ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කෙරේ

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,037
    113
    හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවය.

    ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

    ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා තිබේ.

    - https://sinhala.adaderana.lk/news/180213

    Update:
    12.5Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රු.1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව එහි නව මිල රු.3,738 ක්.

    ලිට්‍රෝ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ, 5Kg ක ගෑස් සිලින්ඩරයක මිල රු.402 ක මුදලකින් අඩු වන බවයි. ඒ අනුව එහි නව මිල වන්නේ රු.1,502 ක්.

    මීට සමගාමීව 2.5Kg ක ගෑස් සිලින්ඩරයක මිලද රු.183කින් අඩුවන අතර, එහි නව මිල රු.700ක් ලෙස දැක්වෙනු ඇත.

    ලිට්‍රෝ මිල අඩුවීමට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය වීමට නියමිත අතර ඒ පිළිබඳව නිවේදනයක් අද දිනය තුල නිකුත් කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

    https://www.hirunews.lk/331677/අඩු-වූ-ලිට්‍රෝ-ගෑස්-නව-මිල
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,280
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔන්න ඕක පස්ස පැත්තේ ඔබා ගන්න

    4256.jpg
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    .තිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
    රු 1500ට විතර තිබ්බ ඒක 5000 උන එක නෙමේද බං ලොකුම සංශෝධනය? මට මොනවා හරි මිස් උනාද නැත්තං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවය.

    ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

    ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා තිබේ.

    - https://sinhala.adaderana.lk/news/180213
    Heta indan badu naha ekiyanne...
    Lol