ග්‍රීක දේව කතා-Helios and Phaeton

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ග්‍රීක දේව කතා-Helios and Phaeton

Helios (God of the sun) ට කියලා කිසිම නිශ්චිත බල ප්‍රදේශයක් තිබුනේ නෑ.ඒ කියන්නේ Hades ට තිබුනා underworld එක, Poseidon ජලයට අධිපති වුනා.මේ විදියට බෙදපු කාලේදි Helios දෙවියෝ පහළවෙලා හිටියේ නෑ.ඒ නිසා Helios ට පැවරුන රාජකාරිය තමයි හැම දවසකම අහස හරහා තමන්ගේ රථය අරන් යන එක.මේ විදියට හැම දවසකම Helios ගේ රථය අහස හරහා ගමන් කරන නිසා තමයි රැය සහ දහවල කියන දෙක මාරුවෙන් මාරුවට කිසිම වැරැද්දක් නොවී සිදුවුනේ.Helios මේ කාර්යය නිවැරදිව කරන නිසා රැය සහ දහවල නිසා පොළවේ සිද්ධවෙන කටයුතුත් හරි විදියට වුනා.දිනපතා ඉර නගින බහින එකට කිසිම බාධාවක් නොවෙන්න Helios වග බලාගත්තා.:yes::yes:

කොච්චර භාරදූර වැඩක් පැවරිලා තිබුනත්, Helios Clymene කියන මනුෂ්‍ය කාන්තාව එක්ක සම්බන්ධයක් ඇතිකරගන්නවා.Clymene ඒ කාලේ හිටිය ප්‍රදේශය දැන් හඳුන්වන්නේ ඉතියෝපියාව කියල ලු.මේ දෙන්නට ලැබෙන දරුවා තමයි ඵ්හෑටොන් කියන්නේ.ළමයා ලැබුනට පස්සේ මේ සම්බන්ධය නතර වෙනවා.ඒට පස්සේ Clymene කුමාරයෙක්ව විවාහ කරගන්නවා.Helios ගෙන් ලැබුන පිරිමි ළමයත් තව කුමාරයට සහ Clymene ට ලැබෙන දරුවනුත් එක්ක මේ දෙන්න බොහොම සතුටින් හිටියා.

ඔහොම සෑහෙන කාලයක් ගියාට පස්සේ Clymene කුමාරයට කියනවා මේ පිරිමි ළමයා (Phaeton) ඔහුගේ නෙවෙයි Helios ගේ කියලා.මේක අහගෙන ඉන්න Phaeton පුදුම වෙනවා.මෙච්චර බලගතු, විශේෂ රාජකාරියක් කරන Helios තමන්ගේ තාත්තා කියල දැනගත්තම ආඩම්බර හිතෙන Phaeton එයාගේ යාළුවෝ එක්ක මේ විස්තරේ කියනවා.

ඒක විශ්වාස නොකරපු යාළුවෝ, Phaeton ට විහිළු කරනවා.Helios Phaetonගේ තාත්තා කියන එක ගොතපු කතාවක් කියලයි යාළුවෝ කියන්නේ.ඔය අතරේ එක්කෙනෙක් කියනවා එහෙනම් ඒක ඔප්පු කරලා පෙන්නන්න එතකොට අපි පිළිගන්නම් කියලා.

යාළුවන්ට කොහොමහරි මේක ඔප්පු කරලා පෙන්නන්න හිතන Phaeton, Clymeneගෙන් අහනවා ඒකට සාක්ෂියක් තියනවද කියලා.අවාසනාවට වගේ Clymene ළඟ එහෙම කිසිම physical evidence එකක් නෑ.ඒ වුනත් Clymene පොරොන්දු වෙනවා Phaeton ට Helios ගේ මාළිගාවට යන්න පාර කියලා දෙන්නම්, එතකොට දෙවියන්ගෙන් ම සාක්ෂියක් ඉල්ලාගන්න පුළුවන් කියලා.

Helios ගේ මාළිගාව දකින ඵ්හෑටොන් විශ්මයට පත්වෙනවා.මොකද ඒ තමයි Phaeton මුළු ජීවිතෙදි දැකපු ලස්සනම මාළිගාව.ඒකේ තිබුන උස ආසනයක Helios දෙවියෝ ඉන්නවා දකින Phaeton ඒ කිට්ටුවට යනවා.වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන මාළිගය දකින Phaeton ට ඇස් අදහාගන්න බැරි වෙනවා.රන් සහ ලෝකඩ වලින් හදපු විශාල කුළුණු වලින් throne room එකේ වහල ඔසවාගෙන හිටියා.Helios ගේ සිංහාසනය හදලා තිබුනේ solid emerald එකකට කැටයම් යොදලා.Helios ගේ සේවක පිරිසත් ළගින් හිටියා.ඒකට අයිති වුනේ පැය, දවස, මාසය, වසර, දස වසර, සියවස සහ සෘතු ඇතුළු ඉරට සම්බන්ධ lesser gods ලයි.

Phaeton ගේ දේහ ලක්ෂණ සහ දීප්තිමත් ඇස් දකින Helios එක සැරේටම මේ ඉන්නේ තමන්ගේ පුතා කියලා අදුරගන්නවා. Clymene වගේම Helios දෙවියොත් කියනවා Phaeton ගේ තාත්තා Helios යි කියලා.Phaeton Helios ට කියනවා තමන් ආපු කාරණය ගැන. ඒක අහන Helios Styx ගඟ මත දිවුරලා පොරොන්දු වෙනවා Phaeton ඉල්ලන සාක්ෂිය මොකක් වුනත් ඒක දෙනවාමයි කියලා.කිසිම දෙවිකෙනෙක් Styx ගඟ මත දිවුරලා පොරොන්දු වෙන දෙයක් ඉටු නොකර ඉන්න බෑ ලු.මේ ගැන දන්න Phaeton ගොඩක් සන්තෝස වෙනවා.

අවාසනාවට වගේ Phaeton, Helios ගෙන් අර කිවුව සාක්ෂිය හැටියට ඉල්ලන්නේ Helios කොහොමටවත් හිතුවේ නැති දෙයක්.Helios ගේ රථය හෙට දවසෙදි තමන්ට තනියම පදවන්න ඕනේ කියලා Phaeton කියනවා.ඒක පදවාගෙන යද්දි හැමෝම ඒ දිහා බැලුවම Phaeton ගේ තාත්තා Helios කියල අනිත් අය පිළිගනීවි කියල Phaeton කියනවා.මේක අහපු Helios ට හිතෙනවා තමන් පොරොන්දුව දෙන්න ඉක්මන් වුනා වැඩි කියලත් එහෙම පොරොන්දුවක් නොදී ඉන්න තිබුනා කියලත්.ඒත් ඒ වෙද්දි හොඳටම පරක්කු වැඩියි.

Helios තමන්ගේ රථයේ පාලනය වෙන කෙනෙකුට දෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ.එක හේතුවක් තමා ඒක හරියට පැදෙව්වේ නැත්නම් මහ පොළව අවුල් ජාලයක් වෙනවා. ලොකුම හේතුව වෙන්නේ ඒ රථයට යොදවලා ඉන්න ජවසම්පන්න අශ්වයන්ව පාලනය කරන්න පුළුවන් Helios ට විතරයි.අඩුම තරමේ Zeus දෙවියන්ට වත් ඒක හරියට කරන්න බෑ.මෙහෙම හිතන Helios Phaeton ගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා මීට වඩා වෙනස් සාක්ෂියක් ඉල්ලන්න කියලා.ඒ වගේම මේ රථය පැදවීමේ භයානක කමත්, Zeus දෙවියන්ට වත් ඒක පාලනය කරන්න බෑ කියලත් පුන පුනා කියනවා.ඒත් Phaeton නෙවෙයි කණකට ගන්නේ.Helios Styx ගඟ මත දිවුරලා වුන පොරොන්දුව ඉෂ්ඨ කරන්න කියන Phaeton ගමනට ලෑස්ති වෙනවා.සිද්ධවෙන දේ ගැන බොහොම කණගාටුවෙන් ඉන්න Helios, පැය කියන සේවකයාට කියනවා අශ්වයෝ බැදලා රථය ලෑස්ති කරන්න කියලා.

මේක දකින Phaeton සන්තෝසෙන් කෑගහනවා.සේවකයෝ එකතු වෙලා අශ්වයන්ව තදින් අල්ලාගෙන ඉද්දි Phaeton රථයට ගොඩ වෙලා Helios ට කියනවා, “භය වෙන්න එපා.මටත් කොච්චර හොඳට මේක පදවන්න පුළුවන්ද කියලා පෙන්නන්නම්” කියලා.බොහොම තේජසින් ඉන්න අශ්වයන්ව ගින්දර වගේ දීප්තිමත් නාස් ලණු වලින් අල්ලගන්න Phaeton, ගමන පටන් ගන්නවා.
Helios කිවුවා වගේම මාළිගාවෙන් එළියට ගිය ගමන්ම Phaeton ට අශ්වයන්ව පාලනය කරගන්න බැරිව යනවා.වෙනදා යන පාරෙන් පිටතට පනින අශ්වයෝ හිතෙන හිතෙන පැති වලට අදින්න පටන් ගන්නවා.කොච්චර පුරසාරම් දෙඩුවත් ඵ්හෑටොන් කරන්නේ හොඳටම භය වෙලා රථයෙන් නොවැටී ඉන්න දඟලන එක.සිංහාසනයේ ඉදන් බොහොම කණගාටුවෙන් මේ වෙන දේවල් දිහා බලන් ඉන්න Helios ට Phaeton ට උදව් කරන්න විදියක් නෑ.

ඉස්සල්ලම Phaeton අතින් රථය පැදවෙන්නේ රාත්‍රී අහසට.රාත්‍රී අහසට ලොකු හානියක් කරන Phaeton නිසා ඒකේ දිගට විහිදුන ලොකු පිළිස්සුම් කැළලක් ඇති කරනවා.අපිට ක්ෂීර පථය විදියට දකින්න ලැබෙන්නේ ඔය කියන කැළල ලු.

ඊළගට මේ අශ්වයෝ Phaeton ඉන්න රථය ඇදගෙන යන්නේ පොළවට.කුලප්පු වෙලා ඉන්න අශ්වයෝ බොහොම වේගෙන් කිට්ටු වෙන්නේ ලෝකයේ සමකයට ආසන්න ප්‍රදේශයකට.Helios ගේ රථයේ සහ අශ්වයන්ගේ තියන බලය නිසා ඒ හරියේ විශාල භූමි ප්‍රදේශයක් පිච්චිලා යනවා.මේ විදියට පිළිස්සුනු ප්‍රදේශය තමයි අප්‍රිකානු කාන්තාර විදියට හදුන්වන්නේ. සමහරු කියනවා මේ රථය එක තැනක පොළවේ වැදුනා, එතන තමයි දැන් ලිබියාව කියලා කියන්නෙ කියලත්.

මේ වෙන විනාශය ගැන Mount Olympus වලට ඉක්මනින්ම ආරංචි වෙනවා.තමන් නිර්මාණය කරපු මේ ලස්සන මහපොළවට වෙන විනාශය නවත්තන්න කියල Gaia අනිත් ඔක්කොම දෙවිවරුන්ගෙන් ඉල්ලනවා.මේ රථය නැවැත්තුවේ නැත්නම් මුළු පොළවම අළු වෙලා යයි කියලා දෙවිවරුන්ට තේරෙනවා. මෙච්චර වෙලා මේ වෙන දේවල් බලාගෙන හිටිය Zeus දෙවියෝ අකුණු සැරයකින් අර රථයට පහරදෙනවා.Helios ගේ පුතාව මරන්න අකමැති වුනත් Zeus ට ඒ දේ කරන්න සිද්ද වෙනවා.ඊට පස්සෙ Phaeton යි, අශ්වයෝ සහ රථයෙ සුන්බුන් ටික වැටෙන්නේ Eridanus කියන ගඟට.සමහරු කියනවා Phaeton, හංසයෙක් විදියට පරිවර්තනය වුනා කියලත්.

කොහොමහරි තමන්ගේ සහෝදරය නැතිවීමේ ශෝකයෙන් ඉන්න Phaeton ගේ සහෝදරියෝ ටික (Heliades) ගොඩක් කල් යනකම් නොනවත්වාම ඇඬුවා ලු.අවුරුදු ගාණක් තිස්සේ නොකඩවා අඬන මේ සහෝදරියන්ට අනුකම්පා කරන දෙවිවරු එයාලව weeping willow ගස් වලට හරවලා Eridanus ගං ඉවුරෙම හිටියලු.සමහරු කියනවා එයාලව හැරෙව්වේ පොප්ලර් ගස් වලට කියලත්.එයාලගේ කදුළු amber බවට පත්වෙලා Eridanus ගඟට වැටෙනවා ලු.

මේ වුන විනාශයෙන් පස්සේ Hephaestus (god of blacksmith) කලින් තිබුනාටත් වඩා ලස්සන, සියුම් කැටයම් තියන, මුතු මැණික් ඔබ්බවලා හදපු අළුත් රථයක් නිර්මාණය කරනවා.නැතිවුන පුතාව සිහිවෙන්නත් එක්ක කියලා ඒක කලින් තිබුන එකටත් වඩා ගොඩක් ලස්සනට හැදුවලු.දැනටත් Helios දෙවියෝ අහස හරහා යන්නේ ඒ රථයේ නැගලා කියලයි කියන්නේ.

ප.ලි. මේකට photos add කරන්න ඕනේ පස්සේ වෙලාවක. :yes::yes::yes: කලින් ත්‍රෙඩ් ටික ඕනේ අය profile එකට ගිහින් බලාගන්ඩෝ. :sorry::sorry::sorry: links දාන්න කම්මැලියි...
 
Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ela
    :yes::yes:
    Rep denna bane ubata dawas ganaka idan.
    You must spread some Reputation around before giving it to IsuruP123 again.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Hades

    Hades-et-Cerberus-III.jpg

    Helios

    Ilion---metopa.jpg

    Poseidon \

    poseidon_marble.jpg

    Clymene

    c4501c56d276ee0de6ca2ec914a3c070.jpg

    Heliades

    Heliades.jpg

    Hephaestus

    hephaestus5814.jpg

    21+ මලක් වගේ
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අංගුලිමාල;17837994 said:
    මොකද්ද බං ඔය නම් ටිකත් සිංහලෙන්ම දාපන්කෝ. හෙන අජූවයි කියවන්න ගියාම. මෙලෝ රහක් නෑ.
    මේකයි මචන් සීන් එක. මං මේවා ලියන්නෙ නිකම් ඉන්න ගමන් ආසාවට කියවන පොත් වලින්. මේ කතා ගැන තියන ෆිල්ම් එකක්වත් මං බලලා නෑ. ඉංග්‍රීසි වලින් ලියලා තියන ඒවා කියවද්දි ඔය නම් කෑලි මට හිතෙන හැටියට කියවන්නේ (කොයි පොතෙත් එහෙමයි ). බොරු කියන්න ඕනේ නෑ ඇත්තටම මං මේ ගොඩක් නම් pronounce කරන හැටි හරියටම දන්නෙ නෑ. හරියටම එහෙම නොදැන දාන එක හරි නෑ.ඒක එහෙම දැනගන්න උවමනාවක් උනෙත් නෑ මොකද මේක මගෙ field එකෙන් සම්පූර්ණ වෙනස් දෙයක්.ඉතින් නම් ටික එහෙම්ම දානවා අනිත් හරිය translate කරලා :)

    TFS machan :)

    Good ! :D Greek mythology is very interesting. I remember my childhood:yes:

    ela
    :yes::yes:
    Rep denna bane ubata dawas ganaka idan.
    You must spread some Reputation around before giving it to IsuruP123 again.

    Thanks machan laaa :yes::yes::yes:
    Hades

    Hades-et-Cerberus-III.jpg

    Helios

    Ilion---metopa.jpg

    Poseidon \

    poseidon_marble.jpg

    Clymene

    c4501c56d276ee0de6ca2ec914a3c070.jpg

    Heliades

    Heliades.jpg

    Hephaestus

    hephaestus5814.jpg

    21+ මලක් වගේ

    එළකිරි මචන්.. :cool::cool::cool: photo ටික දැම්මට තැන්කූ වේවා :yes::yes::yes: මල් ගහක් වගේ :D:D:D
     
    Last edited:
    මේකයි මචන් සීන් එක. මං මේවා ලියන්නෙ නිකම් ඉන්න ගමන් ආසාවට කියවන පොත් වලින්. මේ කතා ගැන තියන ෆිල්ම් එකක්වත් මං බලලා නෑ. ඉංග්‍රීසි වලින් ලියලා තියන ඒවා කියවද්දි ඔය නම් කෑලි මට හිතෙන හැටියට කියවන්නේ (කොයි පොතෙත් එහෙමයි ). බොරු කියන්න ඕනේ නෑ ඇත්තටම මං මේ ගොඩක් නම් pronounce කරන හැටි හරියටම දන්නෙ නෑ. හරියටම එහෙම නොදැන දාන එක හරි නෑ.ඒක එහෙම දැනගන්න උවමනාවක් උනෙත් නෑ මොකද මේක මගෙ field එකෙන් සම්පූර්ණ වෙනස් දෙයක්.ඉතින් නම් ටික එහෙම්ම දානවා අනිත් හරිය translate කරලා :)

    හීලියොස් (හිරු දෙවියෝ) ට කියලා කිසිම නිශ්චිත බල ප්‍රදේශයක් තිබුනේ නෑ.ඒ කියන්නේ හේඩීස් ට තිබුනා පාතාල ලෝකය. එක, පොසයිඩොන් ජලයට අධිපති වුනා.මේ විදියට බෙදපු කාලේදි Helios දෙවියෝ පහළවෙලා හිටියේ නෑ.ඒ නිසා Helios ට පැවරුන රාජකාරිය තමයි හැම දවසකම අහස හරහා තමන්ගේ රථය අරන් යන එක.මේ විදියට හැම දවසකම Helios ගේ රථය අහස හරහා ගමන් කරන නිසා තමයි රැය සහ දහවල කියන දෙක මාරුවෙන් මාරුවට කිසිම වැරැද්දක් නොවී සිදුවුනේ.Helios මේ කාර්යය නිවැරදිව කරන නිසා රැය සහ දහවල නිසා පොළවේ සිද්ධවෙන කටයුතුත් හරි විදියට වුනා.දිනපතා ඉර නගින බහින එකට කිසිම බාධාවක් නොවෙන්න Helios වග බලාගත්තා.:yes::yes:

    කොච්චර භාරදූර වැඩක් පැවරිලා තිබුනත්, Helios Clymene කියන මනුෂ්‍ය කාන්තාව එක්ක සම්බන්ධයක් ඇතිකරගන්නවා.Clymene ඒ කාලේ හිටිය ප්‍රදේශය දැන් හඳුන්වන්නේ ඉතියෝපියාව කියල ලු.මේ දෙන්නට ලැබෙන දරුවා තමයි ඵ්හෑටොන් කියන්නේ.ළමයා ලැබුනට පස්සේ මේ සම්බන්ධය නතර වෙනවා.ඒට පස්සේ Clymene කුමාරයෙක්ව විවාහ කරගන්නවා.Helios ගෙන් ලැබුන පිරිමි ළමයත් තව කුමාරයට සහ Clymene ට ලැබෙන දරුවනුත් එක්ක මේ දෙන්න බොහොම සතුටින් හිටියා.

    ඔහොම සෑහෙන කාලයක් ගියාට පස්සේ ක්ලයිමීනී කුමාරයට කියනවා මේ පිරිමි ළමයා (ෆයිටොන් ) ඔහුගේ නෙවෙයි Helios ගේ කියලා.මේක අහගෙන ඉන්න Phaeton පුදුම වෙනවා.මෙච්චර බලගතු, විශේෂ රාජකාරියක් කරන Helios තමන්ගේ තාත්තා කියල දැනගත්තම ආඩම්බර හිතෙන Phaeton එයාගේ යාළුවෝ එක්ක මේ විස්තරේ කියනවා.

    ඒක විශ්වාස නොකරපු යාළුවෝ, Phaeton ට විහිළු කරනවා.Helios Phaetonගේ තාත්තා කියන එක ගොතපු කතාවක් කියලයි යාළුවෝ කියන්නේ.ඔය අතරේ එක්කෙනෙක් කියනවා එහෙනම් ඒක ඔප්පු කරලා පෙන්නන්න එතකොට අපි පිළිගන්නම් කියලා.

    යාළුවන්ට කොහොමහරි මේක ඔප්පු කරලා පෙන්නන්න හිතන Phaeton, Clymeneගෙන් අහනවා ඒකට සාක්ෂියක් තියනවද කියලා.අවාසනාවට වගේ Clymene ළඟ එහෙම කිසිම දැකිය හැකි සාක්ෂියක් එකක් නෑ.ඒ වුනත් Clymene පොරොන්දු වෙනවා Phaeton ට Helios ගේ මාළිගාවට යන්න පාර කියලා දෙන්නම්, එතකොට දෙවියන්ගෙන් ම සාක්ෂියක් ඉල්ලාගන්න පුළුවන් කියලා.

    Helios ගේ මාළිගාව දකින ඵ්හෑටොන් විශ්මයට පත්වෙනවා.මොකද ඒ තමයි Phaeton මුළු ජීවිතෙදි දැකපු ලස්සනම මාළිගාව.ඒකේ තිබුන උස ආසනයක Helios දෙවියෝ ඉන්නවා දකින Phaeton ඒ කිට්ටුවට යනවා.වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන මාළිගය දකින Phaeton ට ඇස් අදහාගන්න බැරි වෙනවා.රන් සහ ලෝකඩ වලින් හදපු විශාල කුළුණු වලින් throne room එකේ වහල ඔසවාගෙන හිටියා.Helios ගේ සිංහාසනය හදලා තිබුනේ එමරල්ඩ් මැණිකකට කැටයම් යොදලා.Helios ගේ සේවක පිරිසත් ළගින් හිටියා.ඒකට අයිති වුනේ පැය, දවස, මාසය, වසර, දස වසර, සියවස සහ සෘතු ඇතුළු ඉරට සම්බන්ධ දෙවන මට්ටමේ/ අඩු මට්ටමේ දෙවි වරු යි.

    Phaeton ගේ දේහ ලක්ෂණ සහ දීප්තිමත් ඇස් දකින Helios එක සැරේටම මේ ඉන්නේ තමන්ගේ පුතා කියලා අදුරගන්නවා. Clymene වගේම Helios දෙවියොත් කියනවා Phaeton ගේ තාත්තා Helios යි කියලා.Phaeton Helios ට කියනවා තමන් ආපු කාරණය ගැන. ඒක අහන Helios Styx ගඟ මත දිවුරලා පොරොන්දු වෙනවා Phaeton ඉල්ලන සාක්ෂිය මොකක් වුනත් ඒක දෙනවාමයි කියලා.කිසිම දෙවිකෙනෙක් Styx ගඟ මත දිවුරලා පොරොන්දු වෙන දෙයක් ඉටු නොකර ඉන්න බෑ ලු.මේ ගැන දන්න Phaeton ගොඩක් සන්තෝස වෙනවා.

    අවාසනාවට වගේ Phaeton, Helios ගෙන් අර කිවුව සාක්ෂිය හැටියට ඉල්ලන්නේ Helios කොහොමටවත් හිතුවේ නැති දෙයක්.Helios ගේ රථය හෙට දවසෙදි තමන්ට තනියම පදවන්න ඕනේ කියලා Phaeton කියනවා.ඒක පදවාගෙන යද්දි හැමෝම ඒ දිහා බැලුවම Phaeton ගේ තාත්තා Helios කියල අනිත් අය පිළිගනීවි කියල Phaeton කියනවා.මේක අහපු Helios ට හිතෙනවා තමන් පොරොන්දුව දෙන්න ඉක්මන් වුනා වැඩි කියලත් එහෙම පොරොන්දුවක් නොදී ඉන්න තිබුනා කියලත්.ඒත් ඒ වෙද්දි හොඳටම පරක්කු වැඩියි.

    Helios තමන්ගේ රථයේ පාලනය වෙන කෙනෙකුට දෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ.එක හේතුවක් තමා ඒක හරියට පැදෙව්වේ නැත්නම් මහ පොළව අවුල් ජාලයක් වෙනවා. ලොකුම හේතුව වෙන්නේ ඒ රථයට යොදවලා ඉන්න ජවසම්පන්න අශ්වයන්ව පාලනය කරන්න පුළුවන් Helios ට විතරයි.අඩුම තරමේ සීයුස්/ සේ සෙඋස් දෙවියන්ට වත් ඒක හරියට කරන්න බෑ.මෙහෙම හිතන Helios Phaeton ගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා මීට වඩා වෙනස් සාක්ෂියක් ඉල්ලන්න කියලා.ඒ වගේම මේ රථය පැදවීමේ භයානක කමත්, Zeus දෙවියන්ට වත් ඒක පාලනය කරන්න බෑ කියලත් පුන පුනා කියනවා.ඒත් Phaeton නෙවෙයි කණකට ගන්නේ.Helios ස්ටික්ස් ගඟ මත දිවුරලා වුන පොරොන්දුව ඉෂ්ඨ කරන්න කියන Phaeton ගමනට ලෑස්ති වෙනවා.සිද්ධවෙන දේ ගැන බොහොම කණගාටුවෙන් ඉන්න Helios, පැය කියන සේවකයාට කියනවා අශ්වයෝ බැදලා රථය ලෑස්ති කරන්න කියලා.

    මේක දකින Phaeton සන්තෝසෙන් කෑගහනවා.සේවකයෝ එකතු වෙලා අශ්වයන්ව තදින් අල්ලාගෙන ඉද්දි Phaeton රථයට ගොඩ වෙලා Helios ට කියනවා, “භය වෙන්න එපා.මටත් කොච්චර හොඳට මේක පදවන්න පුළුවන්ද කියලා පෙන්නන්නම්” කියලා.බොහොම තේජසින් ඉන්න අශ්වයන්ව ගින්දර වගේ දීප්තිමත් නාස් ලණු වලින් අල්ලගන්න Phaeton, ගමන පටන් ගන්නවා.
    Helios කිවුවා වගේම මාළිගාවෙන් එළියට ගිය ගමන්ම Phaeton ට අශ්වයන්ව පාලනය කරගන්න බැරිව යනවා.වෙනදා යන පාරෙන් පිටතට පනින අශ්වයෝ හිතෙන හිතෙන පැති වලට අදින්න පටන් ගන්නවා.කොච්චර පුරසාරම් දෙඩුවත් ඵ්හෑටොන් කරන්නේ හොඳටම භය වෙලා රථයෙන් නොවැටී ඉන්න දඟලන එක.සිංහාසනයේ ඉදන් බොහොම කණගාටුවෙන් මේ වෙන දේවල් දිහා බලන් ඉන්න Helios ට Phaeton ට උදව් කරන්න විදියක් නෑ.

    ඉස්සල්ලම Phaeton අතින් රථය පැදවෙන්නේ රාත්‍රී අහසට.රාත්‍රී අහසට ලොකු හානියක් කරන Phaeton නිසා ඒකේ දිගට විහිදුන ලොකු පිළිස්සුම් කැළලක් ඇති කරනවා.අපිට ක්ෂීර පථය විදියට දකින්න ලැබෙන්නේ ඔය කියන කැළල ලු.

    ඊළගට මේ අශ්වයෝ Phaeton ඉන්න රථය ඇදගෙන යන්නේ පොළවට.කුලප්පු වෙලා ඉන්න අශ්වයෝ බොහොම වේගෙන් කිට්ටු වෙන්නේ ලෝකයේ සමකයට ආසන්න ප්‍රදේශයකට.Helios ගේ රථයේ සහ අශ්වයන්ගේ තියන බලය නිසා ඒ හරියේ විශාල භූමි ප්‍රදේශයක් පිච්චිලා යනවා.මේ විදියට පිළිස්සුනු ප්‍රදේශය තමයි අප්‍රිකානු කාන්තාර විදියට හදුන්වන්නේ. සමහරු කියනවා මේ රථය එක තැනක පොළවේ වැදුනා, එතන තමයි දැන් ලිබියාව කියලා කියන්නෙ කියලත්.

    මේ වෙන විනාශය ගැන ඔලිම්පස් කන්දේ දේව මාලිගයට ඉක්මනින්ම ආරංචි වෙනවා.තමන් නිර්මාණය කරපු මේ ලස්සන මහපොළවට වෙන විනාශය නවත්තන්න කියල ගයියා අනිත් ඔක්කොම දෙවිවරුන්ගෙන් ඉල්ලනවා.මේ රථය නැවැත්තුවේ නැත්නම් මුළු පොළවම අළු වෙලා යයි කියලා දෙවිවරුන්ට තේරෙනවා. මෙච්චර වෙලා මේ වෙන දේවල් බලාගෙන හිටිය Zeus දෙවියෝ අකුණු සැරයකින් අර රථයට පහරදෙනවා.Helios ගේ පුතාව මරන්න අකමැති වුනත් Zeus ට ඒ දේ කරන්න සිද්ද වෙනවා.ඊට පස්සෙ Phaeton යි, අශ්වයෝ සහ රථයෙ සුන්බුන් ටික වැටෙන්නේ එරිඩානුස් කියන ගඟට.සමහරු කියනවා Phaeton, හංසයෙක් විදියට පරිවර්තනය වුනා කියලත්.

    කොහොමහරි තමන්ගේ සහෝදරය නැතිවීමේ ශෝකයෙන් ඉන්න Phaeton ගේ සහෝදරියෝ ටික (Heliades) ගොඩක් කල් යනකම් නොනවත්වාම ඇඬුවා ලු.අවුරුදු ගාණක් තිස්සේ නොකඩවා අඬන මේ සහෝදරියන්ට අනුකම්පා කරන දෙවිවරු එයාලව වැලපෙන විලෝ ගස් වලට හරවලා Eridanus ගං ඉවුරෙම හිටියලු.සමහරු කියනවා එයාලව හැරෙව්වේ පොප්ලර් ගස් වලට කියලත්.එයාලගේ කදුළු ගස් වලින් වෑහෙන දිදුළන දියබිඳු බවට පත්වෙලා Eridanus ගඟට වැටෙනවා ලු.

    මේ වුන විනාශයෙන් පස්සේ හෙෆයිස්ටස් (විශ්වකර්මයා) කලින් තිබුනාටත් වඩා ලස්සන, සියුම් කැටයම් තියන, මුතු මැණික් ඔබ්බවලා හදපු අළුත් රථයක් නිර්මාණය කරනවා.නැතිවුන පුතාව සිහිවෙන්නත් එක්ක කියලා ඒක කලින් තිබුන එකටත් වඩා ගොඩක් ලස්සනට හැදුවලු.දැනටත් Helios දෙවියෝ අහස හරහා යන්නේ ඒ රථයේ නැගලා කියලයි කියන්නේ.

    ප.ලි. මේකට photos add කරන්න ඕනේ පස්සේ වෙලාවක. :yes::yes::yes: කලින් ත්‍රෙඩ් ටික ඕනේ අය profile එකට ගිහින් බලාගන්ඩෝ. :sorry::sorry::sorry: links දාන්න කම්මැලියි...

    දැන් උඹල මට බනින්න එපා එහෙනං ලියපං කියල. මම කැමති දෙයක් ලස්සනට ලියනවා බලන්න මම කැමතියි. ඒකයි ඔලුව දැම්මේ ඩිංගක්.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අංගුලිමාල;17842116 said:
    දැන් උඹල මට බනින්න එපා එහෙනං ලියපං කියල. මම කැමති දෙයක් ලස්සනට ලියනවා බලන්න මම කැමතියි. ඒකයි ඔලුව දැම්මේ ඩිංගක්.

    :D ela ela. mata nam ohoma baa machoo. sorry.com thama :dull: