔහුගේ හැසිරීම් තීරණය වන සාධකය වන්නේ අධිකාරී බලයක උකුසු ඇස මිස පුද්ගලාවබෝධය නොවේ.

    තමා කරනා වැරැද්දකට දඬුවම් දීමට කෙනෙකු නොමැති විටක ඕනෑම ජඩ වැඩක් කිරීමට නොපැකිළෙන මිනිසුන්ගෙන් පිරි සමාජයක් බිහිවන්නේ මෙලෙසිනි.
    අප හමුවේ ඇත්තේ සරල පැනයකි. (බොහෝ විට) ප්‍රසිද්ධියේ කෙරෙන ශාරීරික වධහිංසාවෙන් (වේදනාවට) සහ ලජ්ජාවට පත් කිරීමෙන් දරුවෙක්ව සදාචාරාත්මක ගුණවගාවකින් යුත් යහපත් මානසිකත්වයකින් හෙබි මනුෂ්‍යයෙක් බවට පත් කල හැකිද? නොහැකිද?

    මනෝ විද්‍යාඥයන්, අධ්‍යාපන විද්‍යාඥයන් හා දරුවන් සම්බන්ධ පර්යේෂණ කරනු ලැබූ විද්වතුන් නැවත නැවතත් තහවුරු කොට ඇත්තේ මෙවන් පහර දීම් නිසා දරුවා යහපත් හැසිරීම් පෙන්නුම් කරනවා වෙනුවට තවත් දරදඬු හැසිරීම් පෙන්නුම්කරනා බවය. වැඩිහිටියෙකු වූ පසුව කුඩා කල විදි පීඩාවන් සමාජයට මුදා හරින බවය. එසේම, විශේෂයෙන් පාසැලේදී ගුරුවරුන් (මොවුනට ගුරුවරු කියා ඇමතීමද ගුරු වෘත්තියට කරනා නිගාවකි) ප්‍රසිද්ධියේ දෙන ශාරීරික දඬුවම් සහ ප්‍රසිද්ධියේ කරනා ලජ්ජාවට පත් කිරීම් නිසා දරුවාගේ පෞරෂත්වයට සිදුවන හානිය සුළුපටු නොවේ. අපේ මිනිසුන්, බස් එකේ යද්දි කොන්දොස්තරට බයය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගිය විට මුදල් අයකැමිට බයය, ඉස්පිරිතාලයට ගිය විට සාත්තු සේවකට බයය, දොස්තරට බයය, තම ඡන්දයෙන් පත් කරන දේශපාලකයාට බයය. මෙසේ අධිකාරී බලයෙන් හෙබි පුද්ගලයා ඉදිරියේ දෙකට නැමෙන, ඇඹරෙන, නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන සිටිනා නිවට කීකරු බයාදු මිනිසුන් නිර්මාණය වන්නේ කුඩා කලදී දෙමව්පියන් සහ විදුහල්පතිවරුන්ගේ වේවැල මඟින් මොට කර දමනු ලැබූ පරපුරක හීන වූ පෞරෂය හේතුවෙනි. එසේම පීඩනයන් යටතේ තම දෙමාපියන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන දරුවා වැඩිහිටියෙක් වූ පසු එවන් අවස්ථා වලට ප්‍රතිචාර දක්වන්නේද තම දෙමාපියන් ප්‍රතිචාර දැක්වූ විලසටමය. තමාගේ අණසකට යටත් නොවන දරුවාට පමණක් නොව, බිරිඳට, පෙම්වතියට පවා පහර දෙන සැමියන් සහ පෙම්වතුන් බිහි වීමට ඔවුනගේ ළමා වයසේ අත්දැකීම් බලපාන්නේ මෙලෙසය. එසේම තමාට මුහුණ පෑමට සිදුවන ගැටළු වලට විසඳුම හිංසාව (violence) තුළින් සෙවීමට උත්සාහ කරනා මිනිසුන් බිහිවීමටද ළමා වියේ අත්දැකීම් දැඩි ලෙස බලපායි.

    ලෝකයේ දැනටම රටවල් 44 ක දරුවනට, නිවසේදි හෝ පාසලේදි පහරදීම නීතියෙන් තහනම් කොට ඇත. අප රටේද යම් තාක් දුරකට නීති සම්පාදනය කොට තිබුනත්, නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජය දක්වන්නේ මැළිකමකි. ඒ බොහෝ විට නීතියේ පිහිට පතන දෙමාපියන් සහ දරුවන් දෙස සමාජය ‘ගුරු දෙවියාට’ එරෙහි වූ ද්‍රෝහියන් සේ දකින නිසාය.
    මෙයින් කියවෙන්නේ දරුවන් කරන වැරදි වලට ඔවුනට දඬුවම් නොදිය යුතු බවක් නොවේ. දරුවෙක්ට දඬුවම් කල යුත්තේ දරුවාට තිරිසන් සතෙකු මෙන් නොව මනුශ්‍යයකුට සේ සැලකීමෙනි. වරදක් කල දරුවෙකුට දඬුවම් ලෙස දරුවා ප්‍රිය කරන කාර්‍යයන් යෙදීමෙන් යම් කාලසීමාවකට දරුවාව වැලැක්විය හැක. දඬුවම් ලෙස දරුවා අකමැති, එහෙත් ඵලදායී ක්‍රියාකාරකම් වෙත යොමු කල හැක (පිරිසිදු කිරීමේ කටයුතු, අමතර පැවරුම් ආදිය).

    එසේම හැකි සෑම අවස්ථාවකම දරුවන්ට කරුණු පහදා දීම හරහා කටයුතු කිරීම මාර්ගය ලෙස යොදාගත හැක.

    "පුතේ, අම්මයි තාත්තයි ගොඩක් ආදරෙයි පුතාට. පුතාගෙ අනාගතය ගැන හිතල අපි ගොඩක් මහන්සි වෙනව. ඒත් පුතා ඉගැනීමේ වැඩ අතපසු කරන එකට අපි කැමති නෑ. පුතා ගිහින් ඒ වැඩ ඉවර කරල එනකල් අපි පුතා එක්ක කතා කරන්නෑ. යන්න ගිහින් ඒ වැඩ ඉවර කරල එන්න"

    මෙවැනි දඬුවම් ක්‍රම ඵලදායී වන්නට නම් 'දෙමව්පියන් තමා සමඟ කතා නොකිරීම' යන දෙය දරුවා තුළ තිගැස්මක් ඇති කරන විදියේ පරිසරයක හැදුනු වැඩුනු මානසිකව නීරෝගී දරුවෙක් විය යුතු බව සැබවි. කේන්ති ගිය ගමන් තම මවට අත උස්සන පියෙකුත්, රණ්ඩු වලදී තම පියාට කුණුහරපෙන් දෙසනා මවකුත්, අල්ලපු ගෙදර අය එක්ක වලියකදී උදැල්ල අතට ගන්නා නෑදෑයනුත් වැනි හිංසාකාරී පරිසරයක හැදෙන දරුවන් එවැනි අවවාද වලින් මෙල්ල කල නොහැකිය. මුලින්ම දරුවාට හැදෙන්නට වැඩෙන්නට සුදුසු පරිසරයක් ලබා දිය යුතුය.
    අපගේ දරුවන් වැඩිහිටි අවවාදයට කීකරු කර ගැනීමට තිබෙන එකම ක්‍රමය බවට උන්ගේ කණ් පැලීම පත්ව තිබෙනවා කියන්නේම, ඒ දරුවා දැනටමත් භයානක ලෙස වැරදි පාරේ ගිය දරුවෙක් බවත් වැඩිහිටියන් ලෙස හා සමාජයක් ලෙස දරුවාට යහපත් පරිසරයක් ලබා දීමේ කාර්‍යයේදී අප දරුණු ලෙස අසමර්ථ වී ඇති බවත් පමණි.

    TLDR:
    අවසනයේ සාරාංශය මෙයයි.
    ඔබගේ දරුවා හොරෙන් සීනි කනවා නම් දරුවාගේ ඇසට මිරිස් කුඩු දැම්මොත් දරුවා මියෙන තුරා කිසි දවසක හොරෙන් සීනි නොකනු ඇත. නමුත් ඔබ ඒ හරහා තාවකාලිකව දරුවාගේ හැසිරීම පාලනය කිරීමට සමත් වුවත්, දීර්ඝ කාලීනව දරුවා තුළ ඇති කරන මානසික සහ ආත්මීය බලපෑම කියා නිම කල නොහැකි තරම් දරුණුය.
    දරුවෙක් බිහි කිරීමට බලාපොරොත්තු වන යම් වැඩිහිටියෙක් වේ නම්, ඔහුට/ඇයට හයක් හතරක් නොතේරෙන දරුවෙකුගේ නොහොබිනා ක්‍රියා දෙස ඉවසීමෙන්, උපේක්ෂාවෙන් බලා හැඟීම් වලට යටත් නොවී බුද්ධිමත්ව වැඩිහිටියෙකු සේ දරුවාගේ අනාගතය ගැන සිතා ප්‍රතිචාර දැක්වීමට නොහැකි නම් ඔහු/ඇය දෙමාපියෙකු වීමට සුදුසු නැත.
    දරුවෙකු බිහිකිරීමට සුදුසු නැත !

    ඔබ, අනෙකා මත තම පීඩනය පටවන පරපීඩිකයෙකු නම්,
    සමාජයට සහ මිනිස් සංහතියට ඔබට කළ හැකි ලොකුම සේවය නම් දරුවෙකු බිහි කිරීම ගැන දෙවරක් සිතා බැලීමයි !
    පෙර සඳහන් කල පරිදිම ආදි කාලයේ රුවන් වැකි සිහිකරමින්, කල් ඉකුත් වූ කසිකබල් ආකල්ප කරේ තියාගෙන සිය දරුවන් මත හිංසාව පතුරවන වැඩිහිටියෙකු නම් මින්පසු සිය දරුවාට පහර දීමට සිය අත හෝ වේවැල උස්සන විට කරුණාකර මේ වදන සිහි කැඳවා ගන්න,
    ඔබේ දරුවා මිනිස් දරුවෙකු මිස වහු පැටියෙකු නොවේ.
    කෙවිට භාවිතා කරන්නේ හරකුන් දැක්කීමට මිස, දරුවන් කීකරු කිරීමට නොවේ.
    ඔබේ දරුවාට හරක් පැටියෙකු ලෙස නොව, මිනිස් දරුවකුට සේ සලකන්න.
    වරදට කණ පැළෙන්න පහරදෙනවා වෙනුවට, වරදට හේතුව පහදා දෙන්න.
    එවිට ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ පසු අණට කීකරුවන හරකෙක් බවට නොව,
    බුද්ධියෙන් හරි වැරැද්ද තීරණය කරන බුද්ධිමත් මිනිසෙකු බවට පත් වනු ඇත.

    .
    .
    .
    --- ජේමිස් බණ්ඩා

    </උපුටා ගැනීම අවසන්>
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    child : mata phone eka one game gahhanna
    adult : putha mama office call eke, poddak inne
    adult : meke game na

    adult : putha api cricket gahamu , phone game one na
    child : mata phone eka one game gahhanna oneee mayi

    tell me who the fucking idiot , child must obey the parent advise :oo:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,084
    34,625
    113
    child : mata phone eka one game gahhanna
    adult : putha mama office call eke, poddak inne
    adult : meke game na
    child : mata phone eka one game gahhanna
    adult : putha api cricket gahamu , phone game one na
    child : mata phone eka one game gahhanna oneee mayi

    tell me who the fucking idiot , child must obey the parent advise :oo:
    ෆොන් එකේ ගේම් තියෙනවා කියලා ළමයට කීවේ හීනෙන් කවුරු හරි ඇවිල්ලද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    child : mata phone eka one game gahhanna
    adult : putha mama office call eke, poddak inne
    adult : meke game na
    child : mata phone eka one game gahhanna
    adult : putha api cricket gahamu , phone game one na
    child : mata phone eka one game gahhanna oneee mayi

    tell me who the fucking idiot , child must obey the parent advise :oo:

    loku prashnayak

    gshsnne baninne natuwa komada lamay hadanne
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ගහන් නැතුව ලමයි හදන්න බැහැ බන්. හැබයි ඕනෙම නම් කල දරුවෙක් හදාගත්තැහැකි. ඒකටත් වයිෆ්ට ගහලා තියෙන්නේ ඕනේ. නැත්නම් ඉතින් කුලියට අරගන්න වෙනවා. වියදම් ට්‍රිපල් වෙයි.

    ElaKiri PRO! Professional talking based on the subject of the thread. Do NOT use this section for chat, jokes, or DO NOT ever go out of topic! This is a serious discussion section!

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    ගහන්නැතුව ළමයි හදන්න බැ කියන්නේ පොන්නයො. ලමයින්ගේ මානසිකත්වය තේරුම් ගන්න බැරි ව්‍යාධිජනකයො. ගුරුවරුනම් ගෙවල්වල පිඩනය පිට කරන්නේ ඉස්කොලෙ ළමයින්ගෙන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕක මේ කතන්දර කෝටියකින් එකක් වගේ වෙච්ච ඉතාම නරක සිදිදියක්
    ළමයෙක්ට තරවටු කරන්න ඕනේ එත් කරන විදිහක් තියෙනවා
    කොසු පොල්ලෙන් ගැහුවම ඔහොම වෙන එක අහන්න දෙයක් නැ

    ලමෙක් ලොකු කරලා කරලා ඉගෙන ගන්න සල්ලි වියදම් කරලා බඩට නොකා ළමයින්ට කරලා
    අන්තිමට උ ඉගෙන ගන්නේ නැති උනාම කේන්ති එන එක සාදාරනයි

    වෙච්ච දේ සාදරනිකරණය කරනවා නෙමේ
    පොඩි කාලේ ඉදන්ම කියන දේ අහන්න පුරුදු කරන්න ඕනේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    child : mata phone eka one game gahhanna
    adult : putha mama office call eke, poddak inne
    adult : meke game na
    child : mata phone eka one game gahhanna
    adult : putha api cricket gahamu , phone game one na
    child : mata phone eka one game gahhanna oneee mayi

    tell me who the fucking idiot , child must obey the parent advise :oo:
    adult- උබට ෆෝන් එක දෙන්නෙ නෑ එනවනම් වරෙන් ක්‍රිකට් ගහන්න නැත්නම් පල මගෙන් කන හරහා කන්නෙ නැතුව
    Child - හරි තාත්තෙ අපි ක්‍රිකට් ගහමු
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    9a8bf58f03925500ef385d53b94bfb25.jpg

    When I was a small kid my mom and dad both were hitting me like crazy. They've hit me with whatever they grab (punching, kicking, brooms, sticks, cane, belts, rulers, etc.). When I am thinking about that time I think they just released their pressure on me. So I grew up in fear, still I have the effects.
    And also I was heavily abused in school times.

    So when my sons are not listening or obeying to me, first thing comes to my mind is to hit them super hard. What I did was warn them that I would hit if you do it again. But I do not, I am controlling myself almost all the time (I have hit 2-3 times for past 7 years).

    99% of the time, when I raise my voice they understand. 1% they get a punishment.

    child : mata phone eka one game gahhanna
    adult : putha mama office call eke, poddak inne
    adult : meke game na
    child : mata phone eka one game gahhanna
    adult : putha api cricket gahamu , phone game one na
    child : mata phone eka one game gahhanna oneee mayi

    tell me who the fucking idiot , child must obey the parent advise :oo:
    My kids do this too, What I say is "phone eka denne nehe, echaharayi. (anduwoth kari ke gehuwoth hari)adanna oni nan athenta gihilla andanna". It works for me. My kids have cried and they know that crying does not help.
    ------ Post added on Oct 1, 2021 at 4:38 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හරක්ට වගේ තඩි බාන එකනං කරන්න හොඳ නෑ. ඒව තනිකර ගෝත්‍රික වැඩ...

    හැබැයි අවස්ථානුකූලව පස්ස පැත්තට දෙකක් දීල හදාගන්න වෙන අවස්ථා තියෙනව...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තඩිබාන්නේ නැතුව ළමයෙක්ව හදන්න බැරි නම්, ක්ෂනික කෝපය පාලනය කරගන්න බැරි නම්, ඒ වගෙ මිනිස්සු මේ යුගයේ දෙමව්පියෝ වෙන්න සුදුසු නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    මේක පොපෙශනල් ප්‍රශ්නයක්ළුනේ. මේහෙමයි පල් හෑලි නොදා ඇහුවානම් ටක් ගාලා උත්තරයක් දුන්නැහැකි පල් හෑලි වලින් වෙන්නේ ඕනේ කරුණු නැතිව යන එක.

    දැන් ඔය අහන්නේ ළමයෙක්ට පාරක් ගැහුවා කියන දේ වැරදියි කියලා කියවගන්නනේ. ඇත්තටම ළමයෙක්ට පාරක් දෙකක් ගැහුවා කියලා අවුලක් නැහැ. මොකද වැරද්දක් හදා ගන්න පාරක් ගැහුවා කියලා ළමයෙක් ගේ මානසිකත්වයට ලොකු දෙයක් වෙන්නේ නැහැ. හැබයි ළමයාව හුරතලේට හදලා සැරයක් නොකර ඉදලා පාරක් ගැහුවාම නම් සමහරු සියදිවි හානි කරගන්නවා. ඒක දෙමව්පියන්ගේ හැටියට තමා. සමහර දෙමව්පියෝ ලමයි කියන කියන දේ කරලා අන්තිමට කියන්නේ අහන්නේ ම නැතිවුණාම පාරක් ගහලා එල්ලිලා මැරුණු ළමයි ඉන්නවා. හැබයි ඒ ප්‍රමානේටම කෙල්ල බූට් එකක් තිබ්බා කියලා එල්ලුන උනුත් ඉන්නවා.
    බීගෙන ඇවිත් ඒක පිට ළමයින්ට ගහන එක නැත්නම් තමුන්ගේ මානසික පීඩනය යවාගන්න ගෙදර ඇවිත් ළමයෙක්ට ගන්නවානම් ඒක ළමා හිංසනයක් හැබයි වරදකට පාරවල් දෙකක් ගැහුවා කියලා ලොකු අවුලක් නැහැ. දෙදහස් ගණන් වල මගේ අතින් යාළුවෙක්ගේ තීන්ත පෑනක් කැඩිලා ඒකට තාත්තාගෙන් රුපියල් දෙසිය ක්ද කොහෙද අරන් ඒක සැරයක් ගුටිකැවා මට මතකයි. ගහලා ඒ පෑන ගන්න සල්ලි දුන්නා. ඒ ලැජ්ජාවට කවදාවත් ලොකු ගණන් වලින් සල්ලි ගන්න ගියේ නැහැ නොකියා. ගෙදර සල්ලි ඕනේ තරම් තියෙද්දිම. තාත්තා වැඩ ඇරිලා ඇවිත් සල්ලි ටික මේසේ කොලේ යටට දාන්නේ. දාන තැනක් එකම තමා. රු තිහකින් ඉස්කෝලෙ ගිහින් උදේට කැන්ටිමෙනුත් කාලා ගෙදර එන්න පුළුවන් කාලේ. අදටත් කාගෙවත් සල්ලි නොගෙන ඉන්න පුරුදු උනේ ඒ ගුටි කෑමෙන්.
     
    නෑ මන් ප්‍රශ්නයක් ඇහුවා නෙමෙයි. මගේ මතය කාටවත් බලෙන් පටවන්න උවමනා උනෙත් නැහැ.. facebook එකේ දැක්ක හෑල්ලක් කොපි කරල share කරේ ඒ ගැන බුද්ධිමත් ඔබතුමන්ලාගේ අදහස් දැනගන්න :)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    check sidu teledrama for same type of event

    min 2:07

    and

    min 6:26

    child : mata phone eka one game gahhanna
    adult : putha mama office call eke, poddak inne
    adult : meke game na
    child : mata phone eka one game gahhanna
    adult : putha api cricket gahamu , phone game one na
    child : mata phone eka one game gahhanna oneee mayi

    tell me who the fucking idiot , child must obey the parent advise :oo:

    ෆොන් එකේ ගේම් තියෙනවා කියලා ළමයට කීවේ හීනෙන් කවුරු හරි ඇවිල්ලද?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,373
    113
    දෙයියන්නාන්සෙ නම් ළමයෙක් හැදුව ගහන් නැතුව ...🤷🙆