ග්‍රහලෝකාගාරය මාසයකට වහයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ග්‍රහලෝකාගාරය මාසයකට වහයි

ග්‍රහලෝකාගාරය මාසයකට වහයි

නවීකරණ හා අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද සිට සති 04ක කාලයක් වසා තැබෙන බව තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද සිට ඉදිරි සති 04 ක කාලය තුළ ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන තාවකාලිකව අත්හිටුවන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ග්‍රහලෝකාගාරයේ සවිකර ඇති යන්ත්‍රෝපකරණ වල අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙලෙස එහි නැරඹුම් දර්ශන අවලංගු කිරීමට සිදුවන බව සඳහන්.

විද්‍යාව හා තාක්ෂණ ප්‍රචලිත කිරීමට සහ පාසැල් දරුවන්ගේ විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ග්‍රහලෝකාගාරයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කොට නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

(අද‍දෙරන)
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mama 3n parak gihin tiyanawa. Scl eken giye 1st time grade 9 wage. Eda mama hithuwe mama dakinne hinayak kiyala. pattama lassanai.
    miss those times
    :( :( :(