ගිණියම්ය මුළු දවසම

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගිණියම්ය මුළු දවසම

    mcgcvr.jpg


    සීත කඳුහෙල් සිඹ හමා එන සුළඟ කොහෙදෝ.............සැඟවිලා
    සිසිල් විල්තල නීල කෙත් වතු දෑස මානෙන්.............වෙන්වෙලා
    ගිරි ශිඛර මත එතුණ ලියවැල් මැවූ සුන්දර....................රූරටා
    යළි දකින්නට වරම් යදිනෙමි උදේ දහවල්....................රෑපුරා


    රැයද අලුයම දහවලද නැත ගිණියම්ය මුළු...................දවසම
    තුරුලතා මල් වලින් බරවුණු අඳුරු වූ වන..................පියසක
    බමර ගුමු ගුමු විහඟ ගීයක සම වැදෙන්නට................ සිතුනද
    බිත්ති සතරක හරි මැදම හිඳ සිහින දකිනෙම්................දහවල


    3ylac.jpg


    දිලෙන තරුකැට වලට පරදින නෙතින් ගිලිහෙන..........කඳුලැලී
    නොවී සියුමැලි සිතේ සවියෙන් කෙසේ හෝ සැඟවිය..........හැකී
    සයුරෙ රළගෙඩි වලට පරදින මහා බාධක පෙනි..............පෙනී
    රුවල නැති පාරුවක් පැද යමි හබලකුත් හරි හැටි..............නැතී

    පැතුම් පොදි බැඳ ගෙවා ආ මග රළු බොරලු කැට............අපමණ
    ගිමන් නිවනට තැනක් කොතැනද හුදකලා...............මැදපෙරදිග
    යා යුතුය තව බොහොමයක් දුර තෙරක් නොපෙනෙන.......කතරක
    විඩාබර නෙතු පියවෙනා තුරු නොනවතිමි කතරක්..............මැද


    24q6dxl.jpg

    හිතමිතුරු
    "RICH LIFE"


     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :) :) :)
    ලස්සනට ලියලා තියෙනවා
    REP+++++++


    ස්තූතියි මචන්..

    ela..niyamai..

    :)ස්තූතියි..



    :cool::cool:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    11.gif
    11.gif
    11.gif



    :cool:

    patta machan..rep++

    ස්තූතියි මචන්..


    :D:D:D


    ;)