ගාමිණී වියන්ගොඩ හිටිය සටන බැලුවද?
ප්‍රකට ලේඛකයකු වෙන ගාමිණී වියන්ගොඩ මහතා සටන සංවාදය අවසානයේදී කියපු නිසැඳැස මතකද? බට්රෝල් බ්‍රෙෂ්ට් ලියපු කාලෝ ෆොන්සේකා මහතා සිංහලට පරිවර්තනය කරපු නිර්මාණයක් තමයි ඒ කවි පෙල, මේ කවියේ අරුත තුල බුදු දහමේ හරය වන නිර්වාණාබෝධය ගැන සියුම්ව ලස්සනට කියැවිලා තියෙනවා,පහතින් මං ලියලා තියෙන්නේ ඒ නිසැඳැසයි.....
තන්හාවේ දෝසේ දුටු
බුදුන් වහන්සේ
තන්හාව නසා විමුක්තිය පතා
නිවන් මග මේ
යැයි පෙන්වා දුන් සේක
ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන්
එක්තරා පැණයක්
තණ්හාව හල විගස සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන කෙබඳුදැයි කියනු මැන
එවිට අප සියලු දෙන
තන්හාව නසනු ඇත
බඹ ලොවට පිවිසීම
වාගේද නිවන් සුව
ඉර මිදුන් වෙලාවේ
විලක් මැද තනිවෙලා කුසීතව පාවෙමින්
සිටින්නා වාගේද
ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
නො එසේනම්
එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති
දෙයක්දෝ ස්වාමිනී
මෙය ඇසූ හිමිසඳ හෝරා ගණනක් වැඩ හිඳ
නිශ්චලව කීවේ මෙලෙසය
ඔබ ඇසූ පැණයට පිලිතුරු නැත මට
එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
බෝ රුක් සෙවනේ වැඩ සිටි සමිඳා
පැණ ඇසූ සිය සිසු පිරිස ගිය පසු
එහි සිටි සෙසු දන
සැම අමතාලා දෙසූහ මේ සුලු කතාව උපමා
දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට අසුව තිබුනි
රත් පැහැ ගත් ගිනි ජාලා
එහි පියසින් උසට නැගුනි
එහි තුල මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඬ ගා පිටවන්නැයි
මම කීවෙමි එහෙත්
එදන සැලුනේ නැත
හදිසි බවක් පෙන්වුවෙ නැත
එක් අයකුගෙ රැවුල පවා
පිලිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳඳ
වැසිවසීද සුලඟ තදද
දැවෙන නිවස දමා ගොසින්
ඉන්න ගෙයක් තියෙනවාද
මෙවැනි ප්‍රශ්න රාශියක්ය
මම පිලිතුරු නොදී ඔහුට
නැවත වරක් වුනෙමි නිහඬ
මට සිතුනා මේ දරුවන්
නගන ප්‍රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුනාම කියා
සත්තකින්ම ප්රියදරුවෙනි
යම් මිනිසෙකු පොලෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න
බණක් නැතිය මටකියන්න
එලෙසයි අප හිමි ගෞතම
පිලිතුරු දුන්නේ පෙර කල
මේ තියෙන්නේ ඒකෙ video එක
https://www.facebook.com/video.php?v=626772800760744
ප්‍රකට ලේඛකයකු වෙන ගාමිණී වියන්ගොඩ මහතා සටන සංවාදය අවසානයේදී කියපු නිසැඳැස මතකද? බට්රෝල් බ්‍රෙෂ්ට් ලියපු කාලෝ ෆොන්සේකා මහතා සිංහලට පරිවර්තනය කරපු නිර්මාණයක් තමයි ඒ කවි පෙල, මේ කවියේ අරුත තුල බුදු දහමේ හරය වන නිර්වාණාබෝධය ගැන සියුම්ව ලස්සනට කියැවිලා තියෙනවා,පහතින් මං ලියලා තියෙන්නේ ඒ නිසැඳැසයි.....
තන්හාවේ දෝසේ දුටු
බුදුන් වහන්සේ
තන්හාව නසා විමුක්තිය පතා
නිවන් මග මේ
යැයි පෙන්වා දුන් සේක
ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන්
එක්තරා පැණයක්
තණ්හාව හල විගස සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන කෙබඳුදැයි කියනු මැන
එවිට අප සියලු දෙන
තන්හාව නසනු ඇත
බඹ ලොවට පිවිසීම
වාගේද නිවන් සුව
ඉර මිදුන් වෙලාවේ
විලක් මැද තනිවෙලා කුසීතව පාවෙමින්
සිටින්නා වාගේද
ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
නො එසේනම්
එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති
දෙයක්දෝ ස්වාමිනී
මෙය ඇසූ හිමිසඳ හෝරා ගණනක් වැඩ හිඳ
නිශ්චලව කීවේ මෙලෙසය
ඔබ ඇසූ පැණයට පිලිතුරු නැත මට
එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
බෝ රුක් සෙවනේ වැඩ සිටි සමිඳා
පැණ ඇසූ සිය සිසු පිරිස ගිය පසු
එහි සිටි සෙසු දන
සැම අමතාලා දෙසූහ මේ සුලු කතාව උපමා
දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට අසුව තිබුනි
රත් පැහැ ගත් ගිනි ජාලා
එහි පියසින් උසට නැගුනි
එහි තුල මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඬ ගා පිටවන්නැයි
මම කීවෙමි එහෙත්
එදන සැලුනේ නැත
හදිසි බවක් පෙන්වුවෙ නැත
එක් අයකුගෙ රැවුල පවා
පිලිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳඳ
වැසිවසීද සුලඟ තදද
දැවෙන නිවස දමා ගොසින්
ඉන්න ගෙයක් තියෙනවාද
මෙවැනි ප්‍රශ්න රාශියක්ය
මම පිලිතුරු නොදී ඔහුට
නැවත වරක් වුනෙමි නිහඬ
මට සිතුනා මේ දරුවන්
නගන ප්‍රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුනාම කියා
සත්තකින්ම ප්රියදරුවෙනි
යම් මිනිසෙකු පොලෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න
බණක් නැතිය මටකියන්න
එලෙසයි අප හිමි ගෞතම
පිලිතුරු දුන්නේ පෙර කල
මේ තියෙන්නේ ඒකෙ video එක
https://www.facebook.com/video.php?v=626772800760744
Last edited:

