ගිනි අවි ගිනිකෙලි එකේ පීටර් මතකද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගිනි අවි ගිනිකෙලි එකේ පීටර් මතකද?

ලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල සාමාජිකයන් සමග නාමල් රාජපක්ෂ පවත්වාගෙන ගිය සම්බන්ධතාද හෙළි වෙමින් තිබේ.
Loading...
මෙම මෝටර් රථයේ වත්මන් හිමිකරුවා තමා යැයි හර්ශන සිල්වා නැමැත්තෙකු විසින් පැවසුවද මෙහි සත්‍ය හිමිකාරිත්වය ඇත්තේ ඩබ්.එම් ශාන්ති නැමති කාන්තාවකට ය. ඇය 2009 වසරේ ඝාතනයට ලක්වූ විජේන්ද්‍ර පීටර්ස් නොහොත් “ජී බෝයි” නම් පාතාල සාමාජිකයාගේ බිරිඳ ය. මෙහි වත්මන් හිමිකරුවා යැයි ඊයේ මාධ්‍යවලට පැවසූ හර්ශන සිල්වා නැමැත්තා ඩබ්.එම් ශාන්ති නැමැත්තියගේ බැනා ය.
හර්ශන සිල්වා පොලීසියට ලබා දී ඇති කටඋත්තරය අනුව අනාවරණය වී ඇත්තේ විජේන්ද්‍ර පීටර්ස් නොහොත් “ජී බෝයි” නැමැත්තාගේ පුත්‍රයෙකු වන චමින්ද පීටර්ස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ මිත්‍රයෙකු බවත් චමින්ද පීටර්ස්ද කාර් රේස් පදින්නෙකු බැවින් ඔහු මගින් තමන් නාමල් රාජපක්ෂ හඳුනා ගත් බවත් ය.
චම්න්ද පීටර්ස් නැමැත්තාද පාතාල කටයුතුවලට සම්බන්ධවී සිටි අයෙකු වන අතර 2009 වසරේදී ඔහුද පාතාල වෙඩි පහරකින් මිය ගොස් ඇත.
චම්න්ද පීටර්ස්ගේ ඝාතනයෙන් පසු නාමල් රජපක්ෂගේ සෘජු මැදිහත්වීමෙන් විජේන්ද්‍ර පීටර්ස් නොහොත් “ජී බෝයි” නැමැත්තාගේ දියණියක වන චමෝදි පීටර්ස් නැමැත්තියට එයාර් ලංකා හි රැකියාවක් ලබා දීමට කටයුතු කර ඇති අතර රාජපක්ෂ පාලනය අවසන්වන තුරු ඇය එහි සේවය කර තිබේ.