ගිය අවුරුද්දෙ රටේ දැවන්ත ටයර් හිගයක් ආව. 6,000-7,000ට තිබුණු පොඩි ටයරය 12,000-13,000ට ගියා. ඊට පස්සෙ ලොකුවිතානගෙ ෆෙරන්ටිනෝ ටයර් ෆැක්ටරිය ඕපන් වුණා.
ගිය අවුරුද්දෙ අගබාගෙ ඉඳල රටේ දැවැන්ත සිමෙන්ති හිගයක් ආව. රු.900-1000 අතර තිබුණු සිමෙන්ති කොට්ටය රු 1500-2000 තරම් උඩ ගියා. පස්සෙ පාලන මිළක් ගැසට් කළා 1375ට. අන්න ලොකුවිතානගෙ සිමෙන්ති ෆැක්ටරිය ඕපන් වුණා.
දැන් මාස ගාණක් රටේ දැවැන්ත ගෑස් හිඟයක්. 1500 ට අඩුවෙන් තිබුණු ගෑස් එක අන්න 3000 පැනල. ලොකුවිතාන..! ලොකුවිතාන....!! කෝ මේ ලොකුවිතාන..!!
කවුද මේ කෙටිකලකින් දැවැන්ත ව්‍යාපාරිකයෙක් වුණු ලොකුවිතාන කියල දන්නෙ නැති නිසා ගූගල් කරද්දි මේක ආව. (ගූගල් උපුටනයකි)
