ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති විජිත හේරත් පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදු කරන බවයි. ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000 ත් 80,000 ත් අතර පැවැති ගෑස් සැපයුම ඉදිරියේදී ගෑස් සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරනු ඇති.
පවතින තත්ත්වය මත දර ඇතුළු සෙසු බලශක්ති ප්‍රභව පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත ඒවා වෙත යොමු වීම රට වෙනුවෙන් කළයුතු දෙයක් බවත් ජනතාව මෙම තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.
මේ වන විට මෙරට මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 30ක් අවශ්‍ය වනවා. එහෙත් පවතින තත්වය මත එවන් වියදමක් කළ නොහැකි බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවා.
Source: http://nethnews.lk/article/94826