ගෑණු ළමයෙක්ගේ හිත දිනාගන්න

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    ගෑණු ළමයෙක්ගේ හිත දිනාගන්න

    මුලින් ගෑණු ළමයගේ හිත යන මතුපිටින් පේන්න තියෙන මේ දේවල් 7 ගොඩදාගන්න; පස්සේ පර්සනැලිටිය පෙන්නන්න

    කෙල්ලෙක් සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන සම්බන්ධතාවයකට හොයන්නේ හොඳ ස්ථාවරත්වයක්, හොඳ පෞරුෂත්වයක් තියෙන කොල්ලෙක්ව. එතනදී ඇත්තටම වැදගත් වෙන්නේ සල්ලිකාරයෙක්ද නැද්ද කියන එකට වඩා ස්ථාවරත්වයක් තියෙන, අනාගතයක් පේන්න තියෙන මිනිහෙක්ද කියන එකයි. තමන්ව හොඳින් තේරුම් ගැනීමත් ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙනවා. එතනදී ගොඩක් වෙලාවට ඔය සෝ කෝල්ඩ් ‘රත්තරං හිත් තියෙන’ අය්යලා කැපිලා යනවා!

    හැබැයි එහෙම වුනත් ලෝකේ ඉන්න කෙල්ලෝ වැඩි හරියක් මුලින්ම කොල්ලෙක් ගැන හිතනකොට මතුපිටින් විතරක්ම පේන්න තියෙන දේවල් ගැනත් බලනවා කියන එක මතක තියාගන්න ඕන. ඒක ඉතින් ලෝකේ හැටි. කොහොම වුනත් අපි මේ කියන්න යන දේවල් ඔබටත් හදාගන්න පුලුවන් නම් කෙල්ල කැමති කරගන්න චැලේන්ජ් එක ගොඩදාගන්න පුලුවන්. පස්සේ පුලුවන් ඔබේ පර්සනැලිටි එක පෙන්නලා ආදරේ සීල් එක ගහගන්න.


    1. උණුසුම් හිනාවක්

    9xFDTTA.jpg


    කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පොඩ්ඩක් අවංකව හිනා වෙලා බලන්න ඔබව පේන්නේ කොහොමද කියලා? පිරිමියෙක්ගේ හිනාව කියන්නේ අනිවා කෙල්ලෙක්ගේ හිත සලිත වෙන තැනක්. හැබැයි මේ කියන්නේ බුරම්පි හිනාවකට හරි කෙල්ලෙක් වගේ කෝමල හිනාවකට නෙවෙයි. හැම වෙලාවේම හතර වටේට හිනා වෙවී ඉන්න එකත් නෙවෙයි. සීරියස් වෙන්න කියලා බුම්මගෙන ඉන්න එකත් නෙවෙයි. අවශ්‍ය මොහොතේදී නැගෙන නිර්ව්‍යාජ, උණුසුම් හිනාවකට.

    2. දිගට වවලද කොටට කපලද?

    zfBwVbN.jpg


    කොණ්ඩේ කියන්නෙත් කාන්තාවකගේ හිත යන පිරිමි අංගයක්. දැන් ප්‍රශ්නය වෙන්නේ කොණ්ඩේ දිගට වවනවද කොටට කපනවද කියන එක. ඒක එක් එක් කාන්තා හිත අනුව වෙනස් වෙනවා. ඒත් වැදගත් වෙන්නේ මනාව ‍රැක බලා ගත් කොණ්ඩයක් තිබීම. කොණ්ඩේ කපනවා කියලා ආමි කට් ගාලා හරියන්නෙත් නෑ. කොණ්ඩේ වවනවා කියලා ඔහේ අත ඇරලා හරියන්නෙත් නෑ. හරියට සාත්තු කරපු, හරි කට් එකකට තියෙන කොණ්ඩයක් තිබිය යුතුමයි.

    3. ස්පෝට්ස්මීට් කොල්ලෙක් වෙන්ඩ මෙයා

    JtpoFPL.gif


    ෆිට්නස් කියන්නේ බොහෝම දෙනෙක් අමතක කරන දෙයක්. මේකට ජිම් එක බදු අරගෙන ඉන්න ඕන නෑ. පොඩ්ඩක් උදේට ව්‍යායාම කරලා, සෞඛ්‍ය සම්පන්න කෑම ටිකක් කාලා අනවශ්‍ය විදියට කෙට්‍ටු හෝ මහත නැති ප්‍රියමනාප හැඩයක් තියෙන ඇඟක් තියෙන එක වගේම මනා ශාරීරික යෝග්‍යතාවක්, ඒ කියන්නේ ‍ෆිට්නස් තියෙන එක වටිනවා. කොයි තරම් දේවලට ‍ෆිට්නස් වටිනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

    4. ගඳ ගහන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක්!


    d7y352I.jpg


    පුද්ගලික සනීපාරක්ෂාව කියන්නේ ඕනම කොල්ලෙක් අනිවා හිතන්න ඕන දෙයක්. ඒ කියන්නේ සෙන්ට් බෝතලේ ඇ‍ඟේ හලාගෙන ටිකක් බීලා එළියට බහින එක නෙවෙයි. තමන්ගේ පිරිසිදුකම ගැන මනාව හිතන එක. විශේෂයෙන්ම අඳින ඇඳුම් පැළදුම් විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයත් හැම අංගයක්ම පිරිසිදුව තියෙනවා නම් කොල්ලෙක්ට කියන්න බැරි තරමේ ප්‍රියමනාප බවක් එනවා.

    5. පොඩ්ඩක් සුවඳට ඉන්න ඕනෙනේ!

    dY56YTN.jpg


    මේ එක්කම තමයි එන්නේ තමන්ගේ ඇ‍ඟෙන් හමන සුවඳ. එකක්, පුද්ගලික සනීපාරක්ෂාව ගැන හිතන කෙනෙක් නම්, නිරන්තරයෙන් පිරිසිදුව ඉන්න කෙනෙක් නම් වැඩක් කරලා දාඩිය දාලා හිටියත් ගඳ ගහන්නේ නෑ. ඒ වගේම තමයි හොඳ කොලෝන් එකක්, සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කිරීමත් වැදගත්. මාසෙන් මාසෙට සෙන්ට් එකේ බ්‍රෑන්ඩ් එක මාරු නොකර තමන්ට ගැලපෙන එක් සෙන්ට් වර්ගයක ඉන්න පුලුවන් නම් ඒක වඩාත් හොඳයි.

    6. ඇඳගන්නේ නැතුව අඳින්න

    zdYBRFk.jpg


    ගොඩක් තරුණයෝ කැමතියි දකින දකින විලාසිතා අනුගමනය කරන්න. විලාසිතා අනුගමනය කළාට කමක් නැහැ, තමන්ට ගැලපෙනවා නම්. තමන්ගේ ඇඳුම සහ විශේෂයෙන්ම ස්ටයිල් එක ගැන තමන්ට හැඟීමක් තියෙනවා කියලා පේන එක කෙල්ලෙක් හොට් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා මතක තියාගන්න, කලිසම පිටිපස්සේ එල්ලගෙන, තමන් වගේ දෙකක් ලොකු ෂර්ට් එකක් ඇඳගෙන ‘තද තද බ්‍රෝ’ කියාගෙන හිටියට කෙල්ලෙක් කැමති වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට ගැලපෙන්නේ මොන විලාසිතාද කියන එක හොයාගන්න.

    7. කොහේ ගියත් හේත්තුව

    Jx9axbB.jpg


    අර උඩින්ම කිව්වා වගේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානතම දේ හැන්ඩ්සම් වීම නැතිනම් අඩි හයකට වඩා උස වීම නෙවෙයි. එහෙම කොල්ලෙක් දිහා කෙල්ලෙක් හැරිලා බලයි. ඒත් දීර්ඝකාලීන සම්බන්ධතාවයකට යනකොට කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ කොල්ලෙක්ට විශිෂ්ට පෞරුෂත්වයක් තිබීම. අන්න ඒකට අනිවා වැදගත් ඔබ ඉන්න විදිය, ඔබේ විදිය. ඕන තැනකට ගිහින් ඔබ ඉන්නේ අයිනක් අල්ලගෙන ජැක් එකක් ගහගෙන නම්, එහෙමත් නැතිනම් හැම වෙලාවකට නෝංජල් ඇල් මැරුණු මූණක් දාගෙන නම් කෙල්ලෙක් කැමතිවෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. යන ඕනෑම තැනක කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ඉන්න (හැබැයි මේ කියන්නේ හැම වෙලාවේම කොස්සක් ගිල්ලා වගේ ඉන්න නෙවෙයි, ඒකටත් කෙල්ලෝ කැමති නැහැ). මේකත් ඔබට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න පුලුවන් දෙයක්. ඔබේ විලාසය, ඔබ ඉන්න විදිය.

    මේ එකෙක්වත් නැතුව ‘රත්තරං හිත්’ තිබුණට වැඩක් නෑ වගේම, මේ හැමදෙයක්ම තිබිලත් ‘හොඳ ගතිගුණ’ නැතිනම් වැඩක් නෑ කියලත් අන්තිමට කියන්න ඕන. හැබැයි අපිට ෂුවර් මේක කියවන ඔයාලා ‘එලකිරි වගේ හොඳ කොල්ලෝ’ කියලා. ඒ නිසා මේ ටික හදාගෙන බලන්න අනිවා වෙනසක් වෙන්නේ නැතිද කියලා!

    Source - අනිවා.lk

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිටනම් අදාලම නැහැ දැන් .:lol::lol:

    එත් මේකේ කෙල්ලෙක් නැ කියාගෙන නාහෙන් අඩන කොල්ලෝ වෙනුවෙන් රේප් ++
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...

    :D

    mata nam oya kiyana mokuth na.
    bada withari thiyenne.
    kellekuth na :lol:

    :lol:

    මරුසිරා;20952907 said:
    අපිටනම් අදාලම නැහැ දැන් .:lol::lol:

    එත් මේකේ කෙල්ලෙක් නැ කියාගෙන නාහෙන් අඩන කොල්ලෝ වෙනුවෙන් රේප් ++

    :yes: REP +

    :( :( :(
    ටිකක් මහතයි
    REP+++++

    :D REP +


    :) REP +

    එල බං
    මෙන්න දුන්න උබට
    රෙප්9+

    :D REP +

    owa hondai bn awurudu 20kta 21kta adu kellekwa set kragnna..anith ewunta itn salli thamai oni..

    :rolleyes::yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    mama nam sudui 6feet nisa aulak naha lankawata awath hoda job ekak unath ganna puluwan,.. podi panditha kam kiyawana adi 2k usa nathi kotek innawa.. balapan me mekata duwagana ewe,,, redooo ganna.