ගිනි දැල්ලක ආශ්චර්ය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ගිනි දැල්ලක ආශ්චර්ය

    එදිනෙදා ජීවිතයේදී ඔබ කොතෙකුත් ගිනි ජාලා දැක තිබෙන්නට පුළුවන් . පුංචි ඉටි පන්දමක දැල්ලේ සිට මහා පරිමාණයේ ගිනි ජාලාවක් දක්වා ඒ සෑම ගිනි දැල්ලක්ම සෑමවිටම ඉහළ දෙසටම හෙවත් ගුරුත්වයට විරුද්ධ දෙසටම විහිදී පවතින්නේ මන්දැයි ඔබ මොහොතකටවත් සිතුවාද?


    දහනයක් සිදුවන විට , උදාහරණයක් ලෙස ගිනි කූරක් හෝ ඉටි පන්දමක් දහනය වන විට ඔක්සිජන් වැයවන අතර , කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවේ .මීට අමතරව ආලෝකය හා තාපය ලෙස ශක්තියද ජනිත වේ. මෙසේ නිපදවෙන වායුන් අවට පරිසරයේ ඇති වාතයට වඩා උණුසුම්ය.තවද දහනයේදී නිපදවෙන තාපය නිසා දැල්ල අසල ඇති වාතයද උණුසුම් වේ.මේ නිසා එම වාතය ප්‍රසාරණය වේ.වායුවක් ප්‍රසාරණය වූ විට එහි ඝනත්වය අඩුවන බව ඔබ අප දන්නා කරුණකි. මෙසේ ප්‍රසාරණය වන වාතයේ ඝනත්වය අවට වාතයේ ඝනත්වයට වඩා අඩුවන බැවින් එම රත්වූ වාතය ඉහළට ගමන් කරයි .එවිට අසල තිබෙන රත් නොවූ වාතය එම ස්ථානයට පැමිණෙයි . මෙලෙස දැල්ල වටා අඛණ්ඩව ඉහල දෙසට ගමන් කරන වාත ප්‍රවාහය නිසා දැල්ල නිරන්තරයෙන් ඉහළ දෙසටම විහිදී පවතියි.


    hot_air_rising_around_a_flame.jpg


    තවද දැල්ල අවට ඇති දහන ඵල ලෙස නිපදවෙන වායුන් ඉහළට ගමන් කිරීම නිසා දැල්ල වෙතට තව තවත් ඔක්සිජන් සහිත වාතය පැමිණෙයි . එමනිසා දැල්ල දිගින් දිගටම හොඳින් දීප්තිමත්ව දහනය වේ .


    එසේනම් ගුරුත්වාකර්ෂණය රහිත පරිසරයක දැල්වෙන ගිනි දැල්ලක ඉරණම කුමක් වනු ඇත්දැයි ඔබට ගැටළුවක් මතුවනු ඇත .

    ගුරුත්වාකර්ෂණය නොමැති පරිසරයක දැල්වෙන ගිනි දැල්ලක් නිසා ජනිත වන තාපයෙන් පෙර පරිදිම අවට වාතය රත් වී ප්‍රසාරණය වුවද , මෙමගින් සිදුවන ඝනත්ව අඩුවීම නිසා කිසිඳු දිශාවකට වාතය ගමන් කිරීමට සිදු නොවේ. එම නිසා දැල්ල අවට පවතින වාතය එම ස්ථානයේම පවතින අතර දැල්ල ගෝලාකාරව විහිදේ . පෙර පරිදි දහන ඵල ලෙස නිපදවෙන වායුන් ඉවත්වීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන නිසා ගිනි දැල්ල එතරම් දීප්තිමත්ව නොදැල්වෙන අතර පෙරට වඩා ඉක්මනින් දැල්ල නිවී යයි .

    flame_on_earth_vs_zero_gravity.jpg
    ඔබ නොසිතූ විරූ තරම් ආශ්චර්යක් මේ පුංචි ගිනි දැල්ලේ සැඟවී ඇති බව ඔබට වැටහෙන්නට ඇති. මොහොතකට හෝ ඔබ වටපිටාවේ පවතින සංසිද්ධීන් දෙස විමසිලිමත්ව විදු ඇසකින් බැලීමට හුරුවුවහොත් ඒවා පසුපස පවතින අසිරිමත් විද්‍යානුකූල සංකල්ප ඉතා පහසුවෙන් උකහා ගැනීමට ඔබට හැකි වනු ඇත .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,074
    1
    43,487
    113
    මෙච්චර කාලයක් දැනනං හිටියෙ ගුරුත්වාකර්ෂණය නිසා හැමදේම පහලට වැටෙනව කියල

    ගුරුත්වාකර්ෂණය නැති වුණානං ඉටිපන්දම් දැල්ලට උඩ යන්ඩ විදියක් නෑ.. :baffled::baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොඳ ලිපියක් මචන්
    You have given out too much Reputation in the last 24 hours, try again later.