ගාල්ලේ තරුණයෝ වැඩ පෙන්නති

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගාල්ලේ තරුණයෝ වැඩ පෙන්නති

    ගාල්ලේ තරුණයෝ වැඩ පෙන්නති - ගිලෙන්නට ගිය තෙල් නැව බේරාගනී

    500-4.jpg

    එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක් අලුත්වැඩියා කරමින් රටට කිර්තියක් අත්කර දීමට ගාල්ලේ තරුණයන් පිරිසක් හා තරුණියක් සමත්වූහ. ලොව පුරා තෙල් රැගෙන යන තෙරේසා අත්ලාන්තික් නමැති නැවේ අවරපෙත්ත අසළින් ජලය ඇතුලට කාන්දුවීම හේතුවෙන් එය යා ගත නොහැකිව නැංගුරම් ලා තිබිණි. නැවේ රැගෙන යා හැකි තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 43,733කි. එන්ජිම නැවතී තිබූ නැවට ජලය පිරීම හේතුවෙන් එය අළුත්වැඩියා කර දෙන ලෙස ජාත්‍යන්තරව පිළිගත් අළුත්වැඩියා කිරීමේ නම් දැරූ ආයතන කිහිපයකින් ඉල්ලා සිටිය ද ඔවුන් කියා ඇත්තේ කොළඹ වරායට නැව ගෙන ගියහොත් එය අළුත්වැඩියා කළ හැකි බවයි. නැව කොළඹ වරායට ගෙන යාමට ඇදගෙන යා යුතුය. එවැනි දෙයක් කිරීමට පෙර නැව මුහුදේ ගිලී යාමට ද ඉඩ තිබිණි. ඇතුළට ජලය පිරෙමින් පවතින නැවක් වරායකට ඇදගෙන යාමට අවසර ලැබෙන්නේ ද නැත. මේ අවස්ථාවේ ගාල්ලේ චතුර කුඩච්චි ඇතුලු පිරිසක් නැව අළුත්වැඩියා කිරීමේ කාර්යය භාර ගත්හ. කාන්දුව ඇත්තේ ජල මට්ටමේ සිට අඩි 30 ක් ගැඹුරිනි. නැව නැවතී ඇති තැන මුහුදේ ගැඹුර මීටර 400 කි. උස්ව නැග එන රළ නැව ඒ මේ අත පද්දයි. ජලයේ බැස අළුත්වැඩියාව පහසු නැත. අභියෝගය භාරගත් තරුණ කණ්ඩායමේ නිලූෂා ප්‍රේමතිලක නම් තරුණියක ද සිටියාය.

    දිය යටදී ගින්දර ද භාවිතා කරමින් ඔවුහු නැවේ අළුත්වැඩියා කටයුතු සිදුකළහ. අවර පෙත්ත නැව හා සම්බන්ධ කොටස කපා ඉවත් කැර එයට ජල මුද්‍රා යොදා යළි තිබූ පරිදි පෑස්සීම් සිදු කළහ. ඒ සඳහා එක දිගට දිවා රෑ නොබලා පැය 36ක් වැඩ කිරීමට සිදුවූ බව කුඩච්චි මහතා කියයි.

    '' මේක අපිට විශාල අභියෝගයක්. නැව ගිලී ගියානම් නිරිත දිග මුහුදු වෙරළට සිදුවන හානිය විශාලයි. පරිසරය බේරාගැනීමට මේ නැව අළුත්වැඩියා කළ යුතුව තිබුණා. අපි අපේ ම තාක්ෂණයක් භාවිතා කරමින් පෑස්සීම් කළා. ඒ වගේම ගම් වර්ග කිහිපයක් භාවිතා කරමින් යලි ජල මුද්‍රා සකසා නැවට ජලය ගලා යාම සම්පූර්ණයෙන් ම නවතා දැම්මා. මේ සඳහා අවශ්‍ය කැපුම් සිදුකළ අවස්ථාවේ සිට ජල මුද්‍රාව යොදන තුරු නැවට ජලය යාම වඩාත් වේගවත් වුණා. "

    ඔවුන් නෞකාව අළුත්වැඩියා අවසන් කළ ද කලින් ජලය යාම හේතුවෙන් නැවේ එන්ජින් අක්‍රිය වී තිබිණි. නැවේ ජල කාන්දුව පිළිසකර කිරීමෙන් පසු වෙනත් නෞකාවක් යොදා ගනිමින් එය ඉන්දියාවේ වරායකට රැගෙන යා හැකි වූ බැවින් සිදුවිය හැකි මහා විනාශයක් වළක්වාගත හැකි විය.


    500-3.jpg


    500-6.jpg


    500-2.jpg


    500-1.jpg



    Source: Lankadeepa News Web​