ගැස්ට්‍රයිටිස්

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ගැස්ට්‍රයිටිස්

    අද කාලයේ අපේ රටේ බහුලවම පවතින රෝගයක් ලෙස ගැස්ට්‍රයිටිස් රෝගය හඳුන්වන්නට පුලුවනි. බොහෝ දෙනෙක් සුලු බඩේ දැවිල්ලකදී පවා ‛‛මට ගැස්ට්‍රයිටිස් ඇතැයි’’ කියනු ඔබටද අනන්තවත් ඇසී
    ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් එලෙස බඩේ ඇතිවන සෑම රෝගී තත්ත්වයක්ම ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණයක්ද? ගැස්ට්‍රයිටිස් රෝගය හඳුනාගන්නේ කොහොමද ? මෙවැනි වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට ඔබට මෙය වැදගත් වේවි යයි සිතමි.

    මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ ?

    ගැස්ට්‍රයිටිස් ලෙස අප සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ ආමාශයේ ඇතිවන වණ තත්ත්වයක්. මෙය සුලු තුවාලයක් විය හැකියි.
    නැතහොත් ආමාශ බිත්ති ගැඹුරට තුවාල වී ඇතිවු තුවාලයක් වීමටද හැකියි. සමහර විට තාවකාලිකව ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන්ද
    තිබෙනවා. මත් වතුර පානය දුම්පානය ආදිය නිසා ආමාශ බිත්තියේ තැනින් තැන තුවාල වීම නිසා ආදියෙන්ද මේ තත්ත්වයන් ඇතිවිය
    හැකියි. මේ කුමන තත්ත්වයක් යටතේ හෝ ආමාශයේ ඇතිවන වණ, තුවාල තත්ත්වයක් සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් ලෙස අප හඳුන්වනවා.

    ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

    සමාජයේ බොහෝ දෙනා තමන්ට බඩේ ඇතිවන ඕනෑම අපහසුතාවයක් ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. නමුත්
    මෙය 100% ක්ම සත්‍ය ප්‍රකාශයක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා.
    1. ආමාශයේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ

    2. ග්‍රහණියේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ

    ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීම නිසා පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ ලෙස, බඩ දැවිල්ල, කෑම අරුචිය නිතරම කටටකෙළ ඉනීම, නිතරම පපුව දිගේ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවීම, කටට ඇඹුල් රසයක් දැනීම ආදිය ඇතිවීමට පුලුවනි.

    එමෙන්ම සමහරුනට නිතරම බඩ පුරවා දැමු ගතියක් ඇතිවීමට පුලුවන. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇතැම් පුද්ගලයන්ට මේ අපහසුතා නිසාම නින්දෙන් නිතරම අවදිවීමද දක්නට ලැබේ. මේ මුලික රෝග ලක්ෂණ ඇතැම් පුද්ගලයන්ට ටික කාලයකින් නැති වී යාමට හෝ සමහරුනට දිගු කාලයක් පැවතීමට ඉඩ තිබෙනවා. උදාහරණක් විදිහට මත්පැන් පානය කිරීමක්, අච්චාරු හෝ
    අධිකව මිරිස් යෙදු ආහාරයක් ගත් පුද්ගලයෙකුට මේ ගැස්ට්‍රයිටිස් ලක්ෂණ ඇති වී ටික දිනකින් එම ලක්ෂණ නැතිවී යාමට පුළුවනි. නමුත්, මේ සාධක දිගු කාලයක් පැවතීම නිසා ඇතැම් පුද්ගලයන්ට දිගු කාලීනව මේ රෝග ලක්ෂණ පවතින්නත්
    පුළුවන්.

    git2.jpg

    ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝගාබාධ මොනවාද?

    මෙම රෝග ලක්ෂණ පෙන්වන ප්‍රධාන රෝගාබාධ තුනක් හදුනාගත හැක. එනම්,

    1. පිත්තාශයේ ඇතිවන සංකූලතා,
    පිත්තාශයේ ගල් ඇතිවීම නිසා, ප්‍රදාහයන් නිසා ඇතිවන සංකූලතා

    2. අග්න්‍යාශයේ ඇතිවන සංකූලතා

    3. ඉහත ආකාර දෙකටම (02) වඩා භයානක තත්ත්වයක් වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන පපුවේ ඇතිවන අපහසුතා/අමාරු. මේ නිසා කෙනෙකුට දිගු කාලයක් සුව නොවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් පවතිනවා නම්, එහෙමත් නැතිනම් වෙනදාට වඩා තමන්ගේ වේදනාව වැඩිනම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්.

    විශේෂයෙන් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව වඩාත්ම සැළකිලිමත් විය යුතුයි.

    ගැස්ට්‍රයිටිස් රෝගය විනිශ්චය කරගැනීම සඳහා පවතින පරීක්ෂණ මොනවාද?

    මේ සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ. මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇසුරෙන්ම, රෝගියා හා කතාබහ කර රෝගය
    හදුනාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය නිසාමද යන්න සැක සහිත
    අවස්ථාවලදී ඒ සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණද පවතිනවා. ඒ අතර,

    1. එන්ඩස්කොපි පරීක්ෂණය -

    මුඛයෙන් විශේෂිත බටයක් ඇතුල් කිරීමෙන් ආමාශය පරීක්ෂා කර එමගින් ලබාගන්නා ඉතා කුඩා කොටස්

    පරීක්ෂාවට ලක්කර නිසැකවම එහි ඇතිවී ඇති තුවාලයට හේතුව සොයාගත හැකියි. විශේෂයෙන්ම වැඩිහිටි වියේදී

    ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇතිවන තුවාල ඇතැම් විට පිළිකා තත්ත්වයක් වීමටද ඉඩකඩ පවතිනවා.

    2 Ultra Scan අතිධ්වනි පරිලෝකන පරීක්ෂණය

    3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ මගින්

    ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

    මේ සඳහා විවිධාකාර හේතු බලපෑ හැකියි. මෙලෙස බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.
    1. පාරිසරිකව ඇතිවන හේතු
    2. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන හේතු

    මෙයින් පාරිසරිකමය හේතු අතරට අප ගන්නා ආහාර විශේෂයෙන්ම අච්චාරු, අධික තුනපහ, මිරිස් අඩංගු ආහාර ගැනීම, එමෙන්ම
    මත්වතුර, දුම්වැටි භාවිතා කිරීම ආදිය දැක්විය හැක. එමෙන්ම මානසික පීඩනය/ ආතතිය නිසා ආමාශ බිත්තිය යම් වෙනස්කම්වලට
    දිගුකාලීනව භාජනය වී තුවාල ඇති විය හැකියි. ඊට අමතරව අද වන විට සොයාගෙන තිබෙන H-pylori නැමැති බැක්ටීරියා ආසාදනය නිසාද
    ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවිය හැකියි. ඊට අමතරව ඉතා සුලු වශයෙන් පාරම්පරිකවද මේ රෝග තත්ත්වය ඇති විය හැකි අවස්ථා තිබෙනවා.

    ඇයි මෙච්චරම ගැස්ට්‍රයිටිස් වලට බිය?

    මේ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් තමයි මේ රෝගය නිසා එදිනෙදා කටයුතු කරගෙන යාමට ඇති අපහසුතාවය. ඊට
    අමතරව දිගු කාලයක් මේ රෝග තත්ත්වය පැවතීම නිසා ඇතිවිය හැකි සංකූලතා නැතහොත් අතුරු ආබාධ නිසාද මේ රෝගය
    සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

    මේ අතුරු ආබාධ අතරින් ප්‍රධානම අතුරු ආබාධ අතර ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇතිවන තුවාල ආමාශ බිත්තිය සිදුරු කරගෙන
    උදරයට විවෘත වීමට ඉඩ තිබීම දැක්විය හැකියි.

    එවැනි විටෙකදී ශල්‍යකර්මයක් මගින් එය සුවකර ගත හැකියි.එමෙන්ම ශරීරයේ අභ්‍යන්තර අවයවයකට මේ තුවාල ගමන් කිරීම නිසා එම අවයවයට හානි සිදුවීම, මෙම තුවාල නිසා අභ්‍යන්තරව රුධිරය වහනය වීම් සිදුවී එම රුධිරය මළපහ සමග පිටවීම. ඒ
    නිසා රක්තහීනතාවය ඇතිවීමට ඉඩ තිබීම ආදියද අතුරු ආබාධ ලෙස දැක්විය හැකි අතර, ඇතැම් විට මෙම තුවාල නිසා විශාල රුධිරවහනයක් සිදුවුවහොත් ජීවිතයට හානි සිදුවීම පවා විය හැකියි.

    ඊට අමතරව මෙම තුවාල නිසා පිළිකා ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. තුවාල නිසා ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආමාශයේ ඇති ආහාර ක්‍රමාකුංචනයෙන් ඉදිරියට ගමන් කිරීමට බාධා සිදුවිය හැකියි. ඒ නිසාම මේ රෝගය ආරම්භක අවස්ථාවේදීම නිසි
    වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුව කරගැනීම වැදගත්

    මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?

    ප්‍රධාන වශයෙන් ආමාශයික වණ ඇතිවන හේතු හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර හඳුනාගත යුතුයි. විශේෂයෙන්ම අපගේ ආහාර-පාන ගැනීමේදී ඇති අහිතකර / වැරදි පුරුදු අත්හැරිය යුතුයි. මානසික පීඩනය වැනි හිත, භාවය ආශ්‍රිත ගැටළු පවතී නම් ඊටද ප්‍රතිකාරද
    ගත යුතුය. ඊට අමතරව ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.

    1. ශල්‍යකර්ම ආශ්‍රිත ප්‍රතිකාර
    2. ඖෂධ ආශ්‍රිත ප්‍රතිකාර

    මෙහිදී අතීතයේ නම් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අනුගමනය කළත්, අද පවතින ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය බොහෝ දුරට සුවකර ගත හැක. මේ ඖෂධ වර්ග කිහිපයක් ඇති නිසා පුද්ගලයාගේ රෝගය නිශ්චය කර නිසි වෛද්‍ය උපදෙස් මත මේ ඖෂධ ලබා ගත යුතුය.

    එමෙන්ම ශල්‍යකර්ම ආශ්‍රිතව පවතින ප්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා අද වන විට ඉතාමත්ම සීමා සහිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකළ නොහැකි වූ විට හා සංකූලතා ඇතිවු විට මේ ශල්‍යමය ප්‍රතිකාර කරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් රෝගය දිගුකාලීන හේතු නිසා ඇතිවන්නක්
    නිසාම රෝගය සුවකර ගැනීම සඳහාත් දිගුකාලීන ප්‍රතිකාර ගත යුතුය.

    මේ නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු අතර, නිතරම සායනවලට සහභාගි වීම හා තමාගේ ආහාර පුරුදු යෝග්‍ය ලෙස වෙනස් කර ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. ආහාර ගැනීම ක්‍රමවත් චක්‍රයකට අනුව සිදු කළ යුතුය. විශේෂයෙන්ම
    උදැසන ආහාරය නොවරදවාම නිසි වේලාවට ගැනීම ඉතාම වැදගත් වේ.

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මිග්‍රේන් ගැන විස්තර තියෙනවනම් දෙන්න.....

    ඉරුවාරදය

    ඉරුවාරදයේ ස්වාභාව

    ඉරුවාරදය හෙවත් ‛මිග්‍රේන්’ ඉතාමත් බහුලව දැකිය හැකි රෝගයකි. අප සායන වලදී දකින්නට ලැබෙන බහුලතම හිස කැක්කුම මෙය වේ.ඉරුවාරදය ගැන අපට අහන්න ලැබෙනුයේ අද ඊයේ සිට නොවේ.එය, මානව ශිෂ්ඨාචාරය තරම් පැරණි ඉතිහාසයක් ඇත්තකි.

    ක්‍රිස්තු පූර්ව 1200 තරම් එපිට දී ඉරුවාරදය පිළිබඳ විස්තර ඊජීප්තුවේ දී පැපිරස් පත්‍රවල පවාද සටහන් විනි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කොට ඇති බව අතීත වාර්තාවල සටහන්ව තිබේ.

    ඉරුවාරදය හෙවත් මිග්‍රේන් යනු කුමක්ද? ඉරුවාරදය යනු වැරදි හැඳින්වීමකි.

    ඉර එළියේ බලපෑමක් නෑ

    බොහෝ දෙනකු හිතනුයේ මෙය ඉර එළියේ බලපෑමක් නිසා ඇති වන රෝගයක් යනුවෙනි. රෝගයට හේතුව ඉරුඑළියේ බලපෑමක් නොවේ. මොළයේ ඇතිවන වෙනස්කමකි.

    මේ වෙනස්කමේ ප්‍රතිඵලය ලෙසින් ඇතිවෙන්නේ හිසරදය වේ. හිසරදය යනුවෙන් හැඳින්වුවද එය සාමාන්‍ය හිස කැක්කුමට වඩා තරමක් වෙනස් වේ.

    මෙහිදී වේදනාව ඇතිවන්නේ මුළු හිස පුරාම නොවේ. හිසේ පැත්තක පමණි. හිසේ පැත්තක ඇතිවන වේදනාව යන තේරුම ඇතිව කාලයක් මෙය හෙමි ක්‍රේනියා ලෙසින් හැඳින්වෙනු ලැබීය.

    සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන පරිදී ජනගහණයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා ප්‍රමාණයක් ඉරුවාරදයෙන් පීඩා විඳිති.

    විශේෂයෙන් පාසල් වයසේ තරුණ තරුණියන් තුළ මේ රෝගය බහුලව දැකිය හැකි බව පෙනී ගොස් ඇත. මෙය ස්ත්‍රී පක්‍ෂයට වැඩිපුර වැළඳෙන රෝගයක් බවද සොයා ගෙන ඇත.

    සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන පරිදි ගැහැනුන්ට ඉරුවාරදය ඇතිවන තරම් පිරිමින්ට ඉරුවාරදය ඇතිවන තරම මෙන් දෙගුණයක් වෙන බව පෙනී යති.

    ඉරුවාරදයට හේතු

    කපාලය තුළ මෙන්ම කපාලයෙන් පිටතට ඇති රුධිර නාළවල සිදුවන වෙන්වීමක් නිසා මෙය ඇති වේ.
    මේ රුධිර නාලවල සිදුවන වෙනස්වීමට හේතුව හිස්ටමීන, නොඇඩ්‍රිනලීන්, සෙරටොනින් වැනි රසායනික ද්‍රව්‍යවල වෙනස් වීමෙහි ප්‍රතිඵලයක් බව පෙනී ගොස් තිබේ.

    ඉරුවාරදය - ලක්ෂණ

    · මෙය වරින් වර ඇතිවන හිසරදයකි.

    · හිසරදය වැළඳෙන අවස්ථා දෙකක් අතර කාලය තුළදී රෝගියා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයේ පසුවේ.

    · රෝගය ඇති වන්නට පෙර අනතුරු හැඟවීමේ ලක්‍ෂණ පහළ වේ.

    · සමහර අයට මෙම හිසරදය හටගැනීමට විනාඩි 10කට 15කට පෙරාතුව ඇස් පෙනීම අඩුවී යති.

    · ඇතැම් විට දීප්තිමත් ආලෝකයක් පෙනිය හැක.

    · දෘෂ්ඨි පරාසය කලින් තිබුණු මට්ටමෙන් හරි අඩක් බවට පත්විය හැක.

    · ඇතැම් විට සිරුරේ එක පාර්ශ්වයක් හිරිවැටෙති.

    · අනතුරු ඇඟවීමේ ලක්‍ෂණ ඇති වී විනාඩි දහයකින් පමණ තදබල හිසරදයක් හටගනී.

    · මේ හිසරදය හරියටම යමකින් අනිනවා වැනි ඉතාමත් තදබල වේදනාවකි.

    · ඒ සමගම දැඩි විඩාපත් ගතියක් හා නිදිමතක් දැනේ. ඇතැම් විට වමනය එන ගතියද තිබේ. කෑම අරුචිය ඇනේ.

    · ආලෝකය දෙස බැලීමට අපහසු ගතියක් දැනේ.

    · හිසරදය පවතින කාලසීමාව පැයක පමණ සිට දවසක් දෙකක් වුවද විය හැක.

    · ඉන්පසු සාමාන්‍ය තත්ත්වයට පැමිණේ.

    ඉරුවාරදය ඇති විට කළ යුත්තේ කුමක්ද ?

    රෝගය සුළු වශයෙන් ඇතිවිට පැරසිටමෝල් වැනි සුළු වේදනා නාශකයකින් හිසරදය පාලනය කරගැනීමට පුළුවන. එහෙත් බොහෝවිට ඉරුවාරදය සඳහාම විශේෂයෙන් භාවිතා කරන ඖෂධීය ප්‍රතිකාර භාවිතා කරන්නට සිදුවේ. වෛද්‍ය උපදෙස් මත එම ඖෂධ භාවිතා කිරීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට මං පාදගත හැකිවේ.රෝගය ගැන මතක තබාගත යුතු තවත් වැදගත් කරුණක් තිබේ. බොහෝ විට ඔබ ගන්නා ආහාර පාන, ඔබේ මානසික තත්ත්වය හා වෙනත් පුරුදු ඉරුවාරදය කෙරෙහී බලපාන බැව් සොයාගෙන ඇත.

    ඉරුවාරදය කෙරෙහි බලපාන ආහාර වර්ග පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වීමට ඉඩ තිබේ. විශේෂයෙන් චෙක්ලට්, මාළු, මාස්, කිරි, පැණිරස වැනි ආහාර පාන ඉරුවාරදය ඇති කරන්නට මුල්වන ආහාර වර්ග අතර මුලින්ම කියැවේ.

    මත්පැන් හා දුම්වැටි ඉරුවාරදය වැඩිකරන බව ප්‍රකට සත්‍යයකි. ආහාර ගැනීමේදී ප්‍රවේශම්වීම වැදගත් බව දැන් අපි දනිමු. පරක්කුවී ආහාර ගැනීමේදීද, කුසගිනි සමගද හිසරදය ඇති වේ. විවේකය නැතිකම, නිදි මැරීම, දුර ගමන් යාම ආදී අවස්ථාවලදී හිසරදය ඇති වේ. මෙම හිසරදය ඇතිවූ විට තරහයාම, නුරුස්සනා ගතිය ඇතිවේ. එවැනි අවස්ථාවලදී රෝගියා වේදනා නාශක පෙති පානය කර විවේක සුවයෙන් ගත කළ යුතු වේ.
     
    • Like
    Reactions: sampathrathnayake

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach

    ස්තුතී මිත්‍රයා.....repped ++