ග්‍රාමසේවක කොහොමත් ඉවරටම ඉවරයිනේ.ඩිලාන් එස්බීලා වගේ ඉරිසියාකාරකුමන්ත්‍රනකාරයන්ගෙන් ලනු කාලා අන්තිමට දිරවා ගන්න බැරිව කෙලෝ ගත්තා.අඩුම ගානේ තමන් එක්ක එලියට ආපු එවුන්ගෙන් උපදෙස් ගත්තානම් කමකුත් නෑ.සතුරන් මිතුරන් කරගෙන උන්ගෙන් උපදෙස් ගත්ත මෝඩ තකතීරුවෙක්. ගෝඨාත් එක්ක දාන්න ඩීල් එකක් සිරාට නෑ. ගෝටාගෙන් ගන්න දෙයක් නෑ සිරාට.මොකො අගමැතිකම ඉල්ලගන්නද?

ඇමති කමක් ඉල්ලා ගත්තොත් තමයි.ඒකටත් ඌ දිනන්න එපෑය.ආය මේ පාර සිරිසේන ගෙදර ගිය ගමන් ශ්‍රී ලංකා එකේ ඉන්න ඇමතිවරු සහ ශ්‍රී ලංකා කාරයො පක්ෂේ නායක කමේ ඉන්න විනාඩියක්වත් දෙන්නේ නෑ.ගහලා එලවයි.මොකද උන්ට තිබුන ඇමතිකම් ටිකත් නැති උනා.මංත්‍රීකම් ආපහු ගන්න එකත් ෂුවර්ම නෑ ඇමතිකම් කෙසේ වෙතත්.මොකද උන්ට මරා බැසිල් ගෝටා එක්ක සෙල්ලම් දාන්න බෑ.ඔක්‍තෝම්බර් 11 ජනාධිපතිවරනය කෝල් කරනවා. නොවෙම්බර් 11 නාම යෝජනා දෙනවා. ජනාධිපතිවරනය කෝල් කරපු ගමන් පනින එවුන් ටික පනිනවා..තව මාසයක් වගේ තියෙන්නේ. නොවෙම්බර් 11න් පස්සේ සිරිසේන ජනාධිපති නෙවෙයි. නිලධාරීන් හමුදාව පොලීසිය සහ මැති ඇමතිවරු ජනතාව ජනාධිපති ලෙස පිලිගන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා.දැනට සිරිසේන 75%ක් ජනාධිපති. ඔක්‍තෝම්බර් 11 සිරිසේන 50%ක් ජනාධිපති. නොවෙම්බර් 11 සිරිසේන 25%ක් ජනාධිපති.ඉතාම අවම බලයක් තියෙන්නේ.