ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් ද&#3

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් ද&#3

    ගැබිණි මව්වරුන්ට මාසිකව ලබාදෙන පෝෂණ මල්ල වෙනුවට වවුචර්පතක් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන්කළේ ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලය හමුවට යොමු කරන බවය.

    මාසිකව ලැබෙන පෝෂණ මල්ල ලබාගැනීමේදී තමන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවට ගැබිණි මවුවරුන්ගෙන් විවිධ පැමිණිලි ඉදිරිපත් වී තිබීමත් ඇතැම් මවුවරුන් පෝෂණ මල්ල ලබාගැනීම සඳහා අති විශාල දුර ප‍්‍රමාණයක් පැමිණිය යුතු වීමත් නිසා මෙම නව ක‍්‍රමවේදය ඇති කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම නව සංශෝධනය ක්‍රියාත්මකවූ පසු ගැබිණි මව්වරුන්ට තෝරාගත් වෙළඳසැල්වලින් අදාළ වවුචර් පත ඉදිරිපත් කර භාණ්ඩ ලබාගත හැකි අතර එම වෙළඳසැල් තෝරා ගැනීම මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් හරහා සිදු කෙරෙන බව වාර්තා වේ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    යකෝ මේ යන විදියට කක්කුස්සට යන්නත් මුන් වව්චර් දෙන්න පටන් ගනී
    ඔය ආණ්ඩුව දීපන් ළමයෙකුට!!!!!