ගහන්න එපා සර්.... මම පිළිගන්නවා..... මම තමයි හාවා...

jetty

Member
Jan 6, 2011
76
7
0
Kalutara
ගහන්න එපා සර්.... මම පිළිගන්නවා..... මම තමයි හාවා...

මේ කතාව මම දැක්කේ gossip9 එකේ කෞතුකාගාරේ හොරු අල්ලපු එක ගැන පොලීසිය කියන කතා වලට දාපු comment එකක.මරු කතාව නිසා උඹලත් එක්ක share කරන්න හිතුනා..

ඔන්න එකමත් එක කාලෙක (එහෙම පටන් ගන්නෙ සුරංගනා කතා විතරක් කියලා හිතන්න එපා හොදඳ....) ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක් තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම කවුද කියලා හොයන්න.
කොහොමින් හරි මේ තර‍ඟේ මේ විදියට ගිහිල්ලා රටවල් තුනක පොලිසි අන්තිම වටයට තේරුනා. ඒ තමයි ඇමරිකානු පොලිසිය, එංගලන්ත පොලිසිය සහ අති ජනප්‍රිය ශ්‍රී ලංකා පොලිසිය.
දැන් මේ තර‍ඟේ අන්තිම වටය.... ඒක කරන්නේ මෙහෙමයි;

කැළෑවකට හාවෙක් දානවා. ඉක්මනින්ම ඒ හාවව හොයාගෙන එන පොලිසිය තමයි තරඟය දිනන්නේ.....
දැන් පළවෙනි අවස්ථාව ලැබුනා එංගලන්ත පොලිසියට (අපේ එවුනුත් අදින්නෙම සුද්දගෙ පැත්තට නිසා මේ තරඟයෙත් පළවෙනි අවස්ථාව සුද්දටම ලැබුනු එක ගැන දුක්වෙන්න එපා...)
කට්ටිය කැලේට ගිහින් සෑහෙන වෙලාවක් ගත කරලා ගස් ගල් වලිනුත් කටඋත්තර අරගෙන එහෙම හිස් අතින්ම එලියට ආවලු..... ඇවිත් තඩි රිපෝට් එකක් භාරදුන්නලු..... ඒ රිපෝට් එකේ සාරාංශය ගත්තොත් මෙහෙමයි;
“හාවා සොයාගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වී ඇත”

දැන් ඔන්න දෙවනි අවස්ථාව ලැබුනා කියමුකො ඇමරිකානු පොලිසියට (ඔන්න ආයෙත් සුද්දට.....)
එයාලා දෙපාරක් තියා එක පාරක්වත් හිතුවේ නෑ..... කෙලින්ම බෝම්බ දාලා මුළු කැලේම ෆ්ලැට් කරා. එහෙම කරලා එයාලත් තඩි රිපෝට් එකක් භාරදුන්නා..... ඒ රිපෝට් එකේ සාරාංශය ගත්තොත් මෙහෙමයි;
“දැන් හාවාගෙන් කිසිදු තර්ජනයක් නොමැත”

ඔන්න එහෙනම් අන්තිම අවස්ථාව අපේ අහිංසක ශ්‍රී ලංකා පොලිසියට ලැබුනා.....
මේ කථාවන් කියවෙන්නේ වෙනස් කැළෑ තුනක් කියලා අපි හිතමු නැත්නම් කට්ටිය ඊලඟට මගෙන් අහයි බෝම්බ දාලා ෆ්ලැට් කරපු කැලෑවේ ආය හාවො හෙව්වේ කොහොමද කියලා......
දැන් අපේ පොලිස් අයියලා ටික බැස්සා කැලේට..... ගිහින් හැරෙන තැපෑලෙන් පොරවල් ටික ආපහු එනවා. හැබැයි එන්නෙත් නිකන් නෙමේ....
මුන් ටික තඩි වලහෙක් අල්ලගෙන ඌට ගහගහ ඇදගෙන එනවා...... හොඳටම ගුටිකාපු වලහ අඬඅඬ මෙහෙම කියනවලු......
"අනේ සර්.... ගහන්න එපා සර්.... මම පිළිගන්නවා..... මම තමයි හාවා.... මම තමයි හාවා...."
 

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
CXTwX.gif