ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ

    [FONT=&quot] [FONT=&quot]ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ කොහොමද[/FONT][FONT=&quot]? [/FONT]

    කාර්යකෂමතාව උදෙසා[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට [/FONT][FONT=&quot]40 [/FONT][FONT=&quot]සියයට [/FONT][FONT=&quot]60 [/FONT][FONT=&quot]ත් අතර පවතී. එය[/FONT][FONT=&quot]දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒ[/FONT][FONT=&quot]අයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස[/FONT][FONT=&quot]තබාගත යූතුය. එසේ නොමැතිව කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. එසේ[/FONT][FONT=&quot] කහ දැල්ලක් වැඩිපූර නිකුත් වේ නම් ගෑස් උඳුන වටින් ඇති වා කවූළු නිසියාකාරව [/FONT][FONT=&quot]සකසා නැවත නිල් දැල්ලක් ලබාගත යූතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්තිය නිල්[/FONT][FONT=&quot]දැල්ලට වඩා විශාල ලෙස අඩූ බැවිනි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අනෙක් අතට ගෑස් උඳුන නිතරම පිරිසිදුව තබාගත යූතුය. එසේ නොමැතිව උඳුනේ දැල්ල[/FONT][FONT=&quot]පිටවන සිදුරු කුණූ රොඩූවලින් වැසී ඇති විට ගෑස් දහනය අකාර්යකෂම වේ.[/FONT][FONT=&quot]ඒ හෙයින් ගෑස් පිටවන සිදුරු නිතර පිරිසිදු කරන්න. එමෙන්ම එම සිදුරු විශාල වී[/FONT][FONT=&quot]ඇත්නම් හෝ කැඩී බිඳී ඇති විට එම කොටස (බර්නරය) අලුතින් සවි කරන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගෑස් සිලින්ඩරය කාර්යකෂමව භාවිත කිරීම සඳහා ආහාර පිසීමේ ක්‍රම පිළිබඳව ද[/FONT][FONT=&quot] අවබෝධයෙන් සිටීම වැදගත් වේ. ආහාර පිසීම ක්‍රම දෙකකට ප්‍රධාන වශයෙන් බෙදා[/FONT][FONT=&quot]දැක්විය හැක. එනම් නියත තාපාංකයන් යටතේ ආහාර පිසීම (තැම්බීම) සහ ජලය[/FONT][FONT=&quot]තාපාංකයට වඩා වැඩි නියත උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීම (බැඳීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිළිස්සීම) ය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තැම්බීමේදී ජලය නටන උෂ්ණත්වයට පැමිණි පසූ (නටන උෂ්ණත්වය යනූ වායූගෝලීය[/FONT][FONT=&quot]පීඩනයේදී ජලයට ළඟාවිය හැකි උපරිම උෂ්ණත්වයයි.) කොපමණ තාපය වැඩි කළ ද ආහාරවල[/FONT][FONT=&quot]උෂ්ණත්වය වැඩි කළ නොහැක. එවැනි අවස්ථාවක කළ යූත්තේ නටන උෂ්ණත්වයේ තබා[/FONT][FONT=&quot]ගැනීමට අවශ්‍ය හානි වන තාප ප්‍රමාණයට සමාන තාප ප්‍රමාණයක් ලබාදීම පමණි. එසේ[/FONT][FONT=&quot] කිරීමෙන් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි ය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ධාන්‍ය වර්ග පිසීමට ප්‍රථම ජලයේ පොඟවා ගැනීමෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එවැනි ආහාර ඉක්මණින් පිසගත[/FONT][FONT=&quot]හැකි වේ. ඒ තුළින් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිය. පිසීමට ගන්නා[/FONT][FONT=&quot] ආහාර ප්‍රමාණයට සරිලන භාජන තෝරා ගැනීම ද ඉතා වැදගත්ය. ආහාර ස්වල්පයක් [/FONT][FONT=&quot]සැකසීමට විශාල බඳුන් යොදා ගැනීම තුළින් බඳුන් රත්වීමට විශාල තාපයක් වැය වන[/FONT][FONT=&quot]නිසා ගෑස් විශාල ප්‍රමාණයක් අපතේ යයි. එසේ ම උඳුනේ ප්‍රමාණයට වඩා කුඩා භාජන[/FONT][FONT=&quot]භාවිතය ද නූසූදුසූය. එසේ වූ විට උඳුනෙන් නිකුත්වෙන තාපය වැඩි ප්‍රමාණයක්[/FONT][FONT=&quot]නිකරුනේ වාතයට මූසූ වේ. එය අකාර්යකෂම ගෑස් පරිභෝජනයකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ආරක්ෂාව උදෙසා[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ගෑස් පරිභෝජනය දරවලට වඩා ඉතා පරිස්සමෙන් කළ යූතුය. ඇතැම් විට සූළු[/FONT][FONT=&quot]අත්වැරැද්දකින් ඔබේ ජීවිතය මෙන්ම නිවස ද ඔබට අහිමි විය හැකි. මේ නිසා ගෑස්[/FONT][FONT=&quot] පරිභෝජනයේදී පිළිපැදිය යූතු මෙන්ම අවධානය යොමූ කළ යූතු ප්‍රධාන අංගයක් ලෙස[/FONT][FONT=&quot] ආරක්ෂාකාරී බව හඳුන්වා දිය හැක.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගෑස් සිලින්ඩර් ප්‍රවාහනයේදී මෙන්ම නිවසේ තැම්පත් කර තබන අවස්ථාවල ද එය උඩ[/FONT][FONT=&quot]අතට සිටින සේ තැබිය යූතුය. එක් සිලින්ඩරයක් අවසන්ව අලුත් සිලින්ඩරයක් [/FONT][FONT=&quot]සවිකරන සෑම අවස්ථාවකම රෙගියූලේටරය සහ ගෑස් උඳුන් කරා සම්ප්‍රේෂණය කරනූ ලබන[/FONT][FONT=&quot]නලය පළුදු වී ඇත්දැයි පරීකෂා කර බැලිය යූතු ය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගෑස් වෙළඳාමට නිකුත් කිරීමට ප්‍රථම ඒ හා විශේෂ සූවඳක් මිශ්‍ර කරයි. මේ[/FONT][FONT=&quot]නිසා ගෑස් කාන්ඳුවක් හොඳින් හඳුනාගත හැක. නිවසේ මූළුතැන්ගෙයි ගෑස් සූවඳක්[/FONT][FONT=&quot] පැවතිය හොත් එය ගෑස් කාන්දු වීමකි. එවැනි අවස්ථාවක මූළුතැන්ගෙයි දොර ජනෙල්[/FONT][FONT=&quot] විවෘත කරන්න. ලයිටර් සිගර[FONT=&quot]ට්[/FONT] වැනි ද්‍රව්‍ය භාවිත නොකරන්න. ගෑස් සිලින්ඩරය [/FONT][FONT=&quot]මූළුතැන්ගෙයින් පිටත තබා එහි සිට ගෑස් උඳුනට ලබා ගැනීමට බිත්තිය හරහා නලයක්[/FONT][FONT=&quot] යොදා ගැනිම ආරක්ෂාකාරී ක්‍රමයකි. එවැනි අවස්ථාවක ගෑස් කාන්දු වූව ද ඒ අවට[/FONT][FONT=&quot]පරිසරය විශාල නිසා අනතුරු සිදු නොවේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඉහත සඳහන් කළ සංරකෂණ ක්‍රම මෙන්ම ආරක්ෂාකාරී ක්‍රම පිළිබඳ අවධානය යොමූ[/FONT][FONT=&quot] කරමින් ගෑස් පරිභෝජනය කිරීමට උනන්දු වන්න. එවිට ඔබේ නිවසේ දෛනික ආහාර[/FONT][FONT=&quot] පිසීමේ කාර්යය සඳහා යොදා ගන්නා ගෑස් සඳහා වන වියදම අඩූ කරගත හැකි වේ[/FONT]
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං