මම???



ෆස්ට් ඉයර් එකේ ඉමීඩියඩ් සින්නො එක්ක හම්බ වලි, රැග් එකට විරුද්ධ වෙච්ච නිසා. අඩුම තරමේ මට බොඩිෆීඩ් එකට ඉන්න දුන්නෙ නෑ උන්..........
හැබැයි උන්ට ම තේරුණා උන් වරද්ද ගත්තා කියලා. උන් ගේ බොඩි මීට්න් එකකට මට එන්න කියල “මචං අපි අතින් උඹට වැරැද්දක් වුණා ඒකට සමාවෙයන්“ කියල ප්රසිද්ධියේ කියන්න තරම් උන්ට කොන්දක් තිබුණා. අදත් මගේ බොක්කෙ ෆිට් උන් මගේ ඉමීඩියඩ් සින්නෝ.....
මම කලේ ජාතිකවාදී දේශපාලනේ එදා ඉදන් ජෙප්පො එක්ක හතර වරං මතවාදී ගැටීම්.....මරා ගත්තෙ නැතුව විතරයි...........
හැබැයි මම ඉගෙන ගත්ත එක ඇණ ගත්තෙ නෑ මචං......
ලෙචාලව දිනා ගන්න මුට්ටිය අල්ලලා වැඩක් නෑ...දිනා ගනින් කලර්ස් පෙන්නලා.......
වටේ ඉන්න උන් දිනා ගනින් හැකියාවන් පෙන්නලා.....(කොච්චර ඇර ගත්තත් ජෙප්පො මාව හොයං එනවා ස්ක්රීන් ප්රින්ට් පෝස්ටර් වලට ගැෆික් සහ අකුරු/ප්ලේට් හදා ගන්න)
ඔය ඔක්කොම ගොඩ දාගන්න නම් කලර්ස් පෙන්නපං.....
ඒකට හොදට කට්ට කාගෙන වැඩ කරපං.......
ඕය හැමෝටම ගසන්න පුළුවන් හොදම කණේ පාර තමා “මම වැටුනේ නෑ ප*නේ“ කියල රිසල්ට්ස් වලින් පෙන්වන එක......