ගෑනි & අපේ අම්මා

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,101
    2,336
    113
    මම අද උදේ නැගිටලා කුස්සියට යනකොට ගෑනි අපේ අම්මගෙන් අහනවා

    "අම්මේ මොනවද අද අපි උයන්නේ "

    කියලා.. අම්මා කියනවා

    "අපි පැටියෝ අද පාප්පු උයමු ...පාප්පු උයලා කැකිලිත් උයමු "

    කියලා.. ගෑනි ආයෙම කියනවා

    "කැකිලියි පාප්පුයි උයමු කැකිලි වලට කොත් ඇට දාමු නේද අම්මා"

    කියලා..අම්මා කියනවා

    "ඔවු පැටියෝ කැකිලි වලට කොත් ඇට දාලා පාප්පු උයලා අන්නාති පෙති පෙති කපලා තලාදයක් හදමු .."

    කියලා.. මට දැන් දත් මදින්ඩ යන සිහියත් නෑ යකෝ මේ යසට හිටපු මුන් දෙන්නට මොකක් වෙලාද මේ ලදරුවො දෙන්නෙක් වගේ හුරතල් වචන කියවගන්නෙ කියලා.. නිකමට හිතපල්ලකො හැත්තෑ හතරක නාකි ලොක්කියෙකුයි අඩි හයකට කිට්ටුව උස බුලතගෙ නංගි වගේ සද්ධන්ත අවුරුදු තිස් හතක විතර ගෑනියෙකුයි පොඩි එවුන් කියන වචන කිය කියා කුස්සියක හුරතල් වෙනකොට කොයි තරම් කැතද කියලා.. ඉවසං ඉන්න බැරි තැන මම

    "මේ මොන විකාරයක්ද අනේ නාකි හුරතල් වෙන්නෙ "

    කියලා ඇහුවා.. ඒ පාර ගෑනි ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් ශොට් වගයක් පෙන්නුවා මම කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙකුට මම යවපු මෙසේජ් වගේක .. ස්ක්‍රීන් ශොට් එකේ අන්තර්ගතය දැක්කම පොලව පලාගෙන යන්ඩ හිතුනා.. 😀😀😀😀

    නංගි බබා ඔයා කෑවද..

    කෑව අයියා පන... ඔයා කෑවද...

    ඔවු මම කෑවා කෙල්ලෙ...

    මොනාද අයියා කෑවෙ....

    බයි කෑවා....

    බයි කෑවෙ මොනව එක්කද..

    පාප්පුයි ..කැකිලියි .. කොත් ඇටයි අන්නාති තලාදදයි...

    හ්ම්ම්.. සසද ...

    හ්ම්ම් සසාආආආආආයි.. මෙහෙ ආවම ඔයාටත් කන්න පුලුවන්...

    ආයෙ ඉතින් අපේ ගෙදර තව අවුරුදු විස්සක් තිහක් යනකන් පරිප්පු නෑ.. තියෙන්නෙ පාප්පු.. කැකිරි නෑ තියෙන්නෙ කැකිලි.. කොස් ඇට නෑ තියෙන්නෙ කොත් ඇට.. අන්නාසි සලාද නෑ තියෙන්නෙ අන්නාති තලාද..

    ඔබටත් මට වැනි විපත් නම් කිසි දිනෙක නොම වේවා........