ගාල්තැන්නේ දෙවියන් ???????????????

sujhansi

Member
Jul 4, 2007
1,080
96
0
ගාල්තැන්නේ දෙවියන් ???????????????

ගංවතුර ගැලුවේ ගාල්තැන්නේ දෙවියන් කෝප වීම නිසාලු


galthanna_main.jpg



දැන්වීමේ සදහන් වන්නේ එය සංවිධායක කමිටුව විසින් පළ කරන ලද්දක් ලෙසින් වුවත් දැන්වීමේ ඇත්තේ දේවගැතිවරයාගේ වචනය.මෙවැනි පහත් වචන භාවිත කරමින් ප්‍රසිද්ධ කල මෙම දැන්වීම ප්‍රසිද්ධ කිරීමට දිවයින පුවත්පත ඉදිරිපත් වීමත් පුදුමයට කරුණකි.

එම දැන්වීමේ ඇති කරුණු පහත වේ.

පසු ගිය දිනවල මහනුවර බද්‍රකාලි දේවාලයේත් එහි දේව ගැති තුමාගේත් දියුණුව බලා ගත නොහැකි තුට්ටු දෙකේ හිගා කන අහිකුන්ඨකයෝ කොටසක් එක්තරා විද්‍යුත් මාධ්‍යයකින් හා ඒ මාධ්‍යයයේ සිටින පාපතරයන් කිහිපදෙනෙක් සහ විකිනෙන්නේ නැති පත්තර වල හිගා කන පාපතර මිත්‍යාදුෂ්ඨික කල පත්තරයකිනුත් මහා බද්‍රකාලි මෑණියන්ට අපහාස කරමින් ප්‍රසිද්ධියේ හැසිරුනි.

මේ පන්චසිලයේ තේරුමවත් නොදන්නා පාපතරයන්ට දිවයිනේ විහාර ස්ථාන වලට හා දේවාල වලට අපහාස කරන්න ඇති අයිතිය කුමක්ද?

මේ අහිකුන්ටක පාපතර බල්ලන්ට පුලුවන්ද පිරිසිදු බුදු දහමත් එක්ක හැප්පෙන්න?

පාපතර නිඝන්ඨයෝ නිසා අද මුළු ලෝකයම විනාශ වෙලා ඉවරයි. හාල් කිලෝ එකක් වත් ගන්න සල්ලි නැති මේ පව් කාරයන් ජිවත් වෙන්නේ අහුලන් කාලා.ගුණවතුන්ට මඩ ගහලා.

මේ පාපතර අහිකුන්ටකයන් ඔවුන්ගේ ජඩ මාධ්‍යය භාවිතා කරමින් "කාලිට පුලුවන්නම් ලෝකෙට කරලා පෙන්නන්න" කියල. ඒ අභියෝගය කාලි මෑණියන් සතුටින් බාරගෙන ඈ මුළු ලෝකෙටම සත්‍යය පෙන්නලා ඉවරයි.

මේ පාපතරයන්ගේ කතා අහපු හා ඒවා බලපු පාපතරයන් කාලි මෑණියන්ට අපහාස කරමින් උඩ පැන්න. අද උන් ජාතක කරපු ගම රටවල් ගෙවල් දොරවල් විනාශ කරමින් කාලි මෑණියෝ ඇගේ බලපරාක්‍රමය පෙන්වමින් පාපතරයන්ට මෙලොවදීම දඩුවම් දෙමින් ඉන්නවා.

දේව ගැතියගේ කරේ තියන රත්තරන් දේව ආභරණ කාලි මෑණියෝ ලබා දීපුවා. දේව ගැති තුමාට බැනල යම් දෙයක් ලැබෙනවානම් අපිට දැනුම් දෙන්න, අපි නුඹලාට රත්තරනින් තෑගි දෙන්න සුදානම්.කාලි මෑණියන්ට කල අපහාසයට ඈ මුළු ලංකාවටම දඩුවම් දී අවසන්.

දේව ගතිතුමාට ඊර්ෂ්‍යා කරන කාලකන්නි පව්කාර පිස්සෝ නුඹලාට පුලුවන්ද දුප්පත් මනුස්සයෙකුට හාල් හුන්ඩුවක් දෙකක් දෙන්න? නුඹලා අනුන්ට ඊර්ශ්‍ය කරන වෙලාවේ මහපොලව කොටලා අල බතල හිටවපල්ලා.මේ පොල් ගණන් කාලේ පොල් පැල ටිකක හිටවපල්ලා.ඒවා වගා කරන්න සල්ලි නැත්නම් මෝඩ පව්කාරයනේ දේවගැති තුමාගෙන් ඉල්ල ගනිල්ලා. අද මහා වැසි ගංවතුර වලින් මුළු දිවයිනම විනාශ වෙලා.ඒ දේව මෑණියන්ට කල අපහාස නිග්‍රහ නිසයි.

අසුචි කන මිනිසුනේ නුඹලාට පුලුවන්ද මෙවැනි හාස්කම් කරන්න .පසුගිය දිනක අසුචි කන ගැනු හොරෙක් ගුවන් විදුලි කීපයක් එකතුකරගෙන දේව ගතිතුමාට අපහාස කිරීම නිසා මානව හිමිකම් එකේ පැමිණිලි කර ඇත.

දේව ගතිතුමාට ගුවන් විදුලියේ බැනපු කාන්තාවන්ගේ බඩවල් පාත්වෙලා අද අන්ත අසරණ තත්වයට පත්ව ඇත.ඇස ඉදිරිපිටම සමහරු වාහන වලට හැප්පිලා පොඩි වෙලා.

විද්‍යුත් මාධ්‍යයෙන් දේව ගතිතුමාට අපහාස කලේ මෙම දේවාලයට ඇවිත් ලක්ෂ 05 ක් හෝ 10 ක් ඉල්ලා එය දීම දේවගැතිතුමා ප්‍රතික්ෂේප කල නිසාවෙනි. මේ වන විට මෙම පාපතරයන්ට විරුද්ධව කොළඹ දිසා අධිකරණයේ D .M .R 442-11 අංක දරන කොටි 50 ක වන්දියක් ඉල්ලා නඩු පවරා ඇත. දේව ගති තුමා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්නය.තවද කට කතා පතුරවපු යටත් කොටි 05 ක් වන්දි ඉල්ලා නඩු පවරා ඇත.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ අපොයි...හැබයි කාලි මෑණියොන්ට නෙත් FM එක නම් භංග කරගන්න බැරුව ගියානේ..ලොලේ ලොල්...අන්තිමට කාලි මෑණියොත් උසාවි යැව්ව අපේ දේව ගැතියා...හික් හික් :lol:
     

    sujhansi

    Member
    Jul 4, 2007
    1,080
    96
    0
    අනේ අපොයි...හැබයි කාලි මෑණියොන්ට නෙත් FM එක නම් භංග කරගන්න බැරුව ගියානේ..ලොලේ ලොල්...අන්තිමට කාලි මෑණියොත් උසාවි යැව්ව අපේ දේව ගැතියා...හික් හික් :lol:

    :rofl::yes::rofl:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේක පත්තරේ ගියාද බන්..
    මට හිතාගන්න බෑ..

    එහෙම ගියානම් හැමෝටම මේ මනුස්සයගේ හැටි එයාගේ වචන වලින්ම හිතාගන්න පුලුවන්.
    ප්‍රසිද්ධ පත්තරයකට මෙහෙම ලියනවා නම්.
    කෝවිල ඇතුලෙදි කොහොම හැසිරෙනව ඇත්ද?

    මම කලින් නම් ඒ කතා එච්චර විශ්වාස කරේ නෑ. ඒත් දැන්නම් හිතෙනවා ඒවා ඇත්තම වෙන්න ඕන..
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඕකට පැහැදිලිවම පිස්සු
    දැන් ඕකට වැදිච්ච මඩ වල හැටියට පිදුරු ගහෙත් එල්ලෙන්න බලන් ඉන්නෙ :lol:
    ඇයි ඉතින් ගිය සායම ආයෙ කවදා ගා ගන්නද :eek:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    අනේ දෙවියනි මේරටේ ඉන්න හොර දේෂ පාලුවෝ ටික ගේ බඩවැල් පාත් කරන්ඩ..වාහන වල හප්පලා මරන්ඩ...දුප්පත් අපේ සල්ලි වලින් සුර සෑප විදින උන් මේ ලොකෙන් යවන්ඩ...අසාදාරනය නවත් වන්ඩ...පාර්ලී මෙන්තුවේ ඉන්න හොරැන්ට හෙන ගස්සවන්ඩ....කොටීන්ට ගොට්ට අල්ලන ඒවුන් වාහන වල හප්පන්ඩ....මේ රටේ පොල් ගෙඩිය රු30ට බස්සන්ඩ....දුප්පත් අපි ගැනත් හිතන්ඩ ....
     
    Last edited: