ගැබිණි කාන්තාවකට ගල් ගසා මරා දමයි

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ගැබිණි කාන්තාවකට ගල් ගසා මරා දමයි

    පාකිස්තාන ගැබිණි කාන්තාවකට ගල් ගසා මරා දමයි.

    Pregnant Pakistani woman stoned to death by her family

    පාකිස්තානයේ ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී පවුලේ සාමාජිකයන් විසින් ගැබිණි කාන්තාවකට පහර දී මරා දමා තිබේ. මරණයට පත් කාන්තාව පවුලේ අවසරයෙන් තොර විවාහයක් කර ගත් බවට ඇයගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

    නඩු විභාගයට සහභාගි වීම පිණිස මිය ගිය කාන්තාව අධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී ඇති බව පොලිසිය පවසයි. කාන්තාව මරා දැමීමෙන් අනතුරුව ඇයගේ පියා හැර සෙසු සැකකරුවන් සියල්ල පැන ගොස් තිබේ.

    පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවල කාන්තාවන් සිය කැමැත්ත මත ස්වාමිපුරුෂයකු සොයා ගැනීම සංස්කෘතියට පටහැණි ක්‍රියාවක් සේ සැලකේ.







    4256672.gif
    4256672.gif

    4256672.gif
    4256672.gif
    4256672.gif
    4256672.gif
    4256672.gif
    4256672.gif
    4256672.gif
    4256672.gif

    Link