ගිනිගත්හේන ජාතික පාසලේ සිසුවාට කණේ පාරක් 👂💥👋

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    fb-post-bawantha.jpg






    ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) 13 වසරේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන භවන්ත ජනිත් පවිත්‍රආරච්චි සිසුවාට විෂය භාර ගුරුවරයා අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් එම සිසුවා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පසු එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අද(26) දින මහනුවර ශීක්‍ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

    මාස දෙකක පමණ කාලයක් තමන් පාසලට නොපැමිණි බවත් එම මාස දෙක තුළ විෂය බාහිර පන්තිවලට ගිය බවත් ඉකුත් 23 වනදා තමන් පාසලට ගිය අවස්ථාවේ විෂය භාර ගුරුවරයා තමන් වෙත පැමිණ සටහන් පොත් ඉල්ලු අවස්ථාවේ තමන් බාහිර පන්තිවලට සහභාගි සටහන් පෙන්වූ අවස්ථාවේ සටහන් පොත විසිකර දමා ගුරුවරයා අතින් තමන්ගේ මූණට පහරවල් කිහිපයක් පහර දුන් බවත් එම සිසුවා පවසනවා.

    පසුව තමන් ගිනිගත්හේන පොලිසියට පැමිණිල්ලක් කර රෝහල් ගතවීමට පැමිණි අවස්ථාවේ එම පාසලේම වෙනත් ගුරුවරු තිදෙනෙක් ත්‍රීරෝද රථයකින් ගිනිගත්හේන පොලිසිය අසලට පැමිණ තමන්ව බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයේ නංවාගෙන පාසලට රැගෙන ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙසට එම ගුරුවරු තමන්ට බලපෑම් කළ බවද පහරකෑමට ලක්වූ සිසුවි පවසනවා.

    කෙසේ වෙතත් සිසුවා පවසන්නේ තමන්ට දැනට ශ්‍රවණ ආබාධිත තත්ත්වයක් පවතින බවයි.

    අප මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතාගෙන් කළ විසමීමකදී ඔහු කියා සිටියේ මාස කිහිපයක් පාසලට නොපැමිණි හේතුවෙන් එමසිසුවාගෙන් විමසා ගුරුවරයා එම සිසුවාට ඇතුළු තවත් සිසුන් කිහිපදෙනෙකුට තරයේ අවවාද කර ඇති බවයි.

    අප මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්සක විරාජ් විතානගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රෝහල් ගතව සිටින සිසුවා විසින් තමන් පහර දුන් බව පවසමින් ඔහුගේ මුහුණු පොතේ බොරු සටහනක් තබා ඇති බවට පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවයි.

    නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසිය විසින් සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙනඅ ැති බවත් එම ප්‍රකාශය තම පොලිසිය වෙත ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරනු ලබන බවද පොලිසිය පවසනවා.

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,200
    12,605
    113
    🌎
    ඩයල් එක ටිකක් කලින්ම පාසල් ජීවිතයට තිත තබලා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මුගේ පිරිමි කමක් තියනවාද බං. ගුටියක් කාලා රතු උනා කියලා මෙච්චර දගලන්ඩ දෙයක්ද. යකෝ කොල්ලෝ කොල්ලෝ වලි ගියාම ඔයිට වැඩිය කොච්චර වැදිලා තියනවද අපිට. දැන් ඉන්නේ පොන්නයොද.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    2000න් පස්සේ ඉපදුන එවුන්ට ගුරුවරු ලොකු නෑ හරිද?
    මෙහේ ඉස්කෝලෙක සෙට් එකක් සර් කෙනෙක්ට ඉස්කෝලේ ඉවර වෙලා එනකොට මග බලන් ඉදලා සලකලා තිබුනා
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    Mu potha wath aran nemai gihin thiyenne.Sirkarayata mala paninna athi. Gahapu 1 nam wardi
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    පොඩි පගයගෙ මූණ දැක්කම කියන්න පුලුවන් ගුරුවරුන්ට කිසිම ගරුත්වයක් දක්වන්නැති හිපාටුවෙක් බව
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    dan inna podi huttige puthalata wala bahinda bari nan one magulak kara gnda kiyala thamnge paduwe ugannana wade witrak krala gedara ynda thiyenne guruwarunta.ape kalawala wage neme dan inna sakkil ballo hdanna puluwan un neme
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    මුගේ පිරිමි කමක් තියනවාද බං. ගුටියක් කාලා රතු උනා කියලා මෙච්චර දගලන්ඩ දෙයක්ද. යකෝ කොල්ලෝ කොල්ලෝ වලි ගියාම ඔයිට වැඩිය කොච්චර වැදිලා තියනවද අපිට. දැන් ඉන්නේ පොන්නයොද.
    කොල්ලො එක්ක නෙමෙයි නේ මේ වලිය.
    ගුරාට ගැහුවොත් ඊට වඩා කරදරයි
    ඉට වඩා ලේසී ඕකට පරික්ශනයක් අරන් ඉන්ටඩික් කරන එක 🤭
     
    • Like
    Reactions: Phone Hora

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    මුගේ පිරිමි කමක් තියනවාද බං. ගුටියක් කාලා රතු උනා කියලා මෙච්චර දගලන්ඩ දෙයක්ද. යකෝ කොල්ලෝ කොල්ලෝ වලි ගියාම ඔයිට වැඩිය කොච්චර වැදිලා තියනවද අපිට. දැන් ඉන්නේ පොන්නයොද.
    ඌට කන ඇහෙන්නෙ නෑලු බන් දැන්

    අනිවා. ගුරුවරයෙක් අවවාදයක් කලාම පිළිගන්නේ නැති ටයිප් පෙනුමක් තියෙන්නේ පොඩි පගයට
    ඒකත් ඇත්ත.
    ------ Post added on Jun 26, 2025 at 2:42 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අදි කාලෙ සිද්ධියක් මතක් වුණා

    අළුත් ගුරෙක් ඇවිත් ඉස්කෝලෙ විනය හදන්න ගියා.
    ඌ තමයි ප්‍රිපෙට් බෝඩ් එක බාර උනේ.
    ඌ කොල්ලෙක්ට ගැහුවා මට හේතුව මතක නෑ.
    අම්මා හෑන්ඩ් බෑග් එකේ තුවක්කුවක් අරං ඇවිත් ගුරාට පෙන්නුවා.
    ප්‍රශ්නෙ එතනින් ඉවරයි 😆

    පාඩම.
    නොදන්න උන්ට ගහන්න යන්න එපා. පළාතෙ කුඩු විකුණන උන්ගේ ළමයි වෙන්න පුලුවන් 😆
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    dan inna podi huttige puthalata wala bahinda bari nan one magulak kara gnda kiyala thamnge paduwe ugannana wade witrak krala gedara ynda thiyenne guruwarunta.ape kalawala wage neme dan inna sakkil ballo hdanna puluwan un neme
    උගන්නවන උනුත් එකයි ඉගෙන ගන්න උනුත් එකයි දැන්
     
    • Sad
    Reactions: Ysa Karu