ගිලියානෝ_&_ක්ලෝඩියු

krishan78

Member
Apr 27, 2012
469
118
0
ගිලියානෝ_&_ක්ලෝඩියු


ලෝකයේ ශක්තිමත්ම ළමුන් ලෙස කිරුළු පැළඳීමට සැරසෙන සොහොයුරන් දෙදෙනා හමුවෙමු

article-2639745-1E37328E00000578-942_306x423.jpg
article-2639745-1E37326100000578-756_306x423.jpg


කායවර්ධන ශිල්පීන්ගෙන් සමන්විත පවුලක උපන් ‘ගිලියානෝ’ හා ‘ක්ලෝඩියු’ නැතහොත් ‘හර්කියුලිස්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම දෙසොහොයුරන් මෙබඳු අසීරු පුහුණුවීම්වල නියැළීමේ පරමාර්ථය වී ඇත්තේ ලොව ශක්තිමත්ම ළමුන් දෙදෙනා ලෙස වාර්තා පිහිටුවීමයි. ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවර වෙසෙන රුමේනියානු ජාතික ලුලියන් ස්ටේ‍රා් විසින් සිය පුතුන් දෙදෙනා යන්තම් බහ තෝරන ළාබාල අවධියක සිට මෙබඳු වෙහෙසකර හා දුෂ්කර වූ පුහුණුවීම්වල යොදවා ඇත්තේ ශක්තිමත්ම ළමුන් දෙදෙනා ලෙස ඔවුන් ලොව ප්‍රසිද්ධියට පත්කිරීමේ අරමුණ ඇතිවය. පුදුමය වන්නේ බර ඔසවමින් දුෂ්කර ශාරීරික අභ්‍යාසවල නියැළීමට සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් කිසිදු මැසිවිල්ලක් නොනැගීමයි.
article-2639745-1E37328600000578-439_634x524.jpg


article-2639745-1E37326D00000578-431_306x423.jpg
article-2639745-1E37328200000578-314_306x423.jpg

එම පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙස ගිලියානෝ දැනටමත් ලෝක වාර්තා දෙකක් බිඳලීමට සමත්ව සිටින අතර සිය සොහොයුරා අනුගමනය කරමින් එබඳු දස්කම් දැක්වීමට ක්ලෝඩියුද දැන් සිටම සූදානමින් සිටින්නේය. සිය වැඩිමහළු සොහොයුරා සමත්කම් දක්වන ඇතැම්දුෂ්කර අභ්‍යාසයන් ඒ අයුරින්ම සිදු කිරීමට දෙවසරකින් ඔහුට ළාබාල ක්ලෝඩියු සමත්ය. සිය බාහු මාංශපේශි හා ළය පේශීන් වර්ධනය කර ගැනීමට ඔවුහු කිලෝග්‍රෑම් හතර ඉක්මවූ අධිබර ඔසවන්නේ එය කදිම විනෝද ක්‍රීඩාවක් ලෙස සලකමිනි. සිය වයසට වඩා බෙහෙවින් මුහුකුරා ගිය පරිණත දස්කම් දැක්වීමට ගිලියානෝ හා ක්ලෝඩියු සමත් වුවද මෙබඳු ළාබාල වයසක පසුවන දරුවන් මෙබඳු දුෂ්කර පුහුණුවීම්වල යෙදවීම කුරිරු වූවක් බවට එල්ල වන චෝදනාද බොහෝය. සිය වැඩිමහළු සොහොයුරා අනුගමනය කරමින් කාය වර්ධන අභ්‍යාසවල නියැළීමට පටන් ගත්නා කළ ක්ලෝඩියුගේ වයස යන්තම් මාස දහඅටක්ව තිබිණි.

article-2639745-1E37327500000578-599_634x476.jpg


දැනට ඉතාලියේ වෙසෙන ‘ලුලියන්’ හා ‘ඉලියානා’ ස්ටේ‍රා්ගේ එකම බලා‍පොරොත්තුව වී ඇත්තේ සිය පුතුන් දෙදෙනාට වැඩිදුර පුහුණුවක් ලබාදී ඔවුන් ලෝකයේ සිටින ශක්තිමත්ම ළමුන් දෙදෙනා ලෙස ප්‍රසිද්ධියට පත්කිරීමයි. මේ දිනවලදී ඔවුන් එක්සත් රාජධානියට සංක්‍රමණය වීමේ බලා‍පොරොත්තුවෙන් පසුවන්නේද පුතුන්ගේ පුහුණුව සඳහා මුදලින් ආධාර කළ හැකි අනුග්‍රාහකයකු සොයා ගැනීම සඳහායි.

article-2639745-1E37328A00000578-216_306x423.jpg
article-2639745-1E37327E00000578-563_306x423.jpg




පිටස්තර ලෝකයෙන් කවර පැමිණිලි එල්ල වුවද ස්ටේ‍රා් යුවළ තරයේම කියා සිටින්නේ සිය පුතුන් මෙම පුහුණුවීම්වල යෙදෙන්නේ ස්ව කැමැත්තෙන් බවත් ඒ සඳහා ඔවුන්ට සහජ හැකියාවක් ඇති නිසාත් බවය. කොටින්ම එය තමන් බලහත්කාරයෙන් සිදු කරන්නක් නොව දෙවියන්ගේ කැමැත්තට අනුව සිදු කෙරෙන්නක් බවය.


උපුටා ගැනීම "ලක්බිම"
 
  • Like
Reactions: hector@troy

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම ඔය ගැන ආර්ටිකල් එකක් තරුනයා පත්තරේ දැක්කා...පට්ටෙට ඇග හදාගෙන තියෙනවා මුන් දෙන්නා....එල එල..:)
     
    • Like
    Reactions: krishan78