ගෑස්ට්‍රයිටිස් -MEDIC

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    ගෑස්ට්‍රයිටිස් -MEDIC

    තදින්ම ගෑස්ට්‍රයිටිස් තියන අය මේ දේවල් කරලා බලන්න අනිවාර්යෙන්ම සුවවෙනවා

    :confused:අඩුම තරමින් Bump එකක් දමාවත් තවත් කෙනෙකුට උදව්වක් වීමට සහය වන්න.:confused:


    36566651_2130284130589199_7396736000782761984_n.jpg


    බඩේ පිපුම, බඩේ දැවිල්ල, බඩේ ඇසිඩ් ගතිය, බඩ පපුව දැවිල්ල යනාදී විවිධ ආකාරයට හඳුන්වනු ලබන ආමාශයේ ප්‍රධාහයන්. ආමාශයේ ග්‍රහනියේ සහ ගලනාලයේ කල්පවතින ප්‍රධාහයන් හෝ අධික ආම්ලිකතාව නිසා හටගන්නා තුවාල, කලාතුරකින් හටගන්නා අර්බුද සහ පිළිකා වැනි වෙනත් රෝග තත්ත්වයන් ආමාශගත රෝගාබාධ ලෙස හඳුන්වයි. මුලින්ම අපි ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වය හඳුනා ගනිමු.

    ආමාශයේ, ග්‍රහනියේ, ගලනාලයේ පහළ කොටසේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් නිසා මෙම අම්ල පිත්තය හෙවත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇතිවීමට පුළුවනි. නිතර නිතර ඇතිවන බඩ පිපුම, ආහාර අරුචිය, බඩ පපුව දැවිල්ල, බඩේ ඉහළ කොටසේ සහ පපුවේ ඇතිවන දැවිල්ල, වරින් වර ඇඹුල් රසට උගුරට ඒම, ආහාර ගත් විට ඇතිවන ඔක්‌කාරය සහ වමන ගතිය, ආහාර ගත් විගසම වැසිකිළි යැමට අවශ්‍යතාව ඇතිවීම රෝග ලක්‍ෂණ සමහරකි.

    අද පවතින කාර්යය බහුල සමාජයේ ජීවන රටාවත් සමඟ මිනිසුන්ගේ ආහාර ගැනීමේ රටාව විකෘති තත්ත්වයට පත්ව ඇත. නිසි පෝෂණයෙන් සපිරි සමබර ආහාර වේලක්‌ වෙනුවට ශරීරයට කිසිම ආකාරයකට ශක්‌තියක්‌ බලයක්‌ ලබා නොදෙන කෘත්‍රිම රසකාරක හා වර්ණක අඩංගු කෙටි ආහාර ගැනීමට මිනිසුන් හුරුපුරුදු වී සිටිති. අධික කාර්ය බහුලත්වය නිසා හටගන්නා මානසික පීඩනය (ආතතිය) සහ මෙවන් කෙටි ආහාර ගැනීම වැනි කරුණු නිසා බොහෝ දෙනා ගැස්‌ට්‍රයිටිස්‌a හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිනු දක්‌නට ලැබේ.

    මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණු වන්නේ මෙම රෝග ලක්‍ෂණවලින් සමහරක්‌ හෝ කිහිපයක්‌ ඔබට ඇතිනම් එය නොසලකා හැරීම නුවණට හුරු නොවන බවයි. රෝගය නොසලකා හැරීමෙන් එය උත්සන්න තත්ත්වයට පත්වුවහොත් උදරයේ අදාළ කොටස්‌වල ඇතිවිය හැකි තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වන්නට පුළුවන. රුධිරය ගලායැම වැඩි වුවහොත් සමහර අවස්‌ථාවල ශල්‍යකර්මවලට භාජන කිරීමටත් සිදුවනු ඇත. එම නිසා ඉහත රෝග ලක්‍ෂණ කිහිපයක්‌ ඔබට ඇත්නම් වහාම ඒ සඳහා ප්‍රතිකාර ගැනීම සහ රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළ යුතු දින චර්යාවට හැඩගැසීම ඉතාමත් වැදගත් වේ.

    1)අර්තාපල් අල ගෙඩියක්
    සුදුහදුන් කුඩු මේස හැදි දෙකක්
    නැවුම් මුට්ටියක්

    උදේ පාන්දර හිස් බඩ අර්තාපල් අලය පෙති කපා අමුවෙන් කන්න...
    පෙර දින රාත්‍රියේ මුට්ටියට ලොකු වතුර විදුරැ දෙකක් දාලා සදුහදුන් කුඩු ටික දාලා රෙදි කැල්ලකින් බැදලා මිදුලේ පින්නේ තියන්න...උදේට විදුරැවකට දාලා අලගෙඩිය කෑමෙන් සපු හිස් බඩ වතුර විදුරැවක් බොන්න....අනිත් විදුරැව රැ නින්දට පෙර බොන්න..මේවගේ සතියට දවස් තුනක් කරන්න නිට්ටාටම ගෑස්ටිස් සුවයි....

    2)දිය බත්

    36596098_2130284113922534_2663696042184146944_n.jpg


    උයා ඉතිරි උන බත් ටිකක් (රතු කැකුළු සහල් නම් වඩාත් හොදයි),ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 ක්,අමුමිරිස් කරල් 3 – 4 ක් පමණ,පොල් බෑයක කිරි,දෙහි බෑවක ඇඹුල්,ලූණු ස්වල්පයක්,උම්බලකඩ 20 ට පමණපෙරදින රාත‍්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප‍්‍රමාණයකට බත් ටික වැසෙන ප‍්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න)පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත මෙන්න මෙහෙම හදන්න කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න.එකේ තියන වතුර ඉවත් කරන්න එපා දැන් මේකට අවශ්‍ය තරම් ලූණු දමන්න. බත් එකටත් ලූණු දාලනම් උයලා තියෙන්නේ ලූණු ටිකක් විතර දාන්න. පොල්කිරි උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න.

    3)වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර බොන්න.

    36527040_2130284127255866_4658724508843114496_n.jpg


    4)කෝමාරිකා මැද ජෙල් කොටස වතුර සමග එකතු කර ජුස් එකක් හදා මී පැණි එකතු කර බොන්න.

    36587433_2130284133922532_5352085719663771648_n.jpg


    5)කිරි කෝප්පයකට බාර්ලි පිටි මේස හැදී දෙකක් එකතු කර උයා ගන්න.එයට මී පැණි කුරැදු කුඩු එකතු කර බොන්න.දිය බත් වගේම මේකත් දවස් 7ක් වගේ දීගටම කන්න රස ගුණ පිරුණු උදය ආහාරයක්.(බාර්ලි කබලේ බැද කුඩු කර ගන්න )

    මත්පැන් පානය ද වහාම නතර කළ යුතුය. මෙම කරුණු දෙකම බඩේ තුවාල උත්සන්න කිරීමට හේතුවන බැවිනි.නිතර නිතර උදරයට හානි කරන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුය.අධික මිරිස්‌, තුනපහ, ගම්මිරිස්‌, කුළුබඩු වර්ග, තෙල් වර්ග අඩංගු ආහාරවලින් වැළකිය යුතුය.ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුයඔබ නිතර නිතර දුම් පානය කරන්නේ නම් වහාම එය නතර කළ යුතුය.එකවර වැඩි ආහාර ප්‍රමාණයක්‌ අනුභව නොකළ යුතුය. එම විශාල ආහාර ප්‍රමාණය කොටස්‌ කිහිපයකට බෙදාගෙන වරින් වර සුළු ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගත යුතුය. ටික ටික ආහාර කොටස්‌ ආමාශයට ඇතුළු වන විට එහි ඇති ආම්ලික ස්‍රාවයන් ඒවාට උරා ගන්නා නිසා ආමාශයේ බිත්ති තුවාල වීම වළක්‌වා ගත හැකිය. එම නිසා වෙනදා ආහාර ප්‍රමාණයම අඩු නොකළ යුතුය. එය කොටස්‌ කිහිපයකට බෙදා ආහාර ගන්නා වාර ගණන වැඩි කළ යුතුය.

    කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි.

    ආහාර පිසින විට විවිධ රසකාරක වර්ණක කිසිසේත්ම එකතු නොකළ යුතුය. ආහාර ගැනීමේදී වෙනත් දේවල් ගැන නොසිතා තමන් ගන්නා ආහාරය ගැන සිතා එය තුළින් ශරීරයට සුවතාවක්‌ සැලසිය යුතු යෑයි සිතා ආහාර ගත යුතුය. නැතහොත් ගන්නා ආහාරයෙන් ශරීරයට යහපතක්‌ සිදුවන්නේ නැත.

    කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි.

    ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුය

    Neranjana Kasthuriarachi


    මේ තියෙනෙන් මම සිංහල වෙදකම නමින් කරගෙන යන Post එක. :yes:

    සිංහළ වෙදකම

    Internet එකේ තිබෙන නිවැරදි හා මිට පෙර අත්හදා බලා ඇති, වගකීමක් ගන්න පිරිස් විසින් දමා ඇති Post පමණක් හොයා බලා මෙහි දමා ඇත. මට රේප් අවශ්‍ය නැහැ. ඕනෙනම් මම රේප් දෙන්නම්. මේ පොස්ට් වල නිවැරදි හිමිකරුවන් ඉල්ලා සිටින්නේ මෙය Share කරලා කාට හරි උදව්වක් කරන්න කියලා. මමත් ඉල්ලා සිටින්නේ ඒ දේම පමණයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ගැස්ට්‍රයිටිස් සුවකරගන්න මෙන්න ප්‍රත්‍යක්ෂ බෙහෙතක්

    ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන කතා කිරීමේදී එම රෝගයට බලපාන කාරණාවන් හඳුනා ගැනීම වැදගත්වේ. කොතරම් රෝගයට ප්‍රතිකාර කළද නිසි සුවය සඳහා රෝගයට බලපාන කාරණාවලින් ඉවත්වීම කළ යුතුය. අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්‌ථාවල තිබෙනා වැරදි පිළිවෙත් මෙම රෝගයට මූලිකම හේතුන් වේ.

    බඩගින්නේ සිටීම , වේලාවට ආහාර නොගැනීම, ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීමට ප්‍රධාන හේතුන් වේ. තෙල් අධික ආහාර ගැනීම , ඇඹුල් අධික ආහාර ගැනීම, චයිනීස්‌a ආහාර නිතර නිතර ගැනීමත් මෙම රෝගයට හේතුකාරක වේ. ඊට අමතරව සිගරට්‌ ,මත්පැන්, බුලත්විට , චුයින්ගම් යන ඒවාත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇති කරවන්නට හේතුවේ. මේ සියළු දෙයින්ම පරෙස්‌සම් වුවත් මානසික ආතතිය නිසාත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවේ. මෙන්න ඒ පිලිබදව නිවාරදිව දැනගන්න මේ වීඩියෝව නරබන්න.


     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025

    hawasath beheth gaththa bn :dull: tfs

    :) :) :)
    TFS! මචං REP 36+


    A. සිරියා;23375100 said:
    TFS! මචං

    තැන්ක්ස්...

    Beli drink eka hodai. Beli mal or beli gata thambala bona ekath hodai


    තැන්කු යූ මචං.

    REP ADD 8+
    anith ayata heta denna wenne
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    වටිනවා:yes:++



    TFS mcn..
    11.gif

    Wow godak pin aneee



    ගැස්ට්‍රයිටිස් සුවකරගන්න මෙන්න ප්‍රත්‍යක්ෂ බෙහෙතක්

    ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන කතා කිරීමේදී එම රෝගයට බලපාන කාරණාවන් හඳුනා ගැනීම වැදගත්වේ. කොතරම් රෝගයට ප්‍රතිකාර කළද නිසි සුවය සඳහා රෝගයට බලපාන කාරණාවලින් ඉවත්වීම කළ යුතුය. අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්‌ථාවල තිබෙනා වැරදි පිළිවෙත් මෙම රෝගයට මූලිකම හේතුන් වේ.

    බඩගින්නේ සිටීම , වේලාවට ආහාර නොගැනීම, ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීමට ප්‍රධාන හේතුන් වේ. තෙල් අධික ආහාර ගැනීම , ඇඹුල් අධික ආහාර ගැනීම, චයිනීස්‌a ආහාර නිතර නිතර ගැනීමත් මෙම රෝගයට හේතුකාරක වේ. ඊට අමතරව සිගරට්‌ ,මත්පැන්, බුලත්විට , චුයින්ගම් යන ඒවාත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇති කරවන්නට හේතුවේ. මේ සියළු දෙයින්ම පරෙස්‌සම් වුවත් මානසික ආතතිය නිසාත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවේ. මෙන්න ඒ පිලිබදව නිවාරදිව දැනගන්න මේ වීඩියෝව නරබන්න.



    REP ADD 8+




    වටිනවා:yes:++

    wate gihin ennalu. passe dennam:yes: