පොඩි කාළේ අම්මයි තාත්තයි දෙන්නම දුශ්කර සේවේ....ගෙදර ඉන්න වෙලාවට ගැටුම්.....
මට ඉතින් තනියම හැදෙන්න වුණා. ගොඩක් දුකයි.
හරිම අහිංසකයි.
ඔන්න පොඩි කැරියෝ ටික මට සෙල්ලම් දාන්න ගත්තා, ගෙදර ප්‍රශ්ණ තියෙන බව දැනගෙන. පට්ට පීඩනේ...
ටික දවසක් ඉවසුවා, හරි යන්නේ නෑ... තනිකරලා එකෙක් තැලුවා. තව එකෙක් මඩේ එබුවා.
චැලේන්ජ් කරලා ගෙනවලා ගහනවා.
දුටු තැන ගහනවා. එක එකා ෆෝර්ම් කරලා එවනවා. උන්ටත් ගහනවා.
ලොකු පන්තින්වල එවුන්ටත් ගැහුවා.
ගහන ක්‍රමේ හොඳටම ප්‍රැක්ටිස් කළා. පොඩි තට්ටුවකින් ඕනේ ලොකු එකෙක්ට රෙවෙන්න දෙන හැටි සහජයෙන්ම ආවා.
එක එකා මග ඇරියා, සමහරු යාලු වුනා..අසාධාරණේ වෙනුවෙන් පෙනී හිටියා..චන්ඩින්ගේ රෙස්පෙක්ට් එක ගත්තා.
ඉගෙන ගත්තා උඹලගේ බදු සල්ලි වලින්.
P.S.එකෙක්ගේ ඔලුව පැලුවා, වට්ටක්කේ වගේ දාර තාම තියෙනවා.
P.S. 2
ඒ පොඩි කැරියෝ ගුටි කාපු තරමක්.මම ගුරුවරුන්ගෙන් ගුටි කෑවත් අරුන්ට ගහනවා. උන් කම්ප්ලේන් කරන්නත් බයයි.
උන් ඉගෙන ගත්තෙත් නැහැ.
තාම මගදි හම්බෙන් හම්බෙනවා සමහරු. පව් වැඩේ....මට පාඩුවේ ඉන්න දුන්නේ නැත්නම් උන්ට එහෙම වෙන්නෙත් නැති වෙන්න තිබ්බා. පණ භයේ පන්තියේ ඉඳලා ඉගෙන ගන්න බැරිවෙන්න ඇති.
After so long time මගේ පුතාට ත් එක එකා පාර්ට් දාලා, ඌට ශොට් 2 යි කියලා දුන්නේ.... හැබැයි උගේ හිත හොඳයි මට වැඩිය.