..::[ගැහැණු කම ශාපයක්]::..
ගැහැණු කම ශාපයක් වුණු නේපාල කාන්තාවෝ
නිම්මි මුදිතා හේරත්.
ඉරිදා දිවයින
10.09.2017
වයස අවුරුදු දාහතක් වුණාට ලක්ෂ්මි දරුවෙකුත් ඉන්න අම්මා කෙනෙක්. දරුවගෙ වැඩ සේරමත් කරන ගමන්, ගෙදර දොර වැඩත් කරල, සැමියගෙත් නැන්දම්මගෙත් මාමන්ඩිගෙත් වැඩ කරලා, ගේ දොර අස්පස් කරලා, උයලා පිහලා, රෙදි සෝදලා ලක්ෂ්මි වැඩ කන්දක් කරනවා.. හැමදාමත් ස්වාමියාගෙ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන ලක්ෂ්මිට හැමෝම ආදරයෙන් ගෞරවයෙන් සලකවා, රැකබලාගන්නවා කියලද හිතන්නෙ..? නෑ. මාසයකට දවස් කීපයක් ලක්ෂ්මිව ගෙදරින් පිටුවහල් කරනවා.. ඒ අවාසනාවන්ත දවස් කීපය තමයි ලක්ෂ්මිගෙ මාසික ඔසප්වීම සිද්ද වෙන දවස්.. ඒ දවස් වලට ගෙදර අය වුණත් සලකන්නෙ ලක්ෂ්මි අපිරිසිදු කෙනෙක් කියලා.. ඒ දවස් වලට ගෙදර ඉන්න අයව අල්ලන්නවත්, ගෙදර අයත් එක්ක කතා කරන්නවත් ලක්ෂ්මිට අයිතියක් නෑ. ගෙදර කුස්සියට ඇතුල් වෙන්නවත්, පූජා කාමරයට ඇතුල් වෙන්නවත් තහනම්.. කොටින්ම ගෙදරට ඇතුල් වෙන්නත් තහනම්. ගෙදර ඇති කරන සතෙකුවත් අල්ලන්නත් තහනම්. ඒ නිසා ලක්ෂ්මිගෙ ගෙදර අය ලක්ෂ්මිව ගෙදරින් පිටමං කරලා දානවා.. ගෙදරින් පිටමං වෙන ලක්ෂ්මි යන්නෙ ගෙදරින් තරමක් ඈත තියෙන කැලෑවට.. ඒ කැලෑවෙ ලක්ෂ්මීම ලී කෝටු වලින් අටවගෙන කොල අතු වලින් ආවරණය කරගත්තු පුංචි පැල්පතක් තියෙනව.. මාසික ඔසප්වීම නතර වෙනකල් ලක්ෂ්මි ජීවත් වෙන්නෙ ඒ පැල්පතේ.. ශරීරයෙ ඇටකටුත් ගල් ගැහෙන තරම් සීතලේ, මැසි මදුරුවො, සර්පයො ඉන්න වනාන්තරයෙ, තනියට පුංචි ගිනිමැලයක් විතරක් තියෙන පුංචි පැලක අන්ධකාරේ ගෙවන රෑ කාලවල් හරිම භයංකාරයි. අවදානම්. ඒත් මාසික ඔසප්වීම නතර වෙනකල් ඒ අවදානමට මූණ දෙන්න ලක්ෂ්මිට සිද්ධ වෙනවා. ලක්ෂ්මිට ආයෙත් ගෙදර යන්න අවසර ලැබෙන්නෙ ඔසප්වීම නතර වුණාමයි. ගෙදර ගියත් ආයෙමත් ඊලග මාසෙ ඔසප්වීම පටන් ගන්නකොට ලක්ෂ්මිට ගෙදරින් පිටමං වෙන්න සිද්ධ වෙනවා.. හැමදාමත් ලක්ෂ්මිගෙ උරුමය මේක තමයි..
ලක්ෂ්මිගෙ විතරක් නෙවෙයි. නේපාලයෙ ඉන්න ලක්ෂ ගණන් කාන්තාවන්ගෙ උරුමයත් ඒකයි. මාසික ඔසප්වීම දවස් වලට ගෙදරින් පිටුවහල් කරන එක.. ඒක ඒ රටේ චාරිත්‍රයක්. ඒ චාරිත්‍රයෙ නම “චවුපාදි.“
“චවුපාදි“ කියන්නෙ කාන්තාවන්ගෙ මාසික ඔසප්වීම ගැන හින්දු ඇදහීම් වලදි කෙරෙන තහනමක්. මේ චාරිත්‍රය අවුරුදු සිය ගණනක් තිස්සේ පැවතගෙන එන එකක්. කාන්තාවකගෙ මාසික ඔසප්වීමේදි පිටවෙන රුධිරය අතිශයින්ම අපිරිසිදුයි කියලා තමයි ඒ හින්දු ඇදහීම් වලදි සැලකෙන්නෙ. ඒ නිසා ඔසප්වීම සිද්ධ වෙච්ච කාන්තාවත් කිලිටි කෙනෙක් කියලයි සලකන්නෙ. ඔවුන්ව ඒ දවස් වලට කොයි තරම් පහත් කරලා සලකනවද කිව්වොත් ඒ රටේ තියෙන කුල භේදයට අනුව පහත්ම කුලයේ කෙනෙක් විදිහටයි මේ ගැහැණු අයට සලකන්නෙ.
ඒ හින්දු චාරිත්‍ර වලට අනුව නම් මේ දවස් වලට කාන්තාවන්ට තමන්ගෙ සාමාන්‍ය දින චර්යාව අනුව කටයුතු කරන්න බෑ. අනිත් අයත් එක්ක කිසිම විදිහකින් ගනුදෙනු කතාබහ තියාගන්නත් බෑ. ඒ නිසා මේ චාරිත්‍රයෙන් ඔසප් දින ඇතිවුණ කාන්තාවන්ට තමන්ගෙ පවුලෙ අය වගේම අනිත් අයත් එක්කත් කතා කිරීමත්, කිසි කෙනෙකුව ස්පර්ශ කිරීමත් තහනම් කරලා තියෙනවා. ඒ වගේම කිරි හරකුන්ව, එළුවන්ව වගේ ගෙදර ඇති කරන සත්තුන්ට අත තියන්නත් මේ කාන්තාවන්ට තහනම්. එහෙම කළොත් ඒ කාන්තාවගෙ ස්පර්ශය විදපු අයත් අපිරිසිදු වෙනවා කියලයි කියන්නෙ. ඒ වගේම කොල පැහැති එළවලු වලට, පලතුරු වලට, කෑමට ගන්න කිසිම ශාඛ වර්ගයකට අත තියන්නවත් තහනම්. මේ කාන්තාවන්ට මේ කාලසීමාවේදී කිරි බීමත් තහනම්. කිසිම කිරි ආහාරයක් ගන්න එකත් තහනම් කරලා තියෙන්නෙ.
ගෙදර මුළුතැන්ගෙයට ඇතුලු වෙන්නවත්, පූජා පවත්වන කාමරය පැත්තටවත් යන්නවත් තහනම්. කොටින්ම ඔසප් වෙන දින තුන හතරට මේ කාන්තාවන්ට තමන්ගෙම ගෙදර තහනම් කලාපයක් වෙනවා. ඔසප් වීම ආරම්භ වෙන දවසෙම මේ ගැහැණු උදවියව තමන්ගෙ ගෙදරින් පිටමං කෙරෙනවා. ඔසප් නැවතිලා නාලා පිරිසිදු වෙනකල් මේ ගැහැණු උදවියට සිද්ධ වෙනවා ගෙදරින් පිට පුංචි පැලක, මඩුවක තනියම ජීවත් වෙන්න.
ගෑණු උදවිය මේ චාරිත්‍රය පිලිපැද්දෙ නැත්නම් දෙවියන් කෝප වෙලා ඒ ගැහැණු කෙනාට වගේම එයාගෙ පවුලටත් දඩුවම් කරන බව නේපාලයෙ හින්දු අය විශ්වාස කරනවා. කාන්තාවක් මේ චාරිත්‍රයට ගරු කළේ නැතිනම් දෙවි වරුන් එයා ගැන කෝප වීමෙන් එයාගෙ පවුලෙ අයට අකල් මරණ, අස්වනු පාලුවීම්, දුප්පත්වීම ඇතුලු සෑහෙන අපල උපද්‍රව වලට මූණ දෙන්න සිද්ධ වෙන බව තමයි ඒ පලාත් වල අයගේ විශ්වාසය.
ඔසප් වීමෙන් අපිරිසිදු වෙච්ච ගැහැණු දරුවන් පොත් පත් ඇල්ලුවොත්, ලියන කියන වැඩ කටයුතු කලොත් සරස්වතී දෙවියන් කෝප වෙලා ඒ අයගේ පවුල් වල අයටත් ඥාණය නොදෙන බව සමහර පලාත් වල අය තදින්ම විශ්වාස කරන බවත්, ඒ නිසා නේපාලයෙ මේ දුෂ්කර ගම්මාන වල ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට අත් වෙලා තියෙන්නෙ හරිම දුක්බර ඉරණමක් කියලත් 2011 නේපාලය පිළිබදව එක්සත් ජාතින්ගේ සංගමයේ වාර්තාවෙ සදහන් වෙලා තියෙනවා.
ගොඩක් වෙලාවට අත් හැර දැමුණු හරක් මඩු තමයි මේ ගැහැණු උදවියට ඒ දවස් කීපයට සෙවණ දෙන්නෙ. ගෙදරින් පුලුවන් තරම් ඈතට වෙන්න හදලා තියෙන මඩුවකට, එහෙමත් නැතිනම් ගෙදරින් ඈතට වෙන්න තියෙන ලදු කැලෑවකට තමයි මේ ගැහැණු අයව පිටමං කෙරෙන්නෙ. හිමාල කදු වැටිය ආසන්නයෙ තියෙන නේපාලයෙ ගම්මාන වල ශීත කාලයට තියෙන අධික සීතලත් එක්ක මේ වගේ මඩුවක රැය පහන් කරනව කියන එක කොයි තරම් දුෂ්කර අත්දැකීමක්ද කියලා හිතාගන්න පුලුවන්ද.?
තමන්ගෙ ගෙදරින් ඈතට වෙන්න, වනාන්තරයට කිට්ටු තැනක, වනාන්තරයක් ඇතුලෙ තියෙන අනාරක්ෂිත මඩු වල රැය පහන් කරන එක ගැහැණු කෙනෙකුට කොහෙත්ම ප්‍රසන්න අත්දැකීමක් වෙන්නෙ නෑ. මේ චාරිත්‍රය නේපාලයේ ගැහැණුන්ව බියපත් කරන දඩුවමක් වගේ.
“හැම මාසෙකම ඒ දවස් වලට මම හරිම බයයි. ඒ දවස් ටිකට හරක් මඩුවේ නවතින එක ලේසි වැඩක් නෙවෙයි. ගොම ගදයි ගව මුත්‍රා ගදයි හැම තැනම. කලුවරේ තනියම ඉන්න මට හරිම බය හිතෙනවා. මම නිදාගන්නෙ පිදුරු ගොඩේ. නින්ද ගියාම හරක් මාව පාගගෙනත් යනවා. මේ දවස් ඉවර වෙනකල් මමත් එළදෙනකට දෙවෙනි නෑ. ඒත් මොනව කරන්නද.? ගෙදර යන්න බැහැනේ. අපි ගෙදරට ඇතුල් වුණොත් දෙවියන් කෝප වෙනවා. අපේ ගෙවල් වල අයවත් ලෙඩ කරවනවා. ඒත් ඒ දවස් වලදි මට හිතෙන එකම දේ තමයි... මම ගැහැණියෙක් වෙලා ඉපදුණේ නැතිනම් මොන තරම් හොදද කියලා..“ බටහිර නේපාලයේ අචාම් දිස්ත්‍රික්කයෙ ගර්ජා කියන ගම්මානයෙ ඉන්න සොෆල්ටා රොකායා කියන අවුරුදු දාසයක තරුණ ගෑණු ළමයා චවුපාදි ගැන කියන්නෙ එහෙමයි.
මේ චාරිත්‍රය නිසා කාන්තාවන්ට වෙන අසාධාරණකම් ගොඩයි.
පළවෙනිම කාරණේ තමයි මේ චාරිත්‍රය නිසා ගැහැණු අය විදින මානසික පීඩනය. අපිරිසිදු කෙනෙක් විදිහට සමාජයෙන් විතරක් නෙවෙයි තමන්ගෙම පවුලෙනුත් කොන් වෙන එකෙන් ඔවුන් විදින්නෙ හරිම දුකක්. මාසික ඔසප් වීම කියන්නෙ කාන්තාවකගෙ අතිශයින් පෞද්ගලික දෙයක්නෙ. ඒ පොද්ගලික කාරණාව මේ චාරිත්‍රය නිසා මුලු සමාජයක් ඉදිරියෙ ප්‍රදර්ශනය වෙන එකෙන් ඒ කාන්තාවට ඇති වෙන අවමානය.. හැම මාසෙකම දවස් ගාණක් කාත් එක්කවත් කතා බහ නොකර, තමන්ගෙම පවුලෙ අයගෙන් පවා ඈත් වෙලා ඉන්න සිද්ධ වෙන එකේ තනිකම.. දොරක් ජනේලයක් පවා නැති අනාරක්ෂිත මඩුවක, තට්ට තනියම රෑ කාලවල් ගත කරනකොට දැනෙන බය.. මේ හැමදේම නිසා කාන්තාවන් ලොකු මානසික පීඩාවක් විදිනවා.
ඒ වගේමයි මේ චාරිත්‍රයෙන් කාන්තාවන්ගෙ සෞඛ්‍යයට ඇති වෙන තර්ජනය.. ඔසප් වෙන කාලසීමාවේදි මේ කාන්තාවන්ට කිරි, කිරි ආහාර, කොළපාට එලවලු, පළතුරු ලැබෙන්නෙම නෑ. ඒ වගේම වතුරත් ලැබෙන්නෙ හරිම අඩුවෙන්. ඔසප් වලින් කිළිටි වෙච්ච කාන්තාවක් ලිදකින් වතුර ගත්තොත් ඒ ලිදේ වතුර හිදිලා යනවා කියලා නේපාලයෙ සමහර පලාත් වල මිනිස්සු විශ්වාස කරන නිසා මේ අයට බොන වතුර ලබා ගන්න තියෙන ඉඩකඩත් අඩුයි. ඒ නිසා මේ කාන්තාවන් ශාරීරිකව දුර්වල වෙනවා. ඒ වගේම මාසෙකට දවස් ගාණක් අධික ශීතලට, පායන කාලෙදි නම් රස්නෙට නිරාවරණය වෙන නිසා මේ කාන්තාවන්ට පහසුවෙන්ම රෝග වැලදෙනවා.
ඒ වගේම තමයි මේ කාන්තාවන් මූණ දෙන අනාරක්ෂිත අවදානම් තත්වය. මේ කියන “ඔසප් මඩු“ තියෙන්නෙ ගොඩක් වෙලාවට හුදකලා ස්ථාන වල. මේ අයගෙ නිවාස වලින් ඈතට වෙන්න.. වනාන්තරය ඇතුලේ නැතිනම් වනාන්තරය කිට්ටුවට වෙන්න. ඒ වගේ අනාරක්ෂිත මඩුවක තට්ට තනියම දවස් ගානක් ජීවත් වෙන කාන්තාවන්ගෙ ජීවිත වලට එල්ල වෙන අවදානම ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනෙ. සාමාන්‍ය පරිසරයෙ ඉන්න මැසි මදුරුවන්ගෙ ඉදන් කැලේ ඉන්න විෂකුරු සර්පයින්ගෙ පවා දෂ්ඨන වලට මේ කාන්තාවන් නිරාවරණය වෙනවා. කැලේ ඉන්න විෂකුරු සර්පයින්ට වඩා විෂකුරු මිනිස් සතුන්ගේ අතවර වලටත් මේ කාන්තාවන් ලක් වෙනවා. බොහොමයක් වෙලාවට බීමත් සල්ලලාලයින් මේ “ඔසප් මඩු“ වල ඉන්න කාන්තාවන් බිලි ගන්න බව අහන්න ලැබෙනවා.
කාත් එක්කවත් කතා කරන්නත් අවසරයක් නැති නිසා, කාත් කවුරුවත් නැතිව තනියම මේ වගේ මඩුවක ඉන්න වෙලාවක මේ කාන්තාවකට හදිසි අසනීප තත්වයක් ඇති වුණොත් ඔවුන්ගේ ජීවිත අවදානමේ. ඒ වගේමයි විෂකුරු නාගයින් ගෝනුස්සන් දෂ්ඨ කිරීමෙන්, වන සතුන්ගේ ප්‍රහාර වලට ලක්වීමෙන්, එහෙමත් නැතිනම් ඔවුන්ම දල්වපු ගිනිමැලයක ගින්දරට විෂ දුමට අහු වෙලා කාන්තාවන් මේ “ඔසප් මඩු“ ඇතුලෙම මැරිලා ගියපු අවස්ථාවනුත් බහුලයි. “චවුපාදි“ චාරිත්‍රය නිසා මැරෙන කාන්තාවන් ගණන හැම අවුරුද්දකම කිසිම අඩුවක් නම් නෑ.
නේපාලයෙ කාන්තාවන්ට තමන්ගෙ ගෙදරින් පිටුවහල් වෙන්න සිද්ධ වෙන්නෙ ඔසප් වෙන කාලසීමාවෙදි විතරක් නෙවෙයි. වැඩිවිය පැමිණෙන දැරියන්ටත්, දරුවෙකුට උපත දෙන අම්මා කෙනෙකුටත් තමන්ගෙ ගෙදරින් දවස් දහයකට දොලහකටවත් පිටමං වෙලා මේ වගේ හුදකලා මඩුවක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දැරියක් වැඩිවිය පැමිණෙන එකත්, දරුවෙක් ලබන එකත් දෙකම ඔසප් වීම තරම්ම අපිරිසිදු දෙයක් කියලා තමයි නේපාලයෙ ආගමික විශ්වාස වලින් සැලකෙන්නේ. ඒ නිසා ලාබාල දැරියනුත්, දරුවන් බිහි කරන අම්මලාත් අර කලින් කියපු විදිහේ ජීවිත අවදානමට ලක් වෙනවා.
ඒ නිසා මේ චාරිත්‍රය හේතුවෙන් සාමාන්‍යෙයන් සිද්ධ වෙන කාන්තා මරණ වලට අමතරව මාතෘ හා ළමා මරණත් සැලකිය යුතු තරම් වැඩි මට්මකින් සිද්ධ වෙනවා කියලායි එක්සත් ජාතින්ගේ සංගමයෙ වාර්තා වල සදහන් වෙන්නේ.
මේ හැම දේටමත් අමතරව නේපාලයෙ ගැහැණු දරුවන්ට මේ චාරිත්‍රය නිසා තවත් බරපතල හිංසනයකටත් මූණ දෙන්න සිද්ධ වෙනවා.
දැරියකගෙ පළවෙනි ඔසප්වීම සිද්ද වුණාට පස්සෙ, එහෙමත් නැතිනම් වැඩිවිය පැමිනුණාට පස්සෙ ඒ දැරියත් අපිරිසිදුයි කියලයි නේපාලයෙ සලකන්නෙ. ඒ නිසා වැඩිවිය පැමිණෙන්න කලින් දැරියක් විවාහ කරගන්න එක දෙවියන් සතුටු කරවන වැඩක් කියලත්, එහෙම දැරියන් විවාහ කරගන්න පවුලට දේවාශීර්වාදය ලැබෙනවා කියලත් නේපාලයෙ සමහර පලාත් වල විශ්වාසයක් තියෙනවා. මේ හේතුව නිසාම නේපාලයේ ළමා විවාහ සංඛ්‍යාවත් ඉහල යනවා. ළමා විවාහත්, චවුපාදි චාරිත්‍රයත් අතර ලොකු සම්බන්ධයක් තියෙන බව 2017 FotoEvidence book award සම්මානය දිනපු “A Ritual of Exile: Blood Speaks” ලියපු පෝලෝමි බාසු විස්තර කරනවා.
කාන්තාවන්ට මේ චාරිත්‍රෙයන් සිද්ධ වෙන බරපතල හිංසනය නිසාම නේපාලයේ වගේම ලෝකයේ මානව හිමිකම් සංවිධාන ගොඩක් මේ ගැන කතා කළා. ඒ කතා බහ නිසාම 2005 අවුරුද්දෙදි නේපාල මහාධිකරණයෙන් මේ “චවුපාදි“ චාරිත්‍රය තහනම් කෙරුණා.
2015 දී ගර්ජා ගම්මානය වගේ ගම්මාන “චවුපාදි රහිත කලාප“ විදිහට නම් කෙරුණා. ඒත් ගර්ජා ගම්මානය තියෙන අචාම් දිස්ත්‍රික්කයේම අචාම් කාන්තා සංවර්ධන නිලධාරිනී භග්වතී ආර්යල් කියන්නෙ නම් 138,000 ක් වෙන ඒ දිස්ත්‍රික්කයෙ කාන්තා ජනගහනයෙන් 70% ක්ම තවමත් “චවුපාදි“ චාරිත්‍රය පිලිපදිනවා කියලයි.
“චවුපාදි චාරිත්‍රය පිලි පදින්නෙ නැතිව අපිරිසිදු ගැහැණුන් ගෙවල් වල තියාගන්න පවුල් ගමෙන් කොන් වෙනවා. එහෙම ගෙදරකට ගමේ කිසි කෙනෙක් එන්නෙත් නෑ. ඒ වගේ ගෙවල් අවාසනාවන්ත ශාපලත් ගෙවල් විදිහට තමයි සැලකෙන්නෙ. ඒ හින්දා තමන්ගේ පවුලේ අයගෙ යහපත වෙනුවෙන් හැමෝටම තමන්ගෙ දුවලාව, බිරින්දන්ව ඒ දවස් වලට හරක් මඩු වලට පිටමං කරන්නම සිද්ධ වෙනවා.“ භග්වතී ආර්යල් කියනවා.
ඇත්තටම මේ ලෝකය මීට වැඩිය වෙනස් යහපත් තැනක් කරන්න නීති පනවන එකෙන් විතරක් බැහැ. මිනිස්සු හිතන විදිහයි වෙනස් කරන්න ඕන. සාම්ප්‍රදායික මිථ්‍යාවන් අත් ඇරලා මානුෂීයව ගැහැණුන් දිහා බලන්න නේපාල වැසියන් හුරු වෙන තෙක් නේපාල ගැහැණුන් “චවුපාදි“ ශාපයට ගොදුරු වේවි.

eekata lankawe un