ගෑණු එක්ක යාලුකම්

Donatello

Member
Jan 6, 2013
131
12
0
කාණුවේ
ගෑණු එක්ක යාලුකම්

images


ගෑණු එක්ක යාලුකම්

එක් ගමක තරුණ මිතුරියෝ දෙනෙක් සිටියහ. දෙදෙනාම අඳින්නට කැමති එක විදියේ ඇඳුම්ය. කන්නට කැමැති එකම කෑම වර්ග ය. වතුර ගෙනෙන්නට ගියේ එකම වෙලාවට එකම ළිඳටය එකටය.වෙන ගමන් බිමන් යන්නේත් එකටමය.

ඒ යාළුකම තැන කවුරුත් නිතර කතා බහ කළහ. ගමේ අය සිතා සිටින තරම් ම පුදුම යාළුකමක් ඒ තරුණියන් දෙදෙනා අතර තිබෙන බව විශ්වාස කරන්නට කැමති නොවුණු තරුණයෙක් දිනක් මෙසේ කීය:

”කවදාවත් නොකැඩෙන පුදුම යාළුකමක් ඔය දෙන්න අතර තියෙනවද කියල මම බලන්නං.”
තරුණයා මග බලා සිට තරුණියන් දෙදෙනා හමු විය.

”පොඞ්ඩක් නවතින්න! මට ඔය දෙන්නගෙන් එක්කෙනකුට කියන්න දෙයක් තියෙනවා.”

”දෙන්නටම ඇහෙන්න කියන්න! අපි දෙන්න හොඳටම යාළුයි.”

”බෑ! බෑ! මම එක්කෙනකුට කියන්නං! එයාගෙන් අනිත් එක්කෙනාට අහගන්න පුළුවන්.”


තරුණයා එක් තරුණිකට පමණක් ඇහෙන තරමට ළං වී, ‘ඔයා, ඔයා, ඔයා’ යි හෙමින් කියා, ඊළඟට දෙදෙනාටම ඇසෙන්නට මෙසේ ප‍්‍රශ්න කෙළේය;

”ඇහුණ ද?”

කලින් කියූ වචන ඇසුණ තරුණිය ‘ඔව්’ යි කීවාය.

තරුණයා යන්නට ගියේය. කිසිවක් නෑසුණු මිතුරිය තම මිතුරිය ඇමතුවාය.

”මොකක්ද එයා කිව්වෙ?”

”මොකුත් නෑ අනේ.!”

”එහෙනම් ‘ඇහුණද’ ඇහුවම ඔයා ‘ඔව්’ කීවෙ?

”ඇහුණ තමයි”

”මොකක්ද ඇහුණෙ?”

”‘ඔයා ඔයා ඔයා’ කීවා.

”මම, මම කීවා? ඉතින් මං ගැන මොනවද කිව්වෙ?”

”ඔයා ගැන මොකුත් කිව්වෙ නෑ.”

”ඔන්න බලන්න ඔයා බොරු කියන හැටි! මෙච්චර යාළුකමට ඉඳලත් මට කියන්නෙ නෑ මා ගැන ඒ ඉලන්දාරිය කියාපු දේ?”

”ඒ ඉලන්දාරියා ඔයා ගැන කියාපු දෙයක් නැ.”

”බොරුකාරි! මම මීට පස්සේ බොරුකාරි එක්ක ආස්සරේ කරන්නෙ නෑ.”

”මෝඩි! මමත් මීට පස්සෙ මෝඩි එක්ක ආස්සරේ කරන්නෙ නෑ.”
දෙන්නා දෙන්නාට ගස්සමින් අහක බලා ගත්හ.

ගමේ හැම දෙනාගේ ම පුදුමයට මෙන් ඉන්පසු දක්නට ලැබුණේ ඒ දෙදෙනා වෙන වෙන ම යන එන බවය.