ගැබිණි මවකගේ නූපන් දරුවා දැකගැනීමේ හැකිය

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    ගැබිණි මවකගේ නූපන් දරුවා දැකගැනීමේ හැකිය


    ඩොල්ෆින් මසුන් සතුව ඇතැයි සැළකෙන අපූර්ව හැකියාවක් පිලිබඳ විවාදයක් විද්‍යාඥයින් අතර හටගෙන තිබෙනවා. ඒ ඩොල්ෆින් මසුන් හට මුහුදේ පිහිණමින් සිටිනා ගැබිණියකගේ කුසතුල සිටිනා ළදරුවාගේ රුව දැකගැනීමේ හැකියාවක් ඇතිදයි යන්න පිලිබඳවයි. ගැබිණි සායනයකට යන මවකට වෛද්‍යවරයා භාවිතාකරන "සොනොග්‍රෑම්" උපකරණය ආධාරයෙන් සිය නූපන් දරුවාගේ රුව දැකබලාගත හැකිය. සොනෝගෑම් උපකරණය මේ හපන්කම සිදුකරන්නේ අධි-සංඛයාත ශබ්ද තරංග ආධාරයෙනි. මෙම තරංග නිකුත්කරන කොටස මවගේ ගර්භාශයේ ස්පර්ශකිරීමෙන් එම තරංග දරුගැබේ ගැටී ආපසු පරාවර්තනය වන ආකාරය මගින් සොනොග්‍රෑම් උපකරණය කළලයේ චිත්‍රයක් නිපදවනවා.​

    ඩොල්ෆින් මත්සයින්ද (මත්සයින් යයි කීවද ඩොල්ෆිනුන් ක්ශීරපායි සතුන් කොටසකී) බොරවූ හෝ ආලෝකය අඩු ජලයේ සිය ගමන් මාර්ගයේ ඇති බාධක සොයාගන්නේද, ආහාරය සඳහා සුදුසු සතුන් සොයාගන්නේද අධි සංඛ්‍යාත ශබ්ද තරංග නිකුත්කොට ඒවා ආපසු පරාවර්තයන වන ආකාරයෙන් අවට පරිසරය පිලිබඳව චිත්‍රයක් මවාගනිමිනි. එමෙන්ම සංකීර්ණ පණිවුඩ හුවමාරු ක්‍රමයක් නිර්මාණය කොටගෙන සිටිනා ඩොල්ෆිනුන් සිය සගයින් සමග පණිවුඩ හුවමාරු කරගන්නේද අධි සංඛ්‍යාත ශබ්ද තරංග ආධාරයෙන් සිදුකරන "කතාබහ" මගිනි.​

    ඒ අනුව ගර්භිණී කාන්තාව ජලයේ පිහිණන විට අයගේ දරුගැබ වෙත ශබ්ද තරංග නිකුත්කොට ඇයගේ කුසතුල වැඩෙනා කළලයේ ස්වරූපය දැකබලා ගැනීමට ඩොල්ෆිනුන්ට හැකියාව ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් ඔවුන් දකින එම චිත්‍රය නූපන් මනුශ්‍ය දරුවෙකුගේ රුවක් ලෙස ඔවුන් වටහා ගන්නේද යන්න විවාදාත්මක කරුණකි. කෙසේවෙතත් ඩොල්ෆිනුන් අතිශයින්ම බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් බව වසර ගණනාවක් ඩොල්ෆිනුන්ගේ බුද්ධිය පිලිබඳව පර්යේෂණ පවත්වන ඇට්ලැන්ටා නුවර එමරි විශ්වවිද්‍යාලයේ ස්නායු-විද්‍යාඥ ලෝරී මැරීනෝ පවසනවා. ඔවුනට නූපන් බිළිඳෙකුගේ කළලයේ ස්වරූපය දැක ගැනීමට මෙන්ම එම කළලයේ හෘද ස්පන්ධනයට සවන්දීමේ හැකියාව ඇතැයිද ඇය පවසනවා.​


    එපමණක් නොව ඩොල්ෆිනුන් තමන් සමග කාන්තාවන් හා පුරුශයින් රැසක් පිහිනද්දී ඔවුන් අතරින් ගැබිනි කාන්තාවන්ට විශේෂ උනන්දුවක් දක්වන බව නිරීක්ශණය වී ඇති බව වාතාවෙනවා. ගැබිණි කාන්තාවන් අසලට පිහිනා එන ඔවුන් විශේෂිත ආකාරයකින් ශබ්ද කිරීමට පටන් ගන්නා බවත් එම ශබ්ද ඩොල්ෆිනුන් වෙනත් ඩොල්ෆිනුන් හා පණිවුඩ හුවමාරු කිරීමේදී නිකුත් කරන ශබ්ද වලට සමාන පවත් පැවසෙනවා. සමහර විට මෙම හැසිරීම, මේ බුද්ධිමත් ජීවීන් මවගේ කුස තුල සිටිනා කළලය හා පණිවුඩ හුවමාරු කරගැනීමට ගන්නා උත්සහයක් වන්නටද පුලුවන්

    vidya-gaweshana




     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gud post macho.dolphin la macho minissunta friendly godak mole thiyena saththu jathiyak :)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    8Fa2PVA.gif