ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Thanks machan

    You welcome machan...ahu wenna epa...uba oya kiyana global eka ganath kaudo
    Ekkenek daala thibba..Hoya ganna baha..oya wage seen ekak mage akkakenekta
    Kiyala..ita passe akka magen ahuwa..ita passe kohoma hari kiyala therum karala dunna..akkage yaluwa dan Anna anatha welalu..minissunta muna denna bariwa..pauleth prasnalu..balagena ban ahuwenna epa horunta...good luck..
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මාත් ඔහොම meeting එකකට ගිහින් තියනව බන්..අහුවෙන්න නම් එපා..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචංලා..

    උඹලගේ අදහස් ටිකක් දැන්ගන්න මේක ලියන්නේ..ඊයේ මාව දන්න එකෙක් මට මරු බිස්නස් එකක් තියෙනවා,සෙට් වෙයන් කියල මට එන්න කීවා ප්රසන්ටේශන් එකක් තියෙනවා ඒක බලන්න..මන් දිගටම ඇහුවට මොකක්ද කියලා මූ කීවෙම නෑ..කොහොම හරි ඊයේ මමත් *ක කහනවට ගියා මීටිමට.බම්බලපිටියේ වින්සිස් එකේ හෝල් එකක තමා තිබ්බේ..ගිහින් ටිකට් එකක් එහෙම අරන් ඇතුලට ගිහින් බැලූවම එතන ගැනු පිරිමි ඔක්කොම 40ක් 50ක් වගේ හිටියා...(මං නම් බැලුවේ හොද ඇන්ටෙක් හරි අක්කෙක් හරි සෙට් කරගන්නා
    හරි ඉතින් උන වැඩේ කියන්න එපායැ..මන් යද්දි කෝට් එකක් එහෙම ඇදගත්ත එකෙක් කතාවක් කරනවා උගේ කතාව කියලා..ඌ පාදුක්ක පැත්තේ කොල්ලෙක්,පොඩි කාලේ බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා,බේකරි වල වැඩ කලා,උගේ දුක තමා කියන්නේ මුල ඉදන්..ඊට පස්සේ මූ රුහුණු කැම්පස් එකෙන් ඩිග්රී එකක් ගත්තලු ඉන්ජිනියරින්..දැන් කොහෙද රජයේ රැකියාවක් කරනවාලු,ඒ ගමන් මූ චාර්ට් එකක් ඇන්දා ජීවිතේ අරමුණු වලට යන වියදම(ගෙයක් හදන්න,ඉඩමක් ගන්න,කසද බදින්න,ලමයින්ට,අම්මලට තාත්තලට සලකන්න,ඉතුරු කරන්න )
    මූ මෙහෙම ගහන් හදලා ඒවයේ එකතුව ලස්ස 300ක් කියල ගත්තා..ඊට පස්සේ පඩියෙන් කොච්චර ඉතිරි කරනවද කියල ආව එඋන්ගෙන් ඇහුවම උන් කීවා 500ක් විතර කියලා..මූ 5000න් කෝටි තුන බෙදල අපි මේ ඉන්න විදියට ඉදියොත් අවුරුදු 250ක් යනවා කියලා පෙන්නුවා..
    උගේ කතාව එච්චරයි..ඊලගට ඌ වේදිකාවට අදුන්වලා දුන්න උන් මේ කියන බිස්නස් එකෙන් දියුනු උන පොරක්ව..

    ඌත් එහෙමයි

    ජීවිතේ අම්බානෙක කට්ට කෑවා,අම්මල තාත්තලට සලකන්න විදියක් නෑ..එක එක දේවල් ට්රයි කලා දියුනු වෙන්න..හරි ගියේ නෑ..ඒ නිසා මූ ඩුබායි ගියා..එහෙදි තමා මේ බිස්නස් එකට සෙට් උනේ..ජීවිතේ වෙනස් කරන තීරනයක් අරගත්තයි අරකයි මේකයි හෙන පොය්යක් ගහල අන්තිමට මූ කිව්ව බිස්නස් එක මොකක්ද කියල
    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්.

    මාව එක්ක ආව එකාගේ කනට ගහන්න හිතුනේ ඒ වෙලාවේ...කලින් කීවනම් එන්නේ නෑනේ..එකයි මුන්ගේ ප්ලෑන් එක..කොයි වෙලෙකවත් බිස්නස් එක මොකක්ද කියල එතනට යනකම් කියන්නේ නෑ...ඒ ඇයිද කියලා පස්සේ උන්ම පැහැදිලි කරල දෙනවා..
    කොහොමහරි දැන් එක එක එවුන් ඇව්ල්ල දේශන කරනවා..කොහොමද සෙට් උනේ,ඇයි සෙට් උනේ,දැන් කොච්චර දියුනුද අරකද මේකද..
    ඊලග එකා ඇවිත් කොහොමද බිස්නස් එක කරන්නේ,කොහොමද හම්බ කරන්නේ කියලා කියල දුන්නා..
    මං උබලටත් කියල දෙන්නම්...සරලවම පිරමීඩ තමා..හැබැයි උන් කියන්නේ නෙට්වර්ක් මාර්කටින්,එහෙමත් නැත්නම් බිස්නස් එක කියල.
    උන්ගේ ගාව තියෙනව රු 65000/= ඉතින් භණ්ඩ..අපි මුලින්ම කරන්න ඕන එයින් එකක් ගන්න ඒක.උන් මේ දවස් වල මාර්කට් කරන්නේ එයා ෆිල්ටර් එකකුයි,වෝටර් ෆිල්ටර් එකකුයි.දෙකම 135000/ක් වගේ වෙලද පොලේ නැති මුදලකට උන්ගේන් ගන්න පුලුවන් කියලා තම කියන්නේ..මන් මේ සරලව කියන්නේ..උන් මේක මීට වඩ රසවත් විදියට අපිට ගන්නම හිතෙන විදියට කියනවා..ඔන්න එහෙම ගත්තම අපි බිස්නස් එකට සම්බන්දයි.උන්ගේ එක එක භන්ඩ වලට පොයින්ට්ස් ස්කීම් එකක් තියෙනවා...ඔය කියපු අයිටම් දෙකට 1.5 පොයින්ට්.දැන් අපි තව දෙන්නෙක්ව බිස්නස් එකට සෙට් කරනවා..එහෙම කරාම තමා අපිට කොමිශන් එක එන්න ගන්නේ...එතකොට උන් දෙන්නත් කලින් කියපු අයිටම් දෙකම ගත්තාම් පොයින්ට් 3ක් එකතු වෙනවා අපිට.ඒ පොයින්ට් 3ට අපිට රු 13500/=ක් ගෙවනවා
    එතකොට අවුරුද්දක් මේ බිස්නස් එක කලොත් අර කලින් කියපු කෝටි 3 අවුරුදු තුනෙන් හොයන්න පුලුවන් කියලා මූ ගනන් හදලා පෙන්නුවා..මන් දැක්කා වටේ පිටේ ඉන්න එඋනුත් උන්ගේ ගාන දාල ගාන අවුරුදු කීයකින් ගාන හොයගන්න පුලුවන්ද කියලා බලනවා..

    ඊට පස්සේ ආවා බිස්නස් එක හින්දා දියුනු උන අයගේ කතා වාරය..උන් කොහොමද බිස්නස් එකට සෙට් වෙන්න කලින් හිටියේ,ඊට පස්සෙ කොහොමද සෙට් උනේ,දැන් ඉන්න තත්වේ මොකද කියලා එහෙම බොහොම රසවත් විදියට කියලා දෙනවා...
    ඊලගට තමා ආවේ බිස්නස් එකේ අවුර්දු 17 ක් ඉන්න පොරක්...මිනිහ මුලින් සම්පත් බැන්කුවේ වැඩ කරල එතනින් එපා වෙලා ඉද්ඩි යාලුවෙක්ගෙ කීමට සෙට් උනා කීවා...මුලින් පොරත් අකමැති වෙලා,අකමැති වෙලා අන්තිමට තීරනය කරලු සෙට් වෙන්න...මුලුන් 130000/= වටින ඔරලෝසුවක් අරන් පටන් ගත්ත බිස්නස් එකෙන් අද රු ලස්ස 17ක් වටින රොලෙක් ඔරලෝසුවක්ලු බදින්නේ...වාහන,ගෙවල් මිහින්හට ආස විදියට ගත්තලු,තම කැමති හැම රටකම ඇවිදිනවලු,උදෙට මැලේසියාවෙන් කාල දවල්ට සිංගප්පුරුවෙන් කාල රෑට ගෙදරින් කාපු දවසුත් තිබ්බලු..ඊට පස්සේ මිනිහා චාන්ස් එකක් දුන්න අපිට ප්රශ්න අහන්න..හැබැයි මචංලා මං නෝට් කරපු දෙයක් තමා ප්රශන ඇහුවේ එකම සෙට් එකක්,එ සෙට එක කලිනුත් කතා කරන එවුන් කතාව මැද්දෙදි අහන පොඩි පොඩි ප්රශ්න වලට ගැලපෙන පොසිටිව් උත්තර දුන්න සෙට් එකක්..මන් හිතන්නේ උන්ගෙම සෙට් එකක් වෙන්න ඕන..
    ඕකෙදි එකෙක් ඇහුවා මේක පිරමීඩ ක්රමයක්ද කියලා,
    එතකොට පොර දුන්න උත්තරේ තමා ප්රශ්න 5ක්
    1.පිරමීඩ යනු කුමක්ද?
    2,එය නීතියෙන් තහනම්ද?
    3.කොහෙද ඒ නීතිය තියෙන්නේ?
    4./5. මතක නෑ..

    ඕකට උත්තර දෙන්න එකෙක්ටවත් බැහැ...මිනිහා කියන්නේ ඉස්සරහට ලෝකේ හැමදේම විකිනෙන්නේ නෙට්වර්ක් මාරක්ටින් හරහලු,ඒ නිසා දැන්ම මේකට සම්බන්ද වෙලා ඉන්න එක හොදයි කියලා..
    මං මේ සාරංශය කීවේ..මන් නම් හිතන්නේ ආව උන්ගෙන් 30ක් වත් වැඩේට සෙට් වෙයි වගේ..
    උඹලා මොකද හිතන්නේ මේ ගැන..පැහිදිල කරලා දීපල්ලකෝ...

    කවුරුහරි ඉන්නවනම් ජොයින් වෙන්න කැමති PM මට කරපල්ලා...:P :D

    මිනිස්සු කැමති ධනවත් වෙන්න සල්ලිකාරයො වෙන්න. හැබැයි කවුරුත් කැමති නැහැ ඒකට මහන්සි වෙන්න
    ඉතිං මිනිස්සු කරන්නෙ මොකක්ද කෙටි ක්‍රම බලාපොරොත්තු වෙනවා.
    මෙන්න මෙ මානසිකත්වය දන්නවා ඔය පිරමීඩ කරන උන් නෙට්වර්ක් මාර්කටින්ග් කරන උන්
    මුන් හදන්නෙ මිනිස්සුන්ගෙ මෙ මානසිකත්වයට පොඩි තල්ලුවක් දිලා රවට්ටලා උන්ගෙ මඩිය තර කරගන්න.

    උඹ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර මෙන්න මෙ ලින්ක් එකට පලයන්

    https://www.cbsl.gov.lk/en/publications/other-publications/public-awareness

    ගිහින් Ctrl+F ඔබලා "Networ Marketing "ටයිප් කරන්න
    Then Hit "Enter"

    " Danger Posed by Pyramid Schemes & Network Marketing Programmes (2006) ( Pamphlet Series No. 4)"

    මෙහෙම එකකට සර්ච් වෙලා වැටෙවි

    අදාල පීඩීඑෆ් එකට යාවි ඩවුන් ලොඩ් කරන් කියවන්න
     
    Last edited:

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    thanks Bro

    මමත් මීටිමට ගියා විතරයි..එතන වෙන දේ බොහොම කට්ට විදියට මිනිස්සුන්ගේ හැගීම ආසාවල් එක්ක සල්ලි පටලවලා රවට්ටන එක
    මාත් ඔහොම meeting එකකට ගිහින් තියනව බන්..අහුවෙන්න නම් එපා..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මමත් මීටිමට ගියා විතරයි..එතන වෙන දේ බොහොම කට්ට විදියට මිනිස්සුන්ගේ හැගීම ආසාවල් එක්ක සල්ලි පටලවලා රවට්ටන එක
    මාත් ආසයි රොලෙක්ස් දාන්න ,මාත් ආසයි ෆෙරාරි පදින්න ෆෙරාරි විතරක් නෙමෙ ප්‍රයිවට් ජෙට් එකක් ගන්නත් ආසයි
    එත් එකට ක්‍රමෙ නෙට්වර්ක් මාර්කටින්ග් නෙමෙ

    රොබර්ට් කියොසාකි ගෙ ටොක්ස් ටිකත් ඔය කතා ගොන්නෙන්ම වැටෙවි

    ලංකාවෙ උගත් කියන මහාචාර්‍ය ලෙවල් එකෙ ඉන්න උනුත් ඇවිත් ටොක්ස් දෙවි විස්වාසය තහවුරු කරන්න
    එත් මෙව්වාට අහුවෙන්න එපා
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    උන එතන පෙන්නවා නෙට්වොර්ක් මාර්කටින්ග් ගැන ලියවුන පොත්..ගොඩක් එව්ව ඉන්ග්‍රිස් එව්වා..අන්තිමට එකම එක සින්හල පොතක් පෙන්නනවා,ඒක ලියලා තියෙන්නේ ලන්කාවේ හෙන පට්ටම් ගත්ත ආර්තික විශාරද කෙනෙක් කියලා..මටනම් හිතුනේ ඌටත් ගානක් දීලා මේකේ හොද ලියවන්න ඇති කියලා
    මාත් ආසයි රොලෙක්ස් දාන්න ,මාත් ආසයි ෆෙරාරි පදින්න ෆෙරාරි විතරක් නෙමෙ ප්‍රයිවට් ජෙට් එකක් ගන්නත් ආසයි
    එත් එකට ක්‍රමෙ නෙට්වර්ක් මාර්කටින්ග් නෙමෙ

    රොබර්ට් කියොසාකි ගෙ ටොක්ස් ටිකත් ඔය කතා ගොන්නෙන්ම වැටෙවි

    ලංකාවෙ උගත් කියන මහාචාර්‍ය ලෙවල් එකෙ ඉන්න උනුත් ඇවිත් ටොක්ස් දෙවි විස්වාසය තහවුරු කරන්න
    එත් මෙව්වාට අහුවෙන්න එපා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    mekai machan.oka waradi na.mawath owata rawattala ekka gya.habai kale na.eth balapan api office wala mko karanne kiyala.marila marila uda inna unta hamba karanawa.yata idan udatama pyramid ekak thiyenne.badu wala price eka baluwoth machan odel ekei pamunuwei redi price dekak.samahara welawata mahana eka dennama ekek wennath puluwan.mokada mn leggings supply karana akka kenek mn dannawa.podi wenasak thiyenne.api marila wada kalata samahara welawata apita galapena padiyak hambenne na.aththatama qwwoth paya 8k marila wada kalath hariyata kala adala inna tharam padiyak api godak unta hambenne na.oke macahan ape minissu oka kagena thiyenne.gam wala gihin ahinsaka minissu andala.corporate level eken karapu un,me seen ekata mulinma bahapu un aththtama hoda thanaka innawa.mata hithuna de mn qwwe,karanna epa kiyalai math kiyanne.mokada othanta gyata passe ubath a thathweta watenawa hodata karanawa kiyala gyata.
     
    Last edited:

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    මොනවද බන් ඔය කියන රටවල්? ඒවත් අපේ රට වගේම රටවල්නෙ. Malaysia වගේ ඒව. හොයල බලපන්කො උන්ගෙ site එකේන්ම. උන් Australia වගේ රටක ඕක කරා නම් විශ්වාස කරන්න පුලුවන්. ඒත් මේ වගේ corrupted government තියෙන රටවල් තමයි උන් ටාර්ගට් කරන්නෙ.
    අනික උන්ගෙන් පෲෆ් ඉල්ලුවම මේක පිරමිඩ නෙවෙයි කියල උන් පෙන්නන්නෙ උන්ගෙ ව්‍යාපාර ලියාපදිංචි සහතික. උන් ඕක රෙජිස්ටර් කරන්නෙ import and selling company එකක් විදියට. නෙට්වර්ක් මාකටින් company එකක් විදියට නෙවෙයි. ඔය උන් කියන විදියට නෙට්වර්ක් මාකටින් ලෝකෙ ඔච්චර පිලිගැනීමක් තියෙන බිස්නස් එකක් නම් උන්ට පුලුවන්නෙ ඕක නෙට්වර්ක් මාකටින් එකක් විදියට රෙජිස්ටර් කරන්න

    ඇත්තටම 65000යි කියලා හිතමු මචන්,එතකොට ඔය අත්තේ 7 දෙනෙක් සෙට් වෙලා ඉන්නවානම් එකෙක්ට 13500 ගානේ ගෙව්වම මුන්ට කිසි ලාබයක් නෑනේ....මොකක් හරි ගේමක් ගහනවා මුන්

    නෑනෙ බන්. ෆිල්ටර් එකක් කොහෙද බන් 65000ක් වෙන්නෙ. Pureit එකක් වත් එච්චර වෙන්නෙ නෑ.
    අනික ඔය කියන විදියට අත්තෙ 7 දෙනෙක් ඉන්නව කියමුකො. උන්ගෙ සිස්ටම් එකේ හැටියට සල්ලි ගන්න නම් නිකම්ම ඕව දෙකක් විකුනල බෑ. අතු දෙකක් තියෙනව. දෙපැත්තට බෙදල. මුලින්ම 13500 දෙන්නෙ ඔය අතු දෙකේ මුල්ම දෙන්නට ෆිල්ටර් දෙක වික්කම. ඊලගට අපිට සල්ලි ගන්න නම් අර දෙන්න තව හතරදෙනෙක්ට, ඒ කියන්නෙ ඒ දෙන්නගෙ අතු දෙක පටන් ගන්න දෙන්නට ෆිල්ටර් හතරක් විකුනන්න ඕන. ඊලගට ඒ අලුතෙන් ආව හතර දෙනා තව දෙන්න ගානෙ අට දෙනෙක්ට ඕව විකුනන්න ඕන. හැබැයි ඒ වෙද්දි අපිට සල්ලි ටිකක් ඇවිත්. ඔහොම දිගට දිගට යනව ඕක. මේකෙදි මචන් සල්ලි වල ඩිරෙක්ට් සම්බන්ධයක් නැති නිසා පිරමීඩ ජාවාරම් වලට දාන්න බෑ. ඒක ලංකාවේ නීතියෙ අඩුවක්. මොකද මේක භාණ්ඩ විකුනන එකක්නෙ.
    දැන් මචන් මුන්ගෙ ලාභෙ එන්නෙ ඕක දිගටම කරගෙන යන්න හැමෝටම බෑ. අපි හිතමු උබ ජොයින් වෙලා උබේ අතු දෙක හැදුව. ඊලගට උබ උදව් කරනව ඒ දෙන්නටත් ඒ දෙන්නගෙ අතු දෙක හදාගන්න. මොකද ඒ දෙන්න උබ හොදට අදුනන දෙන්නෙක්නෙ. නෑ කෙනෙක්, නැත්නම් හොද යාලුවෙක්. එහෙමනෙ. ඊලගට ඒ දෙන්නත් හරියට කරගත්ත කියමු. ඊලගට උබට 6 දෙනෙක් ඉන්නව බලන්න. ඔහොම යද්දි තැනක් එනව ඕක බ්‍රේක් වෙන. මොකද හැමෝටම ඔය වගේ ගානක් එක පාරට හිර කරන්න පුලුවන් යාලුවො නෑ. ඒ වුනාට එතකොට ෆිල්ටර් 30ක් 35ක් වගේ විකිනිල. අන්තිමට ඉන්න අය තව කට්ටිය ජොයින් කරන්නෙ නැති නිසා company එකට commission ගෙවන්න ඕන නෑ. ඒක සෘජු ලාභයක්.
     
    Last edited:

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    හැබැයි වෙලදපොල වටිනාකම අඩු එකක් වැඩි මුදලකට විකුනන එකයි වැරැද්ද
    mekai machan.oka waradi na.mawath owata rawattala ekka gya.habai kale na.eth balapan api office wala mko karanne kiyala.marila marila uda inna unta hamba karanawa.yata idan udatama pyramid ekak thiyenne.badu wala price eka baluwoth machan odel ekei pamunuwei redi price dekak.samahara welawata mahana eka dennama ekek wennath puluwan.mokada mn leggings supply karana akka kenek mn dannawa.podi wenasak thiyenne.api marila wada kalata samahara welawata apita galapena padiyak hambenne na.aththatama qwwoth paya 8k marila wada kalath hariyata kala adala inna tharam padiyak api godak unta hambenne na.oke macahan ape minissu oka kagena thiyenne.gam wala gihin ahinsaka minissu andala.corporate level eken karapu un,me seen ekata mulinma bahapu un aththtama hoda thanaka innawa.mata hithuna de mn qwwe,karanna epa kiyalai math kiyanne.mokada othanta gyata passe ubath a thathweta watenawa hodata karanawa kiyala gyata.
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    අනිවාරයෙන්..මං කීයටවත් මේක හරි දෙයක්,මේක කරන්න ඕන කියලා කියනවා කියලා හිතන්නේප මචෝ...ඔව් මුන්ගේ ඔක්කොම තියෙන්නේ,සින්ග,මැලේ,ලාඔස් වගේ රටවල්..ඔක්කොම දුප්පත් රටවල්..උඹ කිව්ව වගේ මුන් මුලින්ම පෙන්නනවා රෙජිස්ට්‍රේශන් ඔක්කොම...කවුරුත් හිතන්නේ ජෙනුයින් කියලා
    මොනවද බන් ඔය කියන රටවල්? ඒවත් අපේ රට වගේම රටවල්නෙ. Malaysia වගේ ඒව. හොයල බලපන්කො උන්ගෙ site එකේන්ම. උන් Australia වගේ රටක ඕක කරා නම් විශ්වාස කරන්න පුලුවන්. ඒත් මේ වගේ corrupted government තියෙන රටවල් තමයි උන් ටාර්ගට් කරන්නෙ.
    අනික උන්ගෙන් පෲෆ් ඉල්ලුවම මේක පිරමිඩ නෙවෙයි කියල උන් පෙන්නන්නෙ උන්ගෙ ව්‍යාපාර ලියාපදිංචි සහතික. උන් ඕක රෙජිස්ටර් කරන්නෙ import and selling company එකක් විදියට. නෙට්වර්ක් මාකටින් company එකක් විදියට නෙවෙයි. ඔය උන් කියන විදියට නෙට්වර්ක් මාකටින් ලෝකෙ ඔච්චර පිලිගැනීමක් තියෙන බිස්නස් එකක් නම් උන්ට පුලුවන්නෙ ඕක නෙට්වර්ක් මාකටින් එකක් විදියට රෙජිස්ටර් කරන්න

    නෑනෙ බන්. ෆිල්ටර් එකක් කොහෙද බන් 65000ක් වෙන්නෙ. Pureit එකක් වත් එච්චර වෙන්නෙ නෑ.
    අනික ඔය කියන විදියට අත්තෙ 7 දෙනෙක් ඉන්නව කියමුකො. උන්ගෙ සිස්ටම් එකේ හැටියට සල්ලි ගන්න නම් නිකම්ම ඕව දෙකක් විකුනල බෑ. අතු දෙකක් තියෙනව. දෙපැත්තට බෙදල. මුලින්ම 13500 දෙන්නෙ ඔය අතු දෙකේ මුල්ම දෙන්නට ෆිල්ටර් දෙක වික්කම. ඊලගට අපිට සල්ලි ගන්න නම් අර දෙන්න තව හතරදෙනෙක්ට, ඒ කියන්නෙ ඒ දෙන්නගෙ අතු දෙක පටන් ගන්න දෙන්නට ෆිල්ටර් හතරක් විකුනන්න ඕන. ඊලගට ඒ අලුතෙන් ආව හතර දෙනා තව දෙන්න ගානෙ අට දෙනෙක්ට ඕව විකුනන්න ඕන. හැබැයි ඒ වෙද්දි අපිට සල්ලි ටිකක් ඇවිත්. ඔහොම දිගට දිගට යනව ඕක. මේකෙදි මචන් සල්ලි වල ඩිරෙක්ට් සම්බන්ධයක් නැති නිසා පිරමීඩ ජාවාරම් වලට දාන්න බෑ. ඒක ලංකාවේ නීතියෙ අඩුවක්. මොකද මේක භාණ්ඩ විකුනන එකක්නෙ.
    දැන් මචන් මුන්ගෙ ලාභෙ එන්නෙ ඕක දිගටම කරගෙන යන්න හැමෝටම බෑ. අපි හිතමු උබ ජොයින් වෙලා උබේ අතු දෙක හැදුව. ඊලගට උබ උදව් කරනව ඒ දෙන්නටත් ඒ දෙන්නගෙ අතු දෙක හදාගන්න. මොකද ඒ දෙන්න උබ හොදට අදුනන දෙන්නෙක්නෙ. නෑ කෙනෙක්, නැත්නම් හොද යාලුවෙක්. එහෙමනෙ. ඊලගට ඒ දෙන්නත් හරියට කරගත්ත කියමු. ඊලගට උබට 6 දෙනෙක් ඉන්නව බලන්න. ඔහොම යද්දි තැනක් එනව ඕක බ්‍රේක් වෙන. මොකද හැමෝටම ඔය වගේ ගානක් එක පාරට හිර කරන්න පුලුවන් යාලුවො නෑ. ඒ වුනාට එතකොට ෆිල්ටර් 30ක් 35ක් වගේ විකිනිල. අන්තිමට ඉන්න අය තව කට්ටිය ජොයින් කරන්නෙ නැති නිසා company එකට commission ගෙවන්න ඕන නෑ. ඒක සෘජු ලාභයක්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනිවාරයෙන්..මං කීයටවත් මේක හරි දෙයක්,මේක කරන්න ඕන කියලා කියනවා කියලා හිතන්නේප මචෝ...ඔව් මුන්ගේ ඔක්කොම තියෙන්නේ,සින්ග,මැලේ,ලාඔස් වගේ රටවල්..ඔක්කොම දුප්පත් රටවල්..උඹ කිව්ව වගේ මුන් මුලින්ම පෙන්නනවා රෙජිස්ට්‍රේශන් ඔක්කොම...කවුරුත් හිතන්නේ ජෙනුයින් කියලා

    https://en.wikipedia.org/wiki/Qnet

    follow this link

    and press Ctrl+F type "Global Lifestyle Lanka" then hit enter
     
    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    mata 1k kivve e franchising kiyla teruma danne ntuwa gye gymai terune ahu wenna epa bn owa surangana katha goda yanna nawaloka mudalali wage kenkge katawak ahpn
     
    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Mata aurudu 17di salli hoyana unak thibba.math a kale oya labbata oluwa dala beluwa.habei karanna giye na.habai mata oka gena kiyapu un wath unge ammala ,thathalawath thama nam godagiye na.oya malysian company akama thama apitath set une.thani boruwa.network markatting poddak hari negala tikkak hari kala thiyenne un wikunnana barand aka supirinam witharai.EG-phone akak gannakota godak aya ganna balanne samsung,apple ,huwawei wage brand ne.a unata owa wala denne ahalawath nathi market fail wecha badu .awa wikunnaneth aduwata newei.akahinda oya network hari pirameed hari kiyana mokkak wath sarthaka wenne na.ketikaleenai.elakiriye onatharam me gena thred dala thiyei.Bump