ග්‍රීක දේව කතා-Part 3

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ග්‍රීක දේව කතා-Part 3

කලින් ත්‍රෙඩ් දෙකේ කතා කලේ ලෝකය හැදුන හැටි, Olympian godsල ලෝකේ පාලන බලය අල්ලාගත්ත එක ගැන.අද කතා කරමු මේ ලෝකයට මිනිසුන් ඇතුළු සත්ව විශේෂ කොහොමද ඇතිවුනේ කියලා. (මේකේ කතාව හිතුවට වඩා ගොඩක් දිග වැඩි වුන නිසා අකුරු පොඩියටයි, photos අඩුවෙනුයි දාල තියෙන්නේ.ඒ නිසා ටිකක් boring වගේ වෙයි ගණන් ගන්න එපා ;);)

පළවෙනි ත්‍රෙඩ් එකේදි කිවුවා ලස්සනට design කරපු ලෝකයෙ ජනගහනය ඇති කරන්න Gaia ගෙ තිබුන ආසාව ගැන. ඊට පස්සෙ ආව දෙවියෝ අතර තිබුන යුධ ගැටුම් නිසා ඔවුන්ට පහළින් තිබුන ලෝකය ගැන අවධානය අඩුවෙලා ගියා. ඔක්කොම යුද්ධ ඉවර වෙලා දෙවිවරු බලතල බෙදාගත්තට පස්සෙ Zeus දෙවියන්ට හිතුනා දැන් තමා පහළ ලෝකයෙ ජනගහනය ඇති කරන්න හොදම කාලේ කියලා.:yes::love:

Zeus දෙවියන් ඔය වැඩේ පටන් අරන් ටිකදෙනෙක් හදලා ඉවරවෙනකොටම ඔහුට Olympian godsල අතර උන යම් කාරණාවක් විසදන්න යන්න වුනා(ඒක මොකක්ද කියල නම් දැනට හම්බවුනේ නෑ). ඒ නිසා Zeus, Prometheus සහ එයාගේ සහෝදරය වෙන Epimetheus ට වැඩේ භාරදීලා යනවා. කලින් ත්‍රේඩ් එකේ කිවුවා Prometheusට අනාගතය දකින්න හොද හැකියාවක් තියනවා කියල.ඒ වගේම එයාට හොද නුවණකුත්, ඉදිරිය සැලසුම්කිරීමේ හැකියාවත් නොඅඩුව තිබුනා. :yes::yes:

Epimetheus, Prometheus ට වඩා ගොඩක් වෙනස්. කිසිම විදියක්ට දුර බලලා වැඩ කරන්න හැකියාවක් ඔහුට තිබුනෙ නෑ.තමන්ගේ වැඩේ කරලා ඉවර වුනාම තමයි ඔහු ඊළගට මොකක් වෙයිද කියල කල්පනා කලේ.:P:P ඒ වුනත් ඔහුට හොද නිර්මණාත්මක හැකියාවක් තිබුනා.කොටින්ම කිවුවොත් මාර creative දෙවි කෙනෙක්.ඒ කතාවේ ඇත්තද කියන එක අපිට දැනටත් ටිකක් වටපිට බැලුවොත් තේරෙයි.:yes::yes:ඒ කොහොමද?තව ටිකක් කියවලා බලන්න.;);)
Zeus මේ සොහොයුරෝ දෙන්නවම තෝරගන්න හේතුවක් තිබුනා.Prometheusට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් මැටි වලින් අඹන්න හැකියාව තිබුනා.ඔහු අතිදක්ෂ මූර්ති ශිල්පියෙක්.ලෝකේට අවශ්‍ය සියළුම ජීවින් නිර්මාණය කරන්න ඔහුට පුළුවන් කියල Zeus විශ්වාස කලා.මේ භාරදූර වැඩේට සහයකයෙක් විදියට තමා Epimetheus ව ගන්නෙ.

ඔන්න දැන් Prometheus, Zeus නවත්තපු තැන ඉදන් වැඩේ පටන්ගත්තා.මූලික හැඩතල ටික මැටි වලින් අඹපු Prometheus , Athena ව (goddess of wisdom & war) මුණගැහෙන්න යනවා.ඒ යන්නේ මේ කාර්යය සම්පූර්ණ කරන්න අවශ්‍ය උපදෙස් ලබාගන්න.තාම වැඩ ඉවර කලේ නැති මූර්ති වලට එකිනෙකට අනන්‍ය වෙන ගති ලක්ෂණ එකතු කරන වැඩේ Epimetheus ට භාරදීලායි යන්නේ.:rolleyes::baffled:

Athena බොහොම සරල උපදෙසක් දෙන්නේ.පොළවේ සහ ජලයේ එකතුවක් වෙන මැටියෙන් හදපු සත්වයන්ට ජීවය ඇතිකරන්න තව අඩු වෙලා තියෙන්නේ වාතය කියන element එක විතරයි.එහෙම කියන Athena, Prometheus ට කියනවා මැටියෙන් හදපු සේරම සත්වයින් අහසට ඔසවන්න කියලා.සුළග මේ මැටි මූර්ති වල වැදුනම ඒවාට පණ ඒවි කියලා Athena උපදෙස් දෙනවා.:yes:

Athena
200px-Patung_Pallas_Athena.jpg


ඔය අතරේ Epimetheus තමන්ගේ වැඩේ දිගටම කරගෙන යනවා. තමන්ගේ නිර්මාණාත්මක හැකියාව හොද පාවිච්චි කරපු Epimetheus, එක එක සත්තුන්ට පුදුමාකාර හැකියාවන් සහ ශරීර ස්වරූපයන් ලබාදෙනවා. ඔය හැමදෙයක්ම අර කලින් කිවුව මූලික හැඩතල තියන මූර්තිවල කැටයම් කරනවා.සමහර සත්තුන්ට මවිල් පිරුණු ශරීර දෙනවා. ඒ සීතලෙන් සහ වෙනත් දේවල්වලින් උන්ව ආරක්ෂා කරන්න.තවත් සත්තුන්ට තියුණු දත් සහ නියපොතු දෙනවා. ඒ ආහාර හොයාගන්න සහ කන්න ලේසි කරන්නයි. තවත් අයට ශක්තිය සහ වේගය ලබාදෙනවා.තවත් සත්තුන්ට පියාපත් දෙනවා. මේක කොයිතරම් සිත්ගන්නා සුළු වැඩක් ද කිවුවොත් Epimetheus ඔක්කොම වගේ සත්තුන්ව නොනවත්වාම අඹනවා.

Prometheus ආපහු ඇවිත් බලද්දි Epimetheus තවත් වතාවක් දුර නොබලා වැඩ කරලා කියලා දකිනව.අනිත් ඔක්කොම සත්තුන්ට මේ ලෝකේ පැවතෙන්න අවශ‍ය විවිධ හැකියාවන් දෙද්දි මිනිසා කියන සත්වයාට දෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ.මිනිස්සුන්ට අධික සීතලෙන්, වෙනත් අතුරු ආන්ත්‍රා වලින්, විශේෂෙන්ම මේ හදලා තියන අනිත් සත්තුන්ගෙන් වත් ආරක්ෂා වෙන්න කියලා දෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ.ඔවුන්ට බොහොම දුර්වල ජාතියක් විදියටයි ඉන්න වෙන්නේ කියලා Prometheus කල්පනා කරනවා.මේකෙන් මිනිස්සුන්ව ගලවා ගන්නේ කොහොමද කියලා Prometheus හිතන්න පටන් ගන්නවා.

ඔහොම කල්පනා කරල කරලා Prometheus තීරණය කරනවා දෙවියන්ට සමාන ගති ලක්ෂණ ඇතිව මිනිස්සුන්ව නිර්මාණය කරන්න. එහෙම හිතපු Prometheus , මිනිස්සුන්ව අනිත් සියළුම සත්තුන්ගෙන් වෙනස් වෙන විදියට හිස අහසට එසවිලා ශරීරය කෙළින් තියන විදියට නිර්මාණය කරනවා. හිතන්න සහ කතාකරන්න හැකියාවක් තියන එකම සත්ව කොට්ඨාශය විධියටයි මිනිස්සුන්ව නිම කරන්නේ.

මුලදි Zeus ඇතුළු සියලුම දෙවිවරු Prometheus ගේ මේ අපූරු නිර්මාණ අගය කරනවා.දෙවිවරු සන්තෝස වෙනවා පහළ ලෝකයේ ඉන්න එකම හිතන්න,කතා කරන්න පුළුවන් සත්ත්වයෝ ඒ කියන්නේ මිනිස්සු ඉන්න එක ගැන. කොහොමවුනත් Prometheus තමන්ගේ සහෝදරයා නිසා මිනිස්සුන්ට වුන අසාධාරණය ගැන දුක් වුනා.මනසින් කොච්චර උසස් වුනත් අනිත් සත්තුන්ට සාපේක්ෂව ගත්තම මිනිස්සු ශාරීරිකව දුර්වල ජාතියක්.ඒ නිසා අනතුරකදී මිනිස්සුන්ට ආරක්ශා වෙන්න කිසිම විදියක් නෑ කියල Prometheus ට පෙනුනා. ඒ නිසා ඔහු අනිත් දෙවිවරුන්ගෙන් අවසර ඉල්ලනවා මිනිස්සුන්ව මේ තත්වෙන් ගලවාගන්න.

Prometheus
eVO3kln.jpg


Zeus දෙවියන් ඒකට තදින්ම විරුද්ධ වෙනවා.දෙවියන් හා සමාන ජාතියක් බිහි වෙන එක දෙවියන්ට පහුකාලෙක ප්‍රශ්නයක් වෙයි, ඒ නිසා මිනිස්සු ඔක්කොම විනාශ කරලා දානවා කියලා Zeus කියනවා.තමන්ගේ නායකයාගේ වචනේ අහන අනිත් දෙවිවරු, මිනිස්සුන්ව බේරගන්න කතා කරන්නේ නෑ.ඒත් Prometheus විතරක් ඉදිරිපත් වෙලා කියනවා මිනිස්සුන්ට කිසිම හිරිහැරයක් කරන්න එපා කියලා.Prometheus එහෙම ඉදිරිපත්වෙන්න හේතුවක් තිබුනා.කලින් ත්‍රෙඩ් දෙක බැලුවා නම් මතක ඇති Prometheus කියන්නෙ Titan දෙවි කෙනෙක්.ඒ කියන්නෙ මහ පොළව / Gaia ගේ සමීප නෑයෙක්.ඒ නිසා ඔහු මේ මහ පොළවෙන් උපද්දවපු දෙවියන් හා සමාන මිනිස්සුන්ට ගොඩක් ආදරය කලා.කොහොමහරි Zeus ගේ තීරණය Prometheus ගේ බලපෑම නිසා ටිකක් යටපත් වුනා.

මිනිස්සුන්ගේ දුර්වලකම් දැකලා අනුකම්පාවෙන් උන්න Prometheus ඔවුන්ට උදව් කරන්න කියලා පොළවට එනවා. මේ කියන කාලෙදි මිනිස්සු ජීවත් වුනේ අදුරු ගල් ගුහාවල.Prometheus ඔවුන්ට බොහොම සරල ගෙවල් හදාගන්න හැටි උගන්නනවා.ඒවා ගල්ගුහා වල ඉන්නවට වඩා ආරක්ෂිතයි.
Prometheus මිනිස්සුන්ට ගොඩක් දේවල් කියල දෙනවා.වගා කරන්න, ලියන්න,කියවන්න,සතුන් හීලෑ කරන්න, ධීවර කටයුතු, අසනීප වුන අය සනීප කරන විදි වගේ ගොඩක් දේවල් කියාදුන්නා.ඊළගට උගන්වනවා කුරුල්ලන්ගේ සුළගේ වෙනස් වීම් බලලා කොහොමද ඉස්සරහට එන කාලගුණ තත්ත්ව predict කරන්නේ කියලා.

මිනිස්සුන්ගේ මේ ශීඝ්‍ර දියුණුව දැකපු සමහර Olympian දෙවිවරුත් Prometheus ගේ සහයට එනවා. භූමියට අධිපති දේවතාවිය වන Demeter, මිනිස්සුන්ට කෑමට ගන්න පුළුවන් පැල වර්ග,ධාන‍ය වර්ග ගැන කියලා දෙනවා. මේ ලැබුන උදව්වත් එක්ක මිනිස්සු බොහොම සන්තෝසෙන් ජීවත් වෙන්න පටන්ගත්තා.දවසින් දවස දියුණු වුනා.

Demeter
SKwdKWy.jpg


කොහොමහරි ගොඩක් කාලයක් යනකම් මිනිස්සු ආහාරයට ගත්තෙ Demeter කියපු පැළ වර්ග විතරයි. ඒත් ඒ කාලෙදි දේව පූජා කරන්න මිනිස්සු සතුන්ව දඩයම් කලා.Prometheus කල්පනා කරනවා මිනිස්සුන්ට අනිත් සත්තුන්ව ආහාරයට ගන්න පුළුවන් වුනොත් තවත් හොදයි කියලා.
දෙවියන්ට කැපකරන්න කියලා විතරක් මරපු සතුන්ව මිනිස්සුත් ආහරයට ගන්න පටන් ගත්තොත් අනිත් දෙවිවරු තවත් තරහා ගනී කියල හිතුව Prometheus කරන්නේ පොඩි සැලැස්මක් හදන එක.
Prometheus ඉස්ස්ල්ලම කලේ හොදට වැඩුන ගොනෙක්ව දෙවියන්ට කෙරෙන බිලිපූජාවක් විදියට මරන එක. ඊටපස්සෙ ඒ ගොනාගේ ශරීරය කොටස් දෙකකට බෙදුවා මේ විදියට. එක කොටසක තියෙන්නෙ ඇටකටු හරිය.හැබැයි ඒවා බොහොම හොද ලස්සනට දිලිසෙන මේදය තියෙන මස් කැබලි වලින් වහලා තිබුනේ. අනිත් කොටසෙ තියෙන්නෙ මිනිස්සුන්ට ආහරයට ගන්න පුළුවන් හොද මාංශල ගතියට තියෙන මස් කැබලි. ඒවා වහලා තියෙන්නෙ බොකු බඩවැල් වගේ දැක්කම අප්‍රසන්න වෙන දේවල් වලින්.
මේ කොටස් දෙක අරගෙන Prometheus යනවා Zeus දෙවියන් ළගට.ගිහින් කියනවා මේ බිලිපූජාවෙන් කැමති කොටසක් භාරගන්න.හැබැයි ප්‍රතික්ෂේප කරන අනිත් කොටස මිනිස්සුන්ට ආහාරයට ගන්න අවසර දෙනව කියල පොරොන්දු වෙන්න කියලා.බැලුබැල්මට අප්‍රසන්න විදියට තියන කොටස දිහා බලන්නෙවත් නැති Zeus කරන්නෙ අර හොද මස් වලින් හංගපු ඇටකටු ගොඩ භාරගන්න එක.ලිහලා බැලුවට පස්සේ තමන් රැවටුනා කියලා දැනගත්තත් ඒ වෙද්දි පොරොන්දුව කඩන්න බෑ.(ඔය සමහර මිනිස්සුන්ට වගේ නෙමෙයි දෙවි කෙනෙක් පොරොන්දුවක් වුනොත් ඉතින් අයේ වුනාම තමයි ලූ)
ඔය රැවටීම කරපු දා ඉදන් මිනිස්සු සතුන්ගේ හොද කොටස් අරගෙන, ඇටකටු සහ තෙල් සහිත කොටස් ඔක්කොම දෙවියන්ට පූජා කරන්න පටන් ගත්තා. මේ සිද්ධවුන රැවටීමට Prometheus එක්ක තරහ ගත්ත Zeus, කවදහරි ඔහුගෙන් පළිගන්න හිතාගන්නවා.

ඒ කරපු රැවටීමට පස්සෙ Prometheus තවත් බොහොම දේවකෝපයට ලක්වෙන වැඩක් කරනවා.මිනිස්සුන්ට මවිල් හරි ඝනකම් සමක් හරි නැති නිසා මිනිස්සු සීතලෙන් පීඩා විදිනවා. ඒ වගේම දැන් ගෙවල් වල ජීවත් උනත් තවමත් මේ ලෝකයේ අනිත් සත්තුන්ගෙන් මැරුම් නොකා ජීවත් වෙන්න හැකියාව මිනිස්සුන්ට නෑ කියල Prometheus හිතුවා.ඒ නිසා Prometheus අනිත් කිසිම සතෙකුට නැති දෙයක් මිනිස්සුන්ට තෑගි කරනවා.
Prometheus හිතනවා Hephaestus ළග තියන ගින්දර කියන බලසම්පන්න තෑග්ග මිනිස්සුන්ට දුන්නොත් මේ කරදර අඩුවෙයි කියලා.තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන Prometheus, Olympus වල තිබුන ගින්දර හොරකම් කරගෙන ගිහින් මිනිස්සුන්ට දෙනවා.
මෙච්චරකල් ගින්දර කියන දේ සැලකුනේ දෙවියන්ට අයිති දෙයක් විදියට.ඒ නිසා මිනිස්සු කවුරුත් ඒකෙන් ප්‍රයෝජන ගන්න හැටි දැනගෙන හිටියේ නෑ. Prometheus ඔවුන්ට උගන්නනවා කොහොමද කෑම වර්ග, මස් මාංශ උයන්නේ කියලා.ඒ වගේම ගින්දර නිවෙන් නැතුව තියාගන්නේ කොහොමද කියලත් කියාදෙනවා.
Mount Olympus වල Hephaestus (god of blacksmiths, metallurgy, volcanoes)දෙවියෝ ආයුධ හදන විදියටම පොළවෙන් යපස් හාරලා ආයුධ හදාගන්න හැටිත් Prometheus කියලදෙනවා.

Hephaestus
2ulNiUM.jpg


මේ වගේ දේවල් එක්ක මිනිස්සු තව තවත් ශක්තිමත් වුනා,බුද්ධියෙන් ගොඩක් ඉස්සරහට ආවා.මිනිස්සුන්ගේ මේ ඇතිවෙන දියුණුව එක්ක Zeusට මිනිස්සු ගැන තිබුන වෛරය අළුත් වුනා.Zeus හිතනවා මේ මිනිස්සුන්ව දැන්ම නැවැත්තුවේ නැත්නම් කවදහරි දවසක මිනිස්සු තමන්ගේ බලය ගැන ඕනාවට වඩා ගණන් අරගෙන තමන් දෙවියන්ටත් වඩා බලවත් කියලා හිතලා දෙවියෝ කියන දේවල් වල ඇහුම්කන් දෙන් නැති වෙයි කියලා.

ඒ ඔක්කොටම වඩා Zeus ට තමන්ව දෙපාරක්ම රවට්ටපු Prometheus ගැන ලොකු තරහක් තිබුනා.ඒ නිසා Prometheus ට මතක හිටින දඩුවමක් දෙන්න Zeus තීරණය කලා.Zeus, Prometheus ව අල්ලගෙන ගිහින් Caucasus Mountains වල එක් කදු මුදුනක තිබුනු ගලකට තියල Prometheus ට ගැලවෙන්න බැරි විදියට දම්වැල් වලින් ගැටගැහුවා.Zeus ඒ දම්වැල් Hephaestus දෙවියන්ට කියල විශේෂයෙන්ම හදවාගත්තා ලු.

හැමදවසකම දවල් කාලෙදි Prometheus ළගට ලොකු රාජාලියෙක් /ගිජුලිහිණියෙක් (සමහර පොත් වල රාජාලියෙක් කියලත් සමහර ඒවයේ ගිජුලිහිණියෙක් කියලත් කියනවා) එනවා. ඌ ඇවිත් Prometheus ගේ අක්මාව එළියට ඇදලා ගිලදානවා. Prometheus අමරණීය නිසා හැම රෑකම මේ ගලවගත්ත අක්මාව ආයෙ වැඩෙනවා.ඒ නිසා ඔය කියන සිද්ධිය හැමදවසකම නොනවත්වා සිද්ධවෙනවා.

gt4KUc9.jpg


සමහර පොත්වල තියනවා මෙහෙම Prometheus ව හිර කරල දුක් විදින්න සලස්වන්න තව හේතුවක් තිබුනා කියලා. ඒ Prometheus යම් රහසක් දැනන් හිටිය නිසා ලු.Thetis කියන මුහුදු අප්සරාවියට තමන්ගේ පියාව අභිබවා යන්න පුළුවන් කියලා විශ්වාස කරන දරුවෙක්ව ලැබෙන්න හිටියලු.ඔය කියන දරුවගෙ පියා Zeus ද නැත්නම් Poseidon ද කියන රහස Prometheus දැනගෙන හිටියාලු.ඔහුව හිර කරලා තියන කම් දිව‍යලෝකේ ලොකු කලබලයකට හේතු වෙන මේ රහස එළියට එන් නැති වෙයි කියල රදවා තියාගත්ත කියලයි කියන්නේ.

කොහොමහරි Prometheus තමන් කරපු වැරදිවලට දඩුවම් විදියට බොහොම ලොකු කාලයක් මේ විදියට දුක් වින්දා.එක්කෙනෙක් කියනවා ඒ අවුරුදු 30කට කියලා.තවත් කෙනෙක් කියනවා සියවස් ගාණක් කියලා.ඒ නිසා ඒ කාලය හරියටම කියන්න මං දන්නෙ නෑ.
අවසානෙදි Zeus ගේ රජකමට පහරක් වෙන්න යද්දි Prometheus අර රහස හෙළිකරනවා.ඒ කරපු උදව්වට කලගුණ සැලකීමක් විදියට Zeus දෙවියො Prometheus ව බේරගන්න Hercules දෙවියන්ව එවනවා.Hercules දෙවියෝ අර ගිජුලිහිණියා/රාජාලියාව මරලා, Prometheus ගෙ දම්වැල් කපලා නිදහස් කරනවා.

කලිනුත් කිවුවා වගේ Prometheus ගෙන් පළිය ගත්තට Zeusට තාම මිනිස්සුන්ගෙන් පළි ගන්න බැරි වුනා.මිනිස්සුන්ගෙන් සදාකාලිකව පලිගන්න හිතන Zeus ඒකට ලොකු සැලසුමක් හදනවා. තාමත් මේ ලෝකේ ඔක්කොම මිනිස්සු ඒ කරපු පලිගැනීමේ ප්‍රථිපල විදිනවා.ඒ මොකක්ද කියලා දැනගමු ඊළග thread එකෙන්.;););)
 
Last edited:
  • Like
Reactions: genius_EK

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පළමු හා දෙවන ලිපි කියෙව්වෙමි....:yes: තුනද අතිශය සාර්ථකය...:Dහතර වැනි ලිපියත් ඉක්මනටම බලාපොරොත්තු වෙන්නෙමු :dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,723
    23,398
    113
    මචන් මට මේක තේරෙන්නෙ නෑ. Prometheus ව හිර කරේ රහස එලි වෙනවටනම් , ඇයි රහස එලි කරාම එයාව නිදහස් කරන්නෙ.?

    "සමහර පොත්වල තියනවා මෙහෙම Prometheus ව හිර කරල දුක් විදින්න සලස්වන්න තව හේතුවක් තිබුනා කියලා. ඒ Prometheus යම් රහසක් දැනන් හිටිය නිසා ලු.Thetis කියන මුහුදු අප්සරාවියට තමන්ගේ පියාව අභිබවා යන්න පුළුවන් කියලා විශ්වාස කරන දරුවෙක්ව ලැබෙන්න හිටියලු.ඔය කියන දරුවගෙ පියා Zeus ද නැත්නම් Poseidon ද කියන රහස Prometheus දැනගෙන හිටියාලු.ඔහුව හිර කරලා තියන කම් දිව‍යලෝකේ ලොකු කලබලයකට හේතු වෙන මේ රහස එළියට එන් නැති වෙයි කියල රදවා තියාගත්ත කියලයි කියන්නේ.

    කොහොමහරි Prometheus තමන් කරපු වැරදිවලට දඩුවම් විදියට බොහොම ලොකු කාලයක් මේ විදියට දුක් වින්දා.එක්කෙනෙක් කියනවා ඒ අවුරුදු 30කට කියලා.තවත් කෙනෙක් කියනවා සියවස් ගාණක් කියලා.ඒ නිසා ඒ කාලය හරියටම කියන්න මං දන්නෙ නෑ.
    අවසානෙදි Zeus ගේ රජකමට පහරක් වෙන්න යද්දි Prometheus අර රහස හෙළිකරනවා.ඒ කරපු උදව්වට කලගුණ සැලකීමක් විදියට Zeus දෙවියො Prometheus ව බේරගන්න Hercules දෙවියන්ව එවනවා.Hercules දෙවියෝ අර ගිජුලිහිණියා/රාජාලියාව මරලා, Prometheus ගෙ දම්වැල් කපලා නිදහස් කරනවා."
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මචන් මට මේක තේරෙන්නෙ නෑ. Prometheus ව හිර කරේ රහස එලි වෙනවටනම් , ඇයි රහස එලි කරාම එයාව නිදහස් කරන්නෙ.?

    "සමහර පොත්වල තියනවා මෙහෙම Prometheus ව හිර කරල දුක් විදින්න සලස්වන්න තව හේතුවක් තිබුනා කියලා. ඒ Prometheus යම් රහසක් දැනන් හිටිය නිසා ලු.Thetis කියන මුහුදු අප්සරාවියට තමන්ගේ පියාව අභිබවා යන්න පුළුවන් කියලා විශ්වාස කරන දරුවෙක්ව ලැබෙන්න හිටියලු.ඔය කියන දරුවගෙ පියා Zeus ද නැත්නම් Poseidon ද කියන රහස Prometheus දැනගෙන හිටියාලු.ඔහුව හිර කරලා තියන කම් දිව‍යලෝකේ ලොකු කලබලයකට හේතු වෙන මේ රහස එළියට එන් නැති වෙයි කියල රදවා තියාගත්ත කියලයි කියන්නේ.

    කොහොමහරි Prometheus තමන් කරපු වැරදිවලට දඩුවම් විදියට බොහොම ලොකු කාලයක් මේ විදියට දුක් වින්දා.එක්කෙනෙක් කියනවා ඒ අවුරුදු 30කට කියලා.තවත් කෙනෙක් කියනවා සියවස් ගාණක් කියලා.ඒ නිසා ඒ කාලය හරියටම කියන්න මං දන්නෙ නෑ.
    අවසානෙදි Zeus ගේ රජකමට පහරක් වෙන්න යද්දි Prometheus අර රහස හෙළිකරනවා.ඒ කරපු උදව්වට කලගුණ සැලකීමක් විදියට Zeus දෙවියො Prometheus ව බේරගන්න Hercules දෙවියන්ව එවනවා.Hercules දෙවියෝ අර ගිජුලිහිණියා/රාජාලියාව මරලා, Prometheus ගෙ දම්වැල් කපලා නිදහස් කරනවා."

    මේකයි මචන් සීන් එක.ඔන්න මං මේවා ගත්ත පොත් 5 න්ම quote කරලා දැම්මා.:yes::yes:

    As well as being punished for bringing fire to men, Zeus held Prometheus captive because he knew a secret to which Zeus wanted an answer: The sea nymph Thetis was soon to bear a child that would be greater than its father. The father could be either Zeus or Poseidon; the child could cause chaos among the Olympian Gods. Prometheus would not reveal his secret as long as he was held captive.
    (Greek and Roman Mythology A to Z, Third Edition by K.N.Daly)

    In Prometheus Bound, Prometheus refuses to reveal a prophecy concerning Thetis, whom Zeus desires—the prophecy was that her son would supersede his father. In anger, Zeus throws a thunderbolt at Prometheus and casts him into an abyss. In some versions, Prometheus later regains Zeus’s favor by revealing the contents of the prophecy.
    (Encyclopedia of Greek and Roman Mythology by L.Roman & M.Roman)

    We are told, too, that Hercules slew the eagle and delivered Prometheus from his bonds, and that Zeus was willing to have this done. But why Zeus changed his mind and whether Prometheus revealed the secret when he was freed, we do not know.
    (Introduction To Classical Mythology; author unknown)

    At last the time came when Jupiter’s throne was in danger, and Prometheus, pitying his enemy, told him a secret which helped him to make everything safe again. After this, Jupiter sent Hercules to shoot the vulture and to break the Titan’s chains. So Prometheus was set free.
    (Favorite Greek Myths by L.S.Hyde, 2008)

    It is also said that Zeus did not know of this prophecy, or rather that he
    ignored who the girl was that could endanger his rule. But Prometheus whom the god had chained in Caucasus for having giving fire, along with blind hope, to mankind—did know, and succeeded in exchanging that information for freedom.
    (THE COMPLETE GREEK MYTHOLOGY LINK COLLECTION, by Parada & Forlag)

    මචන් මටත් මේ thread දාන්න පොත් කියෝගෙන යද්දි මේ වගේ conflict වෙන තැන් ගොඩක් හම්බවුනා.එක එක පොත් වල එක එක විදියයි.මං ෆිල්ම් බලන කෙනෙක් නෙවෙයි.ෆිල්ම් වලත් වෙනම විදියක් ඇති.ග්‍රීක දේව කතා වල consistence ගතියක් නෑනේ මචෝ.පරම්පරාවෙන් පරම්පරාවට එද්දි කතා වල වෙනස්කම් වෙලා තියනවා.ඒවා එකතු කරලා ලියන්න ගියාම ටිකක් අවුල් වගේ තමා.:yes::yes:
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ela machan degatama karagana yamu

    TFS machan..

    rep+ deelalune.. You must spread some Reputation around before giving it to IsuruP123 again.


    ela wla , ohoma yan

    patta bro

    ado fatta bn. mn me elakiriye hitapu kaletama dakka fatta nulak bn

    pattai ....:D

    bigggggggggggggggggggg bump

    පළමු හා දෙවන ලිපි කියෙව්වෙමි....:yes: තුනද අතිශය සාර්ථකය...:Dහතර වැනි ලිපියත් ඉක්මනටම බලාපොරොත්තු වෙන්නෙමු :dull:

    ela ela kolla....keep it up :)

    Thanks machan laa... :yes::yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,723
    23,398
    113
    මේකයි මචන් සීන් එක.ඔන්න මං මේවා ගත්ත පොත් 5 න්ම quote කරලා දැම්මා.:yes::yes:

    As well as being punished for bringing fire to men, Zeus held Prometheus captive because he knew a secret to which Zeus wanted an ........

    එල එල මචන්. මාත් percy jackson විතරයි බලලා තියෙන්නෙ. ඉක්මනට ඊලග එක දාන්න. Rep 5+
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,723
    23,398
    113
    sorry machan
    You must spread some Reputation around before giving it to IsuruP123 again.