ගැහැණුන්ගේ ගෞරවය ගැහැණු විසින්වත් රැක දෙ

Apr 25, 2018
219
11
0
colombo
ගැහැණුන්ගේ ගෞරවය ගැහැණු විසින්වත් රැක දෙ

අද ඇත්තේ එදා තිබු ඒකාකාරී සමාජය නොවේ. මුදල් පසුපස දුවන අඩියෙන් අඩියට ඉහලට යන්නට මාන බලන මිනිසුන් සිටින සමාජයකි. මනුෂ්‍යාට පමණක් නොව සතා සිවුපාවන්ට පවා ආදරය අනුරාගය ඇති වේ. එහෙත් තමා ආදරය කරන ගැහැණිය සමඟ මේ ලෝකයේ ඉදිරියට යන්නට නොහැකි බව හැඟුණු විට ඇයට කුමක් උවත් ඇගෙන් මිදී ජිවන තරගයට මුහුණ දීම පිරිමින්ගේ අපේක්ෂාවයි.
අද මිල මුදල මත සියලු දේ තීරණය වන ජිවන ගමනේ හැදු වඩු මවුපියන් පවා අතහැරීමට දරුවෝ සුදානම්ව සිටි. එසේ නම් ජිවිතයේ මග දුරකදී හමුවන ගැහැණිය ඔවුනට එක මංසලකුණක් පමණි. ඇය ඔහුගේ ගමනට ඉනිමගක් නොවන්නේ නම් ඇගෙන් ලබාගත හැකි දේ රැගෙන අතහැර දැමීමට පිරිමින්ට හැකිය. අද සමාජය හැඩ ගැසී ඇත්තේ එසේය. මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයට පොදු වූ කරුණකි. එහෙත් මෙවැනි අවස්ථාවක අසරණ වන්නේ පිරිමියා නොවේ. ගැහැනියයි.

දරුවෙකු බිහිකරන්න දුක් විදින අම්මාට ඒ දරුවා ජිවත් කරන්නට අනෙක විද දුක් ගහට විදීමට සිදුවේ. පියෙක් නැති දරුවෙකුට “අවජාතක” යන හංවඩුව ගැසීමට සමාජය බලා සිටි. එසේනම් සිදු වූ සුළු වැරද්දකින් ඒ මුද්‍රාව ලැබීමට දරුවෙකු බිහිකිරීමට මවක් අකමැතිය. වැරැද්ද වුයේ ගැහැණිය අතින් පමණක් නොවේ. ඒ වැරැද්දට පිරිමියාත් සම්පුර්ණ වැරදිකරුවෙකු වේ. එසේනම් බිලිදුන් මහමග දමා යන්නට නිතිය ක්‍රියාත්මක විය යුත්තේ ගැහැණිය හා පිරිමියා යන දෙදෙනාටම එක සමානවය. නිතිය සැකසිය යුත්තේ එතැනටය.
පිරිමියා උසස් කර පුදන්නට ලාංකීය සමාජය සදී පැහැදී සිටිති. තම පුතු කොතරම් වැරදි කර පැමිණියත් නාවා ගෙටගත් පසු ඒවා අවසන් වන බව අපේ අම්මලාගේ මතයයි. පුතුන් බිහිකරන්නේ අම්මලයි. එසේම දියණියන් බිහිකරන්නේත් ඒ අම්මලයි. ඒ මවුවරුන් අතින් බිහිකළ පුතුන් අතින්ම දියනියන් කෙලෙසනවා නම් එසේ පුතුන් නාවා ගෙට ගැනීම සුදුසුද? ගැහැණියකගේ ආරක්ෂාව ගැහැණියකගේ ගෞරවය රැකිය හැක්කේ තවත් ගැහැනියකට පමණි.

අම්මා කෙනෙකුට පුතෙකුගේ සිත් වෙනස් කල හැකිය. ඔබේ කුඩා පුතුට පවුල තුලදීම කුඩා කල පටන් තමන්ගේ සහෝදරියට ගරුකරන්න උගන්වන්න. ඔවුනට ගැහැණියකගේ, මවකගේ අගය, වටිනාකම කියා දෙන්න. එය මුළු මහත් පරපුරටම ඔබ කරන සේවයකි. ගැහැණියකගේ අගය කුඩාකල පටන් වටහා, හඳුනා ගන්න පිරිමියෙකු අතින් ගැහැනියකට දුකක් හිමි නොවේ. පිරිමියෙකුගේ ඇසකින් ගැහැනියක් දෙස බලන විට ඇය අම්මා කෙනෙක් නැතිනම් සහෝදරියක් ලෙස බලන ඇස සකස් කල හැක්කේ අම්මාට මිස ලෝකයේ වෙනත් කිසිවෙකුට නොවේ. එය නීතියට කල නොහැක. අධ්‍යාපනයට කල නොහැක. එය කල හැක්කේ අම්මාටය.
ඔබ අම්මා කෙනෙකු වන්නට ඇත. ඔබේ පුතා ආදරය කරන ගැහැණියට වත්කම් දේපල නැතුවා වන්නට පුළුවනි. ඔබේ පුතුට ඇය නොගලපෙනාවා යයි සිතෙනවා ඇති. ඇයත් ගැහැනියක් බව සිතන්න. ඇය දියණියක් ලෙස නිවසට ගන්නට ඔබට හැකි විය යුතුය. නැතිනම් ජිවිතයේ අතරමන් වන්නේ ඔබ වැනි තවත් ගැහැනියක් බවත් ගඟක හෝ ඇලක පාවෙන්නේ ඔබේ පුතුගේ ලෙයින් උපන් කිරිකටියෙකු බවත් අමතක නොකරන්න. ගැහැනියකට වන අකටයුතුකම් රටේ පවතින නිතියට නොව , නීතියේ දෙවගනගේ දෑස් බැඳ ඇන්දිල්ල දිගු කරන ස්ථානයට වැරැද්ද පටවුනත් ගැහැනියකට සාධාරණයක් ඉටු කල හැක්කේ තවත් එක් ගැහැනියකට පමණි.
ගැහැණිය ආදරය තුල රැවටීමට ලක් කරන පිරිමියා නියම පිරිමියෙකු නොවේ. දරුවෙකු මහමග දමා යන අම්මා කෙනෙකු දෙස සමාජය බලන්නේ “අම්මා කෙනෙකු දරුවෙකු දමා යනවා ” යන මතයෙනි. එහෙත් එසේ වන්නට හේතුව කුමක්දැයි කිසිවෙකු නොවිමසයි. එසේ වන්නට හේතුව සමාජයම නොවේද? අවජාතක දරුවෙකු වදන්නට සිදු වූ වැරදුනු ගැහැනියක ලෙස ජිවත් වන්නට කිසිදු ගැහැනියක කැමති නැත. ඒ ගැහැණියට වැරදෙන්නට හෙතු වුයේ තවත් ගැහැනියකගෙන් උපන් පුතෙකු බව සිතන්නට සමාජය අපොහොසත් නිසාය.
ඒ තැනට සිතන්නට අපි අපොහොසත් වන තුරු ගැහැණියකගේ ගෞරව නිසිපරිදි ලැබේ යයි සිතීම විහිලුවකි.http://thewoman.lk/do-womens-respect-for-women/
 

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ගැහැණියකට ආදරය යයි බොරු කර රැවටීමට ලක් කරන පිරිමියා නියම පිරිමියෙකු නොවේ උ *න්නයෙකි. :yes:

    අමු ම අමු *න්නයෙකි :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගැහැණියකට ආදරය යයි බොරු කර රැවටීමට ලක් කරන පිරිමියා නියම පිරිමියෙකු නොවේ උ *න්නයෙකි. :yes:

    අමු ම අමු *න්නයෙකි :yes:

    එතකොට ඒ වැඩේම කරන ගෑණියෙකුට කියන්නේ මොකක්ද
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    එතකොට ඒ වැඩේම කරන ගෑණියෙකුට කියන්නේ මොකක්ද


    ගොඩක් උං ඔක්කොම එකවගේ ගෑණුද පිරිමිද අදාළ නෑ :angry: ඔක්කොම සුරංගනා කතා වැඩේ කරගන්නකන් විතරයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ගොඩක් උං ඔක්කොම එකවගේ ගෑණුද පිරිමිද අදාළ නෑ :angry: ඔක්කොම සුරංගනා කතා වැඩේ කරගන්නකන් විතරයි

    මම අහන්නේ එහෙම කරන පිරිමියා අමු පොන්නයෙක් නම්,එහෙම කරන ගෑණිට කියන්නේ මොකක්ද කියලා?