ගැහෙන හදවත්

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla


අහුල ගන්නට යලිදු
දිරි නොමැති අත් ළඟම,
පැතුම් කන්දක් හෙවනෙ
බිම වැටුන හිත් දුටිමි.,​


වේදනාවෙන් ගලන
කඳුල නොපෙනෙන්න මෙන්,
සෙනෙහෙ හිමි හිත් අසල
මඟහරින නෙත් දුටිමි.,​

අතහරින්නට ලෝබ
ජීවිතය ළඟ දැවටි,
මියෙන සිනහව ළඟම
ගැහෙන හදවත් දුටිමි....​

නිමිත්ත :
මහරගම පිලිකා රෝහලේ රෝගී තරුණ පියෙකුඔහු බැලීමට ආ සිඟිති පුතුගේ ඳඟකාරකම් දෙස සිය බිරිඳ සමඟ සතුටින් (?) බලා හිඳිනු දිනෙකදී නෙත ගැටුනි!!
 
eweni nimitthak thamange nirmanayakata genna enna puluwannam eka koyi tharam deyakda?.
mokada sebe lesinma ownge kathawa meka newiyida?.hina wela hitiyath owun sebe lesama sis kiwa wagema"වේදනාවෙන් ගලන
කඳුල නොපෙනෙන්න මෙන්" inna nisa weni

apuruyi.hithata kaulak upadawana nirmanyak kiwoth niweradiyi.....

ps:nimiththa sadahan nokaranna meya thawath boot kathawakma wenawata seka netha...
 

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ගොඩා...ක් සුන්දර පැදි පෙළක්
දුක හිතෙනවා කතාවට
පතන්න තියෙන්නේ
සියලු සත්වයෝ නිදුක් වේවා!..... කියලයි..