අහුල ගන්නට යලිදු
දිරි නොමැති අත් ළඟම,
පැතුම් කන්දක් හෙවනෙ
බිම වැටුන හිත් දුටිමි.,
දිරි නොමැති අත් ළඟම,
පැතුම් කන්දක් හෙවනෙ
බිම වැටුන හිත් දුටිමි.,
වේදනාවෙන් ගලන
කඳුල නොපෙනෙන්න මෙන්,
සෙනෙහෙ හිමි හිත් අසල
මඟහරින නෙත් දුටිමි.,
කඳුල නොපෙනෙන්න මෙන්,
සෙනෙහෙ හිමි හිත් අසල
මඟහරින නෙත් දුටිමි.,
අතහරින්නට ලෝබ
ජීවිතය ළඟ දැවටි,
මියෙන සිනහව ළඟම
ගැහෙන හදවත් දුටිමි....
ජීවිතය ළඟ දැවටි,
මියෙන සිනහව ළඟම
ගැහෙන හදවත් දුටිමි....
නිමිත්ත :
මහරගම පිලිකා රෝහලේ රෝගී තරුණ පියෙකුඔහු බැලීමට ආ සිඟිති පුතුගේ ඳඟකාරකම් දෙස සිය බිරිඳ සමඟ සතුටින් (?) බලා හිඳිනු දිනෙකදී නෙත ගැටුනි!!


