ගෑස් මිලේ තීරණය අද

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ගෑස් මිලේ තීරණය අද

ගෑස් මිල සංශෝධනය පිළිබද තීරණය පාරිභෝගික අධිකාරිය විසින් අද (05) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වෙළද අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙවර ෂෙල් සහ ලාෆ්ස් ගෑස් මිල වැඩිවීමක් සිදුවීමට නියමිතය.

මෙවර ෂෙල් සමාගම රුපියල් 215කින් සහ ලාෆ්ස් ගෑස් සමාගම රුපියල් 350 කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.

මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් සිදුවන මෙවර මිල සංශෝධනය පිළිබද තීරනය පසුගිය මැයි 1 වනදා සිට ක්‍රියාත්මක විය යුතුව තිබුණද ‍වෙළද අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය එම මිල තීරණය කිරීම දින කිහිපයකට කල් දැමීය. ඒ අනුව එම තීරණය අද දිනයේ නිකුත් කිරීමට නියමිතය.

LT