ගිම්හානය ලන්කාවෙ තියනවද? ඒ කොයි කාලෙද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගිම්හානය ලන්කාවෙ තියනවද? ඒ කොයි කාලෙද?


    ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා..
    සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා...
    අද නෑ..කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී..
    ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ...

    ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා...

    මං තාම වා..රු ගන්නේ - මල් හීනයේ..
    ඔබ දුන්නු පැතුමන් හින්දයි - මුළු ජීවිතේ..
    ඔය නෙතට කදුලැල් දුන්නේ - මං ජීවිතේ..
    ඔබෙ හීන රජ කරවන්නයි - මා සැරසුනේ..

    සවනේ තාමත් රැදුනේ - ඔබගේ වදනයි සොදුරේ..
    ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ..

    ගිම්හානයේ පාවෙලා....

    සංසාරෙ හුරු හින්දයි - යලි හමුවුනේ..
    මේ දෑස ඔබගේමයි - ඇයි හැඬවූයේ..
    පවසන්න මගෙ සෙනෙහේ - ඇයි මදිවුනේ..
    පෙර සංසාරෙත් ඔබමයි - මා හැරගියේ..

    සැමදේ සුන්වී බොදවී - කොහෙදෝ තුරුලක සැඟවී..
    ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ..

    ගිම්හානයේ පාවෙලා....

    ගායනය : සමන්ත කෝනාර
    පද රචනය : සමන්ත කෝනාර
    සංගීතය : රදීශ් වැන්දබොන

    මේ සින්දුවට එහෙම අපහාසයකට මේක දැම්මා නෙමෙයි.. ඇත්තටම ගිම්හාන කාලය ලන්කාවෙදි දැකගන්න පුලුවන්ද? ඒ කොයි කාලෙද? මට එකපාරටම මේක ඇහුවම හිතට ආවේ ඒ ප්‍රශ්නේ.. ලොල් ද මන්දා...