මහනුවර, ගාල්තැන්න ශ්රී භද්රකාලී අම්මාන් දේවාලයේ තිබූ මුදල් සහ රත්රං තොගයක් පැහැර ගෙන ගොස් තිබෙනවා.
අද අලුයම දේවාලයට ඇතුළු වූ පිරිසක් එහි සේවකයින් සහ දේවගැතිවරයා බැඳදමා මෙලෙස රත්රං සහ මුදල් පැහැර ගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති අතර ඇතැම් පිරිස් සතුව ගිනිඅවි පවා තිබූ බවට වාර්තා පළ වනවා. දේවගැතිවරයා දේවාලයට ඇතුළු වූ අවස්ථාවේ ඔහු අල්ලා බැඳ කාමරයකට රැගෙන ගොස් වසා දමා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
මහනුවර, ගාල්තැන්න ශ්රී භද්රකාලී අම්මාන් දේවාලයේ සිදුවන විවිධ අක්රමිකතා සහ වංචනික කි්රයා පිළිබඳ නෙත් එෆ්. එම්. බැලූම්ගල ඔස්සේ දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා.
නෙත් FM