ගිය සතියෙ වවුනියා සීටීබී සෙමි එකක අනුරාධ&#3508

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    උඹ වව්නියා බස් කාරයො ගැන දන්නෑ බං... වැඩිපුරම යන්නෙ දකුණු පැත්තෙන්....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    සූටි කාලේ මගෙත් ඕනෙකම තිබ්බේ මගේම බස් 10 ක් විතර ගෙදර වත්තේ නවත්තලා තියන්න. බට් තාම ෆුට් සයිකලයක් වත් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලය රන් හා සමානයි කියනවනෙ. ජීවිතේ ගැන එහෙම මොකුත් කියල නෑනෙ :lol: ජීවිතේ හැප්පිලා මලාම මලගෙදරට වියදම් වෙන ගාන හා සමානයි :sorry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    There is a straight stretch of road (Eyre highway, between Balladonia and Caiguna) in Australia which stretch 91 miles, or 146 km without a slightest bend. unfortunately, it's permitted speed is 110km/h

    අපිට කොයින්ද මචෝ ඕව..

    බැරිද පොඩ්ඩක් පාගන්න?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    There is a straight stretch of road (Eyre highway, between Balladonia and Caiguna) in Australia which stretch 91 miles, or 146 km without a slightest bend. unfortunately, it's permitted speed is 110km/h

    වංගු නැතුවමත් ගතියක් නෑ නේද...නින්ද යයි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    උබ seat එකින් වැටුනනේ නැද්ද ,මට නම් එහම උනා :lol:, දවස් 4 විතර යන කන් පුක රෙදෙනවා ඉද ගෙන්න ඉන්නකොට :lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මටනම් ඕක සාමාන්‍ය දෙයක් මචන් මේ පැත්තේ යන්නේ ම පට්ට හයියෙන් හැම බස් එකක් ම ඉස්සර ඉදලා ම අනුරාධපුර - කැකිරාව අතර
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    වංගු නැතුවමත් ගතියක් නෑ නේද...නින්ද යයි

    ඔව්, මේක බොහොම කම්මැලි හිතෙන ලෝකයේම තියන "බෝරිං ම" පාර ලෙස හැඳින්වෙනවා. අවට පරිසරයේ කිසිම වෙනසක් නැති, එකාකාරී, ශුෂ්ක, තැනිතලා, වැලි කාන්තාර පරිසරය මිසක් වෙනස් වන පරිසරයක් නැති, ජනාවාස ඉතාම කලාතුරකින් හමුවන පාරක්. පර්ත් - ඇඩිලේඩ් අතර තියන කිලෝ මීටර් 2700 දුරෙන් 95% ක්ම මේ විදියයි.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගිය මාසෙ දවසක මාත් මීගමුවෙ කොප්පර හන්දියෙන් නැග්ග 87 කොළඹ - යාපනේ බස් එකකට උදේ 8ට විතර. මූ යනව ‍යැවිල්ලක් මට එහා පැත්තෙ හිටපු එකා බය වෙලා බැස්ස මගින්. මම කිව්ව එහෙනම් සල්ලි ඉල්ලං බහින්ඩ කියල. ඌ සල්ලිත් එපා කියල බැස්ස. :lol::lol::lol: මම හිටියෙ පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තෙ කෙරවලේ. මුං බස් එකට ඩීසල් විතරක් නං ගහල වෙන්ඩ බෑ. පුදුම විදිහට දුම දාන්නෙ. වැලිඔය හංදියෙන් බහිද්දි මගෙ මූණ කලු වෙලා දුම් වැදිල...:(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ගිය මාසෙ දවසක මාත් මීගමුවෙ කොප්පර හන්දියෙන් නැග්ග 87 කොළඹ - යාපනේ බස් එකකට උදේ 8ට විතර. මූ යනව ‍යැවිල්ලක් මට එහා පැත්තෙ හිටපු එකා බය වෙලා බැස්ස මගින්. මම කිව්ව එහෙනම් සල්ලි ඉල්ලං බහින්ඩ කියල. ඌ සල්ලිත් එපා කියල බැස්ස. :lol::lol::lol: මම හිටියෙ පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තෙ කෙරවලේ. මුං බස් එකට ඩීසල් විතරක් නං ගහල වෙන්ඩ බෑ. පුදුම විදිහට දුම දාන්නෙ. වැලිඔය හංදියෙන් බහිද්දි මගෙ මූණ කලු වෙලා දුම් වැදිල...:(

    ඇයි සයිලන්සර් එක බස් එක ඇතුලට හරවලද ?:)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ගිය මාසෙ දවසක මාත් මීගමුවෙ කොප්පර හන්දියෙන් නැග්ග 87 කොළඹ - යාපනේ බස් එකකට උදේ 8ට විතර. මූ යනව ‍යැවිල්ලක් මට එහා පැත්තෙ හිටපු එකා බය වෙලා බැස්ස මගින්. මම කිව්ව එහෙනම් සල්ලි ඉල්ලං බහින්ඩ කියල. ඌ සල්ලිත් එපා කියල බැස්ස. :lol::lol::lol: මම හිටියෙ පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තෙ කෙරවලේ. මුං බස් එකට ඩීසල් විතරක් නං ගහල වෙන්ඩ බෑ. පුදුම විදිහට දුම දාන්නෙ. වැලිඔය හංදියෙන් බහිද්දි මගෙ මූණ කලු වෙලා දුම් වැදිල...:(

    බස් එක ඇතුලේ හිටපු කෙනාට කොහොමද බන් දුම වැදෙන්නේ.....
    අහ්හ් ඒකේ සයිලන්සර් එක බස් එක ඇතුලෙද තියෙන්නේ...
    පාරේ දූවිලි වලට නම් කලු වෙනවා....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මෝ මතක් කරන්න එපා.දවසක් මම බයිසිකලෙන් පාර මාරුවෙද්දි හරියටම පාර මැද්දේදි සයිකලේ චේන් එක පැන්නා. පාරේ ආවේ වවුනියා කොළඹ බස් එකක්. චේන් එක පනින්න කලින් පැඩල් එක පාගපු පවර් එක නිසා යාන්තමින් සයිකලේ පාරෙන් එහා පැත්තට ඇදුනා. නූලෙන් බේරුනේ. තව ටිකක් සයිකලේ වේගේ අඩු උනා නම් ඉවරයි. උන්ට හදිස්සියකට බේරේක් එකක්වත් ගහගන්න බෑ.ඒ තරම් වේගෙන් යන්නේ

    බ්‍රේක් ගැහුවොත් බොඩිය ගැලවික යයි උඩින්නේ :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හප්පට.. සාමාන්‍ය ලේලන්ඩ් බස් එච්චරටම පෑගෙනවද.. :eek:
    සමහර වෙලාවල්වල මටත් හිතිලා හිතෙනවා අඩේ දැන්නම් 100 පැනලා ඇති කියලා.. ඒවුනාට ලඟට ගිහින් මීටරේ බැලුවාම 80 - 90 අතර..:yes:
    උපරිම 90 තමයි මමනම් හයිවේ එකෙත් යනවා දැකලා තියෙන්නේ..:dull:
    සමහරවිට අලුත් බස්වල පිකප් එක වැඩි ඇති..:confused:
    එච්චර එපා 2015 විතර හයිවේ එකේ දුවපු අර තඩි ලේලන්ඩ් එකත් උපරිම පෑගුණේ 96ට විතරයි.. ඒකත් ඇක්සලේටරේ ලෑල්ලටම පාගගෙන හෙන වෙලාවක් ගියාට පස්සේ..:lol:

    samahara tikak පරන ctb තියෙනව පට්ට පිකප් අලුත් ඒවට වඩා.මට හිතෙන්නෙ එකම එන්ජින් මොඩ්ල් එකේ පවර් අවුට්පිට් කීපයක් විදියට එනව ඇති:confused:

    කෝ බඩා මාම නැද්ද වැඩි විස්තර වලට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මචන් ඒක තමා. මාර ඉක්මණට හේන ඉස්පීඩ් වෙනවා... බස්1 පනිනවා වගේ ඉස්සරහට. 10.35ට වත්තලින් නැග්ග 3ට වගේ අනුරපුරේ..:yes::yes:

    බූමිතෙල් වලට පිකප් අඩු වෙන්නැද්ද:confused: ලාබෙට යන්ඩනෙ බූමිතෙල් දානව කියන්නෙ

    මන් අහල තියෙනව පිකප් වැඩි වෙන්න පෙට්‍රල් ටිකක් දානව කියල ඇත්තද දන්නෑ. ඩීසල් වලට වඩා ඉක්මනට ගිනි ගන්නවනෙ