ගැහැනිය+21

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මිනී මස් කෑ ගැහැනිය



හිසේ සහ ශරීරයේ කැපුම් සහිතව අවුරුදු 16 පමණ ළමයෙකු වාට්ටුවට ගෙනැවිත් තිබුනේය​. ඔහුට බරපතල ලෙස කැත්තකින් කොටා තිබේ. ශරීරය පුරා ගැඹුරු කැපුම් තුවාලය​.


මම රෝගියාගේ තුවාල ශුද්ද කොට ලේ වහනය නැවැත්වීම පිණිස මැසුවෙමි. තරුණ ළමයා වේදනාව නිසා කෑගසයි දඟලයි. ඇටෙන්ඩන්වරුන් වන වික්ටර් සහ ජෝතිපාල රෝගියාව අල්ලාගෙන සිටින්නේ මට මැහුම් දැමීම පහසු කිරීමටය​.


" මොකද උනේ " ජෝතිපාල තරුණ ළමයාගෙන් අසයි. රෝගියාගේ වේදනාව අඩු කිරීමටත් ඔහුගේ අවධානය වෙනතක යොමු කිරීමටත් ජෝතිපාලගේ ප්‍රශ්නය උපකාරී වෙයි.


" බාප්පා කෙටුවා " ඔහු උත්තර දෙයි.


ඇයි බාප්පා කෙටුවේ ? වික්ටර් අසයි.


" බාප්පා අම්මා එක්ක යාලු වෙලා තාත්තට හේනෙදි කොටලා තියනවා. තාත්තා එතනම මලා. ඊට පස්සේ අම්මයි බාප්පයි තාත්තගේ මස් උයාන කාලා. මම හේනට එන කොට දෙන්න එකතු වෙලා මාව අල්ලගත්තා. බාප්පා මට කැත්තෙන් කොටාන , කොටාන ගියා. මම කැති පාරවල් කාගෙන දිව්වා. අම්මා මගේ පස්සෙන් ආවා මාව අල්ල ගන්ට මම දුවලා පණ බේරගත්තා. මාව අල්ල ගත්තා නම් මාවත් මරනවා රෝගියා වේදනාවෙන් හුස්ම හෙලමින් කියයි.


අරුම පුදුම ම්ලේච්ඡ සිදුවීමකි. ගැහැනියක් තම අනියම් සැමියා එනම් සැමියාගේ සොහොයුරා සමග එක්වී සැමියා මරා දමා ඔහුගේ මස් අනුභව කොට තිබේ. තවද තම පුතා අනියම් සැමියා ලවා මරා දැමීමටද තැත් කොට තිබේ. මෙවැනි සිදුවීමක් ජාතක කතා පොතේවත් සඳහන්ව තිබෙනවාද කියා මම සිතා බැලුවෙමි.


ගම කොහේද ? ජෝතිපාල ඇසීය​.


" වහකෝට්ටේ " රෝගියා උත්තර දුන්නේ වේදනාව නිසා එන කෙඳිරිය සමගිනි.


" වහකෝට්ටේ " ජෝතිපාල එය ප්‍රතිරාව කලේය​. ඕගොල්ලෝ ආගමේද ?


තරුණ ළමයා ඔව් කියන නියායෙන් හිස සෙලවීය​.



මෙම තරුණ ළමයාගේ මව තම අනියම් සැමියා සමග එක්වී නීත්‍යනුකූල සැමියා මරා දැම්මේ මන්ද ? එයිනුත් නොනැවතී මොවුන් දෙදෙනා ඔහුගේ මස් කෑවේ ඇයි ? නීත්‍යනුකූල සැමියා බිරිඳට නිරන්තරයෙන්ම පහර දුන්නේද ? ඉහවහා ගිය කෝපය නිසා ඇය තම පුරුෂයා මරා දමා ඔහුගේ මස පිස සොර සැමියා සමග අනුභව කලේද​? අනියම් පුරුෂයා කැත්තෙන් කොටා තම සොහොයුරා මරා දැම්මේ කාන්තාවගේ ඉල්ලීම නිසාද ? තම සොහොයුරා මරා දැමීමටත් ඔහුගේ මස් කෑමටත් ඔහුට හැකි වූයේ කෙසේද ? කාන්තාවට තම පුතා සමග තිබූ ආරෝව කිම ? ඇය තම පුතාද මරා දැමීමට උත්සහ කලේ ඝාතනය වසන් කිරීමට? මවකට තම දරුවා මරා දැමිය හැකිද ?
රෝගියාගේ තුවාල මසන ගමන් මේ ප්‍රශ්න මගේ හිසේ හොල්මන් කලේය​.



විනාඩි හතලිස් පහක් පමණ එක දිගට ඔහුගේ තුවාල මසා මම ලේ ගැලීම නවතා දැමුවෙමි. ඉන්පසු වික්ටර් තුවාල මත ප්ලාස්ටර් ඇලවීය​. ඉක්බිති ඔහුව වාට්ටුවේ ඇඳක් වෙත ගෙනියන ලදි.


දින දෙක තුනකට පසුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙසටද කටයුතු කරන රෝහල් ඩී.එම්.ඕ වාට්ටුවට පැමින රෝගියා ගෙන් විස්තර විචාලේය​. ඔහු සිදුවූ බිහිසුණු සිද්ධිය විස්තර කලේය​. මෙම සිදුවීමෙන් පසු පොලිසිය විසින් එම කාන්තාව සහ අනියම් සැමියා අත් අඩංගුවට ගෙන නඩු පවරන්නට ඇත​. එහෙත් අවසානයේ සිදු වූයේ කුමක් ද කියා මම නොදනිමි.



වෛද්‍ය රුවන් එම් ජයතුංග
Link
 

priyankaH

Member
Mar 1, 2016
791
70
0
රුවන් එම්. ජයතුංග
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
රුවන් එම්. ජයතුංග
Dr Ruwan M. Jayathunga
උපත කොළඹ ලංකාව
නිවහන කැනඩාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
අභිධාන වෛද්‍ය මනෝ චිකිත්සක
ආගම බෞද්ධ
වෛද්‍යවරයෙකු ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුවන් එම් ජයතුංග (ඉංග්‍රීසි: Ruwan M Jayatunge) කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙසටද මිනිපේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල යන රෝහල් වල සේවය කරන ලදි. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාවද , කැනඩාවේ හම්බර් විද්‍යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්‍රතිකාර ආයතනයේ මනෝ විද්‍යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්‍රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිළිබඳ පරියේශන පත්‍රිකා කීපයක්ද පළ කොට ඇත​. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් හදාරන ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් කෘතීන් පල කොට තිබේ.
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් ඔය බ්ලොග් එක follow කරනවා එත් ලගදි යන්න බැරි උනා