ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා


beautiful_girls_1.jpg

සමරසිංහ මහත්තයා කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගත්තේ කාමරේ දොර ඇරුන සද්දෙට. ඔළුව උස්සසලා බලද්දි වරුණි සමරසිංහ මහත්තයගේ මේසේ ළඟ. කණ්නාඩි දෙක ඇස් වලින් උඩට කරගත්ත සමරසිංහ, වරුණි දිහා බැළුවේ ඇයි කියලා අහන්න වගේ.

“සර් මට හාෆ් ඩේ ලීව් එකක් ගන්න පුළුවන් ද?” වරුණි ඇහුවේ ටිකක් කලබලෙන්


ඒක ඇහුවම නම් සමරසිංහ මහත්තයත් ටිකක් කළබල වුනා.


කාර්යාලයේ වැඩ කල අට දෙනාගෙන් තුන් දෙනෙක්ම අද නිවාඩු. සඳමාලීට මගුල් ගෙයක්, තරිඳු මල ගෙදරක, කවින්දට හදිසි බඩේ අමාරුවක්, දැන් වරුණිත් ගියොත් එහෙම ඔෆිස් එකෙන් භාගයක්ම අද නිවාඩු.


“බබාට ටිකක් සනීප නැහැ වගේ සර්” වරුණි කිව්වේ සමරසිංහ මහත්තයට වැඩිය හිතන්න වෙලාවක් නොතියම.


බබාට සනීප නැතිනම් ඉතින් කොහොමටත් වරුණිව මෙහෙම තියාගන්න බැහැ නෙව. ඒ නැත්ත් වරුණි මේ වගේ ඉල්ලීමක් කරාම මොන හිතකින් බැහැ කියන්න ද.


තමන්ගේ සේවකයන්ගෙන් සමරසිංහ මහත්තයා වැඩියෙන්ම කැමති වරුණිට, විවාහ වෙලා දරුවෙක් ලැබුනත් වරුණිට තවම ඒ හැටි වයසක් නැහැ. අතේ තියන මඟුල් මුදුව නොතියෙන්න ඇය මවක් තියා විවාහක බවවත් කියන්න බැහැ. දන හිසට අඟල් දෙක තුනක් උඩට වෙන්න කොට සාය යි, ඒකටම හරියන්න ඇඟට හිරවුනු හැට්ටය යි ඇඳලා අඩියක් විතර උස සපත්තු දාලා ඇය එන ලතාව, උදේට දැක්කම සමරසිංහ මහත්තයට නම් හිතෙන්නේ එදා දවසම සුභයි කියලා


දෙපාරක් නොහිතම සමරසිංහ, වරුණිගේ නිවාඩු ඉල්ලුම් පත්‍රයට අත්සන් කළා. වරුණි ඔෆීසියෙන් පිටවෙලා යනකම්ම සමරසිංහ බලාගෙන හිටියේ කෙටි සායෙන් වැසුනු ඇගේ නිතඹ සැලෙන ලතාව.


වරුණි ගියාට පස්සේ සමරසිංහ වීදුරු දොර අතරින් අනෙකුත් සේවකයන් දෙස බැළුවේ ඔවුන් මොනවද කරන්නේ කියලා දැනගන්න.


උදයන්ති ටැලිපෝනයෙන් බර කතාවක්. නයෝමියි බිමලුයි තම තමන්ගේ කොම්පියුටර් වලට මූණු ඔබාගෙන් සැරින් සැරේ තනියම හිනාව. දෙන්නා හොරෙන් එකිනෙකා එක්ක චැට් කරන බව ප්‍රසිද්ධ රහසක්.


මේ සියල්ලම බලාගෙන සමරසිංහ කතාවක් නැතිවම යලිත් කණ්නාඩිය ඇහැට දමා ගත්තේ තමන් කරමින් සිටි වැඩය නිම කරන්න හිතාගෙන.


පසුවදා සිකුරාදා දවසක්. සමරසිංහ මහත්තයට උදේම හම්බවුනේ වරුණිව.


“Good Morning” වරුණි, කොහොමද දැන් බබාට….?”


” Good Morning “ සර්, දැන් නම් හොඳයි වගේ පොඩ්ඩක් බඩ රිදෙන්න අරගෙන, මගේ කිරි ටිකක් එහෙම් දුන්නම ඇරිලා ගියා”


හ්ම්ම් අදත් අර කොට සාය… වරුණිව මෙහෙම දැක්කම දවසම හොඳයි කියලා තමයි සමරසිංහට හිතෙන්නේ.


හිතුවත් වගේ ම හවස් වෙනකම්ම දවස ගතවුනේ බොහොම සාමකාමී විදියට. කවුරුත් බොහොම උනන්දුවෙන් තම තමන්ගේ වැඩ.


සමරසිංහ තමන්ගේ පුටුවේ ඉඳගෙනම වරුණි දිහා බැළුවා, ඇය සිටියේ පරිගණකය තිරය දිහා බලාගෙන. කවින්ද මොකක්දෝ උවමනාවකට ෆයිල් කවරෙකුත් උස්සගෙන වරුණි ළඟට ආවේ මේ වෙලාවෙ.


ඔහු බොහොම අවධානයෙන් තමන් අතේ තිබුණු ලිපිගොනුව වරුණිට පෙන්නුවේ අත ඇගේ උරහිසට තබන ගමන්.


“කරුණාකරලා අත එහාට ගන්න කවින්ද… ඔයාට ඇඟට අත තියන්නේ නැතුව කතාකරන්නම බැරි ද…..??? මම ඔයාට කියලා තියෙනවා මාව අල්ලන්න එපා කියලා…. මේක මාර විකාරයක් නේ…….”


වරුණි කෑ ගහුවේ මුළු ඔෆිස් එකටම ඇහෙන්න. කවින්ද විතරක් නෙවෙයි අනෙක් කට්ටියත් බලාගෙන හිටියේ ගල් ගැහිලා. සමරසිංහත් නැගිටලා ගියා වරුණි ළඟට,


ඔහු දැක්කා විතරයි ඇගේ කෑ ගැහිල්ල ඇඬ්ල්ලකට පෙරලුනා.


“බලන්න සර් මම දන්නවා කවින්ද හොඳයි කියලා එයා ඇල්ලුවේ නරක අදසකින් නෙවෙයි කියලා……. ඒ උනාට සර් මම කැමති නැහැ මගේ හස්බන්ඩ් ඇරෙන්නෙ වෙන කිසිම කෙනෙක් මාව අල්ලනවට ………”


වරුණි කිව්වේ කඳුළු අතරින්


සමරසිංහ ඇගේ ඇඬ්ල්ල නැවැත්තුවෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි කවින්දව තමන්ගේ කාමරයට අරගෙන ඔහුට බොහොම තදින් අවවාද කරන්නත් සමරසිංහ පියවර ගත්තා.


“කෙල්ල ටිකක් කොටට අඳිනවා තමයි අයිෂේ…… හැබැයි ඉතින් වරුණි නරක කෙල්ලක් නෙවෙයි….කොහෙද ඉතින් තමුසෙලත් කැත විදියටම නේ හිතන්නේ. දැන් දැක්ක නේ වෙච්ච දේ….. ඉස්සෙල්ලම ඉගෙනගන්නවා කෙල්ලෙක් දැක්කම අඳුනගන්න. වරුණි කියන්නේ බොහොම හොඳ කෙල්ලෙක්. ……. ඒක මම තේරුම් ගත්තෙ වරුණිව දැකපු පළවෙනි දවසෙම”


සමරසිංහ මේ ටික කිව්වේ වරුණි ගැන ඇතිවෙච්ච අවංකම ආදරේකින්. කවින්දටත් කියන්න දෙයක් තිබුනේ නැහැ කසාය බීපු ගොළුවාවගේ අහගෙන ඉන්නවා ඇරෙන්න


***************************************************************


සෙනසුරාදා නිවාඩු දවස. උදේ වරුවම කම්මැලිකමට ගෙදරට වෙලා හිටපු සමරසිංහ හවස්වරුව ගතකලේ තමන්ගේ පරණ මිත්‍රයෙක් එක්ක.


දිසානායක, සමරසිංහගේ පාසල් කාලයේ සිටම මිතුරෙක්. බියර් බොතල් කීපයක් හිස්කරමින් දෙන්නා ආගිය තොරතුරු කතාව පටන් ගත්තා…


“අයිෂේ සමරේ මේ දවස්වල තමුසෙව අල්ලගන්න මාර අමාරුයි නෙව”


“මේ දවස්වල මාර බිසී දිසා වැඩ වැඩ වැඩ ඉවරයක් නැහැ ”


“වැඩ වැඩ කියලා ඉඳලම හරියන්නේ නැහැ සමරේ මෙහෙමවත් පොඩ්ඩක් සෙට් වෙලා පොඩි චේන්ජ් එකක් ගන්න ඕන. හැබැයි තමුසේ නොදැන ගත්තට තමුසෙගේ ගෝලයෝ නම් දන්නවා කොහොම ද ලයිෆ් එක එන්ජොයී කරන්න ඕන කියලා”


තට්ටෙත් අතගගා දිසානායක ඒක කියපු විදියටම සමරසිංහට තේරුණා ඒ නම් කිව්වේ මොනවාහරි වෙන කතන්දරයක් කියලා


“අර මොකෝ දිසා තමුසේ එහෙම කතාවක් කිව්වේ” සමරසිංහ ඇහුවේ කුතුහලෙන්


“අර තමුසෙගේ ගෝලයා…. අර සුදු උස එකා……. කවින්ද………..”


“ඔව් ඔව් ”


“මම දැක්කානේ කවින්ද කෙල්ලෙක් එක්ක පෙරේදා හවස Green Leaf හොටෙල් එකට රිංගනවා”


“මේ අපේ කවින්ද….. පෙරේදා…. ඒ කියන්නේ ගිය බ්‍රහස්පතින්දා…… බලපං දිසා මු එදා ඔෆිස් ආවේ නැත්තේ බඩ රිදිල්ලක් කියලා…….. ෂිහ්: මම හිතුවේ නැහැ මූ මෙහෙම එකෙක් කියලා”


සමරසිංහ කිව්වේ කළකිරීමෙන්


දිසානායකට නම් මාර හැපි


“මම හිතන්නේ ඌත් එක්ක ගිය කෙල්ලත් උඹලගේ ඔෆිස් එකේම එකියෙක්”


සමරසිංහ ආයෙත් කළබල උනා ඔහු ඉක්මනට කල්පනා කරලා බැළුවේ බ්‍රහස්පතින්දා ඔෆිස් නාපු කෙල්ල කව්ද කියලා


අහ් සඳමාලි….. මේකි මගුල් ගෙයක් කියලා ගියේ එහෙනම් මේ මඟුල නටන්න


“කෙල්ල සඳමාලී නේද මචං” සමරසිංහ ඇහුවේ සෑහෙන්න විස්වාසෙකින්


“මම නම නම් දන්නෙ නැහැ මචං දැක්කොත් නම් අඳ්‍රන්න පුළුවන්”


සමරසිංහ වහාම තමන්ගේ ජංගම දුරකතනය අරගෙන එහි තම සේවකයන්ගේ සමුහ ඡායාරූපය සොයාගත්තා.


“මෙයා නේද මචං කෙල්ල ” සමරසිංහ පෙන්නුවෙ රෝස පාට ගවුමක් ඇඳගෙන හිටපු සඳමාලිට ඇඟිල්ලක් තියලා”


දිසානායක බොහොම උනන්දුවෙන් පින්තූරය දිහා බලාගෙන හිටියා


“මෙයා නම් නෙවි…….. මෙන්න මේ ඉන්නේ කෙල්ල…” දිසානායක පෙන්නුවේ පින්තූරයෙ හිටපු වෙනත් කෙනෙක්.


දිසානායක පෙන්නපු කෙල්ල දිහා සමරසිංහ උනන්දුවෙන් බැළුවා…….


අඩි උස සපත්තු දෙක, කොට සාය…. ඇඟට හිරවුනු හැට්ටය…… වරුණි………..


සමරසිංහගේ ඔළුව ඇතුලේ ලොකේ තියන ඔක්කොම අකුණු ටික පිපිරුණා….. විනාඩියක් විතර යනකම් ඔහුට කතාකරගන්න වත් පුළුවන් උනේ නැහැ


පෙරේදා පටන් වෙච්ච දේවල් ඔහුගේ මනසේ එකින් එක මැවුනා


“බබාටටිකක්සනීපනැහැවගේසර්………………………….. පොඩ්ඩක් බඩ රිදෙන්න අරගෙන, මගේ කිරි ටිකක් එහෙම් දුන්නම ඇරිලා ගියා “


වරුණිගේ කටහඬ ඔහුගේ මනසේ දෝංකාර දෙනවා


එතකොට………..……………………., මේකි ඊයේ අතින් ඇල්ලුවා කියලා මැරෙන්න හැදුවේ……………………………….., පෙරේදා ඒ මිනිහත් එක්ක……………………. හෝටල් ගානෙත් රිංගලා ඉවර උනාට පස්සෙ ද……???

:baffled::baffled::baffled:
Source: thelastrow
 
Last edited:

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
part 2

සඳුදා උදේ සමරසිංහ ඔෆිස් ආවේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙන කොටත් අනෙත් හැමෝම ඇවිල්ලා. සමරසිංහ ආපු ගමන්ම බැළුවේ වරුණි දිහා. ඔහුගේ කාමරය තිබුනේ අනෙක් සේවකයන් හැම දෙනාම බොහොම හොඳින් පේන තැනක. වරුණි පරිඝණකයේ තිරය දිහා බලාගෙන ලොකු කල්පනාවක්. ඇය කල්පනා කරන්නේ කුමක්දැයි දැන ගන්න වගේ සමරසිංහ ඇගේ මුණ දිහා බලාගෙන හිටියා. හිස දෙපැත්තෙන් කඩා වැටෙන කැරලි ගැසුණු මුදු මුදු කොණ්ඩය, නිල් පැහැති ඇස්, තදින් පියවුනු රෝස පැහැ දෙතොල්. මේ මූණ දිහා බැළුවම නම්, දිසානායක වරුණි ගැන කියපු කතාව පිළිගන්න, සමරසිංහට කොහොමටවත් හිත් දෙන්නේ නෑ. ඒත් ඉතින් වරුණි කාවින්ද එක්ක හෝටලයට රිංගනවා දැක්ක කියලා බොරුවක් ගොතන්න තරම් අවශ්‍යතාවකුත් දිසානායකට තියෙන්න බැහැ නේ.

ඇස් දෙකෙන් දකින හැම දේමත් ඇත්ත නෙවෙයි නේ, හොඳින් ඉර පායලා තියන මහ දවල් තමයි මිරිඟු පේන්නෙත්. සමරසිංහ හිටියේ මේ ගැන වරුණිගෙන් අහන්දෝ නැද්දෝ කියලා දෙගිඩියාවෙන්. මේ දෙගිඩියාව නිසාම උදේ ඉඳන්ම කිසිම වැඩක් කරන්නවත් හිත එකඟ කරගන්න සමරසිංහට පුළුවන්වුනේ නැහැ. මෙහෙම ඉඳලා ඉඳලා අන්තිමේ ඔහු තීරණය කලා වරුණිට මේ ගැන හිමින් ඇඟවෙන්න ඇරලා ඇගේ ප්‍රතිචාර බලන්න.

දවල් එකොළහට විතර සමරසිංහ වරුණිට තමන්ගේ කාමරයට එන්න කිව්වේ සිකුරාදා ඉවර කරන්න තිබුණු ෆයිල් කීපයක් පරීක්ෂා කරන්න. හිතේ නොපහන් බවක් තිබුනත් ෆයිල් මිටියත් තුරුළු කරගෙන වරුණි එන ලතාව ඔහු බලාගෙන හිටියේ ආසාවෙන්. ෆයිල් මිටිය පෙරළ ගෙනම සමරසිංහ වරුණි එක්ක කථාවට වැටුණා.

“කොහොමද වරුණි දැන් බබාට.”
“දැන් හොඳයි සර්, සැටර් ඩේ සන් ඩේ දෙක ගෙදර ඉඳලා අද උදේ මම එද්දී නම් චුට්ටක් ඇඬුවා…”

“පොඩි අය එහෙම නේ. කැමතියි ඉතින් කවුරු හරි ළඟට වෙලා ඉන්නව නම්.”

“අපෝ ඔව් සර් ඒක නම් ඇත්ත” වරුණි හිනාවුනේ ලතාවකට කොණ්ඩේ පිටිපස්සට කරගන්න ගමන්

“ඒක නෙවෙයි වරුණි… මම මේ අහන්නම කියලා හිටියේ ඊයේ පෙරෙදා දවසක ඔයා කාවින්දත් එක්ක කොහේ හරි ඇවිදින්න එහෙම ගියා ද…???? “

සමරසිංහ ඇහුවේ ෆයිල් කවරේ දිහා බලාගෙන උනාට ඇස් ඇත්තටම තිබුණේ වරුණි ගේ පැත්තේ

නැන්….නෑ සර්……. ඇ ඇයි සර් එකපාරට එහෙම ඇහුවේ…

බම්බලපිටියේ හරියේ එහෙම…. ගිය බ්‍රහස්පතින්දා වගේ දවසක…..

ග්..ගිය බ්‍රහස්පතිදා… න් නෑ සර්..

මගේ යාළුවෙක් දැකලා තියනවා ඔය දෙන්නා බම්බලපිටියේ Green Leaf හොටෙල් එක ළඟදි ගිය බ්‍රහස්පතින්දා

සමරසිංහ කිව්වේ වරුණිගේ මූණ දිහා බලාගෙනමයි…

වරුණිත්, සමරසිංහත් තත්පර දහයක් විතර මූණට මූණ බලාගෙන හිටියා දෙන්නම වචනයක් වත් කතා කරේ නෑ. තත්පර දහයකට විතර පස්සේ වරුණිගේ මූණ කළු වුනෙත් ඇගේ ඇස් වලින් මොරගෙඩි තරම් ලොකු කඳුළු කැට කඩාගෙන වැටෙන්න ගත්තෙත් සමරසිංහ බලාගෙන ඉන්ඳෙද්දිමයි.

“ඔව් සර්, සර්ගේ යාළුවා මාව දකින්න ඇති තමයි.. මම සර්ට බොරු කිව්වේ සර්… වරුණි කිව්වේ ඉකි ගගහ අඬන ගමන් ”

“මට තවත් මේ ඔෆිස් එකේ ඉන්න බැහැ සර්… මට මේක කියන්න වෙන කෙනෙකුත් නැහැ. අනේ මට උදව් කරන්න සර්…. මම මෙහෙන් අයින් වෙලා යනවා සර්”

සමරසිංහ බලාගෙන හිටියේ පුදුමයෙන්

“මොකක්ද වරුණි…. බය නැතිව කියන්න මට මොකක්ද ප්‍රශ්ණේ”

මේ කාවින්ද…
ඔව්… ඉතින්…
කාවින්ද මට හරියට කරදර කරනවා සර්… මේ බලන්න සර් මට sms විතරක් කොච්චර එවලද කියලා වරුණි හඬාවැටෙමින් කිව්වෙ තමන්ගේ ජංගම දුරකථනයේ ඇති කෙටි පණිවුඩ පෙන්වමින්

සමරසිංහ පණිවුඩ දෙක තුනක් කියවා බැළුවා

“3ta park road eka lagata enna”

“ofs eken off wela yaddi mama enakam halt eke inna. Mata oya ekka katha karanna ona”

“mata paluyi oya koheda”

“මට හරියට කරදර කරනවා සර්… ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මම එදා කෑ ගැහුවේ. මම හරිම ස්ට්‍රෙස් එකේ ඉන්න මම කොහේ ගියත් කවින්ද මගේ පස්සෙන්ම එනවා, හැමතිස්සෙම කෝල්ස් දෙනවා, චැට් කරනවා. කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ සර්, මම හස්බන්ඩ්ට වත් මේක කිව්වේ නෑ කිව්වා නම් එයාට හරියට තරහ යනවා එහෙනම් ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙලා මටත් ගෙදර ඉන්න කියාවි.”

ගැහැනියකගේ කඳුළකට ජයගත නොහැකි දෙයක් මෙලොව නැත සමරසිංහ ගේ සිත සැබවින්ම උණුවී ගියේය.

“ඉතිං ඇයි ළමයෝ මේක හංගගන හිටියේ අඩුම ගානේ මටවත් කියන්න එපාය. අනිත් එක මොකටද ඔයා කවින්ද කියන කියන් දේවල කරන්න යන්නේ”

“මම සර්ට ඇත්තම කියන්නම් සර් මැරි කරන්න කළින් මට වෙන Boy friend කෙනෙක් හිටියා
ඒ මිනිහා හරියට බොන මනුස්සයෙක් ඉතිං ඒ affair එක මම නැවැත්තුවා. මේ කවින්ද ඒ මිනිහගේ යාළුවෙක්. මෙයා මාව බ්ලැක් මේල් කරනවා වගේ වැඩ කරන්නේ සර් ඒක හස්බන්ඩ්ට කියනවා කියලා.

සමරසිංහට සැබවින්ම වරුණි ගැන දුක සිතුනි.

“ඔහොම දෙයක් උනාම හංගගෙන ඉන්න නරකයි වරුණි. තමන්ට විශ්වාසවන්ත කාට හරි කියන්න ඕන, හස්බන්ඩ්ට උනත් ඕක හංගන්න දෙයක් නෙවි නේ. ඔයාට මැරි කරන්න කලින් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා කියන එක වැරැද්දක් නෙවිනේ….” සමරසිංහ කිව්වේ ආදරයෙන්

මම දන්නවා සර්, සර්ට උනත් මම ගැන වැරදියට හිතෙන්න ඇති. මම එහෙම කෙනෙක් නෙවි සර්… හැමදාම උදේට මේ එහා පැත්තේ තියන පන්සලට ගිහින් මල් පූජ කරලා බුදුන් වැඳලයි මම ඔෆිස් එකට එන්නේ. එහෙව් මම එහෙම කරන්නෙ නෑ සර්.

ගැහැණියක් පිළිබඳව සමාජය බලන්නේම වැරදි ඇසිනි. තමා වරුණි ගැන සිතූ විදිය කෙතරම් වැරදිදයි සමරසිංහට හිතුනා. ඔහුගේ සිතේ ඇතිවුනේ වරුණි ගැන අනුකම්පාවක් මෙන්ම කවින්ද ගැන කෝපයක්.

මෙවන් දෙයකින් ඇගේ අහිංසක සිත තුල ඇතිවන වේදනාව සමරසිංහට තේරුම් ගත හැක. ඇය තවමත් ඉකිගසමින් අඬන්නේ ඒ සිත් වේදනාවටය.

“ඔයා දැන්වත් මට මේ දේ කියපු එක ලොකු දෙයක් වරුණි, ඔයා බය වෙන්න එපා මීට පස්සේ කාවින්දගෙන් ඔයාට කිසිම කරදරයක් නොවෙන්න මම බලාගන්නම්. ඔයාට ඕන නම් අපි මේ ගැන HR එකට කම්ප්ලේන් කරමු. මේ කම්පැණි එකේ මේ වගේ දේවල් වලට නීතී බොහොම තදයි වරුණි . ඔයා කම්ප්ලේන් කරොත් මේ දැන්මම උනත් කවින්දව ඉන්ටඩික් කරන්න පුළුවන්.”

කම්ප්ලේන් කරන්න ඕන නැහැ සර් අපි තව ටිකක් බලමු පව් නේ සර් මොනවා උනත් මට බැහැ කෙනෙකුගේ රස්සාව නැති කරන්න.

සමරසිංහත් සිටියේ ඒ අදහසේමය. නමුත් කවින්දට ද බුරුලක් පෙන්විය නොහැක. එක අතකින් බැලූ විට මෙය අපරාධයකි, අපරාධකරුවකු නිදැල්ලේ සිටින්නට ඉඩදීම ඊටත් වඩා අපරාධයකි, එම අපරාධයට අනුබල දීමකි.

සමරසිංහ කවින්දව කැඳවා දැඩි ලෙස අවවාද කලේය. සැබවින්ම ඔහුට සිතුනේ කවින්දව මේ දැන්මම කනෙන් අල්ලා එළියට දැමීමටය.

“තමුසේ දැන්ගන්නවා කාවින්ද වරුණිගේ හොඳකම හින්දයි තමුසෙගේ රස්සාව අද බේරෙන්නේ, ඒකි තමුසෙට විරුද්ධව කම්ප්ලේන් කරා නම් මේ දැන්මම තමුසෙව කනෙන් අල්ලලා දොට්ට දානවා. පින් දෙනවා ඒ කෙල්ලට එහෙම නොකරට, ඒකි උදේ හවස පන්සල් යන කෙල්ලෙක්”

කවින්දගේ මුවින් වචනයක්වත් පිටවූයේ නැත ඔහු සමරසිංහ කියනා දෑ ඔහේ අහගෙන සිටියා පමණි. කවින්දට වරුණි හා කතාව සම්පූර්ණයෙන් තහනම් කෙරුණි. මින් පසු කාර්යාලයේ දී හෝ කාර්යාලයෙන් පිටත දී කිසියම් හෝ ආකාරයකින් වරුණිට පීඩාවක් වන ආකාරයෙන් හැසුරුනහොත් ඒ මොහොතේ සිටම ඔහුගේ සේවය අත්හිටවන බවට ලිඛිත දැනුම් දීමක් ද ඔහුට ලැබුණි.

ඉන් නොනැවතුන සමරසිංහ වරුණිගේ වැඩිදුර ආරක්ෂාව තකා වරුණි අන් සේවකයන්ගෙන් වෙන් කොට තම කාමරය තුලම ඉඩක් වෙන්කොට දුන්නේය. මේ සියළු සිදුවීම් හමුවේ වරුණි ප්‍රීතියෙන් ඉතිරෙමින්ද, කාවින්ද කළකිරුණු මුහුණින් ද සිටිනු සමරසිංහගේ සියුම් නිරීක්ෂණයට හසුවිය.

“මිනිහාටම දැන් ලැජ්ජ ඇති වෙච්ච දේට. සමහර විට අස්වෙලා යාවි. කොහොමත් ලැජ්ජාවක් කියලා දෙයක් තියනවා නම් තවත් මෙතන වැඩකරන්නත් බැහැ තමයි.

සමරසිංහ කවින්ද දෙස බලාගෙන තමාටම කියාගත්තේය.

**************************************************
source: thelastrow
 

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
Final part

පසුවදා උදෑසන සමරසිංහ වෙනදට වැඩි වෙලාවක් කණ්නාඩිය ඉදිරිපිට රැඳුනා. අද දවසේ මොකක්දෝ සියුම් සතුටක් සමරසිංහගේ සිතට දැනෙනවා. ඒ සතුටට හේතුව උඩු සිතින් හොයාගන්න බැරි වුනත්, යටි සිතින් ඒ වරුණි නිසා බව සමරසිංහ දන්නවා. අද ඉඳන් වරුණි, සමරසිංහගේ කාමරේ. ඒ නිසා අද ඉඳන් ඇගේ ඇසුර වෙනදට වඩා ලබන්නට පුළුවන්. මේ ගැන මතක් වෙද්දිත් සමරසිංහට ඇතිවෙන්නේ සතුටක්.
ඔහු කාර්යාලයට යද්දී අනෙක් අය කවුරුවත් ඇවිත් සිටියේ නැහැ. වරුණි ආවේ ඔහු ගිහින් පැය භාගයකට විතර පස්සේ. ඈතදිම වරුණිව දැක්ක ගමන් සමරසිංහට හිතුනේ වරුණි අද වෙනදටත් වඩා ලස්සනයි කියලා. ඔළුව දෙපැත්තෙන් නිදහසේ කඩාහැලෙන කොණ්ඩේ, නිල්පාට ඇස්, රතුපැහැ සායම් තවරපු දෙතොල්, ඇඟට හිරවුණු සුදු හැට්ටය, එයටම ගැලපෙන කළු කෙටි සාය. වරුණි ලස්සන හිනාවකින් සමරසිංහට සංග්‍රහ කරමින්ම ඇවිත් ඇගේ අළුත් ස්ථානයේ වාඩිවුනා. සමරසිංහ ඈත ඉඳන්ම බලාගෙන හිටියේ දන හිසට වඩා අඟල් දෙක තුනක් කොට සාය අතරින් පෙනෙන ඇගේ දෙපා දිහා. වාඩි වෙද්දි සාය තවත් අඟල කීපයක් ඉහලට ඇදුනු නිසා සමරසිංහ ඇගේ දෙපා වලින් දෑස් ඉවතට ගත්තේ ආයාසයෙන්.
“Good Morning සර් “
“Good Morning වරුණි “
“කොහොමද වරුණි… දැන් ප්‍රශ්ණයක් නැහැ නේද”
“අනේ ඔව් සර්, සර්ට ගොඩාක් පිං මේ කරපු උදව්වට”
වරුණි අද ඉන්නේ සතුටිනි, ඒ නිසා සමරසිංහටද සතුටුය, සමරසිංහට කාර්යාලයේ අනෙක් අය පේන්නේ ද සතුටින් ඉන්නා සේය. උදෑසන තේ එක වූවද අද වෙනදාට වඩා රසය, සමහර විට ඒ වරුණි හදපු නිසා වන්නට ඇත.
“කවින්ද එහෙම ආයේ කතාවට ආවේ නැද්ද වරුණි” සමරසිංහ හවස වරුණිගෙන් ඇහුවේ නිකමට වගේ
“ඒ මිනිහා නම් මහ ලැජ්ජ නැති මිනිහෙක් සර්, ඊයේ හවස මාත් එක්ක කතාකරන්නද කොහෙදො බලාගෙනම ඉඳලා මම නැගපු බස් එකටම නැග්ගා….. මම නොදැක්කා වගේ සද්ද නැතුව හිටියා”
“ඒ කියන්නේ මේ මිනිහා තාමත් ඔයා පස්සේ එන එක අත ඇරලා නෑ එහෙනම්”
සමරසිංහ මඳක් කල්පනා කරා
“ඒ කියන්නේ මිනිහා අදත් ඔයාගේ පස්සෙන් එන්න පුළුවන්…… ඔයා හවසට බස් වල යන්න ඕන නෑ මම ඔයාව මගේ වාහනේ ගිහින් දාන්නම්”
වරුණි මුවින් කිසිවක් නොකීවත් සමරසිංහගේ ඒ යෝජනාව බාර ගත්තේ බොහොම කැමැත්තෙන්.
හවස, සමරසිංහට කලින් වරුණි එළියට ගියේ, සමරසිංහ එනකම් එළියේ රැඳී ඉන්න බලාපොරොත්තුවෙන්. දෙදෙනාම එකවර එළියට යාම කටකතා පතුරවන්නන්ට හොඳ ආරංචියක් විය හැකිය. එම නිසා දෙදෙනාම එකවර එළියට යාම හොඳ නැත. වරුණි ගිහින් විනාඩි දහයකට විතර පස්සේ සමරසිංහ එළියට ආවා. වාහන අංගනයෙන තමන්ගේ වාහනේ එළියට ගත් ඔහු කාර්යාලයට නුදුරින් ඉඩ ඇති තැනක නවතා වරුණිට කෙටි පණිවිඩයක් යැව්වා.
“Im near the bank, come quickly”
මොහොතකින් වරුණි ඔහුගේ සුවපහසු රථයේ ඉදිරි අසුන මත.
වරුණි අසුනේ සිටින්නේ බොහොම සුවපහසු ඉරියව්වකින්, ඇය සිටින මේ ඉරියව්වට නිසා ඇගේ දෙපා අඩකටත් වඩා නිරාවරනය වෙලා, ඇඳ සිටින කොට සාය බඳට තද වීමෙන් ඇගේ උකුල් ප්‍රදේශය වඩාත් ඉස්මතු වෙලා. ඇගේ දෙපා මත අත තබන්නට ඇතිවූ ආශාව සමරසිං මැඩගත්තේ බොහොම අසීරුවෙන්. නමුත් ඇගේ දෙපා මත අසංවරව දුවන තම ඇස් ඇගෙන් සඟවා ගන්න නම් සමරසිංහ සමත් වුනේ නෑ.
ඉන්පසු එළබුනු බොහෝ දිනවල සවස වරුණි නිවසට ගියේ සමරසිංහගේ මෝටර් රථයෙන්. බොහෝ විට සමරසිංහට පෙර කාර්යාලයෙන් පිටවන වරුණි ඔහු එනතෙක් රැඳි සිටී. සමරසිංහ ඊට ටික වේලාවකට පසු පැමිණ, මෝටර් රථය නිදහස් තැනක නවතා තමා සිටින ස්ථානය කියා ඇයට කෙටි පණිවුඩයක් යවයි. ඒ අනුව රථයට ගොඩවන වරුණි නිවසට යනතෙක්ම නොනවත්වා මොන මොනවා හෝ කියවයි. වරුණි මොනවා කියෙව්වද ඒ කියවිල්ල අසා සිටින්නට සමරසිංහ ආසය. නිවසේදී තම බිරිඳ වචනයක් කතා කරන විට කේන්තියන සමරසිංහ වරුණිගේ මේ කියවිල්ල ඉවසන්නේ සන්තෝෂයෙනි. සැමදාම සවසට වරුණි තමා සමඟ නිවසට යන්නට ඒමද, ඔහුට ආඩම්බරයකි. ඊටත් වඩා ඇගේ මේ කෙටි ඇඳුම් විලාසිතා දැකීමමද ඔහුට ප්‍රීතියකි.
වරුණි බොහෝ විට කාර්යාලයට ඇන්දේ ඇඟට හිරවුනු, සිරුරේ සියළු හැඩයන් උලුප්පා පෙන්වන කෙටි ඇඳුම් මේ ඇඳුම් පැලඳුම් මෙන්ම විටෙක ඇගේ ඉරියව් තුලින් ද පිළිඹිඹු වුනේ අනුරාගය උතුරායන ශරීරයක්. දිනක් සමරසිංහ තම කාමරයට ඇතුළු වෙද්දී වරුණි සිටියේ මේසයට බරදී යමක් කියවමින්. වඩාත් හොඳින් කියන්නේ නම් මේසය අසල සිටගෙන ඒ දෙසට මඳක් නැමී වැලමිට මේසයට තබා අත්ල කම්මුල මත තබාගෙනය. ඇඳ සිටී කෙටි ඇඳුම නිසා ඇය කෙරෙන් දිස්වුනේ අනුරාගී පෙනුමක්. සමරසිංහ කාමරයට ඇතුළුවනු දුටුවත් ඇය තමා සිටි ඉරියව්ව වෙනස් කලේ නැහැ. වරුණි දැන සිටියා සමරසිංහ, තමාව මෙසේ දකින්නට ආසකරනා බව. සැබවින්ම සමරසිංහ ඇගේ දෙස බලා සිටියේ ආසාවෙන්. තම ජංගම දුරකතනයෙන් ඇගේ ඡායාරූපයක් ගන්නත් සමරසිංහ ඒ වෙලාවේ අමතක කලේ නෑ.
වැඩි දිනක් යන්නට මත්තෙන් සවස එක්ක යන්නට පමණක් නෙවෙයි උදෑසන වරුණි කාර්යාලයට එක්ක එන්නට ද සමරසිංහ පුරුදු වුනා. කෙමෙන් කෙමෙන් මේ දෙදෙනා අතර ඇතිවුනේ ලබැඳි මිතුරු ඇසුරක්, බොහෝ විට සමරසිංහගේ ජංගම දුරකථනය කාර්යාලය තුලදී භාවිතා කලේත් වරුණි. වෙනකක් තබා ඇය අඳින ඇඳුම් පැළඳුම් තීරණය වුනේත් සමරසිංහගේ රුචි අරුචිකම් අනුව.
බොහෝ දිනවල උදෑසන සමරසිංහ වරුණිට දුරකථන ඇමතුම් දෙන්නේ ඇයව වාහනයට නංවා ගන්න.
වරුණි”
සර්”
ඔයා ලෑස්තිවෙලාද ඉන්නේ”
ම්ම්ම් මම මේ ලෑස්ති වෙන ගමන්, සර් කියන්න මොකක්ද මම අද අඳින්න ඕන”
ඇය අසන්නේ සුරතල් හඬින්
“ම්ම්ම් ඔයා අද අඳින්න අර ඔයාගේ දුඹුරු කොට සායයි බ්ලව්ස් එකයි”
“ඒක ගොඩක් කොටයි නේ සර්” වරුණි කියන්නේ බොරු අකමැත්තක් පෙන්වමින්
“කමක් නැහැ ඉතින් මම ආසයි නේ ඔයා ඔහොම ඇඳලා ඉන්නවා බලන්න”
“අනේ මට බෑ…… ඒක කොට වැඩියි”
සංවාදය යන්නේ ඔහොමය. ඇය මේ අදි මදි කරන්නේ බොරුවට බව සමරසිංහ දනී. කොතරම අදිමදි කරත් ඇය තමා කියන ඇඳුම ඇඳින බව ඔහු දනී.
උදේ හවස මෙසේ යන එන අතරතුර අතර මග ජනප්‍රිය අවන්හලක කෝපි බොන්නට වරුණි මෙන්ම සමරසිංහද බොහෝ කැමතිය. වරුණි සමඟ ගතවන එවන් සැන්දෑවක් වුවද බොහෝ සුන්දර ලෙස සමරසිංහට දැනේ. මෙවන් එක් දිනක වරුණිගේ කෙටි සායෙන් වැසුනු දෙපාමත සමරසිංහගේ අත අහඹුවෙන් ගැටුනි. සමරසිංහ ඇගේ මුහුණ බැළුවේය, ඇය සිනාසී ඉවත බලාගත්තා පමණි.
*******************************************************************************
ඒ සෙනසුරාදා, නිවාඩු දිනයක්. සමරසිංහ හැන්දෑවේ නිවසින් එළියට බැස්සේ, තම පැරණි මිතුරකුගේ නිවසට යාමට සිතාගෙන. සරල සැහැල්ලු කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි සමරසිංහගෙන් දිස්වුනේ වයසට වඩා තරුණ පෙනුමක්. කොහොමත් දැන් ටික දවසක සිට සමරසිංහ ඇඳුම් පැලඳුම් ගැන වෙනදාට වඩා උනන්දුය.
සමරසිංහ ගේ මිතුරා තනිකඩයෙක්. එසේම ඔහු පීට්සා කන්නටද රුසියෙක්. සමරසිංහ පීට්සා අවන්හලකට ගොඩ වැදුනේ තම මිතුරාට පීට්සා කීපයක් අරගෙන යන්න හිතාගෙන. පීට්සා ඕඩර් කරපු සමරසිංහ වටපිට බැළුවේ නිකමට. ඒත් එක්වරම ඔහුගේ දෙනෙත් නතර වුනේ දන්න කියන මුහුණක් මත.
“කවින්ද”
සමරසිංහ හොඳින් බැලුවා
ඔව් ඒ කවින්දම තමයි. ඔහු තවත් කෙල්ලක් සමග ටිකක් එහායින් මේසයක. සමරසිංහ කවින්ද සමඟ සිටි කෙල්ලව දැක්කේ නිමේෂයකින්.
අඩි උස සපත්තු, කොට සාය, ඇඟට හිරවුනු හැට්ටය
“වරුණි……………..”
කවින්ද අතක් ඇගේ බඳවටා ඔතාගෙන තුරුළු කරගෙන, ඒ අතරේ වරුණි කවින්දට පීට්සා කවනවා. දෙදෙනා වරින් වර සිප ගන්නේ අවට ගැන කිසිම තැකීමක් නැතිව.
සමරසිංහට එක නිමේෂයකදී දහසක් දේ සිහිවුනා. මීට ටික දිනකට පෙර කවින්ද අතින් ඇල්ලුවාය, තමාට කරදර කරනවාය කියමින් හඬාවැටෙමින් මහා කලබැගෑනියක් කල වරුණි……
ඒ නිමේෂයේ වරුණිගේත් සමරසිංහගේත් දෙනෙත් එකිනෙක මත හමුවුනා. වරුණි සමරසිංහවත්, සමරසිංහ වරුණිවත් හොඳිනම දුටුවා. සමරසිංහට අවශ්‍යය වුනේ වරුණි සමඟ කතා කරන්න. නමුත් ඔහු පීට්සා ඕඩරය ලබාගෙන පැමිණෙන විටත් වරුණි කාවින්ද සමඟ අතුරුදන් වී අවසන්. ඒ මොහොතේ සමරසිංහ ඇගේ ජංගම දුරකතනයට ඇමතුවද එයද ක්‍රියාවිරහිතකොට තිබුනා.
ඉරිදා දවසම සමරසිංහ සිටියේ නොසන්සුන්කමින්. ඔහු දත්මිටි කමින් කල්පනා කලේ වරුණි වන් ජරා ගැහැණියකට දියයුතු දඬුවම. කීප වරක්ම වරුණිට අමතන්නට උත්සාහ කලත් ඉරිදා දවසේත් ඇගේ දුරකතනය තිබුනේ ක්‍රියා විරහිතව.
සඳුදා උදෑසනම සමරසිංහ කාර්යාලයට ගියේ උදෙන්ම වරුණිව හමුවන්න සිතාගෙන. ඔහු එනවිටත් වරුණි කාර්යාලයට පැමිණ ඇති බව දැනගත්තේ ඇගේ මේසය මත තිබුණු අත් බෑගය නිසා. නමුත් වරුණි නම් පේන්න හිටියේ නැහැ.
කාර්යාලයට පැමිණ ස්වල්ප මොහොතකින් සමරසිංහට ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකගෙන් ඇමතුමක් ලැබුනා ඒ වහාම පැමිණ තමාව හමුවන ලෙස දන්වමින්.
සමරසිංහ කළමණාකරන අධ්‍යක්ෂක හමුවන්නට ගියේ කුතුහලයෙන්. ඔහුගේ කාමරයේ දොරින් ඇතුළ් වෙද්දීම දුටු දෙයින් ඔහුගේ කුතුහලය තවත් වැඩිවුනා
“වරුණි…… මෙතන”
ඇය අද බොහෝ වෙනස්. වෙනදා අඳින කොට සාය හැට්ට වෙනුවට ඇය අද ඇඳ සිටින්නේ කලිසමක් හා චාම් හැට්ටයක්, මුහුණ පුරාම ඇත්තේ සති ගානක් හඬා වැටුනු කෙනෙකුගේ බඳු වේදනාවක්. තවමත් ඇගේ කම්මුල් දිගේ ගලාගෙන යන්නේ මොරගෙඩි තරම් ලොකු කඳුළු කැට.
අධ්‍යක්ෂවරයා සමරසිංහ දිහා බලන් හිටියේ යක්ෂාරූඪයෙන්.
“මොනවද අයිසේ තමුසේ මේ කරන ජරා වැඩ”
සමරසිංහ දුටු විගසම ඔහු කඩා පැන්නා.
“මො.. මොනවද සර්”
“තමුසෙට විරුද්ධව ලොකු චෝදනාවක් තියනවා සමරසිංහ තමුසේ මේ වරුණිට අයුතු බලපෑම් කරනවා කියලා”
“මො…මොනවා සර් මේ මම…… මේ වල් ගෑණි”
සමරසිංහට කියලා ඉවරකරන්න හම්බවුනේ නෑ, වරුණි සමරසිංහ දිහා බැළුවේ ගිණි පිටවෙන දෑසින්.
“වල් ගෑණි…., වල් ගෑණි… මේ මිනිහා… මේ මිනිහා… මේ බලන්න සර් හැමදාම හවස මට එක එක තැන්වලට එන්න කිය කිය මේ මිනිහා මට එවපු sms මේ බලන්න සර් කීයක් ද කියලා”
ඇය හඬා වැටෙන්න පටන් ගත්තේ සමරසිංහ බොහො දිනවල සවස ඇයව මෝටර් රථයට නංවා ගැනීමට එවූ කෙටි පණිවුඩ පෙන්වමින්.
“ඒ මදිවට මේ බලන්න සර් මේ ම්නිහා මම කැමති දෙයක් අඳින්නවත් දෙන්නේ නෑ මේ බලන්න මට කොට සායක් ඇඳන් එන්න කිය කිය මේ මිනිහා වද දෙන හැටි”
වරුණි තම ජංගම දුරකථනයෙන් පටිගත කල දුරකතන සංවාදයක් ඔවුනට ඇසෙන්නට සැලැස්සුවා.
එක් උදෑසනක වරුණි, සමරසිංහගෙන් අඳින්න කැමති ඇඳුම් අසද්දී සමරසිංහ ඇයට දුන් පිළිතුරු එහි පටිහතව තිබුනා. එහි ඇගේ බොරු විරෝධතාව, සංවාදයේ මැද සිට අසන්නෙකුට හැඟෙන්නෙ ඇගේ විරෝධයක් ලෙස
සමරසිංහ සිටියේ උත්තර දීගත නොහැකිව, තමා බෙල්ල මුලටම සිරවී ඇති බව ඔහුට දැනුනා.
“ඒ විතරක් නෙවි සර් බලන්න මේ මිනිහගේ ෆෝන් එකේන් ගත්ත මගේ ෆොටෝස්”
එහි මුලින්ම තිබුනේ දිනක් වරුණි මේසයට අත ඔබාගෙන අනුරාගී ඉරියව්වකින් සිටින් පිංතූරය
“මට බොහොම කණගාටුයි සමරසිංහ තමුසෙට තියන චෝදනාව බොහොම බරපතලයි ඊටත් වඩා මෙච්චර සාක්ෂිත් එක්ක…. තමුසෙ දන්නවා නේ මේ ආයතනයේ නීතිය….. මේ වගේ වෙලාවක”
අධ්‍යක්ෂකවරයා කිව්වේ සමරසිංහගේ තාවකාලික වැඩ තහනම් කිරීමේ නියෝගයට අත්සන තබන ගමන්
සමරසිංහ එළියට ආවේ තොන්තුවාවෙන්
“මම එහෙම කෙනෙක් නෙවි සර්… හැමදාම උදේට මේ එහා පැත්තේ තියන පන්සලට ගිහින් මල් පූජ කරලා බුදුන් වැඳලයි මම ඔෆිස් එකට එන්නේ. එහෙව් මම එහෙම කරන්නෙ නෑ සර්.”
වරුණි ඇඬුම්බර හඬින් අධ්‍යක්ෂවරයාට පවසනු සමරසිංහට යන්තමින් ඇසුනා.


:baffled::baffled::baffled:


source: thelastrow
 
  • Like
Reactions: kajja and Anjulayr

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඔය වගේ ගෑණු අනන්තවත් ඉන්නවා.............
ගනං ගන්න නරකයි සත පහකටවත්............
අහුවුනොත් විනාසයි..........
 

ekanayake123

Member
Jul 23, 2012
29
7
0
පික්ස්සු හැදෙනවා අප්පා මෙව්ව දැක්කම අපේ ඔෆිස් එකෙත් ඇති බන් මෙහෙම එවුන්......
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සමරසිංහ යනු මෝඩයෙකි , කාවින්ද යනු බුද්ධිමතෙකි. එත් office එකේ අනිත් කෙල්ලන්ව මෙහෙමයි කියල රවට්ට ගන්නත් ඕනේ නැහැ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ කතාව ඉවර උනානේ තව කොටසක් ලියහන්කෝ...
    සමරසිංහ ගැන....
    ඔය වගේ කෙල්ලෝ ඉන්නවා..
    පිරිමි ඔය ගැට වලට අහුවෙනවා...
    බලු නෙ ඉතින්..
    ආයෙ ජොබට ගියත් ඔය ගැන ඒකි එක්ක මරා ගන්නද පාරේ මරා ගන්නද.....
    වහම කාපන් තමයි.....
    .
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපිත් කියෙව්වා දැන් එකේ කතා ඔක්කොං අමු අමු කොපි වෙනවා වා නේ මේකේ..