ගැබ්_ගත් පසු නිවාස ඉදිකිරීම අසුබද?
"ශ්‍රීමත් වූ විශ්වකර්මා දී මහා ප්‍රාඥයෝ ගෘහ කර්මයේ ප්‍රයෝජන පිළිබඳව මනාකොට විශ්වකර්ම තන්ත්ර හි දක්වා ඇත. එහි අදහස සැකවින් සරලව පැහැදිලි කළහොත් තමන්ගේ දරු මුණුබුරන් හා සියලු භෞතික සම්පත් ඉපයීමත්, සියලු ලෞකික සැප ලැබීමත්, සීත සුළං අව් වැසි වැනි දෙයින් මිදීමත්, සත්වයන්ගේ ලෞකික පැවැත්මට සැපය සලසන්නා වූ ගෘහයට පළමු කොටම කැමැති විය යුතු බවයි"
වාස්තු පෙළපතේ මූලික ඉගැන්වීම් තුළම ගෘහයේ වැදගත්කම මිනිසුන්හට පහදා දීමට Rෂි උතුමන් උත්සහ ගෙන තිබේ. සොබාදහමේ අපූර්ව ශිල්ප ඥානයන් කැටිකොටගත් වාස්තු ශිල්පය මිනිසාට ලැබුණේa මානව ශිෂ්ඨාචාරයේ දියුණුව උදෙසාමය. මානව සම්භවයේ විවිධ යුගයන් පසු කරමින් මිනිසා නූතන ශිෂ්ඨාචාරයේ තාක්ෂණික ඥානය දියුණු කර ගනිමින් සිටින්නේ, භෞතික පදනමක් මත පිහිටා බව කිව යුතුයි. විශ්වීය ඥානයන් සෑම විටම ආධ්‍යාත්මික පසුබිමක් තුළ ගොඩනැඟී ඇති අතර වඩා බලවත් පැතිකඩ වන්නේ, ආධ්‍යාත්මික පැතිකඩයි. වාස්තු ශිල්පයද කාලයත් සමඟ විවිධ භෞතිකවාදී සංකල්පයන්ගේ පීඩාවලට ගොදුරු වෙමින් තවමත් නොනැසී පවතින්නේ එහි පවතින ආධ්‍යාත්මික හරය නිසාම බව කිව යුතුයි. වාස්තු ශිල්පය නිසියාකාරයෙන් යොදා ගන්නවා වෙනුවට විවිධ මතිමතාන්තර වාස්තු ශිල්පය තුළට එක්කොට වාස්තු ශිල්පයේ සඳහන්a නොමැති විවිධ මිථ්‍යා මත රාශියක් එකතු කිරීමට භෞතික සංකල්පවාදීන් සමත් වී ඇත. එසේ වුවද බුද්ධිමත් මිනිසුන් පිරිසිදු වාස්තු ශිල්පීය මූලධර්ම සහ මිථ්‍යා මත මනාව හඳුනා ගැනීමට සමත් වී සිටීම සතුටට කරුණකි. මෙම ලිපියෙන් ඔබගේ අවධානයට යොමු කරවීමට උත්සාහ ගන්නේ, එවැනි ප්‍රබල මතයක් පිළිබඳවයි.
ඔබ හැමෝම දැක තිබෙනවා කුරුල්ලන් කූඩු හදන ආකාරය. කෝටු කෑල්ලෙන් කෑල්ල තියලා බොහොම මහන්සි වෙලා කුරුල්ලයි, කිරිල්ලියි කූඩුව සාදන්නේ ගොඩක් බලාපොරොත්තු ඇතුවයි. කුරුළු ලෝකයේ දක්ෂ නිර්මාණයක් කරන එක් කුරුල්ලෙක් ඉන්නවා. උගේ දක්ෂතාව නිසාම වඩු කුරුල්ලා කියලා අපි ඒ කුරුල්ලව හඳුන්වනවා. මේ ආකාරයට සතුන් බොහෝ දෙනෙක් කුමන ආකාරයට හෝ කුමන මාධ්‍යයකින් හෝ කූඩුවක්, ගුලක්, බෙනයක්, කෝෂයක්, වලක් ආදී වශයෙන් ආරක්ෂිත ස්ථානයන් සකස් කරගන්නවා. එවැනි පරිශ්‍රයන් සකස් කරගන්නේ ඇයි? ඔබ මඳක් සිතන්න සොබාදහමේ රිද්මයට තම ජීවිතය හසුරුවන මෙම සත්වයන් මෙසේ ලෑස්ති වන්නේ, තමාගේ පැටවුන් ආරක්ෂා කරගැනීම සඳහා කූඩුවක් තනන්නයි. නැතිනම් බිත්තර දමන්න, ආරක්ෂිත ස්ථානයක් සකස් කරගන්නේ, එය කෙතරම් ප්‍රාථමික ක්‍රියාවලියක් වුවත්, තම වර්ගයන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ගනු ලබන උත්සාහයකි. මිනිසුන් වන අපද ආරක්ෂිත ස්ථානයන් පිළියෙල කර ගන්නවා. අපි එය පැල්පත, නිවස, ගෘහය, මන්දිරය, ප්‍රාසාදය සහ මාලිගාව වශයෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ වටිනාකම් වලින් පිළියෙල කර ගන්නවා. මිනිසා නිවසක් සාදා ගන්නේ, සතුන්ට වඩා පුළුල් පරමාර්ථයක් සහිතවයි. විශ්වකර්ම, තන්ත්ර තුළිsන් මූලින් පැහැදිලි කර දුන් අරමුණු ඉටු කර ගැනීම සඳහා මිනිසා ගෘහය නිර්මාණය කරනු ලබනවා. එහිදී පෙන්වාදී ඇති පළමු ක්‍රියාව ලෙස යෙදී ඇත්තේ ශ්‍රීමත් දරුමුණුබුරන් ආදී ලෙස පෙන්වා දී ඇත්තේ, අපගේ පරම්පරාව යාවත්කාලීන කර ගැනීම සඳහා දරුවන් ඇතිදැඩි කිරීම සඳහා ගෘහය අත්‍යවශ්‍ය කාරණයක් බවයි. නිවසක් නැත්නම් පවුලක් පිළිබඳව අපට කතා කිරීමට පවා නොහැකි බවද ඔබ දන්නා කාරණයකි. අපගේ සියලු පරමාර්ථයන් ඉෂ්ඨ සිද්ධ වන්නේ, නිවස පදනම් කොටගෙනයි.
පිරිසිදු වාස්තු ශිල්පයේ සඳහන් වී නොමැති මිථ්‍යා මත රාශියක් නූතනයේ සමාජය තුළ හොල්මන් කරන බව නොකියාම බැරිය. වාස්තු විද්‍යාවේ ලේබලයෙන් දැවටී එන එම මිථ්‍යා මත සමාජය වෙත පතුරන්නේa, වාස්තු ශිල්පයේ සුළගවත් වැදී නැති වාස්තු "පිලල්" විසිනි. එවැනි ප්‍රසිද්ධ මිථ්‍යා මතයක යථාර්ථය ඔබට පෙන්වා දෙන්නම්.
කාන්තාවන් ගැබ්ගත් පසුව නිවාස සෑදීම සඳහා ආරම්භ කිරීම ඉතාමත් දෝෂ සහගත බව අද සමාජයේ තදින් පැතිරෙමින් තිබෙනවා. එය ඉතාමත් වැරැදි සහගත මිථ්‍යා මතයක් බව පළමුව ඔබට ප්‍රකාශ කරමි. වාස්තු විද්‍යාවේ කිසිම තැනක එවන් අදහසක් ඉදිරිපත්a කරලා නැහැ. මෙය හුදෙක් "ගෙවල් බලන්නන්" විසින් පතුරුවා හැර ඇති මිථ්‍යා මතයන් බව ඔබ මතක තබා ගත යුතුයි. කුරුල්ලන් කූඩු සාදන්නේ කිරිල්ලියන් බිත්තර දාන්න ලෑස්ති වෙන කාලය තුළයි. අනෙකුත් සතුන්ද තමන්ගේ නිවහන සකස් කර ගන්නේ, තමන්ගේ පැටව් ඉපදෙන්න කාලය තුළයි. මිනිසාටද එම නියාම ධර්මය පොදු විය නොහැකිද? එසේ නම්, දරුවෙකු ලැබීමට සිටින විට නිවාස සෑදීම ආරම්භ කිරීම තුළ කිසිම වාස්තු දෝෂයක් හට නොගන්නා බව කිව යුතුයි. එසේ වුවද දරුවෙකු ලැබීමට සිටින විටක තමන් නිවසක් සෑදීමට යැදීමේ දී ඒ සඳහා නොවන අවස්ථා කිහිපයක්a පෙන්වා දීමට පුළුවන්. එනම් දැනට ඔබ පදිංචි වී සිටීන නිවාස සෑදීම නොකළ යුතුයි. විශේෂයෙන් මවගේ සෞඛ්‍ය තත්ත්වයට සහ ඇයගේ ආරක්ෂාවට එය අවධානමක් විය හැකි බැවිනි. එසේ නොමැතිව මව සිටින ස්ථානය සහ තමන් නිවාස සාදන ස්ථානය දෙකක් නම්, තමන්ට එම සෑදීම කිසිම දෝෂ සහගත තත්ත්වයක් නොවේ. විශේෂයෙන් නිවාස සෑදීමේ දී මව කෙරෙහි අවධානය යොමු නොවීමද එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැකියි. එසේ වුවද ඔබට එම ගැටළු ප්‍රායෝගිකව විසඳා ගත හැකි නම්, ඔබ සැළසුම් කළ පරිදි ඔබගේ ගෘහයේ කටයුතු කරගෙන යැම දෝෂ සහගත නොවේ. එසේ වී නම් මීට පරම්පරාවන් කිහිපයකට පෙර අපේ ආච්චිලා සීයලාට දරුවන් 10 - 12 සිටියා. ඔවුනට කිසිදාක නිවසක් සෑදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබට මෙහිදී කීමට උත්සහ කළේ මවගේ ආරක්ෂාව යන අවධානය සහතික කළ හැකිනම් නිවාස සෑදීම දෝෂ සහගත නොවන බවයි.
එසේම ඔබ දරුවෙකු ලැබීමට සිටින කාලයේ දී ඔබගේ නව නිවස සැළසුම් කරන්නේ නම්, පහත සඳහන් වාස්තු රීතින් අනුව නිවාස සැළසුම් කිරීමට වගබලා ගන්න.
Õ නිවසේ ගෘහ පිණ්ඩය පරම මෛත්‍රී හෝ මෛත්‍රී නැකැත් වලට බල ගන්වා ගන්න.
Õ නිවසේ ද්වාර සටහන සුමුඛ නමැති යහපත් ද්වාර සටහන එක් කරගන්න. (නැගෙනහිර, බටහිර, දකුණ)
Õ ඊශාන හා නිරිත දිශාවන්වලට කාමර එකතු කර ගන්න. කිසිම විටක නිරිත දිශාව හිස් නොකරන්න.
Õ නිවසේ බ්‍රහ්ම පාදය නිවසේ පහත කොටසකට යෙදෙන ලෙස සැළසුම් නොකළ යුතුය.
Õ නිවසේ ඉදිරිපිට සියඹලා ගස්, අඹ ගස්, මඩු ගස් නොසිටිය යුතුයි.
Õ ඊශාන දිශාවේ කොහොඔ පැළයක්ද, නිරිත දිශාවේ බෙලි පැලයක් ද සිටුවා නිවස ශක්තිමත් කර ගන්න.
Õ ගිණිකොණ දිශාවේ කුරුල්ලන්ට කෑම තබන්න.
ඉහතින් පෙන්වා දුන් පරිදි ඔබගේ නිවස සැළසුම් කිරීම ඔබගේ ගැබිනි කාලයේ දී සිදු කරන්නේ නම්, ඉතා යහපත් බවද පෙන්වා දෙමි. කෙසේ වුවද වාස්තු දෝෂ සහිතව ඔබ කුමන කාලයක ඔබගේ ගෘහය නිර්මාණය කළත්, ඔබට එහි අයහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වේ. ඔබ වාස්තු සිද්ධාන්තවලට අනුකූලව නිවස සාදන්නේ නම්, කුමන කාලයක එය තැනුවද ඔබට යහපතක්ම වනු ඇත.
ඔබ මවක් වීමේ වාසනා ගුණය තුළ ඔබගේ සිහින නිවහනේ සිහිනය බොඳකර ගන්නට ඔබ සිතා සිටියා නම්, එහි සැබෑ තතු වටහා ගන්න. ඔබ සතුටින් නිවසේ වැඩකටයුතු සුභ මුහුර්තියෙන් ආරම්භ කරන්න. මවගේ කුස තුළ වැඩෙන කළලය දස මසකින් මෝරා සිඟිති පුතෙකු මෙලොවට එළිය දකින ලෙස ඔබගේ සිහින නිවහනේ උත්පත්තියද පෙරමඟ ලකුණු සුභ බව සිතන්න.
වැඩිදුර විස්තර සදහා tel-071-4402574 / 081-2386577
ශාස්ත්‍රවේදී වාස්තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩී.යූ. සෙනරත්
වාස්තු මැඳුර නො.189/3, කොළඹ පාර, පොල්ගහමුල.
කාන්තාවක් ගැබ් ගත් පසු නිවාස ඉදිකිරීම අසුබද?