ගෑස් මිල බසී

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    n-1.gif

    සිලින්ඩරයක මිල රුපියල් 250කින් පහතට

    * අද සිට ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

    * විදුලිය-භූමිතෙල්-ඩීසල් පෙට්‍රල් මිල දැනටමත් අඩුවෙලා

    * ජනතාවට හොඳ ජීවන මට්ටමක් උරුම කරදීම රජයේ අපේක්ෂාවයි


    සෑම පුරවැසියකුටම වඩා හොඳ ජීවන මට්ටමක් උරුම කරදීමේ රජයේ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් පහත හෙලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරයි.

    ඒ අනුව අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි නව මිල ගණන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි. ජනතා ඉල්ලීම්වලට වඩා හොදින් අවධානය යොමුකරන ජනාධිපතිවරයා විශ්‍රාමික දින සැමරුම නිමිත්තෙන් කැලණිය, වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේ දී ඊයේ (09) පැවැති උත්සවයට සහභාගි වූ අවස්ථාවේ දී ජනතාව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙලෙස ගෑස් මිල පහත හෙලීමට පියවර ගත්තේය.

    විදුලිය සහ ඉන්ධන මිල ගණන් පහත හෙළු අවස්ථාවේ දී තමාට ස්තුතිය පිරිනැමූ ජනතාව හැකිනම් ගෑස් මිල ගණන්ද පහත හෙළන ලෙස ඉල්ලීමක් කළ බවද ඊට ප්‍රතිචාර දක්වමින් ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීමට පියවර ගන්නා බවද මෙහිදී ජනතාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් පහළ යන අතර ජනතාවඟේ ජීවන මට්ටම උසස්කර ගැනීම වෙනුවෙන් මෙය අතිශය වැදගත් තීරණයක් වෙයි.

    මේ අතර පසුගිය මාසයේ දී විදුලිය සියයට 25කින් සහ භූමිතෙල් ලීටරය රුපියල් 20, ඩීසල් ලීටරය රුපියල් 3කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 5කින් පහත හෙළීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ පොන්ස් උබටත් ගිය කලක් මේකට එන්න නම් මොකක් හරි අඩුවෙනක් ඉන් එපැයි
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    2013 ජනවාරි වලද කොහෙද 150/= කින් ගෑස් වැඩි කලේ මේ රජය නෙමෙයිද? කමක් නෑ බන් ඉතින් ඡන්දේ හරි බලාගෙන අඩු කරපු එක මිනිස්සුන්ට ගොඩක් වටිනවා. ගොඩක් නාගරික ප්‍රදේශවල මිනිස්සුන උයන්නේ ගෑස් ලිපෙනේ. 2.3 kg ,5kg ගෑස් වල ගානත් සාපේක්ෂව අඩු වෙනවද මචන්?
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    Chanden passse baduma thamai. areas ekath ekka alluwe nethnam balapallako.


    :angry::angry::angry::angry::angry::angry::angry:

    දැන්ම ගෙවල් වල ගැස් ටැංකි බැදපල්ලා ඊට පස්සේ ලබන අවුරුදු ගානටම හරියන්න දැන්නම් එකතුකර ගමු..
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    yakow issella current bila check karapan thama kiwwata aduwela na. chandeth lagai ne dan itin janathawa gana mathak wei! kade yanawa kiyala ohomath!!!!!!:confused::confused::rolleyes:
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    yakow issella current bila check karapan thama kiwwata aduwela na. chandeth lagai ne dan itin janathawa gana mathak wei! kade yanawa kiyala ohomath!!!!!!:confused::confused::rolleyes:


    pako issella current aduwen pawichchi karapan. adu kala kiyala wadiyen current pawichchi kalama bila adu wenne naha ponz