" ගහල හරි ලමයි හදන්නෝන..."
ලංකාවෙ බහුතරයක් මිනිස්සු හිතන් ඉන්න දෙයක් තමයි දරුවන් උස් මහත් කරද්දි ඔවුනට කීකරු නොවෙන තැන්වල ගහලා තරවටු කරල හෝ තමන් කියන විදිහට හදාගත යුතු බව. ඔවුන් එය සාධාරණීකරණය කරන්න "ආදරේටනෙ ගහන්නෙ... හදාගන්නනෙ ගහන්නෙ.." වගේ හේතු කියනවා.
ඇත්තටම දරුවෙක්ට ගහන්නෙ කිසිම වෙලාවක ආදරේට නෙමෙයි.. ආදරේට ලමයෙක්ට ගහන්න බැ. 'ගහන්නෙ හදාගන්නනෙ' කිව්වට ඒක ප්‍රසිද්ධ බොරුවක් විතරයි. ඇත්තටම හිතල බැලුවම දරුවෙක්ට ගහන්නේ කුමක් හෝ හේතුවක් නිසා දරුවා තමන්ගෙ පදේට නටන්නෙ නැතුව තමන් බලාපොරොත්තු වෙන 'සුවච කීකරු දරුවාගෙ සීමාව' පැන්නට පස්සේ ඒකත් එක්ක තමන්ට දරුවා ගැන හො වෙනයම් දෙයක් නිසා සිතේ ඇතිව තිබෙන තරහව, අසහනය දරුවා මගින් පිට කරගන්න.. ඒක ආදරයක් නෙමෙයි. ඒකට ආදරය කියන්න එපා..
මෙ රටෙ හුඟක් දෙමව්පියන් කරන ලොකුම වරදක් තමයි ඒ. ඔවුන් හිතනවා දරුවන් උස් මහත් කරන්න නම් තමන්ට ඇහුම් කන් නොදෙන, අකීකරු වෙන, වැරැද්දක් කරන අවස්ථාවල පහර දිමෙන් තමන්ට රිසි ලෙස තමා බලාපොරොත්තු වෙන 'සිරිමත්' ව තනාගත හැකි බව. එයට අයිතියක් ඔවුනට ඇති බව. කිසිසේත්ම දරුවන්ට 5හර දීමට ඔබ දෙමව්පියන් උවද අයිතියක් නැති බව තෙරුම් ගන්න.
5ර කෑමෙන් දරුවන් නිවරදි මග යනවා යැයි සිතන්න එපා.. එහෙම නැහැ. ගුටි කෑමෙන් හෝ කායික හිංසනය මගින් වේදනාවට පත් වෙන දරුවා ඒ අවස්ථා වල එම වරද නොකර නිහඬ සිටියා උනත්, දෙමව්පියන්ට තමන්ට අත එසවිය හැකි සීමාව පසු කර විට දරුවා නැවත එම වරද කිරිමට ඇති ඉඩ වැඩියි. එයට හේතුව දරුවා ඇත්තටම එම වරද නොකරන්නෙ 'වරදක් නිසා එය නොකල යුතු ය..' කියන තැනින් නොව 'තමන්ට ගුටි කෑමට සිදුවේ' යැයි ඇති මානසික බිය නිසාවෙන්.
එසේ නොමැතිව දරුවෙකු වරදක් කල විට ආදරයෙන් එය පහදා දිමෙන් එම වරද නිවරදි නොකර, හිංසනයට ලක් කිරිමෙන් ඇති දැඩි වන දරුවන්ගෙන් සහකම්පනය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න අපට බැහැ. ඔවුන් තවදුරටත් අනෙකාව තලා පෙලා හෝ හැදිය යුතු යැයි සිතන පරපීඩක මානසිකත්වයෙන් හැදී වැඩිය හැකියි.
කුඩා කාලයේ සෙල්ලම් කිරිමට ගොස් නිවසට ඒම සවස හය පහු වීම නිසා පියාගෙන් පොල් පිත්තෙන් ගුටිකාපු අතීතයක් මට තිබුන බව මතකයි. එය හරිම මානසික පීඩාකාරි හැඟීමක් ගෙන දිමක් මිසක් ආදරණිය හැඟීමක් නෙමෙයි. කොහොම නමුත් ඉන් පසු තාත්තාගෙ ගුටි කෑමට බියේ මම සවස හයට පෙර නිවසට පැමිණියත් කෙමෙන් වැඩිවියට එනවිට මම එම වරද කලේ ඒ කිසිවිට පියාගෙන් නැවත අත එසවිය නොහැකි බව මට ප්රත්යක්ශ වීම නිසා මිස සවස හයෙන් පසු බාලයෙකු ලෙස ගමේ කරක් ගැසිම අනවශ්‍ය බවත් එමගින් මා හටම හානියක්, අනතුරක් සිදුවිය හැකි බවත් තේරුම් නොගැනිම නිසා යැයි මට සිතෙයි
*******************
අතීතය මෙන් නොව දැන් මිනිසුන් කෙමෙන් ශිෂ්ඨාචාර ගත වෙමින් දියුණු මානව ලක්ශණයන් වලින් සපිරි ලොවක ජිවත් වෙන අපිට කිසි විට 'ලමා හිංසනය' සාධාරණීකරණය කල නොහැක. එය අනුමත කල නොහැක.
ලෝකයේ දැන් සත්ත්ව අයිතිවාසිකම් පවා කතා කරමින් පාරෙ ඉන්න බල්ලෙකුට හෝ නිකරුණෙ ගලක් ගැසිය නොහැකි තරමට දියුණුව ඇතත් අපි තවමත් ලමා හිංසනයට අත හිත දෙමින් 'හදාගන්නනෙ ගහන්නෙ..' යැයි පසුගාමි අදහස් වලින් කර තියාගෙන යමින් සිටියි.
සහෘදයනි,
' ගහලා බැනලා හදන්න..' දරුවන් යනු සත්තු නොවන බවත් සතුන්ට පවා අයිතිවාසිකම් ඇති ලොවක දරුවන්ට ගහමින් කරන ලමා හිංසනය අමානුශික සහ නින්දිත ක්‍රියාවක් බවත් කරුණාකර ඔබේ වැඩිහිටියන්ට පහදන්න. එය උත්කර්ශයට නොගන්ම්