ගැබුරු කටහඩ / Deep Voice
ජීවිතය ගැන කලකිරුනු මිනිසෙක් රාත්‍රියේ මුහුදු වෙරලක් දිගේ ගමන් කරමින් සිටියේ, බර කල්පනාවකට වැටීය.
” හාරපන් !” එක්වරම ඔහුට කටහඩක් ඇසිනි.
වටපිට බැලූවත් කිසිවෙකුත් නැති හෙයින් තමාගේ මනංකල්පයෙකැයි සිතා, නැවතත් සුපුරුදු කල්පනා සයුරේ ගිලුනි.
” මම කිව්වෙ හාරපන් කියලා………” එක්වරම නැවතත් ඔහුට ඒ ගැබුරු කටහඩ ඇසිනි.
බියපත් වු ඔහු දෑතින්ම තමා සිටි තැන බිම වැලි හාරන්නට විය. අඩියක් පමණ යටට හෑරූ විට ඔහුට හමුවූයේ මධ්‍ය ප්‍රමාණයේ පෙට්ටගමකි. ( කුඩා පෙට්ටියක් )
” ඇරපන් “, නැවතත් ගැබුරු කටහඩ ඇසිනි.
ඔහු අසල තිබූ තරමක් ලොකු ගලක් ගෙන, පෙට්ටගමේ අගුල කඩා විවෘත කලේය. පුදුමයකි පෙට්ටගම රත්තරන් කාසිවලින් පිරී තිබුනි. මේ නම් තමා ජීවිතය ගැන කල කිරී සිටි බව දැනහුන් දෙවිකෙනෙකු තමාට උපකාර කිරීමට පැමින කර ඇතැයි සිතූ හෙතෙම ඉහල අහස දෙස බලා ස්තූති කලේය.

“කැසිනෝ එකට පලයන්” නැවතත් ගැබුරු හඩය…….
පෙට්ටගමත් ඔසවාගත් මිනිසා ලගම තියන කැසිනෝ හලට ගියේය.
” මාරු කරපන් “ නැවතත් ගැබුරු හඩ ඇසිනි.
ඔහු වහා අයකැමි වෙතගොස් සියලුම රත්රන් කාසි අයකැමිට දී එම වටිනාකමට සරිලන , කැසිනෝ ටෝකන් කාසි ලබාගත්තේය ( casino token coin – කැසිනෝ සදහාම භාවිතා කරන කාසි වර්ගයක් ). ඉන්පසු ඔහු ටෝකන්ද ඇතැතිව. ඉතා ධනවත් පුද්ගලයන් ක්‍රීඩාකරමින් සිටි මේසයක් දැක, ඒවෙත් ගොස් අසුන් ගත්තේය.
“27 ට දාපන්” නැවතත් ගැබුරු කට හඩ ඇසිනි”
ඒ ක්ෂනයෙන්ම මල්ලේ තිබූ සියලුම ටෝකන් නොම්මර 27 උඩ තබා ඔහු ඔට්ටු ඇලිලීය. කැටය දමනු ලැබීය. මේසය වටා ඇතිවූයේ දැඩි නිහැඩියාවකි.
බෝලය කැරකී 26 මත නතර වීය.
” Shit” නැවතත් ගැබුරු කටහඩ ඇසිනි.
උපුටා ගත්තේ: Walk on Dew
බෝලය කැරකී 26 මත නතර වීය.
” Shit” නැවතත් ගැබුරු කටහඩ ඇසිනි.
උපුටා ගත්තේ: Walk on Dew