ගැලීලියෝ කළේ කුමක් ද?

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ගැලීලියෝ කළේ කුමක් ද?



    කාළාම සූත්‍රයෙහි මුල් කොටසෙහි කියැවෙන්නේ සියල්ල තනිව ම කල්පනාකර පර්යේෂණකර දැනගත යුතු බව නො වේ. එහෙත් මෙරට උගතුන් යැයි කියන්නන් කාළාම සූත්‍රයට එවැනි අර්ථකථනයක් දීමට තැත්කරන්නේ බටහිර විද්‍යාවෙහි ද එවැනි ආකල්පයක් ඇතැයි විශ්වාස කරමිනි. එහෙත් එය එසේ නො වේ. බටහිර ‍‍සෛද්ධාන්තික විද්‍යාඥයකු යැයි කිවහැකි ලාංකිකයකු බොහෝ දෙනකු දන්නේ ගිරවුන් මෙන් විවෘත මනසකින් නිරීක්‍ෂණ කිරීමක් ගැන කතාකිරීමටත්, එමගින කල්පිතයක් ඇතිකිරීමත් නිගමනවලට එළඹීමත් වැනි සරල එහෙත් බටහිර විද්‍යාවේ කිසි දිනෙක සිදු නොවන ක්‍රියා ගැන නන්දෙඩවීමටත් ය.


    බටහිර විද්‍යාවෙහි යම් අධ්‍යයනයක් කෙරෙන්නේ ම කල්පිතයක් මත පදනම් වී ය. අධ්‍යයනයක් පටන් ගන්නා අයකුට සෑම විට ම යම් මතයක් ඇත. ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණේ පර්යේෂණය කළේම ස්කන්ධය කුමක් වුවත රික්තයක වස්තු එකම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීමටත් ඈරිස්ටෝටල්ගේ මතය, එනම් වඩා බර වස්තු ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න වැරදි බව පෙන්වීමටත් ය. ගැලීලියෝ තම කල්පිතය නිවැරදි බව පෙන්වීමට ලක ලැහැස්ති වී ඇළවෙන කුළුණට ගියේ ය.


    ඇරිස්ටෝටල්ගේ මතය වැරදි බව ගැලීලියෝ වටහා ගත්තේ කෙසේ ද යන්න බටහිර විද්‍යාවේ ඉතිහාසයෙහි පැහැදිලි නො කෙරෙයි. එහෙත් ඇරිස්ටෝටල් වඩා බර වස්තු ඉක්මණින් පොළොවට ඇද වැටෙන බව දැනගත්තේ නිරීක්‍ෂණයෙන් බව පැහැදිලි ය. ඇරිස්ටෝටල් සංයුක්ත චින්තනයකට උරුමකම් කීවේ ය. ඔහුගේ දැනුම පංචෙන්ද්‍රියයන්ට ගෝචරවූ දැනුමකි. ගසකින් එක්වර වැටෙන කොලයක් හා ගෙඩියක් ගතහොත් ගෙඩිය කොළයට වඩා ඉක්මණින් පොළොවට වැටෙන බව අපි දනිමු. එය අපේ සංයුක්ත දැනුම ය. එය ඇරිස්ටෝටල්ගේ ද සංයුක්ත දැනුම විය.


    එපමණක් නොව එය ගැලීලියෝගේ ද සංයුක්ත දැනුම විය. එහෙත් එය වායු ගෝලයෙහි වස්තු වැටීමෙහි දී අප අත්දකින දෙය වෙයි. ගැලීලියෝට අවශ්‍ය වූයේ රික්තයක වස්තු වැටෙන්නේ කෙසේ දැයි දැන ගැනීමට ය. කුළුණක් වටා රික්තයක් සංයුක්ත ව ඇතිකර ගැනීමට බටහිර විද්‍යාවට අද ද නො හැකි ය. ගැලීලියෝ එබැවින් වියුක්තයට මාරු විය. ඔහු අන් අයට කීවේ සංයුක්ත ව දැනගත නොහැකි රික්තය වියුක්ත ව සිතාගන්නා ලෙස ය. ඔහු තමාට අවශ්‍ය දේ පෙන්වීම සඳහා කුළුණෙන් අත්හැරීමට සුදුසු වස්තු යොදාගත්තේ ය. ගැලීලියෝ කිසි දිනෙක ඒ සඳහා ගසක කොළයක් හා ගෙඩියක් යොදා නොගත්තේ ය.


    බටහිර විද්‍යාවේ කෙරෙන්නේ වියුක්ත කතන්දර ගෙතීම ය.එසේ නොමැතිව ඊනියා විවෘත මනසකින් පර්යේෂණ කිරීම නො වේ. පර්යේෂණ, නිරීක්‍ෂණ කිරීම ලෝකයේ විවිධ රටවල , විවිධ සංස්කෘතීන්වල කෙරී ඇත. ඇරිස්ටෝටල් ද තම ප්‍රවාද ගොඩනගා ඇත්තේ නිරීක්‍ෂණවල ආධාරයෙනි. බුදුන් වහන්සේ දවස බමුණෝ පරීක්‍ෂණ මගින් ආත්මයක් ඇතැයි පෙන්වීමට උත්සාහ කළහ. එය අසාර්ථක පරීක්‍ෂණයක් විය. එහෙත් එකල ද පරීක්‍ෂණ කෙරී ඇත. ඈරිස්ටෝටල්ගේ නිරීක්‍ෂණ සංයුක්ත නිරීක්‍ෂණ විය. එහෙත් ඔහු සාධාරණ ප්‍රවාද ඉදිරිපත් කළේ ය.


    වඩා බර වස්තුව සැහැල්ලු වස්තුවට වඩා ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න සංයුක්ත නිගමනයකි. එහෙත් එය එවැනි සියළු වස්තුවලට වලංගු වන්නේ යැයි ඇරිස්ටෝටල් සිතූ බව පෙනෙයි. ඒ අනුව එය සියළු වස්තුවලට බලපාන සාධාරණ නිගමනයකි. අවශ්‍ය නම් එය සාධාරණ නියමයකි. එහෙත් එය වියුක්ත නියමයක් නො වී ය. එය සාධාරණ සංයුක්ත නියමයක් විය. සංයුක්ත නියම පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. වියුක්ත නියම, වියුක්ත ගණිතය පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. මෙරට ඇතැමුන් වියුක්තය ගැන මහ හඬින් මහත් භක්තියකින් කතාකළ ද වියුක්තය සංයුක්තයට වඩා සත්‍ය වන්නේ නො වෙයි. සංයුක්තය බොරුවකි. වියුක්තය පට්ටපල් බොරුවකි.


    ගැලීලියෝ කළේ ඊනියා විවෘත මනසකින් කරන පර්යේෂණ ලෝකයට හඳුන්වාදීම නොව වියුක්ත ප්‍රවාද භෞතික වස්තු සඳහා යොදා ගැනීම ය. එහි දී සිදුවූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය බටහිර විද්‍යාවෙහි චින්තනය බවට පත්වීම ය. එය චින්තන විප්ලවයකි. එහෙත් එය ගැලීලියෝගේ විප්ලවයක් නො වී ය. පහළොස්වැනි සියවසේ සිට දකුණු යුරෝපයේ ගොඩනැගුණු චින්තනයක් ගැලීලියෝ විසින් දහහත්වැනි සියවසේ දී භෞතික වස්තූවල ගුණ අධ්‍යයනය කිරීම සඳහා යොදා ගැනීම ය. එහි දී අනිවාර්යයෙන් ම ගැලීලියෝ ට පැරැන්නන්ගේ මත ඉවත දැමීමට සිදුවිය.


    ගැලීලියෝ ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක පියා නොව බටහිර වියුක්ත විද්‍යාවේ පියා විය. ගැලීලියෝගෙන් පසුව බටහිර විද්‍යාඥයන් ක්‍රියා කරන්නේ කෙසේ ද? සංවාද අවසානයේ දී අනෙක් තැනැත්තාට පිලිතුරු දීමට ඉඩක් (කාලයක්) නොදී අනුන්ගෙන් ණයට ගත් මතයක් නිවට ව ඉදිරිපත්කරන කාලෝ ෆොන්සේකා මහතා හෝ කිසිම දවසක බටහිර විද්‍යාව හරිහැටි හදාරා නොමැති මාර්ටින් වික්‍රමසිංහ මහතා හෝ ඒ පිළිබඳ ව දැන සිටියේ කුමක් ද? බටහිර විද්‍යාඥයෝ යම් යම් සංයුක්ත සංසිද්ධි “තේරුම් ගැනීම” සඳහා වියුක්ත ප්‍රවාද ගොතති. මේ වියුක්ත ප්‍රවාද යනු වියුක්ත කතන්දර මිස අන් කිසිවක් නො වේ.


    වියුක්ත කතන්දර යනු කලින් ද සඳහන්කර ඇති පරිදි පට්ටපල් බොරු ය. එහෙත් මෙයින් අදහස් කරන්නේ සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීම අත්හැරිය යුතු බව නො වේ. අද තිබෙන සමාජ ක්‍රමය හා බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය අනුව උසස් යැයි සම්මත රැකියාවක් කිරීමට නම් බටහිර දැනුම ලබා තිබිය යුතු ය. එයින් ද ඉංජිනේරු වෛද්‍ය ආදී වෘත්තීන්හි යෙදීමට නම් බටහිර විද්‍යාව හදාරා තිබිය යුතු ය. එබැවින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු වූ වියුක්ත කතන්දරවලින් සමන්විත වූ පමණින් කිසිවකු බටහිර විද්‍යාව නොහදාරා සිටිය යුතු නො වේ. හැකිනම් කළ යුත්තේ බටහිර විද්‍යාව හොඳින් හදාරා (ජනප්‍රිය පොතපතින් නො වේ) එහි දුර්වලකම් දැනගෙන එයට පහර දී බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට කටයුතු කිරීම ය. බටහිරයන් අද අප පාලනය කරන්නේ තුවක්කුවෙන් නොව දැනුමෙන් බව අවධාරණය කළ යුතු ය.


    බටහිර විද්‍යාවේ දී ගැලීලියෝගෙන් පසුව විද්‍යාඥයන් කරන්නේ කලින් තිබූ ප්‍රවාදයක් හෙවත් කතන්දරයක් හෙවත් පට්ටපල් බොරුවක් වෙනුවට වෙනත් පට්ටපල් බොරුවක් ආදේශ කිරීම ය. පට්ටපල් බොරුවලට වැඩි ආයුෂක් නැත. යම්කිසි දවසක දී එහි බොරුව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි වෙයි. ප්‍රවාදය නම් ගාම්භීර නමකින් හැඳින්වෙන වියුක්ත බොරු කතන්දරය හා සංයුක්ත නිරීක්‍ෂණ අතර පරස්පර, විසංවාද පැනනගියි. එවිට එතෙක් පවත්වාගෙන ආ පට්ටපල් බොරුව වෙනුවට වෙනත් පට්ටපල් බොරුවක් අවශ්‍ය වෙයි.


    බටහිර විද්‍යාඥයෝ හා බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ ඇතැම් විට මේ ආදේශකිරීම සත්‍යයට ළඟාවීමක්, ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමක් ආදී වශයෙන් හඳුන්වති. ඒ ඊනියා ප්‍රවාදවල අසත්‍යබව වසංකිරීමට ගන්නා උත්සාහයක් පමණ ය. එක් පැත්තකින් කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා අසත්‍යකරණයක් ගැන කතාකිරීමෙන් බටහිර විද්‍යාවේ සෙළුව අතින් වැසීමට උත්සාහ කළේ ය. පට්ටපල් බොරු අසත්‍යකරණයට ලක්කිරීම යනු විහිළුවකි. පට්ටපල් බොරු අමුතුවෙන් බොරු බව දැක්වීම අවශ්‍ය නො වේ. ඒවා කොහොමටත් බොරු වෙයි.


    කාල් පොපර් තැත්කළේ කොහොමටත් බොරු වූ බටහිර විද්‍යාවේ කතන්දරවලට ව්‍යාජ ගරුත්වයක් ලබාදීමට ය. බොරුව බොරුවක් බව හෙළිවනු දකින විට පොපර් කීවේ ඒවා බොරු බව පෙන්වීමට හැකියාව තිබිය යුතු බව ය. එසේ නොවේ නම් ඒ දැනුම් නොව මිථ්‍යාවන් යැයි ඔහු කීවේ ය. එමගින් ඔහු පට්ටපල් බොරුවලට සම්භාවනීයත්වයක් ලබා දුන්නේ ය. කිසිම දිනයක බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාදයක් තබා සංකල්පයක්වත් ගොඩනගා නැති මෙරට තමන් බටහිර විද්‍යාඥයන් ලෙස හඳුන්වා ගන්නා පුස්සෝ පොපර් කියා ඇති දේ වගවිභාගයකින් තොරව විශ්වාස කරති.


    එක් බොරුවක් වෙනුවට තවත් බොරුවක් ආදේශ කර ඇති අවස්ථාවන්ට හොඳම නිදර්ශනය වනුයේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ය. ගුරුත්වාකර්ෂණය යනු පට්ටපල් බොරුවක් බව නිවුටන්ගේ කාලයේ ම ජීවත් වූ අය දැන සිටියහ. බුධ ග්‍රහවස්තුව නිවුටන්ගේ ප්‍රවාදයෙන් ගම්‍යවන ආකාරයට අවකාශයේ හිරු වටා චලිත නො වෙයි. නිවුටන්ගේ වියුක්ත කතන්දරය හා බුධ ග්‍රහ වස්තුව පිළිබඳ සංයුක්ත නිරීක්‍ෂණය අතර පෑහිය නොහැකි විසංවාදයක් විය. එහෙත් බටහිර විද්‍යාඥයෝ අවුරුදු දෙසීිය පනහක් පමණ මේ පට්ටපල් බොරුව රැකගත්හ.


    ලෝකයේ බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් බව නො දනිති. මෙරට නම් ඊනියා විද්‍යාඥයෝ ද ඒ බව නො දනිති. බොහෝ දෙනාට ඒ බව දැනගැනීමට වුවමනාවක් ද නැත. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර වන්නේ යැයි කියන්නෙක් ද කැලණිය විශ්වවිද්‍යාලයෙහි රසායන විද්‍යාව උගන්වන්නන් අතර වෙයි. එය පුදුමයක් ද නො වේ. එහි එක් රසායන විද්‍යා මහාචාර්යවරයෙක් අවුරුදු කිහිපයකට පෙර ‍සෛද්ධාන්තික රසායන විද්‍යාව (Theoretical Chemistry)ගැන අසා නො තිබිණි. අපි ඔවුන්ට අනුකම්පා කරමු.


    ඒ කෙසේ වෙතත් නිවුටන්ගේ පට්ටපල් බොරුවෙන් බටහිර විද්‍යාඥයන් උත්සාහ කළේ පොළොවට පොල් වැටීම පිළිබඳ සංයුක්ත ප්‍රපංචය “ තේරුම් කිරීමට ” ය. පසුව අයින්ස්ටයින් මේ ප්‍රපංචය ම “තේරුම් කිරීමට ” වෙනත් බොරු කතන්දරයක් ගෙතුවේ ය. ඒ පට්ටපල් බොරුව සාධාරණ සාපේක්‍ෂතාවාදය නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ එලෙස එක් පට්ටපල් බොරුවක් තවත් පට්ටපල් බොරුවකින් ආදේශ කිරීම ය. මේ ක්‍රියාවලිය සත්‍යය කරා ළඟාවීමක් ලෙස හැඳින්වීම ද විහිළුවකි. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය සංකල්පීය වශයෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග සංසන්දනය කිරීමටවත් නො හැකි ය. එසේ වූ කල එකක් අනෙකට වඩා ඊනියා සත්‍යයකට ළඟාවන්නේ යැයි කියන්නේ කෙසේ ද?


    බටහිර විද්‍යාවේ කලින් තිබූ දැනුම කිසියම් දිනෙක ප්‍රතික්‍ෂෙප වෙයි. එබැවින් පොතක පතක තිබූ පමණින් බටහිර විද්‍යාව නො පිලිගැනෙවා නොව එය බොරු නිසා නො පිලිගැනෙයි. බටහිර විද්‍යාවේ පොත්වල ඇති දැනුම් පට්ටපල් බොරු ය. එබැවින් පොතක පතක ඇති දැනුම, ගුරුවරුන්ගෙන් ලබාගන්නා දැනුම ආදිය කෙදිනක හෝ ප්‍රතික්‍ෂෙප වෙයි. බටහිර විද්‍යාවේ දී කියැවෙන්නේ පොතක පතක තිබූ පමණින් නොපිළිගත යුතු ය යන්න නො වේ. පොත්පත්වල ඇති සියළු දැනුම් නොපිළිගත යුතු ය යන්න ය.



    මෙය කාළාම සූත්‍රයේ කියැවෙන්නට හාත්පසින් ම වෙනස් ය. පොතක පතක තිබූ පමණින් නොපිළිගන්නා ලෙස කීමෙන් කියැවෙන්නේ පොතක පතක ඇති සියල්ල නොපිළිගැනීම නො වේ. පොතක පතක ඇති ඇතැම් කරුණු පිළිගැනීමට ඉන් බාධාවක් නො වේ. මෙය තවදුරටත් සාකච්ඡා කළ යුත්තේ කාලෝ ෆොන්සේකා මහතා වැන්නවුන්ගේ ද දැනගැනීම උදෙසා ය.


    නලින් ද සිල්වා
    http://www1.kalaya.org/

    මේ නූලේ රතු පාටින් දාලා තියන ටික පොඩ්ඩක් බලන්න එතකොට මේ මනුස්සයා (
    නලින් ද සිල්වා) කියන්නෙ මොකක්ද කියලා හොදටම තේරුම් ගන්න පුලුවන්


     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    හොඳ මීටරේ දැන් ඉතින් වයසයිනේ පොඩ්ඩක් විතර සෝට් වෙලා තියෙන්නේ.
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    හොඳ මීටරේ දැන් ඉතින් වයසයිනේ පොඩ්ඩක් විතර සෝට් වෙලා තියෙන්නේ.

    Nalin de silva A\L karana kale subject 4 k thibila thiyanawa chemistry minihata therungan amaru prawada wagayak thiyanawa kiyala
    miniha chemistry athaherala anik subject thunen campus giyapu porak mingha thaman egena haththa subject eka pathulatam a giyapu manussayek ekai miniha kiyan samahara deewal apita therun ganna amaru
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    Nalin de silva A\L karana kale subject 4 k thibila thiyanawa chemistry minihata therungan amaru prawada wagayak thiyanawa kiyala
    miniha chemistry athaherala anik subject thunen campus giyapu porak mingha thaman egena haththa subject eka pathulatam a giyapu manussayek ekai miniha kiyan samahara deewal apita therun ganna amaru

    ඔව් ඉස්සර පියෝ ඇප්ලයිඩ් දෙකක් විදිහටනෙ තිබ්බේ.
    මට තේරුන විදිහට නලින් සර්ගේ භෞතික දියුනුවට සාපේක්ෂව අධ්‍යාත්මික දියුණුව ඒ තරම්ම වැඩිලා නෑ. ගැප් එක වැඩියි.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හොඳ මීටරේ දැන් ඉතින් වයසයිනේ පොඩ්ඩක් විතර සෝට් වෙලා තියෙන්නේ.

    mul tika kiyawalddi awul wage theruna.. lilaya thiyena ekage nama dakkama kiyawana eka nawathuwa :lol: